11. සීහාසනදායකත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
11. සීහාසනදායකත්ථෙරඅපදානවණ්ණනා
11. සිංහාසනදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිකං ආයස්මතො සීහාසනදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ විභවසම්පන්නෙ සද්ධාසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො, ධරමානෙ භගවති දෙවලොකෙ වසිත්වා නිබ්බුතෙ භගවති උප්පන්නත්තා විඤ්ඤුතං පත්තො භගවතො සාරීරිකචෙතියං දිස්වා “අහො මෙ අලාභා, භගවතො ධරමානෙ කාලෙ අසම්පත්තො”ති චින්තෙත්වා චෙතියෙ චිත්තං පසාදෙත්වා සොමනස්සජාතො සබ්බරතනමයං දෙවතානිම්මිතසදිසං ධම්මාසනෙ සීහාසනං කාරෙත්වා ජීවමානකබුද්ධස්ස විය පූජෙසි. තස්සුපරි ගෙහම්පි දිබ්බවිමානමිව කාරෙසි, පාදට්ඨපනපාදපීඨම්පි කාරෙසි. එවං යාවජීවං දීපධූපපුප්ඵගන්ධාදීහි අනෙකවිධං පූජං කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො ඡ කාමසග්ගෙ අපරාපරං දිබ්බසම්පත්තිං අනුභවිත්වා මනුස්සෙසු චක්කවත්තිසම්පත්තිං අනෙකක්ඛත්තුං අනුභවිත්වා සඞ්ඛ්යාතික්කන්තං පදෙසරජ්ජසම්පත්තිඤ්ච අනුභවිත්වා කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා සමණධම්මං කත්වා එත්ථන්තරෙ දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො කම්මට්ඨානං ගහෙත්වා ඝටෙන්තො වායමන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි.
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සීහාසන දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැන තැන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති සැදැහැවත් එක් කුලයෙක ඉපිද භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා කල්හි දෙව්ලොව වැස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි උපන් බැවින් දැනුමැති බවට පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික චෛත්‍යය දැක අහෝ මට අලාභයෙකි. භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කාලයක් නොපැමිණියේ යයි සිතා චෛත්‍යය කෙරෙහි සිත පහදවා සොම්නස් හටගත්තේ සියල්ල රන්මුවා වූ දෙවියන් නිමවූ දෙයක් බඳු ධර්මාසනයෙහි සිහසුනක් කරවා දිවමන් බුදුරදුන්ට මෙන් පූජා කළේය. එයට උඩින් දිවවිමනක් බඳුව ගෙයක් කරවීය. පාතබන පාපුටුවක්ද කරවීය. එසේ දිවි ඇති තෙක් පහන් දුම් මල් සුවඳ ආදියෙන් නානාවිධ පූජාකොට එයින් චුතව දෙව්ලොව උපන්නේ කාමස්වර්ග සයෙහි නැවත නැවත දෙව් සැපත් අනුභව කොට ගණන් නැති ප්‍රදේශ රාජ සම්පත්ද අනුභව කොට කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදිව මහණදම් කොට ඒ අතරෙහි දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් විභව සම්පත් ඇති කුලයෙක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදිව ලැබූ උපසම්පදාව ඇත්තේ කමටහන් ගෙන උත්සාහ කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
එවං පත්තඅරහත්තඵලො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සං උප්පාදෙත්වා පුබ්බචරිතාපදානං පකාසෙන්තො නිබ්බුතෙ ලොකනාථම්හීතිආදිමාහ. තත්ථ ලොකස්ස නාථො පධානොති ලොකනාථො, ලොකත්තයසාමීති අත්ථො. ලොකනාථෙ සිද්ධත්ථම්හි නිබ්බුතෙති සම්බන්ධො. විත්ථාරිතෙ පාවචනෙති පාවචනෙ පිටකත්තයෙ විත්ථාරිතෙ පත්ථටෙ පාකටෙති අත්ථො. බාහුජඤ්ඤම්හි සාසනෙති සික්ඛත්තයසඞ්ගහිතෙ බුද්ධසාසනෙ අනෙකසතසහස්සකොටිඛීණාසවසඞ්ඛාතෙහි බහුජනෙහි ඤාතෙ අධිගතෙති අත්ථො.
මෙසේ පැමිණි අරහත්ඵල ඇත්තේ තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නස් උපදවා පෙර අපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි යනාදිය කීය. එහි ලෝකයට නාථ වූයේ ප්‍රධාන වූයේනුයි ලොකනාථො. තුන්ලොවට ස්වාමී යන අර්ථයි. ලෝකනාථ වූ සිද්ධාර්ථ බුදුරදුන් පිරිනිවි කල්හි යන සම්බන්ධයි. විත්ථාරිතෙ පාවචනෙ යනු බුදුදහම නමැති තුන්පිටකයෙහි විත්ථාරිතෙ පිහිටි කල්හි ප්‍රකට වූ කල්හි යන අර්ථයි. බාහුජඤ්ඤම්හි සාසනෙ යනු ශික්ෂාත්රය සංගෘහිත වූ බුද්ධ ශාසනයෙහි නොයෙක් සියදහස් ගණන් ක්ෂීණාශ්රව සංඛ්‍යාත වූ බොහෝ ජනයන් විසින් දැනගත් අවබෝධ කරගත් යන අර්ථයි.
