යෙදුමෙන් කියවන්න

10. ආනන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

10. ආනන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා

10. ආනන්‍ද ථේර අපදාන වර්ණනාව

ආරාමද‍්වාරා නික‍්ඛම‍්මාතිආදිකං ආයස‍්මතො ආනන්‍දත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ සත්‍ථු වෙමාතිකභාතා හුත්‍වා නිබ‍්බත‍්ති. සුමනොතිස‍්ස නාමං අහොසි. පිතා පනස‍්ස නන්‍දරාජා නාම. සො අත‍්තනො පුත‍්තස‍්ස සුමනකුමාරස‍්ස වයප‍්පත‍්තස‍්ස හංසවතීනගරතො වීසයොජනසතෙ ඨානෙ භොගනගරං අදාසි. සො කදාචි කදාචි ආගන‍්ත්‍වා සත්‍ථාරඤ‍්ච පිතරඤ‍්ච පස‍්සති. තදා රාජා සත්‍ථාරඤ‍්ච සතසහස‍්සපරිමාණං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච සයමෙව සක‍්කච‍්චං උපට‍්ඨහි, අඤ‍්ඤෙසං උපට‍්ඨාතුං න දෙති.

ආරාමද්වාරා නික්ඛම්ම යනාදීන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙරබුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිර්වාණයට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ශාස්තෲන් වහන්සේගේ වෙනත් මවකගෙන් උපන් සහෝදරයෙක්ව උපන්නේය. ඔහුට සුමනයයි නමක් විය. ඔහුගේ පියා වනාහි නන්දරාජා නම් විය. ඔහු තමාගේ පුත්‍රයා වූ සුමන කුමාරයා වැඩිවිය පත්වූ විට හංසවතී නගරයට යොදුන් දෙදහසක් ඈත භෝග නගරය දුන්නේය. ඔහු ඉඳහිට පැමිණ ශාස්තෲන් වහන්සේද පියාද බලයි. එකල්හි රජතෙමේ ශාස්තෲන් වහන්සේටද සිය දහසක් පමණ භික්‍ෂූන්ටද තමාම මනාසේ උපස්ථාන කරයි. අන් අයට උපස්ථාන කිරීමට නොදෙයි.

තෙන සමයෙන පච‍්චන‍්තො කුපිතො අහොසි. කුමාරො තස‍්ස කුපිතභාවං රඤ‍්ඤො අනාරොචෙත්‍වා සයමෙව තං වූපසමෙසි. තං සුත්‍වා රාජා තුට‍්ඨමානසො “වරං තෙ තාව දම‍්මි, ගණ‍්හාහී”ති ආහ. කුමාරො “සත්‍ථාරං භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච තෙමාසං උපට‍්ඨහන‍්තො ජීවිතං අවඤ‍්ඣං කාතුං ඉච‍්ඡාමී”ති ආහ. “එතං න සක‍්කා, අඤ‍්ඤං වදෙහී”ති. “දෙව, ඛත‍්තියානං ද‍්වෙ කථා නාම නත්‍ථි, එතං මෙ දෙහි, න මය‍්හං අඤ‍්ඤෙනත්‍ථො, සචෙ සත්‍ථා අනුජානාති, දින‍්නමෙවා”ති. සො “සත්‍ථු චිත‍්තං ජානිස‍්සාමී”ති විහාරං ගතො. තෙන ච සමයෙන භගවා ගන්‍ධකුටිං පවිට‍්ඨො හොති. සො භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා “අහං, භන‍්තෙ, භගවන‍්තං දස‍්සනාය ආගතො, දස‍්සෙථ ම”න‍්ති. භික‍්ඛූ “සුමනො නාම ථෙරො සත්‍ථු උපට‍්ඨාකො, තස‍්ස සන‍්තිකං ගච‍්ඡාහී”ති ආහංසු. සො ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “සත්‍ථාරං, භන‍්තෙ, දස‍්සෙථා”ති ආහ. අථ ථෙරො තස‍්ස පස‍්සන‍්තස‍්සෙව පථවියං නිමුජ‍්ජිත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා “රාජපුත‍්තො, භන‍්තෙ, තුම‍්හාකං දස‍්සනාය ආගතො”ති ආහ. “තෙන හි භික‍්ඛු බහි ආසනං පඤ‍්ඤපෙහී”ති. ථෙරො පුනපි බුද‍්ධාසනං ගහෙත්‍වා අන‍්තොගන්‍ධකුටියං නිමුජ‍්ජිත්‍වා තස‍්ස පස‍්සන‍්තස‍්ස බහිපරිවෙණෙ පාතුභවිත්‍වා ගන්‍ධකුටිපරිවෙණෙ ආසනං පඤ‍්ඤාපෙසි. කුමාරො තං දිස‍්වා “මහන‍්තො වතායං භික‍්ඛූ”ති චිත‍්තං උප‍්පාදෙසි.

එසමයෙහි ප්‍රත්‍යන්තය කිපුණේ වෙයි. කුමාරයා එම ප්‍රත්‍යන්තය කුපිත වූ බව රජුට නොදන්වා තමාම එය සංසිඳවූයේය. ඒ අසා රජතෙමේ සතුටු සිතැත්තේ දරුව, ඔබට වරයක් දෙමි. ගනුවයි කීය. කුමාරයා ශාස්තෲන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද තෙමසක් උපස්ථාන කරමින් ජීවිතය නොවඳ කරගන්ට කැමැත්තෙමියි කීය. නොහැකියි. අනිකක් කියවයි කීය. දේව ක්‍ෂත්‍රියයන්ගේ කථා දෙකක් නම් නැත. මෙය මට දෙන්න, අනිකකින් වැඩක් නැතැයි කීය. යම්හෙයකින් ශාස්තෲන් වහන්සේ අනුදැන වදාරන සේක්ද දුන්නානම් වෙයි. ඔහු ශාස්තෲන් වහන්සේගේ සිත දැනගන්නෙමියි විහාරයට ගියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියට පිවිසුණාහු වෙති. ඔහු භික්‍ෂූන් වෙත එළඹ ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස ආවෙමි. මට පෙන්වනු මැනවි. භික්‍ෂූන් වහන්සේද සුමන නම් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ උපස්ථායකයාය. උන්වහන්සේ වෙත යවයි කීහ. ඔහු තෙරුන්වහන්සේ වෙත ගොස් ස්වාමීනි, මට ශාස්තෲන් වහන්සේ පෙන්වනු මැනවැයි කීය. ඉක්බිති තෙරුන් වහන්සේ ඔහු බලා සිටියදීම පොළොවෙහි කිමිද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ස්වාමීනි, රාජපුත්‍රයා ඔබවහන්සේ දකිනු පිණිස පැමිණේයයි කීහ. භික්‍ෂුව, එසේනම් අසුනක් පනවන්න. තෙරුන්වහන්සේද බුද්ධාසනය ගෙන ගඳකිළිය ඇතුළතදීම කිමිද ඔහු බලා සිටියදී පිරිවෙන පිටතදී මතුවී ගඳකිළි පිරිවෙනෙහි අසුන පැනවූහ. කුමාරයා මෙය දැක මේ භික්‍ෂූන් වහන්සේ මහත්වූ කෙනෙකැයි සිතක් ඇතිකර ගත්තේය.

