යෙදුමෙන් කියවන්න

18. රට‍්ඨපාලත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

18. රට‍්ඨපාලත්‍ථෙරඅපදානවණ‍්ණනා

18. රට්ඨපාල ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො රට‍්ඨපාලත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො උප‍්පත‍්තිතො පුරෙතරමෙව හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන ඝරාවාසෙ පතිට‍්ඨිතො රතනකොට‍්ඨාගාරකම‍්මිකෙන දස‍්සිතං අපරිමාණං වංසානුගතං ධනං දිස‍්වා “ඉමං එත‍්තකං ධනරාසිං මය‍්හං පිතුඅය්‍යකපය්‍යකාදයො අත‍්තනා සද‍්ධිං ගහෙත්‍වා ගන‍්තුං නාසක‍්ඛිංසු, මයා පන ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා කපණද‍්ධිකාදීනං මහාදානං අදාසි. සො අභිඤ‍්ඤාලාභිං එකං තාපසං උපසඞ‍්කමිත්‍වා තෙන දෙවලොකාධිපච‍්චෙ නියොජිතො යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තො තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො මනුස‍්සලොකෙ භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං සමත්‍ථස‍්ස කුලස‍්ස එකපුත‍්තකො හුත්‍වා නිබ‍්බත‍්ති. තෙන සමයෙන පදුමුත‍්තරො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො වෙනෙය්‍යසත‍්තෙ නිබ‍්බානමහානගරසඞ‍්ඛාතං ඛෙමන‍්තභූමිං සම‍්පාපෙසි. අථ සො කුලපුත‍්තො අනුක‍්කමෙන විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං උපාසකෙහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො පරිසපරියන‍්තෙ නිසීදි.

පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තන්හි තන්හි නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පළමුවම හංසවතී නුවර මහාසාර කුලයෙක ඉපිද වැඩිවිය පත්වූවාහු පියාගේ ඇවෑමෙන් ගෘහවාසයෙහි පිහිටා රුවන් ගබඩාවෙහි කම්කරුවන් විසින් දක්වන ලද අප්‍රමාණ වූ පරම්පරාගත ධනය දැක මේ මෙපමණක් වූ ධනරාශිය මාගේ පියමුතුන් මිත්තන් ආදීහු තමා සමග ගෙන යන්ට නොහැකි වූහ. මා විසින් ගෙනයන්ට වටනේයයි සිතා දුගීමගීන්ට මහදන් දුන්හ. ඔහු එක් අභිඥාලාභී තාපසයකු කරා එළඹ ඔහු විසින් දෙව්ලොව අධිපති තනතුරෙහි නියුක්ත කරවනු ලැබුවාහු දිවි ඇති තෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන්නාහු එහි ආයුෂ ඇතිතාක් සිට එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි බිඳුණු රට දැරීමට සමර්ථ වූ කුලයෙක එකම පුත්‍රයා වී උපන්හ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු හික්මවිය හැකි සත්ත්වයන් නිර්වාණ මහා නගර සංඛ්‍යාත ක්‍ෂේමභූමියට පැමිණවූ සේක. ඉක්බිති ඒ කුලපුත්‍රයා අනුක්‍රමයෙන් දැනමිති බවට පත්වූයේ එක් දවසක් උපාසකයන් සමග වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ දම්දෙසනු දැක පහන්වූ සිත් ඇත්තේ පිරිස් කෙළවර හුන්නේය.

තෙන ඛො පන සමයෙන සත්‍ථා එකං භික‍්ඛුං සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො තං දිස‍්වා පසන‍්නමානසො සතසහස‍්සභික‍්ඛුපරිවුතස‍්ස භගවතො සත‍්තාහං මහාදානං දත්‍වා තං ඨානං පත්‍ථෙසි. සත්‍ථා අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා “අයං අනාගතෙ ගොතමස‍්ස නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සො සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. සො යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉතො ද‍්වෙනවුතෙ කප‍්පෙ ඵුස‍්සස‍්ස භගවතො කාලෙ සත්‍ථු වෙමාතිකෙසු තීසු රාජපුත‍්තෙසු සත්‍ථාරං උපට‍්ඨහන‍්තෙසු තෙසං පුඤ‍්ඤකිරියාසු සහායකිච‍්චං අකාසි. එවං තත්‍ථ තත්‍ථ භවෙ බහුං කුසලං උපචිනිත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුරුරට‍්ඨෙ ථුල‍්ලකොට‍්ඨිකනිගමෙ රට‍්ඨපාලසෙට‍්ඨිනො ගෙහෙ නිබ‍්බත‍්ති, තස‍්ස භින‍්නං රට‍්ඨං සන්‍ධාරෙතුං සමත්‍ථකුලෙ නිබ‍්බත‍්තත‍්තා රට‍්ඨපාලොති වංසානුගතමෙව නාමං අහොසි. සො මහතා පරිවාරෙන වඩ‍්ඪන‍්තො අනුක‍්කමෙන යොබ‍්බනප‍්පත‍්තො මාතාපිතූහි පතිරූපෙන දාරෙන සංයොජිතො මහන‍්තෙ ච යසෙ පතිට‍්ඨාපිතො දිබ‍්බසම‍්පත‍්තිසදිසසම‍්පත‍්තිං පච‍්චනුභොති.