පසන්නචිත්තො සුමනොති තදා අහං බුද්ධස්ස ධරමානකාලෙ අසම්පත්තො නිබ්බුතෙ තස්මිං දෙවලොකා චවිත්වා මනුස්සලොකං උපපන්නො තස්ස භගවතො සාරීරිකධාතුචෙතියං දිස්වා පසන්නචිත්තො සද්ධාසම්පයුත්තමනො සුන්දරමනො “අහො මමාගමනං ස්වාගමන”න්ති සඤ්ජාතපසාදබහුමානො “මයා නිබ්බානාධිගමාය එකං පුඤ්ඤං කාතුං වට්ටතී”ති චින්තෙත්වා භගවතො චෙතියසමීපෙ භගවන්තං උද්දිස්ස හිරඤ්ඤසුවණ්ණරතනාදීහි අලඞ්කරිත්වාව සීහාසනං අකාසි. තත්ර නිසින්නස්ස පාදට්ඨපනත්ථාය පාදපීඨඤ්ච කාරෙසි. සීහාසනස්ස අතෙමනත්ථාය තස්සුපරි ඝරඤ්ච කාරෙසි. තෙන වුත්තං – “සීහාසනමකාසහං…පෙ… ඝරං තත්ථ අකාසහ”න්ති. තෙන චිත්තප්පසාදෙනාති ධරමානස්ස විය භගවතො සීහාසනං මයා කතං, තෙන චිත්තප්පසාදෙන. තුසිතං උපපජ්ජහන්ති තුසිතභවනෙ උපපජ්ජින්ති අත්ථො.
පසන්නචිත්තො සුමනො යනු එදා මම බුදුන් දිවමන් කල්හි අසම්පත්තෙ නොපැමිණ, පිරිනිවන්පෑ කල්හි දෙව්ලොවින් චුතව මිනිස්ලොව උපන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරිකධාතු චෛත්‍යය දැක පහන් සිත් ඇත්තේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත මනසින් යුක්ත වූයේ සුමනො සොඳුරු මනසින් යුතුව අහෝ මාගේ ආගමනය මනාගමනකැයි හටගත් ප්‍රසාද බහුමාන ඇත්තේ මා විසින් නිවන අවබෝධ කරනු පිණිස එක් පිනක් කිරීමට වටී යයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යය සමීපයෙහි භාග්‍යවතුන් වහන්සේ උදෙසා හිරඤ්ඤ රන්රුවන් ආදියෙන් අලංකාරකොට සිහසුනක් කළේය. එහි හුන්නහුට පාතබනු පිණිස පාපුටුවක්ද කරවීමි. සිහසුන නොතෙමෙනු පිණිස එයට උඩින් ගෙයක් ද කරවීමි. එහෙයින් කියන ලදි. සීහාසන මකාසහං -පෙ- ඝරංතත්ථ අකාසහං යනුවෙන් තෙන චිත්තප්පසාදෙන යනු දිවමන් භාග්‍යවතුන් වහන්සේගේ වැනි සිංහාසනයක් මා විසින් කරන ලදි. ඒ චිත්ත ප්‍රසාදයෙන් තුසිතං උපජ්ජහං යනු තුසිත භවනයෙහි උපන්නෙමි යන අර්ථයි.
ආයාමෙන චතුබ්බීසාති තත්රුපපන්නස්ස දෙවභූතස්ස සතො මය්හං සුකතං පුඤ්ඤෙන නිබ්බත්තිතං පාතුභූතං ආයාමෙන උච්චතො චතුබ්බීසයොජනං විත්ථාරෙන තිරියතො චතුද්දසයොජනං තාවදෙව නිබ්බත්තික්ඛණෙයෙව ආසි අහොසීති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙව.
ආයාමෙන චතුබ්බීසා යනු එහි දෙවියකුව උපන් මාගේ සුකතං පිනින් උපන්, පහළ වූ විමානය ආයාමෙන උසින් යොදුන් විසිහතරකි. විත්ථාරෙන පුළුලින් යොදුන් දහහතරකි. තාවදෙව උපන් කෙණෙහිම ආසි විය යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැකිමය.
චතුන්නවුතෙ ඉතො කප්පෙති ඉතො කප්පතො චතුනවුතෙ කප්පෙ යං කම්මං අකරිං අකාසිං, තදා තතො පට්ඨාය පුඤ්ඤබලෙන කඤ්චි දුග්ගතිං නාභිජානාමි, න අනුභූතපුබ්බා කාචි දුග්ගතීති අත්ථො.