භගවාපි ගන්‍ධකුටිතො නික‍්ඛමිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදි. රාජපුත‍්තො සත්‍ථාරං වන්‍දිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා “අයං, භන‍්තෙ, ථෙරො තුම‍්හාකං සාසනෙ වල‍්ලභො මඤ‍්ඤෙ”ති? “ආම, කුමාර, වල‍්ලභො”ති. “කිං කත්‍වා, භන‍්තෙ, එස වල‍්ලභො”ති? “දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා”ති. “භගවා, අහම‍්පි අයං ථෙරො විය අනාගතෙ බුද‍්ධසාසනෙ වල‍්ලභො හොතුකාමො”ති සො බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස සත‍්තාහං ඛන්‍ධාවාරෙ භත‍්තං දත්‍වා සත‍්තමෙ දිවසෙ, “භන‍්තෙ, මයා පිතු සන‍්තිකා තුම‍්හාකං තෙමාසං පටිජග‍්ගනවරො ලද‍්ධො, තෙමාසං මෙ වස‍්සාවාසං අධිවාසෙථා”ති වත්‍වා සත්‍ථු අධිවාසනං විදිත්‍වා සපරිවාරං භගවන‍්තං ගහෙත්‍වා යොජනෙ යොජනෙ සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච වසනානුච‍්ඡවිකෙ විහාරෙ කාරෙත්‍වා තත්‍ථ තත්‍ථ වසාපෙන‍්තො අත‍්තනො වසනට‍්ඨානසමීපෙ සතසහස‍්සෙන කීතෙ සොභනනාමකෙ උය්‍යානෙ සතසහස‍්සෙන කාරිතං විහාරං පවෙසාපෙත්‍වා –

භාග්‍යවතුන් වහන්සේද ගඳකිළියෙන් නික්ම පැනවූ අසුනෙහි වැඩහුන් සේක. රාජකුමාරයා ශාස්තෲන් වහන්සේ වැඳ පිළිසඳර කථාකොට ස්වාමීනි, මේ තෙරුන්වහන්සේ ශාසනයෙහි හිතැත්තෙකැයි හඟිමි. එසේය කුමාරය, හිතවතෙකි. ස්වාමීනි, මුන්වහන්සේ කුමක්කොට වල්ලභ වූ සේක්ද? දානාදී වූ පින්කොට. මමත් අනාගතයෙහි බුද්ධ ශාසනයෙහි මේ තෙරුන් වහන්සේ මෙන් වන්නට කැමැත්තෙමි. හෙතෙමේ බුදුපාමොක් සංඝයා වහන්සේට සත්දවසක් කඳවුරෙහි දන් දී සත්වැනි දිනයෙහි ස්වාමීනි මා විසින් පියාගෙන් ඔබවහන්සේට තුන්මසක් පිළිදැගුම් කිරීමේ වරය ලැබුවෙමි. තුන්මසක් මාගේ වස්වැසුම ඉවසා වදාරනු මැනවැයි කියා ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ බව දැන පිරිවර සහිත භාග්‍යවතුන් වහන්සේ ගෙන යොදුනෙක්හි යොදුනෙක්හි ශාස්තෲන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද වැසීමට සුදුසු විහාර කරවා ඒ ඒ තන්හි වස්වන්නේ තමා වසන තැන සමීපයෙහි සියදහසෙකින් මිලට ගත් සෝභන නමැති උයනෙහි සියදහසකින් කරවන ලද විහාරයට පිවිසවා –

“සතසහස‍්සෙන මෙ කීතං, සතසහස‍්සෙන කාරිතං; සොභනං නාම උය්‍යානං, පටිග‍්ගණ‍්හ මහාමුනී”ති. –

සත සහස්සෙන මෙ කීතං - සහසහස්සෙන කාරිතං, සොභනං නාම උය්‍යානං පටිගණ්හ මහා මුනී

සිය දහසෙකින් ගෙන - සිය දහසෙකින් කරවු, සෝබන නමැති මෙඋයන - පිළිගනු මැනවි මහමුනි

උදකං පාතෙසි. සො වස‍්සූපනායිකදිවසෙ සත්‍ථු මහාදානං පවත‍්තෙත්‍වා “ඉමිනා නීහාරෙන දානං දදෙය්‍යාථා”ති පුත‍්තදාරෙ අමච‍්චෙ ච දානෙ කිච‍්චකරණෙ ච නියොජෙත්‍වා සයං සුමනත්‍ථෙරස‍්ස වසනට‍්ඨානසමීපෙයෙව වසන‍්තො එවං අත‍්තනො වසනට‍්ඨානෙ සත්‍ථාරං තෙමාසං උපට‍්ඨහි. උපකට‍්ඨාය පන පවාරණාය ගාමං පවිසිත්‍වා සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච පාදමූලෙ තිචීවරෙ ඨපෙත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, යදෙතං මයා ඛන්‍ධාවාරතො පට‍්ඨාය පුඤ‍්ඤං කතං, න තං සක‍්කසම‍්පත‍්තිආදීනං අත්‍ථාය කතං, අථ ඛො අහම‍්පි සුමනත්‍ථෙරො විය අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස උපට‍්ඨාකො වල‍්ලභො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා තස‍්ස අනන‍්තරායතං දිස‍්වා බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

වස් එළඹෙන දිනයෙහි ශාස්තෲන් වහන්සේට මහදන් පවත්වා මේ ආකාරයෙන් දන් දෙනු මැනවැයි අඹුදරුවන් ඇමතීන් දන් දීමෙහිද කාර්ය ඉටුකිරීමෙහිද නියුක්ත කරවා තමා සුමන තෙරුන්වහන්සේ වසන තැන සමීපයෙහිම වාසය කරන්නේ මෙසේ තමාගේ වාසස්ථානයෙහි ශාස්තෲන් වහන්සේට තෙමසක් උවටැන් කළේය. පවාරණය ළංවූ කල්හි ගමට පිවිස සත්දවසක් මහදන් පවත්වා සත්වැනි දිනයෙහි ශාස්තෲන් වහන්සේගේ හා භික්‍ෂු සංඝයාගේද පාමුල තුන්සිවුරු තබා වැඳ ස්වාමීනි, මා විසින් කඳවුරෙහි පටන් යම් පුණ්‍යකර්මයක් කරන ලද්දේද එය ස්වර්ග සම්පත්ති ආදිය සඳහා කරන ලදි. ඉක්බිති මමද සුමන තෙරුන්වහන්සේ මෙන් අනාගතයෙහි එක් බුදුවරයකුට උපස්ථායකයෙක්ද හිතවතෙක්ද වන්නේනම් මැනවැයි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අනන්තරතාව දැක විවරණ දී වැඩිසේක.

