යෙදුමෙන් කියවන්න

15. පිලින්‍දවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

15. පිලින්‍දවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා

15. පිළින්‍දිවච්ඡ ථේර අපදාන වර්ණනාව

නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිකං ආයස‍්මතො පිලින්‍දවච‍්ඡත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තො හෙට‍්ඨා වුත‍්තනයෙන සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං දෙවතානං පියමනාපභාවෙන අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා යාවජීවං කුසලං කත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො. පරිනිබ‍්බුතෙ භගවති තස‍්ස ථූපං පූජෙත්‍වා සඞ‍්ඝස‍්ස මහාදානං පවත‍්තෙත්‍වා තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ චක‍්කවත‍්තී රාජා හුත්‍වා මහාජනං පඤ‍්චසීලෙසු පතිට‍්ඨාපෙත්‍වා සග‍්ගපරායනං අකාසි. සො අනුප‍්පන‍්නෙයෙව අම‍්හාකං භගවති සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, පිලින්‍දොතිස‍්ස නාමං අකංසු. වච‍්ඡොති ගොත‍්තං. සො අපරභාගෙ පිලින්‍දවච‍්ඡොති පඤ‍්ඤායිත්‍ථ. සංසාරෙ පන සංවෙගබහුලතාය පරිබ‍්බාජකපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චූළගන්‍ධාරං නාම විජ‍්ජං සාධෙත්‍වා තාය විජ‍්ජාය ආකාසචාරී පරචිත‍්තවිදූ ච හුත්‍වා රාජගහෙ ලාභග‍්ගයසග‍්ගපත‍්තො පටිවසති.

නිබ්බුතෙ ලොකනාථම්හි ආදි වශයෙන් ආයුෂ්මත් පිළින්‍දිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයෙක උපන්නේ යට කියන ලද පරිදි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාප බැවින් අගතන්හි තබනු දැක ඒ තනතුර පතා දිවි ඇතිතාක් කුසල්කොට එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ස්ථූපය පූජාකොට සංඝයාට මහදන් පවත්වා එයින් චුතව දෙවි මිනිසුන් අතර උභයසම්පත් අනුභවකොට බුදුන් නූපන් කල්හි සක්විති රජව මහජනයා පන්සිල්හි පිහිටුවා ස්වර්ග පරායණය කළේය. ඔහු අපගේ භාග්‍යවතුන් වහන්සේ නූපන් කල්හිම සැවැත්නුවර බමුණු කුලයෙක උපන්නේය. පිළින්දිතිස්ස යනුවෙන් නම්කළහ. වච්ඡ යනු ගෝත්‍රයයි. ඔහු පසුකලෙක පිළින්‍දිවච්ඡ යනුවෙන් ප්‍රසිද්ධ විය. සසර සැරිසැරීමෙන් සංවේග බහුකතාව නිසා පිරිවැජි පැවිද්දෙන් පැවිදිව චුල්ලගන්ධාර නම් විද්‍යාවක් උගෙන ඒ විද්‍යාවෙන් අහස්හි හැසිරෙන්නෙක්වද අනුන් සිත් දන්නෙක්වද රජගහනුවර ලාභයෙන්ද යසසින්ද අගතැන්පත් වූයේ වාසය කරයි.

අථ අම‍්හාකං භගවා අභිසම‍්බුද‍්ධො හුත්‍වා අනුක‍්කමෙන රාජගහං උපගතො. තතො පට‍්ඨාය බුද‍්ධානුභාවෙන තස‍්ස සා විජ‍්ජා න සම‍්පජ‍්ජති, අත‍්තනො කිච‍්චං න සාධෙති. සො චින‍්තෙසි – “සුතං ඛො පනෙතං ආචරියපාචරියානං භාසමානානං ‘යත්‍ථ මහාගන්‍ධාරවිජ‍්ජා ධරති , තත්‍ථ චූළගන්‍ධාරවිජ‍්ජා න සම‍්පජ‍්ජතී’ති සමණස‍්ස පන ගොතමස‍්ස ආගතකාලතො පට‍්ඨාය නායං මම විජ‍්ජා සම‍්පජ‍්ජති, නිස‍්සංසයං සමණො ගොතමො මහාගන්‍ධාරවිජ‍්ජං ජානාති, යංනූනාහං තං පයිරුපාසිත්‍වා තස‍්ස සන‍්තිකෙ තං විජ‍්ජං පරියාපුණෙය්‍ය”න‍්ති. සො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතදවොච – “අහං, මහාසමණ, තව සන‍්තිකෙ එකං විජ‍්ජං පරියාපුණිතුකාමො, ඔකාසං මෙ කරොහී”ති. “තෙන හි මම සන‍්තිකෙ පබ‍්බජාහී”ති ආහ. සො “විජ‍්ජාය පරිකම‍්මං පබ‍්බජ‍්ජා”ති මඤ‍්ඤමානො පබ‍්බජි. තස‍්ස භගවා ධම‍්මං කථෙත්‍වා චරිතානුකූලං කම‍්මට‍්ඨානං අදාසි. සො උපනිස‍්සයසම‍්පන‍්නතාය නචිරස‍්සෙව විපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පාපුණි.

ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පත්ව පිළිවෙලින් රජගහනුවරට පැමිණි සේක. එතැන් පටන් බුද්ධානුභාවයෙන් ඔහුට ඒ විද්‍යාව පල නොදරයි. තමාගේ කාර්ය සාර්ථක නොවෙයි. ඔහු මෙසේ සිතීය. ආචාර්ය ප්‍රාචාර්යයන් මෙසේ කියනු අසා ඇත. යම්තැනක මහා ගන්ධාර විද්‍යාව පවතීද එතැන චුල්ලගන්ධාර විද්‍යාව පල නොදරයි. ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණි කල් පටන් මාගේ මෙම විද්‍යාව පල නොදරයි. නිසැකයෙන්ම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාගන්ධාර විද්‍යාව දන්නා සේක. මම උන්වහන්සේ ආශ්‍රයකොට උන්වහන්සේ සමීපයෙහි එම විද්‍යාව හදාරන්නේ නම් මැනවි. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීය. ‘ශ්‍රමණය, මම ඔබගේ සමීපයෙහි ඒ විද්‍යාව හදාරනු කැමැත්තෙමි. මට අවකාශයක් දෙව’යි. එසේනම් මා සමීපයෙහි පැවිදිවෙවයි කී සේක. හෙතෙමේ පිළියම පැවිද්දයයි සිතන්නේ පැවිදිවිය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මය කියාදී චරිතානුකූල කමටහනක් දුන් සේක. ඔහු හේතුසම්පත් ඇති බැවින් නොබෝ කලෙකින්ම විදර්ශනාව පිහිටුවා රහත් බවට පත්විය.

යා පන පුරිමජාතියං තස‍්සොවාදෙ ඨත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තා දෙවතා, තා කතඤ‍්ඤුතං නිස‍්සාය තස‍්මිං සඤ‍්ජාතබහුමානා සායං පාතං ථෙරං පයිරුපාසිත්‍වා ගච‍්ඡන‍්ති. තස‍්මා නං භගවා දෙවතානං අතිවිය පියමනාපභාවෙන අග‍්ගභාවෙ ඨපෙසි “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං දෙවතානං පියමනාපානං යදිදං පිලින්‍දවච‍්ඡො”ති (අ· නි· 1.209, 215). එවං සො පත‍්තඅග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං අනුස‍්සරිත්‍වා පීතිසොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිමාහ.

යම් දෙවිකෙනෙක් පෙර ජාතියෙහි ඔහුගේ අවවාදයෙහි සිට දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවෝ ඒ කෘතඥතාව නිසා ඔහු කෙරෙහි හටගත් බුහුමන් ඇත්තාහු උදේ සවස තෙරුන් වහන්සේ ආශ්‍රයකොට යෙති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහු දෙවියන් අතිශයින් ප්‍රියමනාප බැවින් යුතු බැවින් අගතන්හි තැබූ සේක. ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් දෙවියන්ට ප්‍රියමනාප වෙත්ද ඒ පිළින්‍දිවච්ඡය’යි මෙසේ පැමිණි අගතැන් ඇත්තේ ඔහු තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්‍රීති සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙලොකනාථම්හි යනාදිය කීය.

තත්‍ථ කාමරූපාරූපලොකස‍්ස නාථො පධානොති ලොකනාථො. මෙධා වුච‍්චන‍්ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණඅනාවරණඤාණාදයො, සුන්‍දරා, පසට‍්ඨා වා මෙධා යස‍්ස සො සුමෙධො, අග‍්ගො ච සො පුග‍්ගලො චාති අග‍්ගපුග‍්ගලො, තස‍්මිං සුමෙධෙ ලොකනායකෙ අග‍්ගපුග‍්ගලෙ ඛන්‍ධපරිනිබ‍්බානෙන නිබ‍්බුතෙ සතීති සම‍්බන්‍ධො. පසන‍්නචිත‍්තො සුමනොති සද‍්ධාය පසාදිතචිත‍්තො සොමනස‍්සෙන සුන්‍දරමනො අහං තස‍්ස සුමෙධස‍්ස භගවතො ථූපපූජං චෙතියපූජං අකාසින‍්ති අත්‍ථො.

එහි කාමරූප අරූප ලෝකයට නාථවූයේ ප්‍රධානවූයේනුයි ලෝකනාථ නම්වෙයි. මෙධා යනුවෙන් සර්වඥතාඤාණය කියැවෙයි. අනාවරණ ඥාන ආදී වූ සුන්දර වූ ප්‍රශස්ත වූ හෝ සර්වඥතාඥානයක් යමකුට වේද හේ සුමේධ නම් වේ. අග්‍රවේද පුද්ගල වූයේද අග්‍රපුද්ගල නමි. සුමේධ වූ ලෝකනායක වූ අග්‍රපුද්ගලයා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑ කල්හි යනු සම්බන්ධයි. පසන්න චිත්තො සුමනො යනු ශ්‍රද්ධාවෙන් පහන්කළ සිත් ඇත්තේ සොම්නසින් සුන්දර මනසින් යුතු වූ මම ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ ථූපපූජං චෛත්‍ය පූජාව කෙළෙමි යන අර්ථයි.

යෙ ච ඛීණාසවා තත්‍ථාති තස‍්මිං සමාගමෙ යෙ ච ඛීණාසවා පහීනකිලෙසා ඡළභිඤ‍්ඤා ඡහි අභිඤ‍්ඤාහි සමන‍්නාගතා මහිද‍්ධිකා මහන‍්තෙහි ඉද‍්ධීහි සමන‍්නාගතා සන‍්ති, තෙ සබ‍්බෙ ඛීණාසවෙ අහං තත්‍ථ සමානෙත්‍වා සුට‍්ඨු ආදරෙන ආනෙත්‍වා සඞ‍්ඝභත‍්තං සකලසඞ‍්ඝස‍්ස දාතබ‍්බභත‍්තං අකාසිං තෙසං භොජෙසින‍්ති අත්‍ථො.