චතුනවුතෙ ඉතො කප්පෙ යනු මෙයින් අනූහතරවැනි කල්පයෙහි යංකම්මං අකරි කළේය. තදා එතැන් පටන් කරන ලද පින් පලයෙන් කිසිදු දුග්ගතිං නාභිපානාමි අනුභව කළ කිසිදු දුගතියක් නැත යන අර්ථයි.
තෙසත්තතිම්හිතො කප්පෙති ඉතො කප්පතො තෙසත්තතිකප්පෙ. ඉන්දනාමා තයො ජනාති ඉන්දනාමකා තයො චක්කවත්තිරාජානො එකස්මිං කප්පෙ තීසු ජාතීසු ඉන්දො නාම චක්කවත්තී රාජා අහොසින්ති අත්ථො. ද්වෙසත්තතිම්හිතො කප්පෙති ඉතො ද්වෙසත්තතිකප්පෙ. සුමනනාමකා තයො ජනා තික්ඛත්තුං චක්කවත්තිරාජානො අහෙසුං.
තෙ සතත්ති ඉතො කප්පෙ යනු මේ කල්පයෙන් සැත්තෑවැනි කල්පයෙහි ඉන්දනාමා තයො ජනා යනු පිළිවෙලින් ජාති තුනකම ඉන්ද්‍ර නම් වූ සක්විති රජවරුන් තිදෙනෙක් වීමි යන අර්ථයි. ද්වෙ සත්තති ඉතො කප්පෙ යනු මෙයින් සැත්තෑ දෙවැනි කල්පයෙහි සුමන නම් ඇතිව තෙවරක් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
සමසත්තතිතො කප්පෙති ඉතො කප්පතො අනූනාධිකෙ සත්තතිමෙ කප්පෙ වරුණනාමකා වරුණො චක්කවත්තීති එවංනාමකා තයො චක්කවත්තිරාජානො චක්කරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා අහෙසුන්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
සමසත්තතිම්හි තො කප්පෙ යනු මේ කල්පයෙන් අඩුවැඩි නොවූ සැත්තෑවැනි කල්පයෙහි, වරුණ නාමකා වරුණ සක්විතිය යන එබඳු නම් ඇතිව සක්විති රජවරු තිදෙනෙක්ම සත්රුවනින් යුතු සිව් දිවයින්හි අධිපතීහු වූහ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සීහාසනදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
12. එකත්ථම්භිකත්ථෙරඅපදානවණ්ණනා
12. ඒකත්‍ථම්භික ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතොතිආදිකං ආයස්මතො එකත්ථම්භදායකථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ වනකම්මිකො හුත්වා එකස්මිං විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තො. තස්මිං සමයෙ සබ්බෙ සද්ධා පසන්නා උපාසකා එකච්ඡන්දා “භගවතො උපට්ඨානසාලං කරොමා”ති දබ්බසම්භාරත්ථාය වනං පවිසිත්වා තං උපාසකං දිස්වා “අම්හාකං එකං ථම්භං දෙථා”ති යාචිංසු. සො තං පවත්තිං සුත්වා “තුම්හෙ මා චින්තයිත්ථා”ති තෙ සබ්බෙ උය්යොජෙත්වා එකං සාරමයං ථම්භං ගහෙත්වා සත්ථු දස්සෙත්වා තෙසංයෙව අදාසි. සො තෙනෙව සොමනස්සජාතො තදෙව මූලං කත්වා අඤ්ඤානි දානාදීනි පුඤ්ඤානි කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං ඡසු කාමාවචරෙසු දිබ්බසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු ච අග්ගචක්කවත්තිසම්පත්තිං අනෙකවාරං අනුභවිත්වා අසඞ්ඛ්යෙය්යං පදෙසරජ්ජසම්පත්තිඤ්ච අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සද්ධාසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො මාතාපිතූහි සද්ධිං භගවතො සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා ලද්ධූපසම්පදො කම්මට්ඨානං ගහෙත්වා මනසිකරොන්තො නචිරස්සෙව අරහා අහොසි.
සිද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් එකත්ථම්භ දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිවන් ලැබීමට උපකාරී වන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වන කාර්මිකයකුව එක් විභව සම්පත් ඇති කුලයෙක උපන්නේය. එසමයෙහි සියලු ශ්‍රද්ධා සම්පන්න උපාසකවරු එක්සිත්ව භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන ශාලාවක් කරමුයි දැව සඳහා වනයට පිවිස එම උපාසකයා දැක අපට එක් කණුවක් දෙවයි ඉල්ලූහ. ඔහු මේ පුවත අසා ඔබ නහමක් සිතවයි ඔවුන් හැමදෙන උනන්දුකොට එක් හරවත් කණුවක් ගෙන ශාස්තෲන් වහන්සේට පෙන්වා ඔවුන්ටම දුන්නේය. ඔහු එයින්ම හටගත් සොම්නස් ඇත්තේ එයම මුල්කොට අනික් දානාදී පින්කොට එයින් මියපරලොව ගොස් දිව්‍යලෝකයෙහි ඉපිද සදෙව්ලොවිහි නැවත නැවත දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද අග්‍රවූ සක්විති සැපත් නොයෙක් වර අනුභව කොට නොගිණිය හැකි ප්‍රදේශරාජ සම්පත්ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ශ්‍රද්ධා සම්පන්න එක් කුලයෙක උපන්නේ මව්පියන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසා පැවිදිව ලැබූ උපසම්පදාව ඇත්තේ කමටහන් ගෙන මෙනෙහි කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
සො එවං පත්තඅරහත්තො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සිද්ධත්ථස්සාතිආදිමාහ. තත්ථ සිද්ධත්ථස්ස භගවතො භග්යසම්පන්නස්ස සම්මාසම්බුද්ධස්ස. මහාපූගගණොති මහාඋපාසකසමූහො අහු අහොසීති අත්ථො. සරණං ගතා ච තෙ බුද්ධන්ති “බුද්ධං සරණ”න්ති ගතා භජිංසු ජානිංසු වා තෙ උපාසකා. තථාගතං සද්දහන්ති බුද්ධගුණං අත්තනො චිත්තසන්තානෙ ඨපෙන්තීති අත්ථො.