සො තස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වස‍්සසතසහස‍්සං පුඤ‍්ඤානි කත්‍වා තතො පරම‍්පි තත්‍ථ තත්‍ථ භවෙ උළාරානි පුඤ‍්ඤකම‍්මානි උපචිනිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපභගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා එකස‍්ස ථෙරස‍්ස පිණ‍්ඩාය චරතො පත‍්තග‍්ගහණත්‍ථං උත‍්තරසාටකං කත්‍වා පූජං අකාසි. පුන සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො බාරාණසිරාජා හුත්‍වා අට‍්ඨ පච‍්චෙකබුද‍්ධෙ දිස‍්වා තෙ භොජෙත්‍වා අත‍්තනො මඞ‍්ගලුය්‍යානෙ අට‍්ඨ පණ‍්ණසාලායො කාරෙත්‍වා තෙසං නිසීදනත්‍ථාය අට‍්ඨ සබ‍්බරතනමයපීඨෙ චෙව මණිආධාරකෙ ච පටියාදෙත්‍වා දසවස‍්සසහස‍්සානි උපට‍්ඨානං අකාසි, එතානි පාකටානි.

ඔහු මේ බුද්ධෝත්පාද කාලයෙහි වසර සියදහසක් පින්කම් කොට ඉන් පසුවද භවයෙහි ඒ ඒ තැන උදාර පින්කම් රැස්කොට දෙවිමිනිසුන් අතර, සැරිසරන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමුතු බවට පත්ව පිඬුසිඟා වඩනා එක් තෙර කෙනෙකුන්ගේ පාත්‍රය ගනු පිණිස උතුරුසළුව පූජා කළේය. නැවත ස්වර්ගයෙහි ඉපිද එයින් චුතව බරණැස රජු වූ පසේබුදුවරුන් අටනමක් දැක උන්වහන්සේලා වළඳවා තමාගේ මඟුල් උයනෙහි පන්සල් අටක් කරවා උන්වහන්සේලාට සැතපෙනු පිණිස සියල්ල රුවන්මුවා ආසන අටක් ද මැණික් ආධාරක ද පිළියෙලකොට දී,

කප‍්පසතසහස‍්සං පන තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො අම‍්හාකං බොධිසත‍්තෙන සද‍්ධිං තුසිතපුරෙ නිබ‍්බත‍්තිත්‍වා තතො චුතො අමිතොදනසක‍්කස‍්ස ගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා සබ‍්බෙ ඤාතකෙ ආනන්‍දිතෙ කරොන‍්තො ජාතොති ආනන්‍දොත්‍වෙව නාමං ලභි. සො අනුක‍්කමෙන වයප‍්පත‍්තො කතාභිනික‍්ඛමනෙ සම‍්මාසම‍්බොධිං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ පඨමං කපිලවත්‍ථුං ගන‍්ත්‍වා තතො නික‍්ඛමන‍්තෙ භගවති තස‍්ස පරිවාරත්‍ථං පබ‍්බජිතුං නික‍්ඛමන‍්තෙහි භද‍්දියාදීහි සද‍්ධිං නික‍්ඛමිත්‍වා භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ආයස‍්මතො පුණ‍්ණස‍්ස මන‍්තාණිපුත‍්තස‍්ස සන‍්තිකෙ ධම‍්මකථං සුත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

වසර සියදහසක් භවයෙහි තැන තැන පින් රැස් කරන්නේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ සමග තුසිත පුරයෙහි ඉපිද එයින් චුතව අමිතෝදන ශාක්‍යයාගේ ගෙහි ඉපිද සියලු නෑයින් සතුටු කරමින් උපන්නේ යයි ආනන්ද යනුවෙන්ම නමක් ලැබීය. ඔහු පිළිවෙලින් වැඩිවියට පත්වූයේ කරන ලද අභිනිෂ්ක්‍රමණය ඇත්තේ සම්මා සම්බෝධියට පත්ව පවත්වන ලද උතුම් ධර්මචක්‍ර ඇත්තේ පළමුව කපිලවස්තු නුවරට ගොස් එයින් භාග්‍යවතුන් වහන්සේ නික්මෙන කල්හි උන්වහන්සේගේ පිරිවර සඳහා පැවිදිවීමට නික්මයන භද්දිය ආදීන් සමග නික්ම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව ආයුෂ්මත් පුණ්ණ මත්තානිපුත්ත තෙරුන් හමුවෙහි දහම්කතා අසා සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තෙන ච සමයෙන භගවතො පඨමබොධියං වීසතිවස‍්සානි අනිබද‍්ධා උපට‍්ඨාකා අහෙසුං. එකදා නාගසමාලො පත‍්තචීවරං ගහෙත්‍වා විචරති, එකදා නාගිතො, එකදා උපවානො, එකදා සුනක‍්ඛත‍්තො, එකදා චුන්‍දො සමණුද‍්දෙසො, එකදා සාගතො, එකදා මෙඝියො, තෙ යෙභුය්‍යෙන සත්‍ථු චිත‍්තං නාරාධයිංසු. අථෙකදිවසං භගවා ගන්‍ධකුටිපරිවෙණෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ භික‍්ඛුසඞ‍්ඝපරිවුතො නිසින‍්නො භික‍්ඛූ ආමන‍්තෙසි – “අහං, භික‍්ඛවෙ, ඉදානි මහල‍්ලකො එකච‍්චෙ භික‍්ඛූ ‘ඉමිනා මග‍්ගෙන ගච‍්ඡාමී’ති වුත‍්තෙ අඤ‍්ඤෙන මග‍්ගෙන ගච‍්ඡන‍්ති, එකච‍්චෙ මය‍්හං පත‍්තචීවරං භූමියං නික‍්ඛිපන‍්ති, මය‍්හං නිබද‍්ධුපට‍්ඨාකං එකං භික‍්ඛුං විජානථා”ති. තං සුත්‍වා භික‍්ඛූනං ධම‍්මසංවෙගො උදපාදි. අථායස‍්මා සාරිපුත‍්තො උට‍්ඨාය භගවන‍්තං වන්‍දිත්‍වා “අහං, භන‍්තෙ, තුම‍්හෙ උපට‍්ඨහිස‍්සාමී”ති ආහ. තං භගවා පටික‍්ඛිපි. එතෙනුපායෙන මහාමොග‍්ගල‍්ලානං ආදිං කත්‍වා සබ‍්බෙ මහාසාවකා “අහං උපට‍්ඨහිස‍්සාමි , අහං උපට‍්ඨහිස‍්සාමී”ති උට‍්ඨහිංසු ඨපෙත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං. තෙපි භගවා පටික‍්ඛිපි.