එසමයෙහි ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ශ්‍රද්ධාවෙන් පැවිදිවූවන් අතර අගතන්හි තැබූ සේක. ඔහු එය දැක පහන්වූ සිත් ඇත්තේ සියදහසක් භික්‍ෂූන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට සත්දිනක් මහදන් දී ඒ තනතුර ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අන්තරායකින් තොරව එම පැතුම ඉටුවන බව දැක මේ තෙමේ අනාගතයෙහි ගෞතම නම් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අග්‍ර වන්නේ යයි විවරණ දුන් සේක. ඔහු ශාස්තෲන් වහන්සේද භික්‍ෂු සංඝයාද වැඳ ගියේය. මෙසේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මින් අනූදෙවැනි කල්පයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ශාස්තෲන් වහන්සේගේ වෛමාතෘක රාජපුත්‍රයන් ශාස්තෲන් වහන්සේට උපස්ථාන කරන කල්හි පුණ්‍යක්‍රියාවලදී සහායව කටයුතු කළේය. මෙසේ භවයෙහි තැනින් තැන බොහෝ කුසල් රැස්කොට සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුරුරට ථුල්ලකොට්ඨිත ගමෙහි රට්ඨපාල සිටුවරයාගේ ගෙහි උපන්නේය. එහි බිඳුණුරට දැරීමට සමර්ථ වූ කුලයෙක උපන් බැවින් රට්ඨපාලයයි පරම්පරානුගත නමක්ම විය. ඔහු මහපිරිවරින් වසන්නේ අනුක්‍රමයෙන් යොවුන් බවට පත්වූයේ මාපියන් විසින් සුදුසු බිරිඳක සමග සංභෝග කරනු ලැබුයේ මහත්වූ යසඉසුරෙහි පිහිටවනු ලැබුයේ දිව්‍ය සම්පත් හා සමාන සම්පත් අනුභව කරයි.

අථ භගවා කුරුරට‍්ඨෙ ජනපදචාරිකං චරන‍්තො ථුල‍්ලකොට‍්ඨිකං අනුපාපුණි. තං සුත්‍වා රට‍්ඨපාලො කුලපුත‍්තො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිතුකාමො සත‍්තාහං භත‍්තච‍්ඡෙදං කත්‍වා කිච‍්ඡෙන කසිරෙන මාතාපිතරො අනුජානාපෙත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා සත්‍ථු ආණත‍්තියා අඤ‍්ඤතරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා යොනිසොමනසිකාරෙන කම‍්මං කරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. අරහත‍්තං පන පත්‍වා සත්‍ථාරං අනුජානාපෙත්‍වා මාතාපිතරො පස‍්සිතුං ථුල‍්ලකොට‍්ඨිකං ගන‍්ත්‍වා තත්‍ථ සපදානං පිණ‍්ඩාය චරන‍්තො පිතු නිවෙසනෙ ආභිදොසිකං කුම‍්මාසං ලභිත්‍වා තං අමතං විය පරිභුඤ‍්ජන‍්තො පිතරා නිමන‍්තිතො ස‍්වාතනාය අධිවාසෙත්‍වා දුතියදිවසෙ පිතු නිවෙසනෙ පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජිත්‍වා අලඞ‍්කතපටියත‍්තෙ ඉත්‍ථාගාරජනෙ උපගන‍්ත්‍වා “කීදිසා නාම තා, අය්‍යපුත‍්ත, අච‍්ඡරායො, යාසං ත්‍වං හෙතු බ්‍රහ‍්මචරියං චරසී”තිආදීනි (ම· නි· 2.301) වත්‍වා පලොභනකම‍්මං කාතුං ආරද‍්ධෙ තස‍්සාධිප‍්පායං විපරිවත‍්තෙත්‍වා අනිච‍්චතාදිපටිසංයුත‍්තං ධම‍්මං කථෙන‍්තො –