ඔහු මෙසේ රහත් බවට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්ථස්ස යනාදිය කීය. එහි සිද්ධත්ථස්ස භගවතො භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ මහාපූගගණො යනු මහා උපාසක සමූහයා. අහූ විය යනු අර්ථයි. සරණං ගතාච තෙ බුද්ධං යනු බුදුන් සරණ ගියාහු, සේවනය කළාහු හෝ දත්තාහු හෝ ඔවුහු උපාසකයෝය. තථාගතං සද්දහන්ති බුදුගුණ තම සිත් සතන්හි තබති යන අර්ථයි.
සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වාති සබ්බෙ සමාගම්ම සන්නිපතිත්වා මන්තෙත්වා අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙත්වා එකච්ඡන්දා හුත්වා මාළං උපට්ඨානසාලං සත්ථුනො අත්ථාය කුබ්බන්ති කරොන්තීති අත්ථො. දබ්බසම්භාරෙසු එකත්ථම්භං අලභන්තා බ්රහාවනෙ මහාවනෙ විචිනන්තීති සම්බන්ධො.
සබ්බෙ සංගම්ම මන්තෙත්වා යනු සියලු දෙන පැමිණ එක්ව ඔවුනොවුන් දන්වා එක්සිත් ඇත්තාහු වී, මාලං උපස්ථාන ශාලාව ශාස්තෲන් වහන්සේ උදෙසා, කුබ්බන්ති කරති යන අර්ථයි. දැව රාශිය තුළ එක් කණුවක්වත් නොලබන්නාහු බ්රහාවනෙ මහා වනයෙහි සොයති යනු සම්බන්ධයි.
තෙහං අරඤ්ඤෙ දිස්වානාති අහං තෙ උපාසකෙ අරඤ්ඤෙ දිස්වාන ගණං සමූහං උපගම්ම සමීපං ගන්ත්වා අඤ්ජලිං පග්ගහෙත්වාන දසඞ්ගුලිසමොධානං අඤ්ජලිං සිරසි කත්වා අහං ගණං උපාසකසමූහං “තුම්හෙ ඉමං වනං කිමත්ථං ආගතත්ථා”ති තදා තස්මිං කාලෙ පරිපුච්ඡින්ති සම්බන්ධො.
තෙහං අරඤ්ඤෙදිස්වාන යනු මම එම උපාසකවරුන් වනයෙහිදී දැක ගණං සමූහය උපගම්ම සමීපයට ගොස් අඤ්ජලිම්පග්ගහෙත්වා දසැඟිලි එක්කොට ඇඳිලිය හිසෙහිකොට අහං ගණං උපාසක සමූහය. තොපි මේ වනයට කුමක් සඳහා පැමිණියාහුද, තදා එකල්හි විචාරති යනු සම්බන්ධයි.
තෙ සීලවන්තො උපාසකා මෙ මයා පුට්ඨා “මාළං මයං කත්තුකාමා හුත්වා එකත්ථම්භො අම්හෙහි න ලබ්භතී”ති වියාකංසු විසෙසෙන කථයිංසූති සම්බන්ධො.
ඒ සිල්වත් උපාසකවරු මෙ මා විසින් විචාරණ ලද්දාහු අපි ශාලාවක් කරනු කැමැත්තෝ ව අප විසින් එක් කණුවක්වත් නොලැබෙතියි ප්‍රකාශ කළහ. විශේෂයෙන් කියූහ යනු සම්බන්ධයි.
මමං මය්හං එකත්ථම්භං දෙථ, අහං තං දස්සාමි සත්ථුනො සන්තිකං අහං ථම්භං ආහරිස්සාමි, තෙ භවන්තො ථම්භහරණෙ අප්පොස්සුක්කා උස්සාහරහිතා භවන්තූති සම්බන්ධො.
මමං මාහට එකත්ථම්හංදෙථ අහං එය ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම සමීපයට කණුව ගෙනෙන්නෙමි. ඒ පින්වත්හු කනුව ගෙන ඒමේ අල්ප වූ උනන්දුවක් ඇත්තෝ උත්සාහ නැත්තෝ වෙත්වායි සම්බන්ධයි.