එසමයෙහි බුදුව පළමු විසිවසක් කඩින්කඩ උපස්ථායකයෝ සිටියහ. එක් දවසක් නාගසමාල පාසිවුරු ගෙන හැසිරෙයි. එක්දවසක් නාගිතය. එක්දවසක් උපවාණය. එක්දවසක් සුනක්ඛත්තය. එක් දවසක් චුන්‍ද සාමණේරය. එක් දවසක් සාගතය. එක් දවසක් මෙඝියය. ඔවුහු බෙහෙවින් ශාස්තෲන් වහන්සේගේ සිත සතුටු නොකළහ. ඉක්බිති එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ ගඳකිළි පිරිවෙන්හි පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම දැන් මහලුයි. එක්තරා භික්‍ෂු කෙනෙක් මේ මගින් යමියි කියූවිට අන් මගකින් යති. එක්තරා භික්‍ෂු කෙනෙක් මාගේ පාසිවුරු බිම තබති. මා හට නිබඳව උපස්ථාන කරන්නකු දැන ගනුව. ඒ අසා භික්‍ෂූන්ට ධර්ම සංවේගය පහළ විය. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ නැගිට භාග්‍යවතුන් වහන්සේ වැද ස්වාමීනි, මම ඔබවහන්සේට උපස්ථාන කරන්නෙමියි කී සේක. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළ සේක. මේ උපායයෙන් මහා මොග්ගල්ලාන ආදී වූ මහා ශ්‍රාවකයන් වහන්සේ මම උවටැන් කරන්නෙමි. මම උවටැන් කරන්නෙමියි නැගී සිටියාහුය. ආයුෂ්මත් ආනන්ද තෙරුන් හැර උන්වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ සේක.

ආනන්‍දො පන තුණ‍්හීයෙව නිසීදි. අථ නං භික‍්ඛූ ආහංසු – “ආවුසො, ත්‍වම‍්පි සත්‍ථු උපට‍්ඨාකට‍්ඨානං යාචාහී”ති. “යාචිත්‍වා ලද‍්ධුපට‍්ඨානං නාම කීදිසං හොති? සචෙ රුච‍්චති, සත්‍ථා සයමෙව වක‍්ඛතී”ති. අථ භගවා – “න, භික‍්ඛවෙ, ආනන්‍දො අඤ‍්ඤෙහි උස‍්සාහෙතබ‍්බො, සයමෙව ජානිත්‍වා මං උපට‍්ඨහිස‍්සතී”ති ආහ. තතො භික‍්ඛූ “උට‍්ඨෙහි, ආවුසො ආනන්‍ද, සත්‍ථාරං උපට‍්ඨාකට‍්ඨානං යාචාහී”ති ආහංසු. ථෙරො උට‍්ඨහිත්‍වා “සචෙ මෙ, භන‍්තෙ, භගවා අත‍්තනා ලද‍්ධං පණීතං චීවරං න දස‍්සති, පණීතං පිණ‍්ඩපාතං න දස‍්සති, එකගන්‍ධකුටියං වසිතුං න දස‍්සති, නිමන‍්තනං ගහෙත්‍වා න ගමිස‍්සති, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමී”ති ආහ. “එත‍්තකෙ ගුණෙ ලභතො සත්‍ථු උපට‍්ඨානං කො භාරො”ති උපවාදමොචනත්‍ථං ඉමෙ චත‍්තාරො පටික‍්ඛෙපා, “සචෙ, භන‍්තෙ, භගවා මයා ගහිතං නිමන‍්තනං ගමිස‍්සති, සචාහං දෙසන‍්තරතො ආගතාගතෙ තාවදෙව දස‍්සෙතුං ලභාමි, යදා මෙ කඞ‍්ඛා උප‍්පජ‍්ජති, තාවදෙව භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡිතුං ලභාමි, සචෙ භගවා පරම‍්මුඛා දෙසිතං ධම‍්මං පුන මය‍්හං බ්‍යාකරිස‍්සසි, එවාහං භගවන‍්තං උපට‍්ඨහිස‍්සාමි”. “එත‍්තකම‍්පි සත්‍ථු සන‍්තිකෙ අනුග‍්ගහං න ලභතී”ති උපවාදමොචනත්‍ථඤ‍්චෙව ධම‍්මභණ‍්ඩාගාරිකභාවපරිපූරණත්‍ථඤ‍්ච ඉමා චතස‍්සො යාචනාති ඉමෙ අට‍්ඨ වරෙ ගහෙත්‍වා නිබද‍්ධුපට‍්ඨාකො අහොසි. තස‍්සෙව ඨානන‍්තරස‍්ස අත්‍ථාය කප‍්පසතසහස‍්සං පූරිතානං පාරමීනං ඵලං පාපුණි.

