යෙදුමෙන් කියවන්න

14. චුල‍්ලපන්‍ථකත්‍ථෙරාපදානං

14. චුල‍්ලපන්‍ථකත්‍ථෙරාපදානං.

14. චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය

708. පදුමුත‍්තරො නාම ජිනො ආහුතීනං පටිග‍්ගහො, ගණම‍්හා වූපකට‍්ඨො සො හිමවන‍්තෙ වසී තදා.

708. එකල්හි පූජාවන් පිළිගන්නා වූ හෙවත් පූජාවනට ගෙයක් බඳු වූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ ගණ(=සමූහ)යා කෙරෙන් වෙන් වූ සේක් හිමවතෙහි විසූ සේක.

709. අහම‍්පි හිමවන‍්තම‍්භි වසාමි අස‍්සමෙ තදා, අචිරාගතං මහාවීරං උපෙසිං ලොකනායකං.

709. එකල්හි මම ද හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති ලෝකනායක වූ මහාවීරයන් (=බුදුරජානන්) වහන්සේ වෙත එළඹියෙමි.

710. පුප‍්ඵච‍්ඡත‍්තං ගහෙත්‍වාන උපගච‍්ඡිං නරාසභං, සමාධිං සමාපජ‍්ජන‍්තං අන‍්තරායමකාස’හං.

710. මල්සතක් (=මල්කුඩයක්) ගෙණ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමවතට සමවන් උන්වහන්සේගේ සමාධියට අන්තරායක් නො කෙළෙමි.

711. උභොහත්‍ථෙහි පග‍්ගය‍්හ පුප‍්ඵඡත‍්තං අදාස’හං, පටිග‍්ගහෙසි භගවා පදුමුත‍්තරො මහාමුනි.

711. මම දෑතින් ගෙණ මල්සත දුනිමි. මහාමුනි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ (එය) පිළිගත් සේක.

712. සබ‍්බෙ දෙවා අත‍්තමනා හිමවන‍්තං උපෙන‍්ති තෙ, සාධුකාරං පවත‍්තෙසුං අනුමොදිස‍්සති චක‍්ඛුමා.

712. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. “පසැස් ඇති බුදුරජ තෙම අනුමෝදනා කරන්නේ ය” යි සාධුකාර පැවැත්වූහ.

713. ඉදං වත්‍වාන තෙ දෙවා උපගච‍්ඡුං නරුත‍්තමං, ආකාසෙ ධාරයන‍්තං මෙ පදුමච‍්ඡත‍්තමුත‍්තමං.

713. ඒ දෙවිවරු මෙය කියා මාගේ පියුම් සත අහසෙහි දරන්නා වූ උතුම් වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියාහු ය.

714. සතපත‍්තඡත‍්තං පග‍්ගය‍්හ අදාසි තාපසො මමං, තම’හං කිත‍්තයිස‍්සාමි; සුණොථ මම භාසතො:

714. “(මේ)තවුස්තෙමේ පියුම්සතක් ගෙණ මට දුන්නේ ය. ඔහු පිළිබඳ ව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු” යී (මෙසේ බුදුහු වදාළහ).

715. පඤ‍්චවීසති කප‍්පානි දෙවරජ‍්ජං කරිස‍්සති, චතුත‍්තිංසතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති.

715. (මෙතෙම) පස්විසි වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සූතිස් වරක් සක්විතිරජ ද වන්නේ ය.

716. යං යං යොනිං සංසරති දෙවත‍්තං අථ මානුසං, අබ‍්භොකාසෙ පතිට‍්ඨන‍්තං පදුමං ධාරයිස‍්සති.

716. (මෙතෙම) දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක සැරිසරා ද, අභ්‍යවකාශයෙහි (=එළිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක්) මෙන් දරන්නේ ය.

717. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලෙකෙ භවිස‍්සති.

717. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.

718. පකාසිතෙ පාවචනෙ මනුස‍්සත‍්තං ලභිස‍්සති, මනොමයම‍්හි කායම‍්හි උත‍්තමො සො භවිස‍්සති.