යං යං යොනුපපජ්ජාමීති යං යං යොනිං දෙවත්තං අථ මානුසං උපගච්ඡාමීති අත්ථො. භුම්මත්ථෙ වා උපයොගවචනං, යස්මිං යස්මිං දෙවලොකෙ වා මනුස්සලොකෙ වාති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
යං යං යොනුපජ්ජාමි යනු කිසියම් කිසියම් යොනිං දේවත්වයකට. ඉක්බිති මනුෂ්යත්වයකට එළඹෙමි යන අර්ථයි. අනාගත අර්ථයෙහි යෙදෙන වචනයෙකි. යම් යම් දෙව්ලොවක හෝ මනුෂ්‍ය ලෝකයෙහි හෝ යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
එකත්ථම්භිකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
එකත්ථම්භදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
13. නන්දත්ථෙරඅපදානවණ්ණනා
13. නන්ද ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතොතිආදිකං ආයස්මතො නන්දත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ එකස්මිං කුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භගවතො සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයං තං ඨානන්තරං පත්ථෙන්තො භගවතො භික්ඛුසඞ්ඝස්ස ච පූජාසක්කාරබහුලං මහාදානං පවත්තෙත්වා “අහං, භන්තෙ, අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස එවරූපො සාවකො භවෙය්ය”න්ති පණිධානං අකාසි.
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති භික්ෂූන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර පතන්නේ භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට පූජා සත්කාර බහුල මහදන් පවත්වා ‘ස්වාමීනි, මම අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුන්ගේ මෙවැනි ශ්‍රාවකයෙක් වන්නෙමි’යි ප්‍රාර්ථනයක් කළේය.
සො තතො පට්ඨාය දෙවමනුස්සෙසු සංසරන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ ධම්මතාය නාම නදියා මහන්තො කච්ඡපො හුත්වා නිබ්බත්තො එකදිවසං සත්ථාරං නදිං තරිතුං තීරෙ ඨිතං දිස්වා සයං භගවන්තං තාරෙතුකාමො සත්ථු පාදමූලෙ නිපජ්ජි. සත්ථා තස්ස අජ්ඣාසයං ඤත්වා පිට්ඨිං අභිරුහි. සො හට්ඨතුට්ඨො වෙගෙන සොතං ඡින්දන්තො සීඝතරං පරතීරං පාපෙසි. භගවා තස්ස අනුමොදනං වදන්තො භාවිනිං සම්පත්තිං කථෙත්වා පක්කාමි.
ඔහු එතැන් සිට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධම්මතා නම් නදියෙහි මහ කැස්බකු වී උපන්නේ එක්දවසක් ශාස්තෲන් වහන්සේ නදියෙන් එතරවනු පිණිස ඉවුරෙහි සිටිනු දැක තමා භාග්‍යවතුන් වහන්සේ තරණය කරනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේගේ පාමුල වැදහොත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අධ්‍යාශය දැන පිටට නැගි සේක. ඔහු තුටුපහටුව වේගයෙන් සැඩ දියපහර සිඳිමින් වඩාත් ඉක්මණින් එගොඩට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෙවෙනි කියනසේක් විය හැකි සම්පත් වදාරා වැඩි සේක.
සො තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුස්මිං සුද්ධොදනමහාරාජස්ස අග්ගමහෙසියා මහාපජාපතිගොතමියා කුච්ඡිම්හි නිබ්බත්තො, තස්ස නාමග්ගහණදිවසෙ ඤාතිසඞ්ඝං නන්දයන්තො ජාතොති “නන්දො”ත්වෙව නාමං අකංසු. තස්ස වයප්පත්තකාලෙ භගවා පවත්තිතවරධම්මචක්කො ලොකානුග්ගහං කරොන්තො අනුක්කමෙන කපිලවත්ථුං ගන්ත්වා ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං අට්ඨුප්පත්තිං කත්වා වෙස්සන්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙත්වා දුතියදිවසෙ පිණ්ඩාය පවිට්ඨො “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්යා”ති (ධ· ප· 168) ගාථාය පිතරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා නිවෙසනං ගන්ත්වා “ධම්මඤ්චරෙ සුචරිත”න්ති (ධ· ප· 169) ගාථාය මහාපජාපතිං සොතාපත්තිඵලෙ රාජානං සකදාගාමිඵලෙ පතිට්ඨාපෙත්වා තතියදිවසෙ නන්දකුමාරස්ස අභිසෙකගෙහපවෙසනආවාහමඞ්ගලෙසු වත්තමානෙසු පිණ්ඩාය පාවිසි. සත්ථා නන්දකුමාරස්ස හත්ථෙ පත්තං දත්වා මඞ්ගලං වත්වා තස්ස හත්ථතො පත්තං අග්ගහෙත්වාව විහාරං ගතො , තං පත්තහත්ථං විහාරං ආගතං අනිච්ඡමානංයෙව පබ්බාජෙත්වා තථාපබ්බාජිතත්තායෙව අනභිරතියා පීළිතං ඤත්වා උපායෙන තස්ස තං අනභිරතිං විනොදෙසි. සො යොනිසො පටිසඞ්ඛාය විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. ථෙරො පුන දිවසෙ භගවන්තං උපසඞ්කමිත්වා එවමාහ – “යං මෙ, භන්තෙ, භගවා පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, මුඤ්චාමහං, භන්තෙ, භගවන්තං එතස්මා පටිස්සවා”ති. භගවාපි “යදෙව තෙ, නන්ද, අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං, තදාහං මුත්තො එතස්මා පටිස්සවා”ති ආහ. අථස්ස භගවා සවිසෙසං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං ඤත්වා තං ගුණං විභාවෙන්තො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං යදිදං නන්දො”ති (අ· නි· 1.219, 230) ඉන්ද්රියෙසු ගුත්තද්වාරභාවෙන නං එතදග්ගෙ ඨපෙසි. ථෙරො හි “ඉන්ද්රියාසංවරං නිස්සාය ඉමං විප්පකාරං පත්තො, තමහං සුට්ඨු නිග්ගණ්හිස්සාමී”ති උස්සාහජාතො බලවහිරොත්තප්පො තත්ථ ච කතාධිකාරත්තා ඉන්ද්රියසංවරෙ උක්කංසපාරමිං අගමාසි.