යෙව ඛීණාසවා තත්‍ථ යනු ඒ සමාගමයෙහි යම් ඛීණාසවා නැසූ කෙලෙස් ඇත්තාහු. ඡළභිඤ්ඤා අභිඥා සයෙන් යුක්ත වූවාහු මහිද්ධිකා මහා සෘද්ධීන් යුක්ත වූවාහු. ඒ සියලු ක්‍ෂීණාශ්‍රවයන් මම මෙහි සමානෙත්‍වා මනා ආදරයෙන් ගෙනවිත් සංඝ භත්තං සියලු සංඝයාට දියයුතු දන් අකාසිං ඔවුන් වැළඳවූයෙමි යන අර්ථයි.

උපට‍්ඨාකො තදා අහූති තදා මම සඞ‍්ඝභත‍්තදානකාලෙ සුමෙධස‍්ස භගවතො නාමෙන සුමෙධො නාම උපට‍්ඨාකසාවකො අහු අහොසීති අත්‍ථො. සො සාවකො මය‍්හං පූජාසක‍්කාරං අනුමොදිත්‍ථ අනුමොදිතො ආනිසංසං කථෙසීති අත්‍ථො.

උපට්ඨාකො තදා අහු යනු එදා මා සංඝයාට දන්දෙන කල්හි සුමෙධ භාග්‍යවතුන් වහන්සේගේ නමින් සුමේධ නම් වූ උපස්ථායක ශ්‍රාවකයෙක් අහූ වීය යන අර්ථයි. සො යම් ශ්‍රාවකයෙක් මාගේ පූජා සත්කාර අනුමොදිත්‍ථ අනුමෝදන් වූයේ ආනිසංස කියූවේ යන අර්ථයි.

තෙන චිත‍්තප‍්පසාදෙනාති තෙන ථූපපූජාකරණවසෙන උප‍්පන‍්නෙන චිත‍්තප‍්පසාදෙන දෙවලොකෙ දිබ‍්බවිමානං උපපජ‍්ජිං උපගතො අස‍්මීති අත්‍ථො, තත්‍ථ නිබ‍්බත‍්තොම‍්හීති වුත‍්තං හොති. ඡළාසීතිසහස‍්සානීති තස‍්මිං විමානෙ ඡ අසීතිසහස‍්සානි දෙවච‍්ඡරායො මෙ මය‍්හං චිත‍්තං රමිංසු රමාපෙසුන‍්ති සම‍්බන්‍ධො.

තෙ චිත්තප්පසාදෙන යනු ඒ චෛත්‍ය පූජා කිරීම් වශයෙන් උපන් චිත්තප්‍රසාදයෙන් දෙව්ලොව දිව්‍ය විමානයකට උපපජ්ජි පැමිණියේ වෙමි යන අර්ථයි. එහි උපන්නේ වෙමියි කියන ලද්දේ වෙයි. ඡළාසීති සහස්සානි යනු එම විමානයෙහිද අසූදහදහසක් දෙවඟනෝ මෙ මාගේ සිත රමිංසු සතුටු කරවූහ යනු සම්බන්ධයි.

මමෙව අනුවත‍්තන‍්තීති තා අච‍්ඡරායො සබ‍්බකාමෙහි දිබ‍්බෙහි රූපාදිවත්‍ථුකාමෙහි උපට‍්ඨහන‍්තියො මමං එව අනුවත‍්තන‍්ති මම වචනං අනුකරොන‍්ති සදා නිච‍්චකාලන‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

මමෙව අනුවත්තන්ති යනු ඒ දෙවඟනෝ සබ්බකාමෙහි දිව්‍යමය වූ රූප ආදී වූ වස්තු කාමයන්ගෙන් උවටැන් කරති. යමෙක් මට මෙසේ අනුව පවතිත්ද මාගේ වචනය ඉටුකරත්ද සදා සැමකල්හි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

පිලින්‍දවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පිළින්‍දිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

16. රාහුලත්‍ථෙරඅපදානවණ‍්ණනා

16. රාහුල ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො රාහුලත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ආයස‍්මා පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සික‍්ඛාකාමානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො සෙනාසනවිසොධනවිජ‍්ජොතනාදිකං උළාරං පුඤ‍්ඤං කත්‍වා පණිධානං අකාසි. සො තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අම‍්හාකං බොධිසත‍්තං පටිච‍්ච යසොධරාය දෙවියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා රාහුලොති ලද‍්ධනාමො මහතා ඛත‍්තියපරිවාරෙන වඩ‍්ඪි. තස‍්ස පබ‍්බජ‍්ජාවිධානං ඛන්‍ධකෙ (මහාව· 105) ආගතමෙව. සො පබ‍්බජිත්‍වා සත්‍ථු සන‍්තිකෙ අනෙකෙහි සුත‍්තපදෙහි සුලද‍්ධොවාදො පරිපක‍්කඤාණො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. අරහා පන හුත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මත් තෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දනුමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ශික්‍ෂාකාමීන් අතර අගතන්හි තබනු දැක ඔහුද එම තනතුර පතන්නේ සෙනසුන් පිරිසිදු කිරීම අලංකාර කිරීම ආදි උදාර පින්කොට ප්‍රාර්ථනයක් කළේය. ඔහු එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභයසම්පත් අනුභවකොට මෙම බුද්ධෝත්පාදයෙහි අපගේ බෝධිසත්ත්වයන් නිසා යශෝධරා දේවියගේ කුසෙහි ඉපිද රාහුලයයි ලබන ලද නම් ඇත්තේ මහත් වූ ක්‍ෂත්‍රිය පිරිවරින් වැඩුණේය. ඔහුගේ පැවිදි විධානය බන්ධකයෙහි ආ පරිදිමය. ඔහු පැවිදිව ශාස්තෲන් වහන්සේ සමීපයෙහි නොයෙක් සූත්‍රාපදේශයන්ගෙන් ලද අවවාද ඇත්තේ මුහුකුරා ගිය ඥානය ඇත්තේ විදර්ශනාවෙහි උත්සුකව රහත් බවට පත්විය. රහත් වී තමාගේ ප්‍රතිපත්තිය නැවත බලා රහත් බව ප්‍රකාශ කරන්නේ –

