13. නන්දත්ථෙරාපදානං
13. නන්දත්ථෙරාපදානං.
13. නන්ද ස්ථවිරාවදානය
700. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වත්ථං ඛොමං මයා දින්නං සයම්භුස්ස මහෙසිනො.
700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
701. තං මෙ බුද්ධො වියාකාසි ජලජුත්තරනාමකො, ඉමිනා වත්ථදානෙන හෙමවණ්ණො භවිස්සසි.
701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්ණවර්ණ වන්නෙහි ය.
702. ද්වෙ සම්පත්ති අනුභොත්වා කුසලමූලෙහි චොදිතො, ගොතමස්ස භගවතො කනිට්ඨො ත්වං භවිස්සසි.
702. (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධ සම්පත් අනුභව කොට කුසල මූලයෙන් මෙහෙයන ලදුවහු ඔබ ගෞතම බුදුරජානන් වහන්සේගේ බාල සොහොයුරු වන්නහු ය.
703. රාගරත්තො සුඛසීලො කාමෙසු ගෙධමායුතො, බුද්ධෙන චොදිතො සන්තො තදා ත්වං පබ්බජිස්සසි.
703. ක්ලේශකාමයෙන් ඇලුනහු (කාය - චිත්ත) සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තහු, වස්තුකාමයන්හි ගිජු වූවහු, බුදුරජානන් වහන්සේ විසින් මෙහෙයන ලදුවහු, ශාන්ත වූවහු එකල්හි පැවිදි වන්නහු ය.
704. පබ්බජිත්වාන ත්වං තත්ථ කුසලමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සස’නාසවො.
704. තෝ එහි පැවිදි ව කුසලමූලයන් විසින් මෙහෙයන ලදුයෙහි සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙහි ය” (කියායි).
705. සතකප්පසහස්සම්හි චතුරො චෙලනාමකා, සට්ඨිකප්පසහස්සම්හි උපචෙලා චතුජ්ජනා.
705. මෙ කපින් පෙර එක්දහස් එක්සිය වන කපෙහි ‘චෙල’ නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ. එක්දහස් සැට වන කල්පයෙහි (සිවු ජාතියක) ‘උපචෙල’ නම් වූ සක්විතිරජවරු සිවු දෙනෙක් වූහ.
706. පඤ්චකප්පසහස්සම්හි චෙලාව චතුරො ජනා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
706. එක්දහස් පස් වන කපෙහි ‘චෙල’ නම් වූ ම (සක්විතිරජවරු) සිවුදෙනෙක් වූහ. ඔහු සත්රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපති වූහ.
707. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
707. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ‘නන්ද’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
නන්දත්ථෙරස්සාපදානං තතියං.
නන්‍දස්ථවිරාවදානය තෙවැනියි.