යෙදුමෙන් කියවන්න

8. පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරඅපදානවණ‍්ණනා

8. පිණ්ඩෝලභාරද්වාජ ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො පිණ‍්ඩොලභාරද‍්වාජස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සීහයොනියං නිබ‍්බත‍්තිත්‍වා පබ‍්බතපාදෙ ගුහායං විහාසි. භගවා තස‍්ස අනුග‍්ගහං කාතුං ගොචරාය පක‍්කන‍්තකාලෙ තස‍්ස සයනගුහං පවිසිත්‍වා නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසීදි. සීහො ගොචරං ගහෙත්‍වා නිවත‍්තො ගුහද‍්වාරෙ ඨත්‍වා භගවන‍්තං දිස‍්වා හට‍්ඨතුට‍්ඨො ජලජථලජපුප‍්ඵෙහි පූජං කත්‍වා චිත‍්තං පසාදෙන‍්තො භගවතො ආරක‍්ඛණත්‍ථාය අඤ‍්ඤෙ වාළමිගෙ අපනෙතුං තීසු වෙලාසු සීහනාදං නදන‍්තො බුද‍්ධගතාය සතියා අට‍්ඨාසි. යථා පඨමදිවසෙ, එවං සත‍්තාහං පූජෙසි. භගවා “සත‍්තාහච‍්චයෙන නිරොධා වුට‍්ඨහිත්‍වා වට‍්ටිස‍්සති ඉමස‍්ස එත‍්තකො උපනිස‍්සයො”ති තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසං පක‍්ඛන්‍දිත්‍වා විහාරමෙව ගතො.

පදුමුත්තරො නාම ජිනො ආදි වශයෙන් ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන්ගේ අපදානයයි. මොහුද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනතැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිංහයෝනියෙහි ඉපිද පර්වතය පාමුල ගුහාවෙහි වසයි. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරනු පිණිස, ඔහු ගොදුරු සොයා නික්මුණුකල්හි ඔහුගේ නිදන ගුහාවට පිවිස නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක. සිංහයා ගොදුරුගෙන ආපසු එන්නේ ගුහාදොර සිට භාග්‍යවතුන් වහන්සේ දැක තුටුපහටුව ජලයෙහි හටගත් මලින්ද, ගොඩබිම හටගත් මලින්ද පූජාකොට සිත් පහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස අනිකුත් වන මෘගයන් ඉවත්කරනු පිණිස තුන්වේලාවක සිංහනාද කරන්නේ බුදුන් කෙරෙහි පිහිටුවාගත් සිහියෙන් සිටියේය. පළමු දිනයෙහි යම්සේද එසේ සත්දිනක් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ සත්දින ඇවෑමෙන් නිරෝධ සමාපත්තියෙන් නැගිට මොහුට මෙපමණක් හේතුසම්පත් වටින්නේමැයි ඔහු බලාසිටියදීම අහසට පැනනැගී විහාරයටම වැඩිසේක.

සීහො බුද‍්ධවියොගදුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තො කාලං කත්‍වා හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො නගරවාසීහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නො සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං පවත‍්තෙත්‍වා යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ කොසම‍්බියං රඤ‍්ඤො උදෙනස‍්ස පුරොහිතස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. භාරද‍්වාජොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පතො තයො වෙදෙ උග‍්ගහෙත්‍වා පඤ‍්ච මාණවකසතානි මන‍්තෙ වාචෙන‍්තො මහග‍්ඝසභාවෙන අනනුරූපාචාරත‍්තා තෙහි පරිච‍්චත‍්තො රාජගහං ගන‍්ත්‍වා භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච ලාභසක‍්කාරං දිස‍්වා සාසනෙ පබ‍්බජිත්‍වා භොජනෙ අමත‍්තඤ‍්ඤූ හුත්‍වා විහරති. සත්‍ථාරා උපායෙන මත‍්තඤ‍්ඤුතාය පතිට‍්ඨාපෙන‍්තො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. ඡළභිඤ‍්ඤො පන හුත්‍වා භගවතො සම‍්මුඛා “යං සාවකෙහි පත‍්තබ‍්බං, තං මයා අනුප‍්පත‍්ත”න‍්ති, භික‍්ඛුසඞ‍්ඝෙ ච “යස‍්ස මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, සො මං පුච‍්ඡතූ”ති සීහනාදං නදි. තෙන තං භගවා – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං සීහනාදිකානං යදිදං පිණ‍්ඩොලභාරද‍්වාජො”ති (අ· නි· 1.188, 195) එතදග‍්ගෙ ඨපෙසි.