ආනන්ද මුවින් නොබැණ හුන්නේය. ඉක්බිති භික්‍ෂූහු මෙසේ කීහ. ආයුෂ්මතුනි, ඔබද ශාස්තෲන් වහන්සේගේ උපස්ථායකස්ථානය ඉල්ලන්න. ඉල්ලා ලද උපස්ථානය කෙසේ වේද? කැමැත්තේනම් ශාස්තෲන් වහන්සේ තුමූම කියන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනි, අනුන් විසින් ආනන්ද නොපෙළඹිය යුතුය. තමා ම දැන මාහට උපස්ථානය කරන්නේ යයි කී සේක. ඉක්බිති භික්‍ෂූහු ආනන්ද ආයුෂ්මතුනි, නැගිටින්න. ශාස්තෲන් වහන්සේගේ උපස්ථායකස්ථානය ඉල්ලවයි කීහ. තෙරුන් වහන්සේ නැගිට, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ තමන්ට ලැබෙන ප්‍රණීත වූ සිවුරු මට නොදෙන්නේ නම්, ප්‍රණීත පිණ්ඩපාතය නොදෙන්නේ නම්, එක් ගඳකිළියෙහිම වසන්නට නොදෙන්නේ නම්, ආරාධනයක් ලැබ නොයන්නේද මේ අයුරින් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමියි කීහ. මෙපමණක් ලබන්නකුට ශාස්තෲන් වහන්සේගේ උපස්ථානය කවර බරක්ද යන උපවාදයෙන් මිදීම පිණිස මේ ප්‍රතික්‍ෂේප සතර කෙළෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මා ලැබූ ආරාධනයන්ට වඩින්නේ නම්, මම අන්‍ය දේශයන්ගෙන් පැමිණෙන්නවුන් ඔබ වහන්සේට දැක්වීමට ලබම් නම්, යම්කලෙක මට සැකයක් උපදීනම් එකෙණෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විමසීමට ලබම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා අනභිමුඛයෙහි දේශනා කරන ලද ධර්මය නැවත මාහට පවසන්නේ නම් මම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නෙමි. මෙපමණක්වත් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි අනුග්‍රහයක් නොලැබේයයි උපවාදයෙන් මිදීම පිණිසද, ධර්ම භාණ්ඩාගාරික භාවය පරිපූර්ණ කිරීම පිණිස මේ ඉල්ලීම් සතර කෙළෙමි. මේ අටවර ලබා නිබඳ උපස්ථායක විය. එම තනතුර සඳහාම කල්ප සියදහසක් පුරනලද පාරමිතාවන්ගේ ඵලය පැමිණියේය.

සො උපට‍්ඨාකට‍්ඨානං ලද‍්ධදිවසතො පට‍්ඨාය දසබලං දුවිධෙන උදකෙන තිවිධෙන දන‍්තකට‍්ඨෙන හත්‍ථපාදපරිකම‍්මෙන පිට‍්ඨිපරිකම‍්මෙන ගන්‍ධකුටිපරිවෙණසම‍්මජ‍්ජනෙනාති එවමාදීහි කිච‍්චෙහි උපට‍්ඨහන‍්තො – “ඉමාය නාම වෙලාය සත්‍ථු ඉදං නාම ලද‍්ධුං වට‍්ටති, ඉදං නාම කාතුං වට‍්ටතී”ති දිවසභාගං සන‍්තිකාවචරො හුත්‍වා රත‍්තිභාගෙ මහන‍්තං දණ‍්ඩදීපිකං ගහෙත්‍වා ගන්‍ධකුටිපරිවෙණං නවවාරෙ අනුපරියායති සත්‍ථරි පක‍්කොසන‍්තෙ පටිවචනදානාය, ථිනමිද‍්ධවිනොදනත්‍ථං. අථ නං සත්‍ථා ජෙතවනෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො අනෙකපරියායෙන පසංසිත්‍වා බහුස‍්සුතානං සතිමන‍්තානං ගතිමන‍්තානං ධිතිමන‍්තානං උපට‍්ඨාකානඤ‍්ච භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

උන්වහන්සේ උපස්ථායක තනතුර ලැබූ දිනයෙහි පටන් දසබලධාරී බුදුරජාණන් වහන්සේට දෙවැදෑරුම් ජලයෙන් තෙවැදෑරුම් දැහැටියෙන්, පා මිරිකීමෙන්, පිට මිරිකීමෙන්, ගඳකිළි මිදුල හැමදීමෙන් යනාදි කාර්යයෙන් උවටැන් කරන්නේ මෙනම් වේලාවෙහි ශාස්තෲන් වහන්සේට මෙය ලැබීම වටී, මෙනම් දෙයක් කරන්ට වටී යයි ශාස්තෲන් වහන්සේ කැඳවන විට පිළිවදන් දෙනු පිණිසත් මැළිබව නැති කිරීම පිණිසත්, දවල් කාලයෙහි සමීපයෙහි හැසිරෙති. රාත්‍රී කාලයෙහි දඬුවැට පහනක් ගෙන ගඳකිළි මිදුලෙහි නවවරක් ඒ වටා යති. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි ආර්ය සංඝයා මැද වැඩහුන් සේක් නොයෙක් ආකාරයෙන් ප්‍රශංසාකොට බහුශ්‍රැත වූ, සිහි ඇත්තා වූ, පාඩම් කර ගැනීමේ ශක්තිය ඇත්තා වූ උත්සාහවන්ත වූ උපස්ථායක භික්‍ෂූන් අතරෙහි අග්‍රස්ථානයෙහි තැබූ සේක.

එවං සත්‍ථාරා පඤ‍්චසු ඨානෙසු එතදග‍්ගෙ ඨපිතො චතූහි අච‍්ඡරියබ‍්භූතධම‍්මෙහි සමන‍්නාගතො සත්‍ථු ධම‍්මකොසාරක‍්ඛො අයං මහාථෙරො සෙඛොව සමානො සත්‍ථරි පරිනිබ‍්බුතෙ හෙට‍්ඨා වුත‍්තනයෙන භික‍්ඛූහි සමුත‍්තෙජිතො දෙවතාය ච සංවෙජිතො “ස‍්වෙයෙව ච දානි ධම‍්මසඞ‍්ගීති කාතබ‍්බා, න ඛො පන මෙතං පතිරූපං, ය‍්වායං සෙඛො සකරණීයො අසෙඛෙහි ථෙරෙහි සද‍්ධිං ධම‍්මං ගායිතුං සන‍්නිපාතං ගන‍්තු”න‍්ති සඤ‍්ජාතුස‍්සාහො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා බහුදෙව රත‍්තිං විපස‍්සනාය කම‍්මං කරොන‍්තො චඞ‍්කමෙ වීරියසමතං අලභිත්‍වා තතො විහාරං පවිසිත්‍වා සයනෙ නිසීදිත්‍වා සයිතුකාමො කායං ආවට‍්ටෙසි. අපත‍්තඤ‍්ච සීසං බිම‍්බොහනං, පාදා ච භූමිතො මුත‍්තමත‍්තා, එකස‍්මිං අන‍්තරෙ අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි, ඡළභිඤ‍්ඤො අහොසි.