“උභයෙනෙව සම‍්පන‍්නො, රාහුලභද‍්දොති මං විදූ; යඤ‍්චම‍්හි පුත‍්තො බුද‍්ධස‍්ස, යඤ‍්ච ධම‍්මෙසු චක‍්ඛුමා.

උභයෙනෙව සම්පන්නො - රාහුලභද්දොතිමංවිදු, යඤ්චහි පුත්තො බුද්ධස්ස - යඤ්ච ධම්මෙසු චක්ඛුමා

උබය සැපතින් යුතු - දනිති රාහුල භද්දයැයි මා, බුදුරදුගෙ පුත් වෙමි - දහමෙහි යෙදූ ඇස් ඇති

“යඤ‍්ච මෙ ආසවා ඛීණා, යඤ‍්ච නත්‍ථි පුනබ‍්භවො; අරහා දක‍්ඛිණෙය්‍යොම‍්හි, තෙවිජ‍්ජො අමතද‍්දසො.

යඤ්චමෙ ආසවා ඛීණා - යඤ්චනත්‍ථි පුනබ්භවො, අරහා දක්ඛිණෙය්‍යොම්හි - තෙවිජ්ජො අමතං දදො

මාකෙලෙස් සිඳුණේය - නැත නැවත ඉපදීමක් රහත් වෙමි දනට නිසිවෙම් - තෙවිඳු දත්තෙමි අමා දෙන්නෙම්

“කාමන්‍ධා ජාලපච‍්ඡන‍්නා, තණ‍්හාඡදනඡාදිතා; පමත‍්තබන්‍ධුනා බන්‍ධා, මච‍්ඡාව කුමිනා මුඛෙ.

කාමන්‍ධා ජාල පච්ඡන්නා - තණ්හාඡදන ඡාදිනා, පමත්ත බන්‍ධුනා බද්ධා - මච්ඡාව කුමිනාමුඛෙ

කාමයෙන් අඳවී මොහොදැල ඇලී පැටලී - තණ්හා වැස්මෙන් වැසුණෝ මරහුට බැඳී ඇත - කෙමන මුවෙහි මසුන් මෙන්

“තං කාමං අහමුජ‍්ඣිත්‍වා, ඡෙත්‍වා මාරස‍්ස බන්‍ධනං; සමූලං තණ‍්හමබ‍්බුය‍්හ, සීතිභූතොස‍්මි නිබ‍්බුතො”ති. (ථෙරගා· 295-298);

තං කාමං අහමුජ්ඣිත්‍වා - ජෙත්‍වා මාරස්ස බන්‍ධනං සමූලං තණ්හං අබ්බුය්හ සීතිභූතොස්මි නිබ්බුතො

ඒ කම් සැපත් අත්හැර - මරහුගෙ බැමිද සිඳදා, තණ්හාව සහමුලින් උදුරා - සිහිල් වූයෙමි නිවුණෙමි

චතස‍්සො ගාථා අභාසි. තත්‍ථ උභයෙනෙව සම‍්පන‍්නොති ජාතිසම‍්පදා පටිපත‍්තිසම‍්පදාති උභයසම‍්පත‍්තියාපි සම‍්පන‍්නො සමන‍්නාගතො. රාහුලභද‍්දොති මං විදූති “රාහුලභද‍්දො”ති මං සබ්‍රහ‍්මචාරිනො සඤ‍්ජානන‍්ති. තස‍්ස හි ජාතසාසනං සුත්‍වා බොධිසත‍්තෙන, “රාහු, ජාතො, බන්‍ධනං ජාත”න‍්ති වුත‍්තවචනං උපාදාය සුද‍්ධොදනමහාරාජා “රාහුලො”ති නාමං ගණ‍්හි. තත්‍ථ ආදිතො පිතරා වුත‍්තපරියායමෙව ගහෙත්‍වා ආහ – “රාහුලභද‍්දොති මං විදූ”ති. භද‍්දොති පසංසාවචනමෙව. අපරභාගෙ සත්‍ථා තං සික‍්ඛාකාමභාවෙන අග‍්ගට‍්ඨානෙ ඨපෙසි “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං සික‍්ඛාකාමානං යදිදං රාහුලො”ති (අ· නි· 1.209).