සිංහයා බුදුරජාණන් වහන්සේ වෙන්ව යාමේ දුක ඉවසා දරාගනු නොහැක්කේ කලුරියකොට හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවිය පත්ව නුවරවැසියන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පැහැදී සත්දිනක් බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් පවත්වා දිවිඇතිතාක් පින්කොට වරින්වර දෙවිමිනිසුන් අතර හැසිරෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කොසඹෑවෙහි උදේන රජුගේ පුරෝහිතයාගේ පුත්‍රයකු වී උපන්නේය. භාරද්වාජ යයි ඔහුට නමක් විය. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය උගෙන මානවකයන් පන්සිය දෙනකුට මන්ත්‍ර හදාරවන්නේ මාහැඟි බවින් ගරුබවට පත්වූයේ ඔවුන් විසින් අත්හැර දමනු ලැබුයේ රජගහ නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු සංඝයාට ලැබෙන ලාභසත්කාර දැක සසුනෙහි පැවිදිව ආහාරයෙහි පමණ නොදන්නෙක් ව වාසය කරයි. ශාස්තෲන් වහන්සේ උපායයෙන් ආහාරයෙහි පමණදත් බවෙහි පිහිටුවන ලද්දේ විදර්ශනා වඩා නොබෝ කලකින්ම ෂට් අභිඥා ඇත්තෙක් විය. ෂට් අභිඥා ඇත්තෙක් ව, බුදුන් හමුවෙන් ශ්‍රාවකයන් විසින් යමකට ‘පැමිණිය යුතුද මා විසින් එයට පැමිණෙන ලද්දේය’යි භික්‍ෂු සංඝයා අතර යම්කෙනෙකුට මාර්ගය ගැන හෝ ඵලය ගැන යම් සැකයක් ඇත්තේනම් ඔහු මා විමසාවා’යි සිංහනාද කළේය. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මාගේ සිංහනාද කරන ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් වේද ඒ පිණ්ඩොලභාරද්වාර යයි අග්‍ර ස්ථානයෙහි තැබූ සේක.

එවං එතදග‍්ගං ඨානං පත්‍වා පුබ‍්බෙ කතපුඤ‍්ඤසම‍්භාරං සරිත්‍වා සොමනස‍්සවසෙන අත‍්තනො පුඤ‍්ඤකම‍්මාපදානං විභාවෙන‍්තො පදුමුත‍්තරොතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. පුරතො හිමවන‍්තස‍්සාති හිමාලයපබ‍්බතතො පුබ‍්බදිසාභාගෙති අත්‍ථො. චිත‍්තකූටෙ වසී තදාති යදා අහං සීහො මිගරාජා හුත්‍වා හිමවන‍්තපබ‍්බතසමීපෙ වසාමි, තදා පදුමුත‍්තරො නාම සත්‍ථා අනෙකෙහි ච ඔසධෙහි, අනෙකෙහි ච රතනෙහි චිත‍්තවිචිත‍්තතාය චිත‍්තකූටෙ චිත‍්තපබ‍්බතසිඛරෙ වසීති සම‍්බන්‍ධො.

අගතැන්පත්ව පෙර කරන ලද පුණ්‍ය සම්භාරය සිහිකොට සොම්නස් වශයෙන් තමාගේ පුණ්‍යකර්ම අපදානය දක්වන්නේ පදුමුත්තරො ආදිය කීය. එහි අර්ථය යට කියන ලද්දේමය. පුරතො හිමවන්තස්ස යනු හිමාලය පර්වතයෙන් පූර්ව දිග්භාගයෙහි යනු අර්ථයි. චිත්තකූටෙ වසී තදා යනු යම්කලෙක මම මෘගයන්ට රජවූ සිංහයෙක් ව හිමාලය පර්වත සමීපයෙහි වසම්ද එකල්හි පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ නොයෙක් ඖෂධවලින්ද, නොයෙක් රත්නයන්ගෙන්ද චිත්‍ර වූ බැවින්ද, විචිත්‍ර වූ බැවින්ද චිත්තකූටෙ චිත්‍රපර්වත මුදුනෙහි විසූහයි සම්බන්ධයි.