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුරුරටෙහි ජනපදචාරිකාවෙහි හැසිරෙන සේක් ථුල්ලකොට්ඨිත නියම්ගමට වැඩමකළ සේක. ඒ අසා මහා රට්ඨපාල කුලපුත්‍රයා ශාස්තෲන් වහන්සේ කරා එළඹ උන්වහන්සේ ධර්ම දේශනය අසා ලැබූ ශ්‍රද්ධාව ඇත්තේ පැවිදිවනු කැමැත්තේ සත්වරක් උපවාසකොට මහත් අසීරුතාවෙන් මව්පියන් අනුදන්වා ශාස්තෲන් වහන්සේ කරා එළඹ පැවිද්ද ඉල්ලා ශාස්තෲන් වහන්සේගේ අණින් අන් කෙනකු සමීපයෙහි පැවිදිව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ විදර්ශනා වඩා රහත්බවට පත්විය. රහත්බවට පත්ව ශාස්තෲන් වහන්සේ අනුදන්වා මව්පියන් දක්නට ථුල්ලකොට්ඨිත ගමට ගොස් එහි ගෙපිළිවෙලින් පිඬුසිඟා යන්නේ පියාගේ ගෙහි පිළුණු වූ යව ආහාර ලැබ අමාවක් මෙන් වළඳන්නේ පියා විසින් නිමන්ත්‍රණය කරනු ලැබුයේ හෙට පිණිස දන් ඉවසා දෙවැනි දවසෙහි පියාගේ නිවසෙහි පිණ්ඩපාතය වළඳා අලංකාර කර පිළියෙල කරන ලද අන්තඃපුර ජනයා වෙත ගොස් ‘ආර්යපුත්‍රය, ඔබ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ කෙබඳු අප්සරාවන් සඳහාදැ’යි ආදිය කියා පොළඹවා ගැනීමක් කරන්ට පටන් ගත්විට ඇයගේ අදහස විපරිවර්තනය කරන්නේ අනිත්‍යාදී යුක්ත ධර්මය කියන්නේ –

“පස‍්ස චිත‍්තකතං බිම‍්බං, අරුකායං සමුස‍්සිතං; ආතුරං බහුසඞ‍්කප‍්පං, යස‍්ස නත්‍ථි ධුවං ඨිති.

පස්ස චිත්තකතං බිම්බං, අරුකායං සමුස්සිතං, ආතුරං බහු සංකප්පං, යස්ස නත්‍ථි ධුවං ඨිති

බලව විසිතුරු කෙරුණු සැකිලිය - නැගුණු හොරිවණයෙන් යුත් ලෙඩවුවද බොහෝ සිතිවිලි ඇත - නොතිරය පැවැත්මක් නැත

“පස‍්ස චිත‍්තකතං රූපං, මණිනා කුණ‍්ඩලෙන ච; අට‍්ඨිං තචෙන ඔනද‍්ධං, සහ වත්‍ථෙහි සොභති.

පස්ස චිත්තකතං රූපං, මණිනා තුණ්ඩලෙන ච, අට්ඨිත්තවෙන ඔනද්ධං, සහ වත්‍ථෙහි සොභතී

බලව විසිතුරු කෙරුණු රූපය - මිණියෙන් හා කොඬොලින්ද ඇටෙන් හමෙන් වැසිණි - හැඳිවතින් නම් හොබනේ

“අලත‍්තකකතා පාදා, මුඛං චුණ‍්ණකමක‍්ඛිතං; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

අලත්තක කතාපාදා, මුඛං චුණ්ණක මක්ඛිතං, අලං බාලස්ස මොහාය, නොච පාර ගවෙසිනො

පාදයෝ ලතු ගෑ - මුහුණ වත්සුණු ගෑ මෝහයෙන් අඳබාලයා හට මිස - නිවන් සොයනහුට එය නොහොබී

“අට‍්ඨාපදකතා කෙසා, නෙත‍්තා අඤ‍්ජනමක‍්ඛිතා; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

අට්ඨපාද කතා කෙසා, නෙත්තං අඤ්ජන මක්ඛිතං, අලංබාලස්ස මෝහාය, නොචපාරගවෙසිනො

අටකට බෙදූ කෙස් - අඳුනින් අලෙව් දුන් ඇස්, මෝහයෙන් අඳ බාලයාට මිස - නිවන් සොයනුහට එය නොහොබී

“අඤ‍්ජනීව නවා චිත‍්තා, පූතිකායො අලඞ‍්කතො; අලං බාලස‍්ස මොහාය, නො ච පාරගවෙසිනො.

අඤ්ජනීව නවාචිත්තා, පූතිකායො අලංකතො, අලං බාලස්ස මොහාය, නොච පාර ගවෙසිනො

විසිතුරු නව අඳුන් බඳුනක් බඳු - කුණු කය හැඩදමා ඇති, මෝහයෙන් අඳ බාලයා හට මිස - නිවන් සොයනහුට එය නොහොබී

“ඔදහි මිගවො පාසං, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, කන්‍දන‍්තෙ මිගබන්‍ධකෙ.

ඔදහී මිගවො පාසං, නාසාදාවාකරං මිගො, භුත්‍වා නිවාපං ගච්ඡාමි, කන්‍දන්තෙමිග බන්‍ධකෙ

මුවවැදි මළපුඩුව දැමුවද - මුවා එහි නොගැටීයේ, ගොදුරු කා යමි මම - මුවවැදි හඬා වළපිත

“ඡින‍්නො පාසො මිගවස‍්ස, නාසදා වාගුරං මිගො; භුත්‍වා නිවාපං ගච‍්ඡාම, සොචන‍්තෙ මිගලුද‍්දකෙ”ති. (ම· නි· 2.302; ථෙරගා· 769-775);

අච්ඡින්‍දපාසං මිගස්ස, නාසාදා වාකරංමිගො, භුත්‍වා නිවාපං ගච්ඡාමි, සොචන්තෙ මිග ලුද්දකෙ