මෙසේ ශාස්තෲන් වහන්සේ විසින් පස්තැනකදී අග්‍රස්ථානයෙහි තබන ලදුයේ සතර අද්භූත ධර්මයන්ගෙන් යුතු වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම කෝෂ්ඨාගාරය ආරක්ෂා කරන්නා වූ මේ මහා තෙරුන් වහන්සේ, සේඛ සමානව ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි යට කියූ ආකාරයෙන් භික්‍ෂූන් විසින් උනන්දු කරවනු ලැබූයේ දේවතාවුන් විසින්ද දැනුවත් කරන ලද්දේ හෙටම ධර්ම සංගීතිය කළයුතුය. කළයුතු දෑ ඇති සේඛ පුද්ගලයෙක් වූ මට අසේඛ වූ රහතන් සමග ධර්මය සංගායනා කිරීමට සඟ සමුළුවට යාම නුසුදුසු යයි හටගත් උත්සාහ ඇත්තේ විදර්ශනාවෙහි පිහිටා බොහෝ රැයක් විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ ඇවිදීමෙහි වීර්ය සමථය නොලැබ එයින් විහාරයට පිවිස ඇඳෙහි හිඳ නිදනු කැමැත්තේ සිරුර නැඹුරු කළ සේක. හිස කොට්ටයට ළං නොවීමත් පාද පොළොවින් මිදීමත් අතරෙහි උපාදානාදී ආශ්‍රවයන්ගෙන් සිත මිදිණ. ෂට් අභිඥාලාභී වූ සේක.

එවං ඡළභිඤ‍්ඤාදිගුණපටිමණ‍්ඩිතො උපට‍්ඨාකාදිගුණෙහි එතදග‍්ගට‍්ඨානං පත‍්තො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං දස‍්සෙන‍්තො ආරාමද‍්වාරා නික‍්ඛම‍්මාතිආදිමාහ. තත්‍ථ ආරාමද‍්වාරාති සබ‍්බසත‍්තානං ධම‍්මදෙසනත්‍ථාය විහාරද‍්වාරතො නික‍්ඛමිත්‍වා බහිද‍්වාරසමීපෙ කතමණ‍්ඩපමජ‍්ඣෙ සුපඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො පදුමුත‍්තරො නාම මහාමුනි සම‍්මාසම‍්බුද‍්ධො. වස‍්සන‍්තො අමතං වුට‍්ඨින‍්ති ධම‍්මදෙසනාමහාඅමතධාරාහි ධම‍්මවස‍්සං වස‍්සන‍්තො. නිබ‍්බාපෙසි මහාජනන‍්ති මහාජනස‍්ස චිත‍්තසන‍්තානගතකිලෙසග‍්ගිං නිබ‍්බාපෙසි වූපසමෙසි, මහාජනං නිබ‍්බානාමතපානෙන සන‍්තිං සීතිභාවං පාපෙසීති අත්‍ථො.

මෙසේ ෂට් අභිඥා ආදී වූ ගුණයන්ගෙන් සෑදුණාහු උපස්ථායක ආදී ගුණයන්ගෙන් අගතැන්පත් වූවාහු තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය දක්වන්නාහු ආරාමද්වාරා නික්ඛම්ම ආදිය කී සේක. එහි ආරාමද්වාරා යනු සියලු සතුන්ට දහම් දෙසනු පිණිස විහාර දොරින් නික්ම බිහිදොර අබියස කරන ලද මණ්ඩපයේ මැද පැනවූ උතුම් බුද්ධාසනයෙහි හුන් සේක් පදුමුත්තර නම් මහාමුනි සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ වස්සන්තො අමතං වුට්ඨි යනු ධර්මදේශනා නමැති මහා අමෘත ධාරාවන් සහිත දහම් වැසි වස්වන්නේ නිබ්බාපෙසි මහාජනං යනු මහජනයාගේ චිත්ත සන්තාන ගතවූ කෙලෙස් ගිනි නිබ්බාපෙසි නිවූ සේක. මහජනයාට නිර්වාණ නමැති අමාව පෙවීමෙන් ශාන්ත ශීත බවට පැමිණවූ සේක යන අර්ථයි.

සතසහස‍්සං තෙ ධීරාති පරිවාරසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො ආහ. ඡහි අභිඤ‍්ඤාහි ඉද‍්ධිවිධාදිඤාණකොට‍්ඨාසෙහි සමන‍්නාගතා අනෙකසතසහස‍්සචක‍්කවාළෙසු ඛණෙන ගන‍්තුං සමත්‍ථාහි ඉද‍්ධීහි සමන‍්නාගතත‍්තා මහිද‍්ධිකාතෙ ධීරා සතසහස‍්සඛීණාසවා ඡායාව අනපායිනීති කත්‍ථචි අනපගතා ඡායා ඉව තං සම‍්බුද‍්ධං පදුමුත‍්තරං භගවන‍්තං පරිවාරෙන‍්ති පරිවාරෙත්‍වා ධම‍්මං සුණන‍්තීති අත්‍ථො.

සහසහස්සා තෙ ධීරා යනු පරිවාර සම්පත්තිය දක්වන්නාහු කී සේක. ෂට් අභිඥාවන්ගෙන් ඉද්ධිවිධ ආදී ඥාන කොට්ඨාසයන්ගෙන් යුත් නොයෙක් සියදහස් සක්වල සැණෙන් යාමට සමත් වූ සෘද්ධීන්ගෙන් යුතු බැවින් මහා සෘද්ධි ඇති තෙධීරා සියදහසක් රහතන්වහන්සේ ඡායාව අනපායිනී යනු කොතැනකදීවත් වෙන්ව නොයන සෙවනැල්ල මෙන් තං සම්බුද්ධං ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පරිවාරෙන්ති පිරිවරා ධර්මය අසති යන අර්ථයි.

හත්‍ථික‍්ඛන්‍ධගතො ආසින‍්ති තදා භගවතො ධම‍්මදෙසනාසමයෙ අහං හත්‍ථිපිට‍්ඨෙ නිසින‍්නො ආසිං අහොසින‍්ති අත්‍ථො. සෙතච‍්ඡත‍්තං වරුත‍්තමන‍්ති පත්‍ථෙතබ‍්බං උත‍්තමං සෙතච‍්ඡත‍්තං මම මත්‍ථකෙ ධාරයන‍්තො හත්‍ථිපිට‍්ඨෙ නිසින‍්නොති සම‍්බන්‍ධො. සුචාරුරූපං දිස‍්වානාති සුන්‍දරං චාරුං මනොහරරූපවන‍්තං ධම‍්මං දෙසියමානං සම‍්බුද‍්ධං දිස‍්වා මෙ මය‍්හං විත‍්ති සන‍්තුට‍්ඨි සොමනස‍්සං උදපජ‍්ජථ උප‍්පජ‍්ජතීති අත්‍ථො.