අභීතරූපො තත්‍ථාසින‍්ති අභීතසභාවො නිබ‍්භයසභාවො මිගරාජා තත්‍ථ ආසිං අහොසින‍්ති අත්‍ථො. චතුක‍්කමොති චතූහි දිසාහි කමො ගන‍්තුං සමත්‍ථො. යස‍්ස සද‍්දං සුණිත්‍වානාති යස‍්ස මිගරඤ‍්ඤො සීහනාදං සුත්‍වා බහුජ‍්ජනා බහුසත‍්තා වික‍්ඛම‍්භන‍්ති විසෙසෙන ඛම‍්භන‍්ති භායන‍්ති.

අභිතරූපො තත්‍ථාසි යනු අභීත ස්වභාව ඇති, නිර්භය ස්වභාව ඇති මෘගරාජයෙක් එහි ආසි විය යන අර්ථයි. චතුක්කමො යනු යස්ස සද්දං සුණිත්‍වාන යනු යම් මෘගරාජයකුගේ සිංහනාදය අසා බහුජනා බොහෝ සත්ත්වයෝ වික්ඛම්භන්ති විශේෂයෙන් කම්පනයට පත්වෙති. බිය වෙති.

සුඵුල‍්ලං පදුමං ගය‍්හාති භගවති පසාදෙන සුපුප‍්ඵිතපදුමපුප‍්ඵං ඩංසිත්‍වා. නරාසභං නරානං ආසභං උත‍්තමං සෙට‍්ඨං සම‍්බුද‍්ධං උපගච‍්ඡිං, සමීපං අගමින‍්ති අත්‍ථො. වුට‍්ඨිතස‍්ස සමාධිම‍්හාති නිරොධසමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස බුද‍්ධස‍්ස තං පුප‍්ඵං අභිරොපයිං පූජෙසින‍්ති අත්‍ථො.

සුථුල්ලං පදුමං ගාය්හ යනු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් මැනැවින් පිසුණු නෙළුම්මලක් ඩැහැගෙන නරාසභං මිනිසුන්ට ආසභං උත්තම වූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපගඤ්ජිං යනු සමීපයට ගියෙමි යන අර්ථයි.

චතුද‍්දිසං නමස‍්සිත්‍වාති චතූසු දිසාසු නමස‍්සිත්‍වා සකං චිත‍්තං අත‍්තනො චිත‍්තං පසාදෙත්‍වා ආදරෙන පතිට‍්ඨපෙත්‍වා සීහනාදං අභීතනාදං අනදිං ඝොසෙසින‍්ති අත්‍ථො.

වුට්ඨිතස්ස සමාධිම්හා යනු නිරෝධ සමාපත්තියෙන් නැගුණු බුදුරජාණන් වහන්සේට එම මල අභිරෝපයිං පූජා කෙළෙමි යන අර්ථයි. චතුද්දිසං නමස්සිත්‍වා යනු සිව්දිසාවන්හි නමස්කාරකොට සකං චිත්තං පසාදෙත්‍වා ආදරයෙන් පිහිටුවා සීහනාදං අභීත නාදයක් කෙළෙමි යන අර්ථයි.

තතො බුද‍්ධෙන දින‍්නබ්‍යාකරණං පකාසෙන‍්තො පදුමුත‍්තරොතිආදිමාහ. තං උත‍්තානත්‍ථමෙව.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ විසින් දෙවා වදාළ විවරණය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරො ආදිය කීය. එය නොගැඹුරුය.

වදතං සෙට‍්ඨොති “මයං බුද‍්ධා, මයං බුද‍්ධා”ති වදන‍්තානං අඤ‍්ඤතිත්‍ථියානං සෙට‍්ඨො උත‍්තමො බුද‍්ධො ආගතොති සම‍්බන්‍ධො. තස‍්ස ආගතස‍්ස භගවතො තං ධම‍්මං සොස‍්සාම සුණිස‍්සාමාති අත්‍ථො.

වදතං සෙට්ඨො යනු අපි බුදුවරු වෙමුයි අපි බුදුවරු වෙමුයි කියන අන්‍ය තීර්ථකයන්ට ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේක යනු සම්බන්ධයි. ඒ වැඩවදාළ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්මය ප්‍රකාශ කරන්නෙමු. අසන්නෙමු යන අර්ථයි.

