18. රට්ඨපාලත්ථෙරාපදානං
18. රට්ඨපාලත්ථෙරාපදානං
18. රට්ඨපාල ස්ථවිරාවදානය
769. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වරනාගො මයා දින්නො ඊසාදන්තො උරූළ්හවා.
769-770. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට (නගුලිස් පමණ වූ) විශාල දළ ඇති රාජාර්‍හ (=රජුනට සුදුසු) වූ (ඇත්කඳෙහි ඔසවන ලද) ශ්වේතච්ඡත්රයෙන් ශෝභමාන වූ හස්ත්යාලඞ්කාර සහිත වූ ඇත්ගොව්වෙකු සහිත වූ උතුම් හස්තියෙක් තෙම මා විසින් දෙන ලදී. ඒ සියල්ලෙහි වටිනා කමින් (සියල්ල විකුණා) සඞ්ඝාරාමයක් ද කරවීමි.
770. සෙතච්ඡත්තොපසොභිතො සකප්පනො සහත්ථිපො, අග්ඝාපෙත්වාන තං සබ්බං සංඝාරාමං අකාරයිං.
771. චතුපඤ්ඤාස සහස්සානි පාසාදෙ කාරයිං අහං, මහාභත්තං කරිත්වාන නිය්යාදෙසිං මහෙසිනො.
771. මම සූපණස්දහක් ප්රාසාදයන් ද කරවීමි. මහදනක් (පිළියෙල) කොට මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
772. අනුමොදි මහාවීරො සයම්භූ අග්ගපුග්ගලො, සබ්බෙ ජනෙ හාසයන්තො දෙසෙසි අමතං පදං.
772. මහාවීර වූ සියල්ල තෙමේ ම දැන වදාළා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ සියලු ජනයන් සතුටු කරමින් අමෘතපදය (=නිර්වාණ ධර්මය) දෙසූ සේක.
773. තං මෙ බුද්ධො වියාකාසි ජලජුත්තරනාමකො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
773. ‘පදුමුත්තර’ නම් වූ බුදුරජානන් වහන්සේ මාගේ ඒ පින්කම (ගැන මෙසේ) පැවසූ සේක. භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් දේශනා කළසේක:
774. චතුපඤ්ඤාස සහස්සානි පාසාදෙ කාරයී අයං, කථයිස්සාමි විපාකං සුණොථ මම භාසතො.
774. “මෙතෙම සිවුපණස්දහසක් ප්රාසාදයන් කරවී ය. (එහි) විපාකය කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
775. අට්ඨාරස සහස්සානි කූටාගාරා භවිස්සරෙ, ව්යමහුත්තමම්හි නිබ්බත්තා සබ්බසොණ්ණමයා ච තෙ.
775. (මොහුට) අටළොස්දහසක් කූටාගාරයෝ වන්නාහු ය. උතුම් විමනෙහි පහළ වූ ඒ (කූටාගාරයෝ) සර්වස්වර්ණමයහ.
776. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති. අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
776. (මෙතෙම) ශක්රදේවේන්ද්ර ව පණස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටපණස් වරක් සක්විතිරජ වන්නේ ය.
777. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
777. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ‘ගෞතම’ නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
778. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, අඩ්ඪෙ කුලෙ මහාභොගෙ නිබ්බත්තිස්සති තාවදෙ.
778. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව එකෙණෙහි ආඪ්‍ය වූ මහත් භොග ඇති කුලයක උපදින්නේ ය.
779. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, රට්ඨපාලො’ති නාමෙන හෙස්සති සත්ථුසාවකො.
779. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ හෙතෙම පසු ව පැවිදි ව නමින් රට්ඨපාල ය යි ප්රසිද්ධශ්රාවකයෙක් වන්නේ ය:
780. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
780. වීර්‍ය්‍යයෙහි යොදන ලද සිත් ඇත්තේ උපශාන්ත වූ උපධිරහිත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
781. උට්ඨාය අභිනික්ඛම්ම ජහිතා භොගසම්පදා, ඛෙළපිණ්ඩෙව භොගම්භි පෙමං මය්හං න විජ්ජති.
781. (උත්‍ථානවීර්‍ය්‍යයෙන්) නැගිට අභිනිෂ්ක්‍රමණය කොට කෙල පිඬු මෙන් භෝගසම්පත් තොමෝ හරණා ලද්දී ය. මාගේ (ඒ) භොග සම්පත්තියෙහි ඇලීමෙක් නැත.
782. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
782. යෝගක්ෂේමසඞ්ඛ්යාත නිර්වාණයට පමුණුවන ධුරවාහකයා (=ගැල්බර උසුලනගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම) මේ සර්වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
783. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
783. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා රට්ඨපාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රට්ඨපාලස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
රට්ඨපාලත්ථෙරස්ස අපදානං අට්ඨමං.
රට්ඨපාල ස්ථවිරාවදානය අටවැනි යි.