මුව වැදි මළපුඩුව නොසිඳ - මුවා එහි නොගැටී යේ, ගොදුරුකා යමි මම - වැද්දා සෝක වද්දී

ඉමා ගාථායො අභාසි. ඉමා ගාථා වත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා රඤ‍්ඤො කොරබ්‍යස‍්ස මිගාජිනවනුය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ නිසීදි. ථෙරස‍්ස කිර පිතා සත‍්තසු ද‍්වාරකොට‍්ඨකෙසු අග‍්ගළං දාපෙත්‍වා මල‍්ලෙ ආණාපෙසි “නික‍්ඛමිතුං මා දෙථ, කාසායානි අපනෙත්‍වා සෙතකානි නිවාසාපෙථා”ති. තස‍්මා ථෙරො ආකාසෙන අගමාසි. අථ රාජා කොරබ්‍යො ථෙරස‍්ස තත්‍ථ නිසින‍්නභාවං සුත්‍වා තං උපසඞ‍්කමිත්‍වා සම‍්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්‍වා “ඉධ, භො රට‍්ඨපාල, පබ‍්බජන‍්තො බ්‍යාධිපාරිජුඤ‍්ඤං වා ජරාභොගඤාතිපාරිජුඤ‍්ඤං වා පත‍්තො පබ‍්බජති, ත්‍වං පන කිඤ‍්චිපි පාරිජුඤ‍්ඤං අනුපගතො එව කස‍්මා පබ‍්බජසී”ති පුච‍්ඡි. අථස‍්ස ථෙරො “උපනිය්‍යති ලොකො අද‍්ධුවො, අතාණො ලොකො අනභිස‍්සරො, අසරණො ලොකො සබ‍්බං පහාය ගමනීයං, ඌනො ලොකො අතිත‍්තො තණ‍්හාදාසො”ති (ම· නි· 2.305) ඉමෙසං චතුන‍්නං ධම‍්මුද‍්දෙසානං අත‍්තනා විදිතභාවං කථෙත්‍වා තස‍්සා දෙසනාය අනුගීතිං කථෙන‍්තො –

මේ ගාථා කීය. මේ ගාථා කියා අහසට පැන නැගී කෝරව්‍ය රජුගේ මිගාචීර වනෝද්‍යානයෙහි මගුල් ගල් තලාවෙහි හුන්නේය. තෙරුන් වහන්සේගේ පියා දොරටු සතෙහි අගුලු දම්මවා රාජ පුරුෂයින්ට මෙසේ අණ කෙළේය. ‘නික්මෙන්ට නොදෙවු. කහසිවුරු හරවා සුදු රෙදි අන්දවවු. ඒ නිසා තෙරුන් වහන්සේ අහසින් වැඩි සේක. ඉක්බිති කෝරව්‍ය රජතුමා තෙරුන් එහි හුන් බව අසා උන්වහන්සේ කරා එළඹ, පින්වත් රට්ඨපාලයෙනි, පැවිදිවන්නේ ව්‍යාධියෙන් පිරිහීමක් හෝ ජරාජාති භෝග ඥාති පරිහානියක් හෝ විචාරන ලද්දේ පැවිදිවෙයි. ඔබ වනාහි කිසිදු පරිහානියකට නොපැමිණම කුමක් නිසා පැවිදි වූයෙහි දැයි ඇසීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුට ලෝකය මෙසේ පෙන්වා දෙනු ලබයි. ලෝකය නොතිරය. ලෝකය ආරක්ෂාවක් නැත. ලෝකය වූ කලී නායකයෙක් නැත්තකි. ලෝකය අනියතය. සියල්ල අත්හැර යායුතුය. ලෝකය අඩුපාඩු ඇත්තකි. අතෘප්තිමත්ය. තෘෂ්ණාවට දාසය. මෙම සතර සමුද්දේසයන් තමා දත් බව කියා එම දේශනාවට දෙවැනිව කියන්නේ.

“පස‍්සාමි ලොකෙ සධනෙ මනුස‍්සෙ, ලද‍්ධාන විත‍්තං න දදන‍්ති මොහා; ලුද‍්ධා ධනං සන‍්නිචයං කරොන‍්ති, භිය්‍යොව කාමෙ අභිපත්‍ථයන‍්ති.

පස්සාමි ලොකෙ සධනෙමනුස්සෙ, ලද්ධා චිත්තං න දදන්ති මොහා, ලුද්ධා ධනං සන්නිවයං කරොන්ති, භීයොව කාමෙ අභිපත්‍ථයන්ති

ලොවෙහි දන ඇත්තවුන් දක්නෙමි - දනය ලැබ මෝහෙන් නොදෙත් ඔහු, ලොබ බැඳ දන රැස් කෙරෙති - තවතවත් කාමයන් පතමින්

“රාජා පසය‍්හප‍්පථවිං විජෙත්‍වා, සසාගරන‍්තං මහිමාවසන‍්තො; ඔරං සමුද‍්දස‍්ස අතිත‍්තරූපො, පාරං සමුද‍්දස‍්සපි පත්‍ථයෙථ.