තෙසං හාසපරෙතානන‍්ති හාසෙහි සොමනස‍්සෙහි පරෙතානං අභිභූතානං සමන‍්නාගතානං තෙසං දෙවමනුස‍්සානං. ලොකනායකොති ලොකස‍්ස නායකො සග‍්ගමොක‍්ඛසම‍්පාපකො මම සද‍්දං මය‍්හං සීහනාදං පකිත‍්තෙසි පකාසෙසි කථෙසි, දීඝදස‍්සී අනාගතකාලදස‍්සී මහාමුනි මුනීනමන‍්තරෙ මහන‍්තො මුනි. සෙසගාථා සුවිඤ‍්ඤෙය්‍යමෙව.

තෙසං භාසපරෙතානං යනු සිනාවෙන් සෝමනස්සයෙන් පරේතානං මැඩුණු පැමිණි ඒ දෙවිමිනිසුන්ට ලොකනායකො යනු ලෝකයට නායක තෙමේ. ස්වර්ගමෝක්‍ෂ සම්පාදක තෙමේ. මම සද්දං මාගේ සිංහනාදය. පකින්තෙසි ප්‍රකාශ කළේය. කීවේය. දීඝදස්සී අනාගත කාලය දක්නා. මුනිවරුන් අතර මහාමුනිවරයා. සෙසු ගාථා පහසුවෙන් දතහැකි වේමය.

නාමෙන පදුමො නාම චක‍්කවත‍්තී හුත්‍වා චතුසට‍්ඨියා ජාතියා ඉස‍්සරියං ඉස‍්සරභාවං රජ‍්ජං කාරයිස‍්සතීති අත්‍ථො.

පදුම නමින් සක්විති රජකුවී ජාතීන් හැටසයකට ප්‍රධාන වූ ප්‍රධානත්වයට පත්වූ රාජ්‍යය කරන්නේය යන අර්ථයි.

කප‍්පසතසහස‍්සම‍්හීති සාම්‍යත්‍ථෙ භුම‍්මවචනං, කප‍්පසතසහස‍්සානං පරියොසානෙති අත්‍ථො.

කප්පසත සහස්සම්හි කල්ප සියදහසක අවසානයෙහි යන අර්ථයි.

පකාසිතෙ පාවචනෙති තෙන ගොතමෙන භගවතා පිටකත‍්තයෙ පකාසිතෙ දෙසිතෙති අත්‍ථො. බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සතීති තදා ගොතමස‍්ස භගවතො කාලෙ අයං සීහො මිගරාජා බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිස‍්සතීති අත්‍ථො. බ්‍රහ‍්මඤ‍්ඤා අභිනික‍්ඛම‍්මාති බ්‍රාහ‍්මණකුලතො නික‍්ඛමිත්‍වා තස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිස‍්සතීති සම‍්බන්‍ධො.

පකාසිතෙ පාවචනෙ යන ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්පිටකයෙහි ප්‍රකාශ කරන ලදි. දේශනා කරන ලදී යන අර්ථයි. බ්‍රහ්මබන්‍ධු භවිස්සති යනු එදා ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මේ මෘගයන්ට රජවූ සිංහයා බ්‍රාහ්මණ කුලයෙහි උපදින්නේය යන අර්ථයි. බ්‍රහ්මඤ්ඤා අභිනික්ඛම්ම යනු බමුණු කුලයෙන් නික්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන්නේය යනු සම්බන්ධයි.

පධානපහිතත‍්තොති වීරියකරණත්‍ථං පෙසිතචිත‍්තො. උපධිසඞ‍්ඛාතානං කිලෙසානං අභාවෙන නිරුපධි. කිලෙසදරථානං අභාවෙන උපසන‍්තො. සබ‍්බාසවෙ සකලාසවෙ පරිඤ‍්ඤාය පහාය අනාසවො නික‍්කිලෙසො නිබ‍්බායිස‍්සති ඛන්‍ධපරිනිබ‍්බානෙන නිබ‍්බුතො භවිස‍්සතීති අත්‍ථො.

පධාන පහිතත්තො යනු වීර්ය කරනු පිණිස මෙහෙයවුණු සිත් ඇත්තේ, උපධි සංඛ්‍යාත වූ ක්ලශෙයන් නැතිවීමෙන් නිරුපධී කෙලෙස් පීඩාවන් නැතිවීමෙන් සංසිඳුණේ, උපසන්තෙ සබ්බාසවෙ සියලු කෙලෙස්. පරිඤ්ඤාය හැර. අනාසවො කෙලෙස් නැත්තේ නිබ්බායිස්සති පිරිනිවනින් නිවුණේ වන්නේය යන අර්ථයි.