718. උන්වහන්සේ පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේ ය. මනෝමය වූ ශරීරනිර්‍මාණයෙහි අග්‍ර ද වන්නේ ය.

719. ද‍්වෙ භාතරො භවිස‍්සන‍්ති උභොපි පත්‍ථකව‍්හයා, අනුභොත්‍වා උත‍්තමත්‍ථං ජොතයිස‍්සන‍්ති සාසනං.

719. සොහොයුරෝ දෙදෙනෙක් වන්නාහු ය. දෙදෙන ම පන්‍ථක නම් වන්නාහු ය. උත්තමාර්‍ත්‍ථය වූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුලුවන්නාහු ය” (කියායි).

720. සො’හං අට‍්ඨාරසවස‍්සො පබ‍්බජිං අනගාරියං, විසෙසා’හං න වින්‍දාමි සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

720. ඒ මම අටළොස්වියැ’ත්තේ අනගාරිය නම් වූ සාසනයෙහි පැවිදි වීමි. මම ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි විශේෂාධිගමය (ධර්‍මාවබෝධය) ක් නො ලැබීමි.

721. දන්‍ධා මය‍්හං ගතී ආසි පරිභූතො පුරෙ අහුං, භාතා ච මං පනාමෙසි: ගච‍්ඡ දානි සකං ඝරං.

721. මාගේ ගතිය (=ස්වභාවය) දන්‍ධ (=මෝඩ) වි ය. (මම) පළමු කොට ගරහන ලදුයෙම් වීමි. දැන් ස්වකීය ගෘහයට යව යි කියා මාගේ සොහොයුරා ද මා නෙරපා දැමී ය.

722. සො’හං පනාමිතො සන‍්තො සංඝාරාමස‍්ස කොට‍්ඨකෙ, දුම‍්මනො තත්‍ථ අට‍්ඨාසිං සාමඤ‍්ඤස‍්මිං අපෙක‍්ඛවා.

722. නෙරපා දමන ලද ඒ මම සඟරම්දොරටුවෙහි නැවතී දොම්නස් වූයෙම් පැවිදිබැව්හි බලාපොරොත්තු සහිත ව එහි සිටියෙමි.

723. භගවා තත්‍ථ ආගඤ‍්ඡි සීසං මය‍්හං පරාමසි, බාහාය මං ගහෙත්‍වාන සංඝාරාමං පවෙසයී.

723. ශාස්තෘ තෙම එහි පැමිණියේ ය. මාගේ හිස පිරිමැද්දේ ය. මගේ අතින් අල්ලා සඟරමට පිවිසවී ය.

724. අනුකම‍්පාය මෙ සත්‍ථා අදාසි පාදපුඤ‍්ඡනිං, එවං සුද‍්ධං අධිට‍්ඨෙහි එකමන‍්තං ස‍්වධිට‍්ඨිතං.

724. මෙසේ පිරිසිදු (මෙය ගෙණ) එකත්පසෙක හිඳ මනා කොට ඉටුව යි (=සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම පාපිස්නා කඩක් දුන්නේ ය.

725. හත්‍ථෙහි තමහං ගය‍්හ සරිං කොකනදං අහං; තත්‍ථ චිත‍්තං විමුච‍්චි මෙ අරහත‍්තං අපාපුණිං.

725. මම එය දෝතින් ගෙණ පියුම සිහි කෙළෙමි. එහි දී මගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ය. රහත්බවට පැමිණියෙමි.

726. මනොමයෙසු කායෙසු සබ‍්බත්‍ථ පාරමිඞ‍්ගතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

726. සියලු තන්හි මනෝමයශරීරයන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කෙළෙම් ආශ්‍රව රහිත ව (=රහත් ව) වෙසෙමි.

727. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං

727. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා චුල‍්ලපන්‍ථකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

චුල‍්ලපන්‍ථකත්‍ථෙරස‍්සා’පදානං චතුත්‍ථං.

චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය සතරවැනියි.