යෙදුමෙන් කියවන්න

15. පිළින්‍දිවච‍්ඡත්‍ථෙරාපදානං

15. පිළින්‍දිවච‍්ඡත්‍ථෙරාපදානං

15. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය

728. නිබ‍්බුතෙ ලොකනාථම‍්හි සුමෙධෙ අග‍්ගපුග‍්ගලෙ, පසන‍්නචිත‍්තො සුමනො ථූපපූජමකාස’හං

728. ලෝකනාථ වූ අග්‍රපුද්ගල වූ ‘සුමේධ’ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති මනා සිත් ඇති මම ස්තූපපූජාවක් කෙළෙමි.

729. යෙ ච ඛීණාසවා තත්‍ථ ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා, තෙ’හං තත්‍ථ සමානෙත්‍වා සංඝභත‍්තං අකාස’හං

729. යම් ෂඩභිඥ වූ මහාඍද්ධි ඇති ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහු ද) මම උන්වහන්සේලා එහි රැස් කරවා සඟබතක් දිනිමි.

730. සුමෙධස‍්ස භගවතො උපට‍්ඨාකො තදා අහු, සුමෙධො නාම නාමෙන අනුමොදිත්‍ථ සො තදා.

730. එකල්හි ‘සුමේධ’ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වී ය. නමින් සුමේධ නම් වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේ ය.

731. තෙන චිත‍්තප‍්පසාදෙන විමානං උපපජ‍්ජහං, ඡාළාසීතිසහස‍්සානි අච‍්ඡරායො රමිංසු මෙ.

731. එ ම (ථුපපූජා කිරීම් වශයෙන් ඇති වූ) චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම දිව්‍යවිමානයක උපනිමි. අසූසයදහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.

732. මමෙව අනුවත‍්තන‍්ති සබ‍්බකාමෙහි තා සදා, අඤ‍්ඤෙ දෙවෙ අතිභොමි පුඤ‍්ඤකම‍්මස‍්සි’දං ඵලං.

732. එ ම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොට ගෙණ මා අනුව ම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවමි. මේ (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.

733. පඤ‍්චවීසතිකප‍්පම‍්හි වරුණො නාම ඛත‍්තියො, සුසුද‍්ධභොජනො ආසිං චක‍්කවත‍්තී අහං තදා.

733. මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති ‘වරුණ’ නම් සක්විතිරජෙක් වීමි.

734. න තෙ බීජං පවපන‍්ති න පි නීයන‍්ති නඞ‍්ගලා, අකට‍්ඨපාකිමං සාලිං පරිභුඤ‍්ජන‍්ති මානුසා.

734. ඒ මනුෂ්‍යයෝ බිජුවට නො වපුරත්. නගුල් (සීසෑම් වශයෙන්) නො පමුණුවනු ලැබේ. අරණයයෙහි නො සෑ බිම්පෙදෙස්හි තෙමේ ම හට ගත් හැල් අනුභව කෙරෙත්.

735. තත්‍ථ රජ‍්ජං කරිත්‍වාන දෙවත‍්තං පුන ගච‍්ඡ’හං, තදාපි එදිසා මය‍්හං නිබ‍්බත‍්තා භොගසම‍්පදා.

735. මම එහි රාජ්‍යය කොට නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබඳු ම වූ භෝගසම්පත්ති තොමෝ උපන්නී ය.

736. න මං මිත‍්තා අමිත‍්තා වා හිංසන‍්ති සබ‍්බපාණිනො, සබ‍්බෙසම‍්පි පියො හොමි පුඤ‍්ඤකම‍්මස‍්සි’දං ඵලං.

736. මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නො කෙරෙත්. සියලු දෙනාහට ම ප්‍රිය වෙමි. මෙය (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.

737. තිංසකප‍්පසහස‍්සම‍්භි යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ගන්‍ධාලෙපස‍්සි’දං ඵලං.

737. එකල මෙයින් එක්දහස්තිස්වන කල්පයෙහි මම යම් දනක් දිනිම් ද, (ඉන්) දුගතියක් නො දනිමි. (ස්තූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (=සුවඳ ගැල්වීමෙහි) ඵලය යි.

738. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ එකො ආසිං ජනාධිපො, මහානුභාවො රාජා’හං චක‍්කවත‍්තී මහබ‍්බලො.

738. මේ භද්‍රකල්පයෙහි මම ජනාධිපති වූ මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විතිරජෙක් වීමි.

739. සො’හං පඤ‍්චසු සීලෙසු ඨපෙත්‍වා ජනතං බහුං, පාපෙත්‍වා සුගතිංයෙව දෙවතානං පියො අහුං.

739. ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා සුගතියට ම පමුණුවා දෙවියනට ප්‍රිය වීමි.

740. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං,

740. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පිළින්‍දිවච‍්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී..

පිළින්‍දිවච‍්ඡත්‍ථෙරස‍්සාපදානං පඤ‍්චමං.

පිළින්‍දිවච්ඡස්ථවිරාපදානය පස්වැනියි.