විජනෙ පන‍්තසෙය්‍යම‍්හීති ජනසම‍්බාධරහිතෙ දූරාරඤ‍්ඤසෙනාසනෙති අත්‍ථො. වාළමිගසමාකුලෙති කාළසීහාදීහි චණ‍්ඩමිගසඞ‍්ගෙහි ආකුලෙ සංකිණ‍්ණෙති අත්‍ථො. සෙසං වුත‍්තත්‍ථමෙවාති.

විවනෙ පන්ත සෙය්‍යම්හි යනු ජනසම්බාධ රහිත දුරු අරණෙක සෙනසුනෙක යන අර්ථයි. වාලමිග සමාකුලෙ යනු කලුසිංහ ආදී චණ්ඩවු මෘග ගණයන්ගෙන් ආකුලෙ ගැවසුණු යන අර්ථයි. ඉතිරිය කියන ලද අර්ථ ඇත්තේමය.

පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පිණ්ඩොල භාරද්වාජ තෙරුන්ගේ අපදාන අටුවාවයි.

9. ඛදිරවනියත්‍ථෙරඅපදානවණ‍්ණනා

9. ඛදිරවනියරේවත ථේර අපදාන වර්ණනාව

ගඞ‍්ගා භාගීරථී නාමාතිආදිකං ආයස‍්මතො ඛදිරවනියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ තිත්‍ථනාවිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මහාගඞ‍්ගාය පයාගතිත්‍ථෙ තිත්‍ථනාවාය කම‍්මං කරොන‍්තො එකදිවසං සසාවකසඞ‍්ඝං භගවන‍්තං ගඞ‍්ගාතීරං උපගතං දිස‍්වා පසන‍්නමානසො නාවාසඞ‍්ඝාටං යොජෙත්‍වා මහන‍්තෙන පූජාසක‍්කාරෙන පරතීරං පාපෙත්‍වා අඤ‍්ඤතරං භික‍්ඛුං සත්‍ථාරා ආරඤ‍්ඤකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපියමානං දිස‍්වා තං ඨානන‍්තරං පත්‍ථෙත්‍වා භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච මහාදානං පවත‍්තෙත්‍වා පණිධානං අකාසි. භගවා තස‍්ස පත්‍ථනාය අවඤ‍්ඣභාවං බ්‍යාකාසි.

ගංගාභාගීරසීනාම යනාදි වශයෙන් ආයුෂ්මත් ඛදිරවනිය රේවත තෙරුන්ගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ, ඒ ඒ භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර බුදුරදුන් කල්හි හංසවතී නුවර තීර්ථනාවික කුලයෙහි ඉපිද මහා ගංගාවෙහි ප්‍රයාග තීර්ථයෙහි තීර්ථ නෞකාවකින් කර්මාන්ත කරන්නේ එක්දිනක් ශ්‍රාවකයන් සමග භාග්‍යවතුන් වහන්සේ ගංතෙරට පැමිණිබව දැක ප්‍රසන්න සිතින් පහුර යොදා මහත් වූ පූජා සත්කාරයෙන් යුතුව එගොඩට පමුණුවා එක්තරා භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ විසින් ආරණ්‍යක භික්‍ෂූන් අතර අගතන්හි තබනු ලබනු දැක එම තනතුර පතා භාග්‍යවතුන් වහන්සේටද භික්‍ෂු සංඝයාටද මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනාව නිවැරදි බව ප්‍රකාශ කළ සේක.