ගාථා සතර කීය. එහි උභයෙනෙව සම්පන්නො යනු ජාති සම්පදාව ප්‍රතිපත්ති සම්පදාව යන උභය සම්පත්තියෙන් සම්පන්නො යුක්ත වූයේ. රාහුලභද්දොති මංවිදූ යනු සමග බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෝ හඳුන්වති. ඔහුගේ උපන් පුවත අසා බෝධිසත්ත්වයන් විසින් රාහුලයෙක් උපන්නේය. බන්ධනයක් ඇති වූයේ යයි කියූ වචනය උදෙසා සුද්ධෝදන මහරජතුමා රාහුලයයි නමක් තැබීය. හේ මුලින්ම පියා විසින් කියන ලද ක්‍රමයම ගෙන රාහුල භද්‍රයයි මා හැඳින්වූහ යනු කීය. භද්දො යනු ප්‍රශංසා වචනයක්මය. පසුකලෙක ශාස්තෲන් වහන්සේ ඔහු ශික්‍ෂාකාමී බවින් අගතන්හි තැබූ සේක. මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් ශික්‍ෂාකාමීන් අතර අගතැන්පත් වේද ඒ රාහුලයයි.

එවං සො පත‍්තඑතදග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතොතිආදිමාහ. සත‍්තභූමිම‍්හි පාසාදෙති පසාදං සොමනස‍්සං ජනෙතීති පාසාදො. උපරූපරි ඨිතා සත‍්ත භූමියො යස‍්මිං පාසාදෙ සොයං සත‍්තභූමි, තස‍්මිං සත‍්තභූමිම‍්හි පාසාදෙ. ආදාසං සන්‍ථරිං අහන‍්ති ආදාසතලං නිප‍්ඵාදෙත්‍වා ලොකජෙට‍්ඨස‍්ස භගවතො තාදිනො අහං සන්‍ථරං අදාසිං, සන්‍ථරිත්‍වා පූජෙසින‍්ති අත්‍ථො.

මෙසේ ඔහු පැමිණි අගතැන් ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තර භගවතො යනාදිය කීය. සත්තභූමිම්හි පාසාදෙ යනු ප්‍රසාදය සොම්නස දනවතියි පාසාදනම් වේ. එකක් මත එකක් සිටි බිම් සතක් යම් ප්‍රාසාදයක ඇත්තේද ඒ ප්‍රාසාදය සත්බුමු නමි. ඒ සත්බුමු ප්‍රාසාදයෙහි ආදාසං සන්‍ථරි අහං යනු කැඩපතක් නිපදවා ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ භාග්‍යවත් වූ තාදී ගුණ ඇති බුදුරදුන්ට මම ඇතිරිල්ලක් දුනිමි. අතුරා පූජා කෙළෙමි යන අර්ථයි.

ඛීණාසවසහස‍්සෙහීති අරහන‍්තසහස‍්සෙහි පරිකිණ‍්ණො පරිවුතො. ද‍්විපදින්‍දො ද‍්විපදානං ඉන්‍දො සාමි නරාසභො මහාමුනි ගන්‍ධකුටිං තෙහි සහ උපාගමි පාවිසීති අත්‍ථො.

ඛීණාසව සහස්සෙහි යනු රහතුන් දහස් ගණනකින් පරිකිණ්ණො පිරිවරන ලදුයේ. දිපදින්‍දො දෙපා ඇත්තවුන්ට ඉන්‍දො ස්වාමී වූ, නරාසභො මහා මුනීන්ද්‍රයන් වහන්සේ, ඔවුන් සමග ගඳකිළියට උපාගමි පිවිසි සේක යන අර්ථයි.

විරොචෙන‍්තො ගන්‍ධකුටින‍්ති තං ගන්‍ධකුටිං සොභයමානො දෙවානං දෙවො දෙවදෙවො නරානං ආසභො නරාසභො ජෙට‍්ඨො සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිත්‍වා ඉමා බ්‍යාකරණගාථායො අභාසථ කථෙසීති සම‍්බන්‍ධො.

විරොචන්තො ගන්‍ධකුටිං යනු ඒ ගඳකිළිය බබුළුවන්නේ. දෙවියන්ට දෙවිවූයේ දේවදේව නමි. නරයන්ට ප්‍රධාන වූයේ නරාසභ නම් වූ ජ්‍යෙෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම විවරණ ගාථා අභාසථ කියූ සේක යන සම්බන්ධයි.

යෙනායං ජොතිතා සෙය්‍යාති යෙන උපාසකෙන අයං පාසාදසඞ‍්ඛාතා සෙය්‍යා ජොතිතා පභාසිතා පජ‍්ජලිතා. ආදාසොව කංසලොහමයං ආදාසතලං ඉව සුට‍්ඨු සමං කත්‍වා සන්‍ථතා. තං උපාසකං කිත‍්තයිස‍්සාමි පාකටං කරිස‍්සාමීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙව.

යෙනායං ජොතිකා සෙය්‍යා යනු යම් උපාසකයකු විසින් මේ ප්‍රාසාද සංඛ්‍යාත සෙය්‍යා ජොතීතා අලංකාර කරන ලද්දේද ජෝතිමත් කරන ලද්දේද ආදාසොව කංසලෝහමය වූ කැඩපතක් මෙන් මනාසේ සමකොට අතුරන ලද්දේ, ඒ උපාසකයා කිත්තයිස්සාමි ප්‍රකට කරන්නෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

අට‍්ඨානමෙතං යං තාදීති යං යෙන කාරණෙන තාදී ඉට‍්ඨානිට‍්ඨෙසු අකම‍්පියසභාවත‍්තා තාදී අගාරෙ ඝරාවාසෙ රතිං අල‍්ලීනභාවං අජ‍්ඣගා පාපුණි, එතං කාරණං අට‍්ඨානං අකාරණන‍්ති අත්‍ථො.