රාජා පසය්හා පඨවිං ජිනිත්‍වා, ස සාගරන්තං මහිමාවසන්තො, ඔරං සමුද්දස්ස අනිත්ත රූපො, පාරං සමුද්දස්ස පි පත්‍ථයෙථ

රජ තෙමේ බලයෙන් පොළොවදිනා - මුහුදු තෙරටම දෙරණ වසමින්, සමුදුරු මෙතෙරින් නොසෑහී - සමුදුරින් එතරද පතයි

“රාජා ච අඤ‍්ඤෙ ච බහූ මනුස‍්සා, අවීතතණ‍්හා මරණං උපෙන‍්ති; ඌනාව හුත්‍වාන ජහන‍්ති දෙහං, කාමෙහි ලොකම‍්හි න හත්‍ථි තිත‍්ති.

රාජාච අඤ්ඤෙච බහු මනුස්සා, අවීත තණ්හා මරණං උපෙන්ති, ඌනා ච හුත්‍වාන ජහන්ති දෙහං, කාමෙහි ලොකම්හි නහත්‍ථි තිත්ති

රජද අන් බොහෝ මිනිස්සුද - තණ්හාවෙන් යුතුවම මියැදෙත්, නුපුන් මනදොළින් සිරුර හැරයති - කාමයන්ගෙන් නොමැත ලොව සෑහීමක්

“කන්‍දන‍්ති නං ඤාතී පකිරිය කෙසෙ, ‘අහො වතා නො අමරා’ති චාහු; වත්‍ථෙන නං පාරුතං නීහරිත්‍වා, චිතං සමොධාය තතො ඩහන‍්ති.

කන්‍දන්ති නං ඤාතිපරිකිරිය කෙසෙ, අහො වතා නො අමරාති වාහු, වත්‍ථෙන නං පාරුතං නීහරිත්‍වා, චිතකං සමාදාය තතොඩහන්ති

කෙහෙවලු කඩා නෑයෝ හඬති ඔහු ගැන - අපේ නෑයෝ අමර වෙත්වයි, රෙදිකඩින් පෙරවූ ඔහු ගෙන ගොස් - සෑයෙහි තබා අළුකරත්

“සො ඩය‍්හති සූලෙහි තුජ‍්ජමානො, එකෙන වත්‍ථෙන පහාය භොගෙ; න මීයමානස‍්ස භවන‍්ති තාණා, ඤාතී ච මිත‍්තා අථ වා සහායා.

සොඩය්හති සූලෙහි තුජ්ජමානො, එකෙන වත්‍ථෙන පහාය භොගෙ, නමීයමානස්ස භවන්ති තාණා, ඤාතීධ මිත්තා අථවා සහායා

හුලින් ඇනි ඇනි හේ දැවී යයි - බෝගයන් හැර එක්වතින් පමණක්, මියැදෙන ඔහුට හව්හරණක් නොවෙති - නෑයෝ මිතුරෝ සහායකයෝ

“දායාදකා තස‍්ස ධනං හරන‍්ති, සත‍්තො පන ගච‍්ඡති යෙන කම‍්මං; න මීයමානං ධනමන්‍වෙති කිඤ‍්චි, පුත‍්තා ච දාරා ච ධනඤ‍්ච රට‍්ඨං.

දයාදකා තස්සධනං හරන්ති, සත්තො පන ගච්ඡති යෙන කම්මං, න මීයමානං ධන මන්‍ථෙති කඤ්චි, පුත්තාච දාරාච ධනං ච රට්ඨං

ඔහුගේ ධනය ගෙනයති හිමිකරුවෝ - සත්වයා නම් කළකම් අනුවයේ, මියැදෙන්නාහු අනුව පසුපසින් යන - අඹුදරු දන රට කිසිවක් නැත්තේය

“න දීඝමායුං ලභතෙ ධනෙන, න චාපි විත‍්තෙන ජරං විහන‍්ති; අප‍්පං හිදං ජීවිතමාහු ධීරා, අසස‍්සතං විප‍්පරිණාමධම‍්මං.

නදීඝමායුං ලභතෙ ධනෙන, නචාපි විත්තෙන ජරං විභන්ති, අප්පහිදං ජීවිතමාහු ධීරා, අසස්සතං විප්පරිනාම ධම්මං

දනයෙන් නොලැබේ දිගු අවි - දනයෙන් දිරුම නොනැසේ, දිවිය කෙටියයි සදාතන නැතැයි - වෙනස්වන සුලුයයි කියති පඬුවෝ

“අඩ‍්ඪා දලිද‍්දා ච ඵුසන‍්ති ඵස‍්සං, බාලො ච ධීරො ච තථෙව ඵුට‍්ඨො; බාලො හි බාල්‍යා වධිතොව සෙති, ධීරො ච නො වෙධති ඵස‍්සඵුට‍්ඨො.