හත්‍ථික්ඛන්‍ධගතො ආසී යනු එකල්හි භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන කල්හි මම ඇතුපිට හුන්නෙම් ආසිං වීම් යන අර්ථයි. සෙසච්ඡත්තං වරුත්තමං යනු පුටුවෙහි තබා උතුම් වූ සේසත මාගේ හිසින් දරන්නේ ඇතුපිට හුන්නේ යන සම්බන්ධයි. සුචාරුරූපං දිස්වාන යනු සුන්දර වූ චාරුං මනහර රූපයෙන් යුත් ධර්මය දෙසන සම්බුදුන් දැක මෙ මගේ. චිත්ති සතුටු සොම්නස උප්පජ්ජං උපදී යන අර්ථයි.

ඔරුය‍්හ හත්‍ථික‍්ඛන්‍ධම‍්හාති තං භගවන‍්තං නිසින‍්නං දිස‍්වා හත්‍ථිපිට‍්ඨිතො ඔරුය‍්හ ඔරොහිත්‍වා නරාසභං නරවසභං උපගච‍්ඡිං සමීපං ගතොති අත්‍ථො. රතනමයඡත‍්තං මෙති රතනභූසිතං මෙ මය‍්හං ඡත‍්තං බුද‍්ධසෙට‍්ඨස‍්ස මත්‍ථකෙ ධාරයින‍්ති සම‍්බන්‍ධො.

ඔරුය්හ හත්තික්ඛන්‍ධම්හා යනු ඒ භාග්‍යවතුන් වහන්සේ හිඳිනු දැක ඇතුපිටින් ඔරුය්හ බැස නරාසභං උත්තම පුරුෂයා උපගඤ්චි සමීපයට ගියේය යන අර්ථයි. රතනමය ඡත්තං මෙ යනු රුවනින් විසිතුරු මෙ මාගේ ඡත්තං ඡත්‍රය ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට ඉහළින් දැරුවෙමියි සම්බන්ධයි.

මම සඞ‍්කප‍්පමඤ‍්ඤායාති මය‍්හං පසාදෙන උප‍්පන‍්නං සඞ‍්කප‍්පං ඤත්‍වා ඉසීනං අන‍්තරෙ මහන‍්තභූතො සො පදුමුත‍්තරො භගවා. තං කථං ඨපයිත්‍වානාති තං අත‍්තනා දෙසියමානං ධම‍්මකථං ඨපෙත්‍වා මම බ්‍යාකරණත්‍ථාය ඉමා ගාථා අභාසථ කථෙසීති අත්‍ථො.

මමසංකප්ප මඤ්ඤාය යනු මාගේ පැහැදීමෙන් උපන් සංකල්පය දැන සෘෂීන් අතර මහත්වූ ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ. තං කථං ඨපයිත්‍වාන යනු ඒ තමා විසින් දෙසනු ලබන ධර්මකථාව නවතා මට විවරණ දෙනු පිණිස ඉමාගාථා අභාසි යනු මේ ගාථා දේශනා කළ සේක යන සම්බන්ධයි.

කථන‍්ති චෙ? යො සොතිආදිමාහ. සොණ‍්ණාලඞ‍්කාරභූසිතං ඡත‍්තං යො සො රාජකුමාරො මෙ මත්‍ථකෙ ධාරෙසීති සම‍්බන්‍ධො. තමහං කිත‍්තයිස‍්සාමීති තං රාජකුමාරං අහං කිත‍්තයිස‍්සාමි පාකටං කරිස‍්සාමි. සුණොථ මම භාසතොති භාසන‍්තස‍්ස මම වචනං සුණොථ ඔහිතසොතා මනසි කරොථාති අත්‍ථො.

ඒ කෙසේද යොසො යනාදිය වදාළ සේක. ස්වර්ණාලංකාරයෙන් අලංකාර කරන ලද ඡත්‍රය යම් කෙනෙක් මට ඉහළින් දැරුවේද ඒ රාජකුමාරයා යන සම්බන්ධයි. තමහං කිත්තයස්සාමි යනු ඒ රාජකුමාරයා මම කිත්තයිස්සාමි ප්‍රකට කරන්නෙමි. සුණාථ මෙ භාසතො යනු කියන්නා වූ මාගේ වචනය අසවු. කන්යොමා සිහිකරවු යන අර්ථයි.

ඉතො ගන‍්ත්‍වා අයං පොසොති අයං රාජකුමාරො ඉතො මනුස‍්සලොකතො චුතො තුසිතං ගන‍්ත්‍වා ආවසිස‍්සති තත්‍ථ විහරිස‍්සති. තත්‍ථ අච‍්ඡරාහි පුරක‍්ඛතො පරිවාරිතො තුසිතභවනසම‍්පත‍්තිං අනුභොස‍්සතීති සම‍්බන්‍ධො.

ඉතො ගන්ත්‍වා අයං පොසො යනු මේ රාජකුමාරයා ඉතො මිනිස් ලොවින් මිය පරලොව ගියේ තුසිත දෙව්ලොවට ගොස් වාසය කරන්නේය, එහි වසන්නේය, එහි දෙවඟනන් පෙරටු කොටගෙන පිරිවරන ලද්දේ තුසිත භවනයෙහි සැප සම්පත් අනුභව කරන්නේය යන සම්බන්ධයි.

චතුත‍්තිංසක‍්ඛත‍්තුන‍්ති තුසිතභවනතො චවිත්‍වා තාවතිංසභවනෙ උප‍්පන‍්නො චතුත‍්තිංසවාරෙ දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සතීති සම‍්බන්‍ධො. බලාධිපො අට‍්ඨසතන‍්ති තාවතිංසභවනතො චුතො මනුස‍්සලොකෙ උප‍්පන‍්නො බලාධිපො චතුරඞ‍්ගිනියා සෙනාය අධිපො පධානො අට‍්ඨසතජාතීසු පදෙසරාජා හුත්‍වා වසුධං අනෙකරතනවරං පථවිං ආවසිස‍්සති පුථබ්‍යං විහරිස‍්සතීති අත්‍ථො.

චතුත්තිංසක්ඛත්තුං යනු තුසිත භවනයෙන් චුතව තව්තිසා භවනයෙහි උපන්නේ තිස්හතර වසක් දේවේන්‍ද්‍රව දෙව්රජය කරන්නේය යන සම්බන්ධයයි. බලාධිපො අට්ඨසතං යනු තව්තිසා භවනයෙන් චුතවූයේ මිනිස්ලොව උපන්නේ බලාධිපො සිව්රඟ සෙනඟට අධිපො ප්‍රධාන වූයේ අටසියයක් උත්පත්තිවලදී ප්‍රදේශ රජව වසූධං නොයෙක් රුවන් දරන ආවසිස්සති පොළොවෙහි වාසය කරන්නේය යන අර්ථයි.