එදා එම පුණ්යකර්මයෙන් සුගතීන්හි පමණක් සැරිසරන්නේ අපගේ මෙම භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි කපිලවස්තු නුවර සුදොවුන් මහරජුගේ අගමෙහෙසී වූ මහා ප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි උපන්නේය. ඔහුට නම්තබන දවසෙහි ඥාති සමූහයා සතුටු කරමින් උපන්නේ යයි නන්ද යනුවෙන්ම නමක් තැබූහ. ඔහු වැඩිවිය පත් කල්හි භාග්‍යවතුන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකයාට අනුග්‍රහ කරමින් පිළිවෙලින් කපිලවස්තු නුවරට වැඩ ඥාති සමාගමයෙහි පොකුරුවැස්ස නිදානය කොට වෙස්සන්තර ජාතකය දෙසා වදාරා, දෙවැනි දවසෙහි පිඬු පිණිස පිවිස ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය’ යන ගාථාවෙන් පියාණන් සෝවාන් ඵලයෙහි පිහිටුවා නිවසට වැඩ ‘ධම්මංචරෙ සුචරිතං’ යන ගාථාවෙන් මහා ප්‍රජාපතිය සෝවාන් ඵලයෙහි ද සකෘදාගාමි ඵලයෙහි ද පිහිටුවා තෙවැනි දවසෙහි නන්ද කුමාරයාගේ අභිෂේක, ගෘහප්‍රවේශ ආවාහ මංගල්‍යයන් පවතිද්දී පිඬු පිණිස පිවිසි සේක. ශාස්තෲන් වහන්සේ නන්ද කුමරුගේ අතට පාත්‍රය දී මඟුල් කියා ඔහු අතින් පාත්‍රය නොගෙනම විහාරයට වැඩි සේක. ඔහු පාත්‍රය අතැතිව විහාරයට පැමිණියහු අකමැති වද්දීම පැවිදි කළ සේක. එසේ පැවිදි වූ නිසාම අනභිරතියෙන් පීඩා විඳින්නහු දැන උපායෙන් ඔහුගේ ඒ අනභිරතිය නැතිකළ සේක. ඔහු නුවණින් මෙනෙහිකොට විදර්ශනා උපදවා නොබෝ කලෙකින්ම රහත්බවට පත්වීය. තෙරුන්වහන්සේ නැවත දිනෙක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීහ. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ වැනි පා ඇති අප්සරාවන් පන්සියයක් මාහට ලබාදෙන බවට යම් ඇපයක් වූ සේක්ද, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ මම ඇපයෙන් මුදවමි’. භාග්‍යවතුන් වහන්සේද ‘යම්සේ නන්ද, උපාදානයන්ගෙන් තොරව කෙලෙසුන්ගෙන් සිත මිදුණේ ද, එසේනම් මම මෙම ඇපයෙන් මිදුණේ වෙමි’යි කී සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති බව විශේෂයෙන් දැන ඒ ගුණය පැහැදිලි කරන සේක් මහණෙනි, මාගේ ඉන්ද්රියයන්හි මුවහකළ දොර ඇති ශ්‍රාවක භික්ෂූන් අතර යමෙක් අග්‍රවේද ඒ ‘නන්ද’ යයි ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති බැවින් අගතන්හි තැබූ සේක. තෙරුන්වහන්සේ වනාහි ඉන්ද්රියයන්ගේ අසංවරය නිසා මෙම විප්‍රකාරයට පත්වූයෙමි. මම එය මනාසේ නිග්‍රහ කරන්නෙමියි හටගත් උත්සාහ ඇතිව බලවත් හිරි ඔත්තප්පයෙන් යුතුව එහිම කරන ලද උත්සාහ ඇති බැවින් ඉන්ද්රිය සංවරයෙහි උසස් පාරමිතාවට පැමිණි සේක.