අට්ඨානමෙතං යං තාදී යම් කරුණෙකින් තාදී ඉටු අනිටු කරුණුවලදී කම්පානොවන බැවින් තාදී නමි. අගාරෙ ගෘහ වාසයෙහි රතිං ඇලුණු බව අජ්ඣගා පැමිණියේය යනුයි. මේ කරුණ අස්ථාන කරුණ යන අර්ථයි.

නික‍්ඛමිත්‍වා අගාරස‍්මාති ඝරාවාසතො නික‍්ඛමිත්‍වා තං තිණදලමිව පරිච‍්චජිත්‍වා සුබ‍්බතො සුසික‍්ඛිතො පබ‍්බජිස‍්සති. රාහුලො නාම නාමෙනාති සුද‍්ධොදනමහාරාජෙන පෙසිතං කුමාරස‍්ස ජාතසාසනං සුත්‍වා පිතරා සිද‍්ධත්‍ථෙන, “රාහු ජාතො, බන්‍ධනං ජාත”න‍්ති වුත‍්තනාමත‍්තා රාහුලො නාමාති අත්‍ථො. “යථා චන්‍දසූරියානං විමානපභාය කිලිට‍්ඨකරණෙන රාහු අසුරින්‍දො උපෙති ගච‍්ඡති, එවමෙවායං මම අභිනික‍්ඛමනපබ‍්බජ‍්ජාදීනං අන‍්තරායං කරොන‍්තොරිව ජාතො”ති අධිප‍්පායෙන, “රාහු ජාතොති ආහා”ති දට‍්ඨබ‍්බං. අරහා සො භවිස‍්සතීති සො තාදිසො උපනිස‍්සයසම‍්පන‍්නො විපස‍්සනායං යුත‍්තප‍්පයුත‍්තො අරහා ඛීණාසවො භවිස‍්සතීති අත්‍ථො.

නික්ඛමිත්‍වා අගාරස්මා යනු ගෘහවාසයෙන් නික්ම, එය තණසුලක් මෙන් අත්හැර දමා, සුබ්බතො මනාසේ හික්මුණේ. පබ්බජිස්සති රාහුලො නාම නාමෙන යනු සුදොවුන් මහරජතුමා විසින් යවන ලද කුමාරයාගේ උපන් හසුන අසා පියා වූ සිද්ධාර්ථ විසින් ‘රාහුලයෙක් උපන්නේය. බන්ධනයක් ඇතිවුණේය’ යයි කියූ නම් ඇති බැවින් රාහුල නම් වෙයි යන අර්ථයි. යම්සේ චන්ද්‍ර සූර්යයන්ගේ විමානයන්හි ප්‍රභාව කිලිටි කිරීමෙන් රාහු අසුරේන්ද්‍රයා යම් තැනකට උපෙති යයිද, එසේම මොහු මාගේ අභිනිෂ්ක්‍රමණය පැවිද්ද ආදියට අනතුරක් කරන්නේම උපන්නේ වේයයි අදහසින් රාහුලයෙක් උපන්නේ යයි කීහයි දතයුතුය. අරහා සො භවිස්සතී යනු එබඳු උපනිශ්‍රය සම්පන්න වූ ඔහු විදර්ශනාවෙහි යෙදුණේ අහො නැසූ කෙලෙස් ඇත්තෙක් වන්නේය යන අර්ථයි.

කිකීව අණ‍්ඩං රක‍්ඛෙය්‍යාති අණ‍්ඩං බීජං රක‍්ඛමානා කිකී සකුණී ඉව අප‍්පමත‍්තො සීලං රක‍්ඛෙය්‍ය, චාමරී විය වාලධින‍්ති වාලං රක‍්ඛමානා කණ‍්ඩකෙසු වාලෙ ලග‍්ගන‍්තෙ භින්‍දනභයෙන අනාකඩ‍්ඪිත්‍වා මරමානා චාමරී විය ජීවිතම‍්පි පරිච‍්චජිත්‍වා සීලං අභින්‍දිත්‍වා රක‍්ඛෙය්‍ය. නිපකො සීලසම‍්පන‍්නොති නෙපක‍්කං වුච‍්චති පඤ‍්ඤා, තෙන නෙපක‍්කෙන සමන‍්නාගතො නිපකො ඛණ‍්ඩඡිද‍්දාදිභාවං අපාපෙත්‍වා රක‍්ඛණතො සීලසම‍්පන‍්නො භවිස‍්සතීති එවං සො භගවා බ්‍යාකරණමකාසි. සො එවං පත‍්තඅරහත‍්තඵලො එකදිවසං විවෙකට‍්ඨානෙ නිසින‍්නො සොමනස‍්සවසෙන එවං රක‍්ඛිං මහාමුනීතිආදිමාහ. තං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

කිකීච අණ්ඩං රක්ඛෙය්‍ය යනු අණ්ඩං බිජුවට රකින කිකී කිරළිය මෙන් අප්‍රමාද වූයේ සිල් රක්නේය. චමරීවිය වාලධිං යනු වලිගය රක්නා කටුවල වලිගය ඇමිණෙන විට සිඳී යන බියෙන් නොඇද මියයන්නා වූ සෙමර මුවදෙන මෙන් ජීවිතයද පරිත්‍යාගකොට සිල් නොබිඳ රක්නේය. නිපකො සීල සම්පන්නො යනු නෙපක්ක යනු ප්‍රඥාවයි. ඒ නෙපක්කයෙන් යුතු වූයේ නිපක නම් වේ. කඩසිදුරු ආදි බවට නොපමුණුවා රක්නා බැවින් සීලයෙන් යුක්ත වූවෙක් වන්නේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ විවරණ ප්‍රකාශ කළ සේක. ඔහු මෙසේ පැමිණි අර්හත්ඵල ඇත්තේ එක් දවසක් විවේකස්ථානයෙහි හුන්නේ සොම්නස් වශයෙන් එවං රක්ඛි මහාමුනි ආදිය කීය. එය පහසුවෙන් දතහැක්කේ මය.