අඩ්ඪා දළිද්දා ච ඵුසන්ති ඵස්සං, බාලොච ධීරොච තථෙව පුට්ඨො, බාලොහි බාල්‍යාවධිතොවසෙති, ධීරොච නා වෙධති ඵස්සඵුට්ඨො

දනවත්තුද දිළින්දෝද පහස විඳිති - මෝඩයාද නැණවතාද එසේමය, මෝඩයා මෝඩකමින්ම හොවී - නැණවතා පහස ලැබ නොසැලේ

“තස‍්මා හි පඤ‍්ඤාව ධනෙන සෙය්‍යා, යාය වොසානමිධාධිගච‍්ඡති; අබ්‍යොසිතත‍්තා හි භවාභවෙසු, පාපානි කම‍්මානි කරොති මොහා.

තස්මාහි පඤ්ඤාව ධනෙන සෙය්‍යා, යාය වොසානමිධාධි ගච්ඡතී, අව්‍යාධිතත්තා හි භවාභවෙසු, පාපානි කම්මානි කරොන්ති මොහා

එහෙයින් නුවණම දනයට වඩා යෙහෙකී - එයින් ලොව කෙළවරට යාහැකි, බාදක නැති බැවින් බවයෙහි කුදුමහත් - මෝහෙන් කරති පව්කම්

“උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං, සංසාරමාපජ‍්ජපරම‍්පරාය; තස‍්සප‍්පපඤ‍්ඤො අභිසද‍්දහන‍්තො, උපෙති ගබ‍්භඤ‍්ච පරඤ‍්ච ලොකං.

උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං, සංසාර මා පජ්ජ පරංපරාය, කස්සප්ප පඤ්ඤො අභිසද්දහන්තො, උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං

මව්කුසට පරලොවට එළඹෙයි - පැමිණ යළි යළි සසරට, පව්කම් අදහසන මඳනුවණ ඇත්තේ - මව්කුසට පරලොවට එළඹෙයි

“චොරො යථා සන්‍ධිමුඛෙ ගහීතො, සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මො; එවං පජා පෙච‍්ච පරම‍්හි ලොකෙ, සකම‍්මුනා හඤ‍්ඤති පාපධම‍්මො.

චොරො යථා සන්‍ධිමුබෙ ගහීතො, සකම්මනා හඤ්ඤති පාපධම්මො, එවං පජා පෙච්ච පරම්හි ලොකෙ, සකම්මනා හඤ්ඤති පාපධම්මො

ගෙවල් බිඳුමෙහි ගත් සොරකු මෙන් - තමා කරගත් පව්කමින් වදවේ, මෙසේ පරලොව පැමිණි ජනයා - තමා කරගත් පව්කමින් වද වේ

“කාමා හි චිත්‍රා මධුරා මනොරමා, විරූපරූපෙන මථෙන‍්ති චිත‍්තං; ආදීනවං කාමගුණෙසු දිස‍්වා, තස‍්මා අහං පබ‍්බජිතොම‍්හි රාජ.

කාමාහි චිත්‍රා මධුරා මනොරමා, විරූප රූපෙන මථන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා, තස්මා අහං පබ්බජිතොම්හි රාජ

මහරජ කාමයෝ විසිතුරුය මදුරය මනහරය - අළලයි සිත නානා රූපයෙන්, කාමගුණයෙහි ආදීනව දැක - පැවිදිබව ලැබූවෙමි මම

“දුමප‍්ඵලානීව පතන‍්ති මාණවා, දහරා ච වුඩ‍්ඪා ච සරීරභෙදා; එතම‍්පි දිස‍්වාන පබ‍්බජිතොම‍්හි රාජ, අපණ‍්ණකං සාමඤ‍්ඤමෙව සෙය්‍යො.

දුමප්ඵලානෙව පතන්ති මානවා, දහරාච වුද්ධාච සරීරභෙදා, එවම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ, අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්‍යො

මිනිස්සු ගසක ගෙඩි මෙන් බිම පතිත වෙති - සිරුර බිඳුමෙන් තරුණෝද වැඩිහිටියෝ, මෙදැක මහරජ පැවිදි වූයෙමි මම - නිසැක මහණුවම යෙහෙකි මට

“සද‍්ධායාහං පබ‍්බජිතො, උපෙතො ජිනසාසනෙ; අවඤ‍්ඣා මය‍්හං පබ‍්බජ‍්ජා, අනණො භුඤ‍්ජාමි භොජනං.

සද්ධාය පබ්බජිතොම්හි, උපෙතො ජින සාසනෙ, අවඤ්ධා පබ්බජ්ජා මය්හං, අනණො භුඤ්ජිං භොජණං

සැදැහැයෙන් පැවිදිව - එළැඹියෙමි බුදුසසුනට, නොවඳය පැවිදි බව මා - ණය නැතිව වැළඳීමි අහර

“කාමෙ ආදිත‍්තතො දිස‍්වා, ජාතරූපානි සත්‍ථතො; ගබ‍්භාවොක‍්කන‍්තිතො දුක‍්ඛං, නිරයෙසු මහබ‍්භයං.