එවං සො එතදග්ගට්ඨානං පත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සප්පත්තො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරස්ස භගවතොතිආදිමාහ. වත්ථං ඛොමං මයා දින්නන්ති ඛොමරට්ඨෙ ජාතං වත්ථං භගවති චිත්තප්පසාදෙන ගාරවබහුමානෙන මයා පරමසුඛුමං ඛොමවත්ථං දින්නන්ති අත්ථො. සයම්භුස්සාති සයමෙව භූතස්ස ජාතස්ස අරියාය ජාතියා නිබ්බත්තස්ස. මහෙසිනොති මහන්තෙ සීලසමාධිපඤ්ඤාවිමුත්තිවිමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ එසි ගවෙසීති මහෙසි, තස්ස මහෙසිනො සයම්භුස්ස චීවරත්ථාය ඛොමවත්ථං මයා දින්නන්ති සම්බන්ධො.
මෙසේ ඔහු අගතැන්පත්ව තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නසට පැමිණියේ පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස භගවතො ආදිය කීය. වත්ථං ඛොමං මයා දින්නං යනු බෝම රටෙහි උපන් වස්ත්‍රය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත් පැහැදීමෙන් ගරුබුහුමනින් මා විසින් අතිශයින් සියුම් වූ බෝම වස්ත්‍රය දෙන ලදී යන අර්ථයි. සයම්භුස්ස යනු තමාම භුතස්ස උපන් ආර්ය ජාතියෙහි උපන් මහෙසිනො මහත් වූ සීල සමාධි පඤ්ඤා විමුත්තිඤාණ දස්සන ස්කන්ධයන් එසි සෙවීයයි මහේසී නම්. ඒ මහේසී වූ ස්වයංභූ වූ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු පිණිස බෝම වස්ත්‍රයක් මා විසින් දෙනලදැයි යන සම්බන්ධයි.
තං මෙ බුද්ධො වියාකාසීති එත්ථ තන්ති සාම්යත්ථෙ උපයොගවචනං, තස්ස වත්ථදායකස්ස මෙ දානඵලං විසෙසෙන අකාසි කථෙසි බුද්ධොති අත්ථො. ජලජුත්තමනාමකොති පදුමුත්තරනාමකො. “ජලරුත්තමනායකො”තිපි පාඨො, තස්ස ජලමානානං දෙවබ්රහ්මානං උත්තමනායකො පධානොති අත්ථො. ඉමිනා වත්ථදානෙනාති ඉමිනා වත්ථදානස්ස නිස්සන්දෙන ත්වං අනාගතෙ හෙමවණ්ණො සුවණ්ණවණ්ණො භවිස්සසි.
තංමෙ බුද්ධො වියාකාසී යනු මෙහි තං යනු සාම්යර්ථයෙහි යෙදෙන වචනයකි. ඒ වස්ත්‍රදායක වූ මාගේ දානඵලයෙහි විසෙසෙ අකාසි බුදුරජාණන් වහන්සේ වදාළ සේක යන අර්ථයි. ජලජූත්තමනාමකො යනු පදුමුත්තර නම් ඇත්තේ. ජලජූත්තම නායකො යනුවෙන්ද පාඨයක් ඇත්තේය. උන්වහන්සේට බැබලෙන දෙවි මිනිසුන්ගේ උත්තමනායකො ප්‍රධාන වූ යන අර්ථයි. ඉමිනා වත්ථදානෙන යනු මේ දානයෙහි විපාකයෙන් ඔබ අනාගතයෙහි හෙමවණ්ණො රන්වන් වන්නෙහිය.
ද්වෙ සම්පත්තිං අනුභොත්වාති දිබ්බමනුස්සසඞ්ඛාතා ද්වෙ සම්පත්තියො අනුභවිත්වා. කුසලමූලෙහි චොදිතොති කුසලාවයවෙහි කුසලකොට්ඨාසෙහි චොදිතො පෙසිතො, “ත්වං ඉමිනා පුඤ්ඤෙන සත්ථු කුලං පසවාහී”ති පෙසිතො වියාති අත්ථො. “ගොතමස්ස භගවතො කනිට්ඨො ත්වං භවිස්සසී”ති බ්යාකාසීති සම්බන්ධො.
දෙව සම්පත්ති අනුහොත්වා යනු දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාත වූ සම්පත්තිද්වය අනුභවකොට. කුසලමූලෙහි චොදිනො යනු කුසල අවයවයන්ගෙන් කුසල කොටස්වලින් චොදිතො මෙහෙයවනු ලැබූ ඔබ මේ පිනින් ශාස්තෲන් වහන්සේගේ කුලයෙහි උපදිතියි මෙහෙවන ලද්දේ වනැයි යන අර්ථයි. ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ කණිටු සොහොයුරා ඔබ වන්නෙහි යයි ප්‍රකාශ කළේය යන සම්බන්ධයි.