අට‍්ඨපඤ‍්ඤාසක‍්ඛත‍්තුන‍්ති අට‍්ඨපඤ‍්ඤාසජාතීසු චක‍්කවත‍්තී රාජා භවිස‍්සතීති අත්‍ථො. මහියා සකලජම‍්බුදීපපථවියා විපුලං අසඞ‍්ඛ්‍යෙය්‍යං පදෙසරජ‍්ජං කාරයිස‍්සති.

අට්ඨපඤ්ඤා සක්ඛත්තුං යනු සියලු දඹදිව් තලයෙහි විපුලං ගිණිය නොහැකි දෙසරජ්ජං කාරයස්සති

සක්‍යානං කුලකෙතුස‍්සාති සක්‍යරාජූනං කුලස‍්ස ධජභූතස‍්ස බුද‍්ධස‍්ස ඤාතකො භවිස‍්සතීති අත්‍ථො.

සක්‍යානං කුලකෙතුස්ස යනු ශාක්‍ය රජවරුන්ගේ කුලයට කොඩියක් වූ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් වන්නේය යන අර්ථයි.

ආතාපීති වීරියවා. නිපකොති නෙපක‍්කසඞ‍්ඛාතාය පඤ‍්ඤාය සමන‍්නාගතො. බාහුසච‍්චෙසු බහුස‍්සුතභාවෙසු පිටකත‍්තයධාරණෙසු කොවිදො ඡෙකො. නිවාතවුත‍්ති අනවඤ‍්ඤත‍්තිකො අථද‍්ධො කායපාගබ‍්බියාදිථද‍්ධභාවවිරහිතො සබ‍්බපාඨී සකලපිටකත‍්තයධාරී භවිස‍්සතීති සම‍්බන්‍ධො.

ආතාපී යනු වීර්යවන්ත, නෙපක්ක සංඛ්‍යාත වූ ප්‍රඥාවෙන් යුතු වූයේ. බාහුසච්චෙසු බහුශ්‍රැත භාවයන්හි, පිටකත්‍රය දැරීම්හි, කොවිදො දක්‍ෂයා. නිවාතවුත්ති අනුන් විසින් හසුරුවනු ලබන්නේ. අථද්ධො කායාඩම්බර ආදී තදබවින් විරහිත වූයේ. සබ්බපාඨි සියලු ත්‍රිපිටකය දරන්නෙක් වන්නේය යන සම්බන්ධයි.

පධානපහිතත‍්තො සොති සො ආනන්‍දත්‍ථෙරො වීරියකරණාය පෙසිතචිත‍්තො. උපසන‍්තො නිරූපධීති රාගූපධිදොසූපධිමොහූපධීහි විරහිතො, සොතාපත‍්තිමග‍්ගෙන පහාතබ‍්බකිලෙසානං පහීනත‍්තා උපසන‍්තො සන‍්තකායචිත‍්තො.

පධාන පහිත්තොසො යනු ඒ ආනන්ද තෙරුන් වහන්සේ වීර්ය කිරීම සඳහා මෙහෙයවුණු සිත් ඇත්තාහු සෝවාන් මගින් ප්‍රහාණය කළයුතු. කෙළෙසුන් නැසූ බැවින් උපසන්තො ශාන්ත වූ කායචිත්ත ඇත්තාහු.

සන‍්ති ආරඤ‍්ඤකාති අරඤ‍්ඤෙ භවා මහාවනෙ ජාතා. සට‍්ඨිහායනාති සට‍්ඨිවස‍්සකාලෙ හායනබලා . තිධා පභින‍්නාති අක‍්ඛිකණ‍්ණකොසසඞ‍්ඛාතෙහි තීහි ඨානෙහි භින‍්නමදා. මාතඞ‍්ගාති මාතඞ‍්ගහත්‍ථිකුලෙ ජාතා. ඊසාදන‍්තාති රථීසාසදිසදන‍්තා. උරූළ‍්හවා රාජවාහනා. කුඤ‍්ජරසඞ‍්ඛාතා නාගා හත්‍ථිරාජානො සන‍්ති සංවිජ‍්ජන‍්ති යථා, තථා සතසහස‍්සසඞ‍්ඛ්‍යා ඛීණාසවසඞ‍්ඛාතා පණ‍්ඩිතා මහිද‍්ධිකා අරහන‍්තනාගා සන‍්ති, සබ‍්බෙ තෙ අරහන‍්තනාගා බුද‍්ධනාගරාජස‍්ස. න හොන‍්ති පණිධිම‍්හි තෙති තෙ පණිධිම‍්හි තාදිසා න හොන‍්ති, කිං සබ‍්බෙ තෙ භයභීතා සකභාවෙන සණ‍්ඨාතුං අසමත්‍ථාති අත්‍ථො. සෙසං වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

සන්ති ආරඤ්ඤකා යනු ආරණ්‍යයෙහි වවෝ මහ වනයෙහි උපන්නෝ. සට්ඨිභායනානි යනු සැටවස් කල්හි ගෙවීයන බල. තිචපාභින්නා යනු ඇස්කන් කෙස් සංඛ්‍යාත වූ තුන් තන්හි බිඳුණු මද ඇත්තහු, මාතංගා යනු මාතංග ඇත් කුලයෙහි උපන්නෝ යනුයි. ඊසා දන්තා යනු කෙසෙල් කඳන් වැනි දත් ඇත්තාහු, යම්සේ උරූළහවා රාජවාහන වූ කුඤ්ජර සංඛ්‍යාත වූ නාගා ඇත් රජවරු සන්ති දක්නට ලැබෙත්ද යන සම්බන්ධයි. එසේම සියදහස් ගණන් ක්‍ෂීණාශ්‍රව සංඛ්‍යාත වූ පණ්ඩිත වූ මහාසෘද්ධි ඇති රහතන් වහන්සේ නැමැති ඇත්තු ඇත්ද ඒ සියලුදෙන බියෙන් බියපත් වූවෝ තම ස්වරූපයෙන් සිටීමට අසමත් වූවෝය යන අර්ථයි. සෙස්ස කියන ලද ආකාරයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

ආනන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ආනන්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

එත‍්තාවතා පඨමා බුද‍්ධවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

මෙපමණකින් පළමුවන බුද්ධවර්ග වර්ණනාව නිමියේය.