රාහුලත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

රාහුල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

17. උපසෙනවඞ‍්ගන‍්තපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා

17. උපසේන ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරං භගවන‍්තන‍්තිආදිකං ආයස‍්මතො උපසෙනවඞ‍්ගන‍්තපුත‍්තත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සමන‍්තපාසාදිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සත්‍ථු අධිකාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ නාලකගාමෙ රූපසාරී බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, උපසෙනොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා උපසම‍්පදාය එකවස‍්සිකො “අරියගබ‍්භං වඩ‍්ඪෙමී”ති එකං කුලපුත‍්තං අත‍්තනො සන‍්තිකෙ උපසම‍්පාදෙත්‍වා තෙන සද‍්ධිං සත්‍ථු සන‍්තිකං ගතො. සත්‍ථාරා චස‍්ස තස‍්ස අවස‍්සිකස‍්ස භික‍්ඛුනො සද‍්ධිවිහාරිකභාවං සුත්‍වා “අතිලහුං ඛො ත්‍වං, මොඝපුරිස, බාහුල‍්ලාය ආවත‍්තො”ති (මහාව· 75) ගරහිතො “ඉදානාහං යදි පරිසං නිස‍්සාය සත්‍ථාරා ගරහිතො, පරිසංයෙව පන නිස‍්සාය සත්‍ථු පසාදං කරිස‍්සාමී”ති විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. අරහා පන හුත්‍වා සයම‍්පි සබ‍්බෙ ධුතඞ‍්ගධම‍්මෙ සමාදාය වත‍්තති, අඤ‍්ඤෙපි තදත්‍ථාය සමාදපෙසි, තෙන නං භගවා සමන‍්තපාසාදිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. සො අපරෙන සමයෙන කොසම‍්බියං කලහෙ උප‍්පන‍්නෙ භික‍්ඛුසඞ‍්ඝෙ ච ද‍්විධාභූතෙ එකෙන භික‍්ඛුනා තං කලහං පරිවජ‍්ජිතුකාමෙන “එතරහි ඛො කලහො උප‍්පන‍්නො, භික‍්ඛුසඞ‍්ඝො ච ද‍්විධාභූතො, කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බ”න‍්ති පුට‍්ඨො විවෙකවාසතො පට‍්ඨාය තස‍්ස පටිපත‍්තිං කථෙසි. එවං ථෙරො තස‍්ස භික‍්ඛුනො ඔවාදදානාපදෙසෙන අත‍්තනො තථා පටිපන‍්නභාවං දීපෙන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

පදුමුත්තරං භගවන්තං ආදි වශයෙන් ආයුෂ්මත් උපසෙන වංගන්තපත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක පහදවන්නවුන් අතර අගතන්හි තබනු දැක ප්‍රාර්ථනාවක් කොට එම තනතුර පතා දිවි ඇතිතාක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි නාග නම් ගමෙහි රූපසාරී නම් බැමිණිය කුස උපන්නේය. ඔහුට උපසෙන යනුවෙන් නමක් විය. ඔහු වැඩිවිය පත්වූයේ වේදත්‍රය ඉගෙන ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ ඇදුරු පරපුර වර්ධනය කරමියි වෙනත් භික්‍ෂුවක් තමා සමීපයෙහි උපසම්පදා කොට ඔහු සමග ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, ශාස්තෲන් වහන්සේ ඒ වස් නැති භික්‍ෂුවගේ සද්ධිවිහාරික භාවය අසා ‘හිස් පුරුෂය, තෝ පමණට වඩා ගියේවෙහිය. එය ඉතා පහත් යයි ගර්හා කරනු ලැබූයේ දැන් මම පිරිස හමුවෙහි ශාස්තෲන් වහන්සේ විසින් ගර්හා කරනු ලැබුවේ වෙමි. පිරිස හමුවෙහිම ශාස්තෲන් වහන්සේ පහන් කරන්නෙමියි විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය. රහත්ව තමාම සියලු ධූත ධර්මයන් සමාදන්ව ජීවත් වෙයි. අන්‍යයන්ද ඒ සඳහා සමාදන් කරවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහු සියල්ලන් පහදවන්නවුන් අතර අගතන්හි තැබූ සේක. ඔහු පසුකලෙක කොසඹෑ නුවර කලහය හටගත් කල භික්‍ෂු සංඝයාද දෙකට බෙදුණු කල, ඒ කලහය වර්ජනය කරනු කැමැති එක් භික්‍ෂුවක් විසින් ‘දැන් කලහය ඇතිවී තිබේ. භික්‍ෂු සංඝයාද දෙකට බෙදුණේ වෙයි. අපි කෙලේස පිළිපදින්නමෝදැයි විචාරන ලද්දේ විවේක වාසයෙහි පටන් තම ප්‍රතිපත්තිය කීය. මෙසේ තෙරුන් වහන්සේ භික්‍ෂුවට ඔවදන් දෙන මුවාවෙන් තමාගේ කථාවට පිළිපන් බව පැහැදිලි කරන්නාහු රහත් බව ප්‍රකාශ කළහ.