කාමෙ ආදිත්තතො දිස්වා, ජාතරූපෙ අසන්තතෙ, ගබ්භ වොක්ඛන්තිනො දුක්ඛං, නිරයෙසු මහබ්භයා

කාමයන් ඇවිලි ගිනි මෙන්ද - මිලමුදල් අවි මෙන්ද දුටුවෙමි, ගැබ පිළිසිඳ ගැනුමෙහි පටන් දුක්ය - නිරයෙහි මහබියක් ඇත

“එතමාදීනවං ඤත්‍වා, සංවෙගං අලභිං තදා; සොහං විද‍්ධො තදා සන‍්තො, සම‍්පත‍්තො ආසවක‍්ඛයං.

එවමාදීනවං ඤත්‍වා, සංවේගං අලහිංතදා, සොකවිද්ධො සදා සන්තො, සම්පත්තො ආසවක්ඛයං

මෙබඳු ආදීනව දැක - එකල සංවේගය ලැබ, සෝකයෙන් විදිනු ලැබුවෙමි - රහත් බවට සපැමිණියෙමි

“පරිචිණ‍්ණො මයා සත්‍ථා, කතං බුද‍්ධස‍්ස සාසනං; ඔහිතො ගරුකො භාරො, භවනෙත‍්ති සමූහතා.

පරිවිණ්ණො මයා සත්‍ථා, කතං බුද්ධස්ස සාසනං, වොහිතො ගරුකො භාරො, භවන්තෙති සමූහතා

බුදුරදුන් ඇසුරුකොට - අවවාද පිළිපැදියෙමි, ගුරුබර තබා බිම - තණ්හාව වැනසුයෙමි

“යස‍්සත්‍ථාය පබ‍්බජිතො, අගාරස‍්මානගාරියං; සො මෙ අත්‍ථො අනුප‍්පත‍්තො, සබ‍්බසංයොජනක‍්ඛයො”ති. (ථෙරගා· 776-793) –

යස්සත්‍ථාය පබ්බජිතො, අගාරස්මා අනගාරියං, සොමෙ අත්‍ථො අනුප්පත්තො, සබ්බ සඤ්ඤොජනක්ඛයා

යමකට පැවිදි වූයෙම් - ගිහිගෙන් නික්ම සසුනෙහි, එම අරුතට පැමිණියෙමි - සියලු සංයෝජන නසා

ඉමා ගාථා අවොච. එවං ථෙරො රඤ‍්ඤො කොරබ්‍යස‍්ස ධම‍්මං දෙසෙත්‍වා සත්‍ථු සන‍්තිකමෙව ගතො. සත්‍ථා ච අපරභාගෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ථෙරං සද‍්ධාපබ‍්බජිතානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

මේ ගාථා කීය. මෙසේ තෙරුන්වහන්සේ කෝරව්‍ය රජුට දහම් දෙසා ශාස්තෲන් වහන්සේ සමීපයටම ගියාහු ශාස්තෲන් වහන්සේද පසුකලෙක ආර්ය සංඝයා මැද හුන් සේක්, තෙරුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූවන් අතර අගතන්හි තැබූ සේක.

එවං සො ථෙරො පත‍්තඑතදග‍්ගට‍්ඨානො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතොතිආදිමාහ. වරනාගො මයා දින‍්නොති තස‍්ස භගවතො රූපකායෙ පසීදිත්‍වා වරො උත‍්තමො සෙට‍්ඨො ඊසාදන‍්තො රථීසාසදිසදන‍්තො උරූළ‍්හවා භාරවහො රාජාරහො වා. සෙතච‍්ඡත‍්තොපසොභිතොති හත්‍ථික‍්ඛන්‍ධෙ උස‍්සාපිතසෙතච‍්ඡත‍්තෙන උපසෙවිතො සොභමානො. පුනපි කිං විසිට‍්ඨො වරනාගො? සකප‍්පනො හත්‍ථාලඞ‍්කාරසහිතො. සඞ‍්ඝාරාමං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස වසනත්‍ථාය ආරාමං විහාරං අකාරයිං කාරෙසිං.

මෙසේ තෙරුන් වහන්සේ පැමිණි අගතැන් ඇත්තාහු පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරස්ස භගවතො ආදිය කීහ. වරනාගො මයා දින්නො යනු ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූප කායෙහි පැහැදී වරො උත්තම ශ්‍රේෂ්ඨ. ඊසාදන්තො රථඊශාවක් බඳු දත් ඇත්තේ. උරූළහවා යුද්ධයෙහි දක්‍ෂ වූ රජුට සුදුසු සෙතච්ඡත්තොප සොභිතො යනු ඇත් බඳෙහි ඔසවන ලද සේසතින් සෙවුණේ බබලන්නේ. යළිත් වරනාගයා කවර විශිෂ්ටත්වයක් ඇත්තෙක්ද? සකප්පනො හස්ති අලංකාර සහිතය. සංඝාරාමං බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට වසනු පිණිස ආරාමං විහාරයක් කාරයිං කෙළෙමි.

චතුපඤ‍්ඤාසසහස‍්සානීති තස‍්මිං කාරාපිතෙ විහාරබ‍්භන‍්තරෙ චතුපඤ‍්ඤාසසහස‍්සානි පාසාදානි ච අහං අකාරයිං කාරෙසින‍්ති අත්‍ථො. මහොඝදානං කරිත්‍වානාති සබ‍්බපරික‍්ඛාරසහිතං මහොඝසදිසං මහාදානං සජ‍්ජෙත්‍වා මහෙසිනො මුනිනො නිය්‍යාදෙසින‍්ති අත්‍ථො.

