යෙදුමෙන් කියවන්න

16. රාහුලත්‍ථෙරාපදානං

16. රාහුලත්‍ථෙරාපදානං

16. රාහුල ස්ථවිරාවදානය

741. පදුමුත‍්තරස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, සත‍්තභූම‍්මහි පාසාදෙ ආදාසං සන්‍ථරිං අහං.

741. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට සත්බුමුපහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.

742. ඛීණාසවසහස‍්සෙහි පරිකිණ‍්ණො මහාමුනි, උපාගමී ගන්‍ධකුටිං දිපදින්‍දො නරාසභො.

742. දෙපා ඇතියනට අග්‍ර වූ මහාමුනි වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් ගඳකිළියට එළඹි සේක.

743. විරොචෙන‍්තො ගන්‍ධකුටිං දෙවදෙවො නරාසභො, භික‍්ඛුසංඝෙ ඨිතො සත්‍ථා ඉමා ගාථා අභාසථ.

743. “දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ ශාස්තෘ තෙමේ ගඳකිළිය බබුළුවන්නේ බික්සඟන මැද සිටියේ මේ ගාථාවන් වදාළේ ය:

744. යෙනා’යං ජොතිතා සෙය්‍යා ආදාසො ච සුසන්‍ථතො, තම’හං කිත‍්තයිස‍්සාමි සුණොථ මම භාසතො.

744. යමකු විසින් මේ සෙනසුන බබුළුවන ලද ද කැටපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනැවින් අතුරණ ලද ද මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නා වූ මාගේ වචනය අසවු:

745. සොණ‍්ණමයා රූපිමයා අථො වෙළුරියාමයා, නිබ‍්බත‍්තිස‍්සන‍්ති ආදාසා යෙ කෙචි මනසො පියා.

745. “ස්වර්‍ණමය වූ ද රජතමය වූ ද යලි වෙරළුමිණිමුවා වූ ද යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම්, (ඒ ආදාසයෝ) පහළ වන්නාහු ය.

746. චතුසට‍්ඨික‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී භවිස‍්සති අනන‍්තරා.

746. සූසැට වරක් ශක්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අනතුරු ව දහස්වරක් සක්විතිරජ වන්නේ ය.

747. එකවීසතිකප‍්පම‍්හි විමලො නාම ඛත‍්තියො, චාතුරන‍්තො විජිතාවී චක‍්කවත‍්තී භවිස‍්සති.

747. එක්විසිවන කපෙහි සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරුරජුන් ජය ගන්නා සුලු වූ ‘විමල’ නම් සක්විති රජෙක් වන්නේ ය.

748. නගරං රෙණුවතී නාම ඉට‍්ඨකාහි සුමාපිතං, ආයාමතො තීණි සතං චතුරස‍්සසමායුතං.

748. ගඩොළුවලින් නිර්මිත කරණ ලද නගරය රේණුවති නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස්හැඩයෙන් යුතු ය.

749. සුදස‍්සනො නාම පාසාදො විස‍්සකම‍්මෙන නිම‍්මිතො, කුටාගාරවරූපෙතො සත‍්තරතනභූසිතො.

749. (එහි) උතුම් වූ කුළුගෙවලින් යුත් සත්රුවනින් අලංකාර කරණ ලද විශ්වකර්‍මයා විසින් නිර්මිත කරණ ලද ‘සුදර්‍ශන’ නම් ප්‍රාසාදයෙක් වන්නේ ය.

750. දස සද‍්දා අචිවිත‍්තං විජ‍්ජාධරසමාකුලං, සුදස‍්සනංව නගරං දෙවතානං භවිස‍්සති.

750. එය දශවිධශබ්දයෙන් වෙන් නො වූ විද්‍යාධරයන්ගෙන් ගැවසී ගත් දෙවියන්ගේ සුදර්‍ශනනගරය මෙන් වන්නේ ය.

751. පභා නිග‍්ගච‍්ඡතෙ තස‍්ස උග‍්ගච‍්ඡන‍්තෙව සූරියෙ, විරොචෙස‍්සති තං නිච‍්චං සමන‍්තා අට‍්ඨයොජනං.

751. එ ම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදා වන කල්හි විහිදේ. එය නිරතුරු ව ම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේ ය.

752. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

752. කල්පලක්‍ෂයකින් මතුයෙහි ‘ඔක්කාක’ කුලයෙහි උපදින්නා වූ නමින් ‘ගෞතම’ නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.

753. තුසිතා සො චවිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, ගොතමස‍්ස භගවතො අත්‍රජො සො භවිස‍්සති.

753. හෙතෙම කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ, තුෂිතපුරයෙන් චුත ව ගෞතමයන් වහන්සේගේ ඒ ඖරසපුත්‍රයා වන්නේ ය.

754. සචෙ වසෙය්‍යා’ගාරං චක‍්කවත‍්තී භවෙය්‍ය සො, අට‍්ඨානමෙතං යං තාදී අගාරෙ රතිමජ‍්ඣගා.

754. හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම්, සක්විතිරජ වන්නේ ය. තාදීගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණේ ය යන මේ කරුණ සිදු නො වන්නකි. (හෙවත් සිදු වීමට හේතු නැත්තකි.)

755. නික‍්ඛමිත්‍වා අගාරම‍්හා පබ‍්බජිස‍්සති සුබ‍්බතො, රාහුලො නාම නාමෙන අරහා සො භවිස‍්සති.

755. සුශික්‍ෂිත වූ (හෙතෙම) ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. නමින් ඒ තෙම ‘රාහුල’ නම් වූ රහත් වන්නේ ය.”

756. කිකීව අණ‍්ඩං රක‍්ඛෙය්‍ය, චමරී විය වාලධිං, නිපකො සීලසම‍්පන‍්නො එවං රක‍්ඛිං මහාමුනෙ.

756. මහාමුනි වූ ගෞතම බුදුරජානන් වහන්ස, කිරලා බිජුවට රකින්නාක් මෙන් ද, සෙමෙරමුවා වලග රකින්නාක් මෙන් ද මෙසේ සීලයෙන් යුක්ත වූ මම (මැනැවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.

757. තස‍්සා’හං ධම‍්මමඤ‍්ඤාය විහාසිං සාසනෙ රතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

757. මම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව වෙසෙමි.

758. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

758. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා රාහුලො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ‘රාහුල’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.

රාහුලත්‍ථෙරස‍්සාපදානං ඡට‍්ඨං.

රාහුල ස්ථවිරාවදානය සවැනියි.