සො එවං පත‍්තඑතදග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරං භගවන‍්තන‍්තිආදිමාහ. පබ‍්භාරම‍්හි නිසීදන‍්තන‍්ති පුරතො භාරං නමිතං ඔනමිතන‍්ති පබ‍්භාරං විවෙකකාමං වනමජ‍්ඣෙ සයංජාතපබ‍්බතපබ‍්භාරෙ නිසින‍්නං නරුත‍්තමං භගවන‍්තං අහං උපගච‍්ඡිං සමීපං ගතොති අත්‍ථො.

ඔහු මෙසේ පත්වූ අගතැන් ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරං භගවන්තං ආදිය කීය. මහා පබ්භාරම්හි නිසින්නං යනු ඉදිරියෙන් බරට නමිතං නැමුණේනුයි පබ්භාර නමි. විවේක කැමතිව වනමැද ඉබේ හටගත් පර්වත ගුහාවෙහි හුන් නරෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේ වෙත. අහං උපගඤ්ජිං එළැඹියෙමි යන අර්ථයි.

කණිකාරපුප‍්ඵ දිස‍්වාති තථා උපගච‍්ඡන‍්තො තස‍්මිං පදෙසෙ සුපුප‍්ඵිතං කණිකාරං දිස‍්වා. වණ‍්ටෙ ඡෙත්‍වානහං තදාති තස‍්මිං තථාගතස‍්ස දිට‍්ඨකාලෙ තං පුප‍්ඵං වණ‍්ටෙ වණ‍්ටස‍්මිං ඡෙත්‍වාන ඡින්‍දිත්‍වාන. අලඞ‍්කරිත්‍වා ඡත‍්තම‍්හීති තෙන පුප‍්ඵෙන ඡත‍්තං ඡාදෙත්‍වා. බුද‍්ධස‍්ස අභිරොපයින‍්ති පබ‍්භාරෙ නිසින‍්නස‍්ස බුද‍්ධස‍්ස මුද‍්ධනි අකාසින‍්ති අත්‍ථො.

කණිකාරං පුප්ඵිතං දිස්වා යනු එසේ එළඹෙන්නේ ඒ පෙදෙසෙහි මනාසේ පිපුණු කිණිහිරි ගසක් දැක වණ්ටෙ ජෙත්‍වානහං තං තදා යනු ඔහු තථාගතයන් වහන්සේ දුටුකල ඒ මල වණ්ටෙ නටුවෙන් ජෙත්‍වාන කඩා. අලංකරිත්‍වා ඡත්තම්හි යනු ඒ මලින් කුඩය අලංකාරකොට. බුද්ධස්ස අභිරොපයිං යනු ගුහාවෙහි හුන්නා වූ බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් තැබුවෙමියි අර්ථයි.

පිණ‍්ඩපාතඤ‍්ච පාදාසින‍්ති තස‍්මිංයෙව නිසින‍්නස‍්ස භගවතො පිණ‍්ඩපාතං පකාරෙන අදාසිං භොජෙසින‍්ති අත්‍ථො. පරමන‍්නං සුභොජනන‍්ති සුන්‍දරභොජනසඞ‍්ඛාතං පරමන‍්නං උත‍්තමාහාරං. බුද‍්ධෙන නවමෙ තත්‍ථාති තස‍්මිං විවෙකට‍්ඨානෙ බුද‍්ධෙන සහ නවමෙ අට‍්ඨ සමණෙ සමිතපාපෙ ඛීණාසවභික‍්ඛූ භොජෙසින‍්ති අත්‍ථො.

පිණ්ඩපාතං ච පාදාසිං යනු එහිම වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය වැළඳවූයෙමි යන අර්ථයි. පරමන්නං සොඳුරු බොජුන් සංඛ්‍යාත පරමන්නං උතුම් ආහාරය, බුද්ධෙන නවමෙ තත්‍ථ යනු ඒ විවේකස්ථානයෙහි බුදුරජාණන් වහන්සේ සමග නවයක් වූ මහණුන් අටනමක් වූ පව් තවාහළ කෙලෙස් නැසූ භික්‍ෂූන් වැළඳවූයෙමි යන අර්ථයි.

යං වදන‍්ති සුමෙධොති යං ගොතමසම‍්මාසම‍්බුද‍්ධං භූරිපඤ‍්ඤං පථවිසමානං පඤ‍්ඤං සුමෙධං සුන්‍දරං සබ‍්බඤ‍්ඤුතාදිපඤ‍්ඤවන‍්තං. සුමෙධො ඉති සුන්‍දරපඤ‍්ඤො ඉති වදන‍්ති පණ‍්ඩිතා ඉතො කප‍්පතො සතසහස‍්සෙ කප‍්පෙ එසො ගොතමො සම‍්මාසම‍්බුද‍්ධො භවිස‍්සතීති සම‍්බන්‍ධො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

යං වදන්ති සුමෙධො යනු මහා ප්‍රඥා ඇති පෘථුවි සමාන ප්‍රඥා ඇති සුමේධ සුන්දර ප්‍රඥා ඇති බැවින් ප්‍රඥාවන්ත වූ යම් ගෞතම සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සුමේධ යයිද, සුන්දර ප්‍රඥා යයිද පඬිවරු කියති. මේ කල්පයෙන් සියදහස්වැනි කල්පයෙහි මේ ගෞතම සම්‍යක් සම්බුදු රජාණන් වන සේක යන සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

උපසෙනවඞ‍්ගන‍්තපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

උපසෙන වංගන්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.