චතුපඤ්ඤාස සහස්සානි යනු ඒ කරවන ලද විහාරය ඇතුළත පනස්සතර දහසක් ප්‍රාසාදයන්ද මම අකාරයිං කරවූයෙමි යන අර්ථයි. මහොඝඤ්ච කරිත්‍වාන යනු සියලු පිරිකර සහිත මහෝඝයක් බඳු මහදනක් සදවා. මහෙසිනො මුනීන්ද්‍රයන් වහන්සේට පැවරුවෙමි යන අර්ථයි.

අනුමොදි මහාවීරොති චතුරාසඞ‍්ඛ්‍යෙය්‍යසතසහස‍්සෙසු කප‍්පෙසු අබ‍්බොච‍්ඡින‍්නඋස‍්සාහසඞ‍්ඛාතෙන වීරියෙන මහාවීරො සයම‍්භූ සයමෙව භූතො ජාතො ලද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණො අග‍්ගො සෙට‍්ඨො පුග‍්ගලො අනුමොදි විහාරානුමොදනං අකාසි. සබ‍්බෙ ජනෙ හාසයන‍්තොති සකලානන‍්තාපරිමාණෙ දෙවමනුස‍්සෙ හාසයන‍්තො සන‍්තුට‍්ඨෙ කුරුමානො අමතනිබ‍්බානපටිසංයුත‍්තං චතුසච‍්චධම‍්මදෙසනං දෙසෙසි පකාසෙසි විවරි විභජි උත‍්තානී අකාසීති අත්‍ථො.

අනුමොදි මහාවීරො යනු අසංඛෙය්‍ය කල්ප සතර ලක්ෂයක් නොකැඩුණු උත්සාහ සංඛ්‍යාත වීර්යයෙන් මහාවීර නමි. සයම්භූ තමාම හටගත් උපන්. ලැබූ සර්වඥතාඥාන ඇතිසේක් අග්ගො ශ්‍රේෂ්ඨ පුද්ගලයා. අනුමොදි විහාර අනුමෝදනාව කළ සේක. සබ්බෙජනෙ භාසයන්තො යනු සියලු අනන්ත අපරිමාණ දෙවි මිනිසුන් හාසයන්තො සතුටු කරන්නේ. අමාමහ නිවන ඇතුළත්වන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනය දෙසෙසි ප්‍රකාශ කළ සේක. අනාවරණය කළ සේක. විභජනය කළ සේක. පැහැදිලි කළ සේක යන අර්ථයි.

තං මෙ වියාකාසීති තං මය‍්හං කතපුඤ‍්ඤං බලං විසෙසෙන පාකටං අකාසි. ජලජුත‍්තමනාමකොති ජලෙ ජාතං ජලජං පදුමං, පදුමුත‍්තරනාමකොති අත්‍ථො. “ජලනුත‍්තමනායකො”තිපි පාඨො. තත්‍ථ අත‍්තනො පභාය ජලන‍්තීති ජලනා, චන්‍දිමසූරියදෙවබ්‍රහ‍්මානො, තෙසං ජලනානං උත‍්තමොති ජලනුත‍්තමො. සබ‍්බසත‍්තානං නායකො උත‍්තමොති නායකො, සම‍්භාරවන‍්තෙ සත‍්තෙ නිබ‍්බානං නෙති පාපෙතීති වා නායකො, ජලනුත‍්තමො ච සො නායකො චාති ජලනුත‍්තමනායකො. භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වාති භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසින‍්නො ඉමා ගාථා අභාසථ පාකටං කත්‍වා කථෙසීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

තං මෙ වියාකාසි යනු ඒ මාගේ කළපින් පලය විශේෂයෙන් ප්‍රකට කළ සේක. ජලජුත්තමනාමකො යනු ජලයෙහි උපන්නේ ජලජ නමි. ජලජ පියුම, පදුමුත්තර යන අර්ථයි. ජලනුත්තම නායකො යනුවෙන්ද පාඨයක් ඇත. තමා අභිබවා දිලිසෙතියි ජලනා චන්ද්‍ර සූර්ය දේව බ්‍රහ්මයෝ. ඒ දිලිසෙන්නවුන් අතර උතුම් වූයේ ජලනුත්තම නමි. සියලු සත්වයන්ට නායක උත්තමො යනු නායක. හේතුසම්පත් ඇති සත්වයන් නිවනට ගෙනයයි පමුණුවයි හෝ නායක නමි. ජලනුත්තම වූයේද නායක වූයේද හේ ජලනුත්තම නායක නමි. භික්ඛුසංඝෙ නිසීදිත්‍වා යනු භික්‍ෂු සංඝයා මැද හුන් සේක් ඉමාගාථා අභාසථ ප්‍රකට කොට කී සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු වේමැයි.

රට‍්ඨපාලත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

රට්ඨපාල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.