රාගරත්තො සුඛසීලොති කිලෙසකාමෙහි රත්තො අල්ලීනො කායසුඛචිත්තසුඛානුභවනසභාවො. කාමෙසු ගෙධමායුතොති වත්ථුකාමෙසු ගෙධසඞ්ඛාතාය තණ්හාය ආයුතො යොජිතොති අත්ථො. බුද්ධෙන චොදිතො සන්තො, තදා ත්වන්ති යස්මා කාමෙසු ගෙධිතො, තදා තස්මා ත්වං අත්තනො භාතුකෙන ගොතමබුද්ධෙන චොදිතො පබ්බජ්ජාය උය්යොජිතො තස්ස සන්තිකෙ පබ්බජිස්සසීති සම්බන්ධො.
රාගරත්තො සුබසීලො ක්ලේශකාමයන්හි ඇළුණේ කායසුඛ චිත්තසුඛ අනුභව කරන ස්වභාව ඇත්තේ, කාමෙසුගෙධමායුතො යනු වස්තු කාමයන්හි ගේධ සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් ආයුතො යුක්තවූයේ යන අර්ථයි. බුද්ධෙන චොදිතො සන්තො තතො ත්වං යම්හෙයකින් කාමයන්හි ගැලුණේ තතො එයින් ත්වං තමාගේ සහෝදරයා වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් චොදිතො පැවිද්ද කෙරෙහි යොදවා උන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙහිය යන සම්බන්ධයි.
පබ්බජිත්වාන ත්වං තත්ථාති තස්මිං ගොතමස්ස භගවතො සාසනෙ ත්වං පබ්බජිත්වා කුසලමූලෙන මූලභූතෙන පුඤ්ඤසම්භාරෙන චොදිතො භාවනායං නියොජිතො සබ්බාසවෙ සකලාසවෙ පරිඤ්ඤාය ජානිත්වා පජහිත්වා අනාමයො නිද්දුක්ඛො නිබ්බායිස්සසි අදස්සනං පාපෙස්සසි, අපණ්ණත්තිකභාවං ගමිස්සසීති අත්ථො.
පබ්බජිත්වාන ත්වං තත්ථ ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඔබ පැවිදිව කුසලමූලෙන මූලභූත වූ කුසල සම්භාරයෙන් චොදිතො භාවනාවෙහි යොදවන ලද්දේ සබ්බාසවෙ සියලු කෙලෙස් පරිඤ්ඤාය දැන අත්හැර අනාමයො නිදුක් වූයේ නිබ්බායිස්සති නොපෙනෙන බවට පමුණුවන්නෙහිය. නොපෙනෙන බවට යන්නේය යන අර්ථයි.
සතකප්පසහස්සම්හීති ඉතො කප්පතො පුබ්බෙ සතකප්පාධිකෙ සහස්සමෙ කප්පම්හි චෙළනාමකා චත්තාරො චක්කවත්තිරාජානො අහෙසුන්ති අත්ථො. සට්ඨි කප්පසහස්සානීති කප්පසහස්සානි සට්ඨි ච අතික්කමිත්වා හෙට්ඨා එකස්මිං කප්පෙ චත්තාරො ජනා උපචෙළා නාම චක්කවත්තිරාජානො චතූසු ජාතීසු අහෙසුන්ති අත්ථො.
සතකප්ප සහස්සම්හි මේ කල්පයට පෙර එක්දහස් එකසිය කල්පයෙහි චෙල නමින් සක්විති රජවරු සතරදෙනෙක් වූහ යන අර්ථයි. සට්ඨිකප්ප සහස්සානි කල්ප එක්දහස් සැටක් ඉක්මවා යට එක් කල්පයක උපචාල නම් සතර දෙනෙක් ජාති සතරක වූහ යන අර්තයි.
පඤ්චකප්පසහස්සම්හීති පඤ්චකප්පාධිකෙ සහස්සමෙ කප්පම්හි චෙළා නාම චත්තාරො ජනා චක්කවත්තිරාජානො සත්තහි රතනෙහි සම්පන්නා සමඞ්ගීභූතා ජම්බුදීපඅපරගොයානඋත්තරකුරුපුබ්බවිදෙහදීපසඞ්ඛාතෙ චතුදීපම්හි ඉස්සරා පධානා විසුං අහෙසුන්ති අත්ථො. සෙසං වුත්තනයමෙවාති.
පඤ්චකප්ප සහස්සම්හි එක්දහස් පස්වැනි කල්පයෙහි චෙල නම් සක්විති රජවරු සතරදෙනෙක් සත්රුවනින් යුතුව සමගිව ජම්බුද්වීප, අපරගෝයාන, උත්තරකුරු, පූර්වවිදේහ, සංඛ්‍යාත සිව් දිවයින්හි ඊශ්වරව, ප්‍රධානව විසුං වූහ යන අර්ථයි. සෙස්ස කියන ලද පරිදිමය.
නන්දත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
නන්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.