සො තතො පට‍්ඨාය පුඤ‍්ඤානි උපචිනන‍්තො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ නාලකගාමෙ රූපසාරියා නාම බ්‍රාහ‍්මණියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති. තං වයප‍්පත‍්තං මාතාපිතරො ඝරබන්‍ධනෙන බන්‍ධිතුකාමා හුත්‍වා තස‍්ස ආරොචෙසුං. සො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස පබ‍්බජිතභාවං සුත්‍වා “මය‍්හං ජෙට‍්ඨභාතා අය්‍යො උපතිස‍්සො ඉමං විභවං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතො, තෙන වන‍්තං ඛෙළපිණ‍්ඩං කථාහං අනුභවිස‍්සාමී”ති ජාතසංවෙගො පාසං අනුපගච‍්ඡමානමිගො විය ඤාතකෙ වඤ‍්චෙත්‍වා හෙතුසම‍්පත‍්තියා චොදියමානො භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මසෙනාපතිනො කනිට‍්ඨභාවං නිවෙදෙත්‍වා අත‍්තනො පබ‍්බජ‍්ජාය ඡන්‍දං ආරොචෙසි. භික‍්ඛූ තං පබ‍්බාජෙත්‍වා පරිපුණ‍්ණවීසතිවස‍්සං උපසම‍්පාදෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජෙසුං. සො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා ඛදිරවනං පවිසිත්‍වා විස‍්සමන‍්තො ඝටෙන‍්තො වායමන‍්තො ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අරහා අහොසි. සො අරහා හුත්‍වා සත්‍ථාරං ධම‍්මසෙනාපතිඤ‍්ච වන්‍දිතුං සෙනාසනං සංසාමෙත්‍වා පත‍්තචීවරමාදාය නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන සාවත්‍ථිං පත්‍වා ජෙතවනං පවිසිත්‍වා සත්‍ථාරං ධම‍්මසෙනාපතිඤ‍්ච වන්‍දිත්‍වා කතිපාහං ජෙතවනෙ විහාසි. අථ නං සත්‍ථා අරියගණමජ‍්ඣෙ නිසින‍්නො ආරඤ‍්ඤකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ආරඤ‍්ඤකානං යදිදං රෙවතො”ති (අ· නි· 1.198, 203).

ඔහු එතැන් පටන් පින් රැස්කරන්නේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් විඳ මෙම බුද්ධෝත්පාද කාලයෙහි මගධරට නලගම රූපසාරි නමැති බැමිණියකගේ කුසයෙහි උපන්නේය. මව්පියෝ වැඩිවියපත් ඔහු ගෘහබන්ධනයෙන් බඳිනු කැමැතිව ඔහුට දැන්වූහ. ඔහු සැරියුත් තෙරුන්ව පැවිදි වූ බැව් අසා මාගේ දෙටු සොහොයුරු උපතිස්ස ආර්යයා මේ සම්පත් හැරදමා පැවිදි විය. ඔහු හැලූ කෙලපිඩ මම කෙසේනම් අනුභව කරන්නෙම්දැයි උපන් සංවේග ඇත්තේ මලපුඩුව වෙතට නොයන මෘගයකු මෙන් ඥාතීන් රවටා හේතු සම්පත්තියෙන් පොළඹවනු ලබන්නේ භික්‍ෂූන් සමීපයට ගොස් ධර්ම සේනාපතිගේ බාල සොහොයුරා බව දන්වා තමාගේ පැවිදිවීමට කැමැත්ත දැන්වීය. භික්‍ෂූහු ඔහු පැවිදිකරවා විසිවයස් පිරුණු ඔහු උපසම්පදා කොට කර්මස්ථානයෙහි යෙදවූහ. ඔහු කමටහන් ගෙන කිහිරි වනයට පිවිස විශ්‍රාම ලබන්නේ උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ ඥානය මුහුකුරා ගිය බැවින් නොබෝ කලෙකින්ම ෂට් අභිඥා සහිතව රහත් විය. ඔහු රහත්ව ශාස්තෲන් වහන්සේද ධර්ම සේනාපතීන් වහන්සේද වැඳීමට සෙනසුන හකුලා තබා පාසිවුරු ගෙන නික්ම අනුපිළිවෙලින් සැවැත් නුවරට පැමිණ ජේතවනාරාමයට පිවිස ශාස්තෲන් වහන්සේද ධර්මසේනාපතීන් වහන්සේද වැඳ කිහිපදිනක් ජේතවනාරාමයෙහි වාසය කළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ආර්ය සංඝයා මැද වැඩහුන් සේක් ඔහු ආරණ්‍යක භික්‍ෂූන් අතර අගතන්හි තැබූ සේක. “මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් ආරණ්‍යක භික්‍ෂූන් අතරින් අග්‍රවේද ඒ රේවතය”යි,

එවං එතදග‍්ගට‍්ඨානං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පීතිසොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ගඞ‍්ගා භාගීරථීතිආදිමාහ. තත්‍ථ ගඞ‍්ගාති ගායමානා ඝොසං කුරුමානා ගච‍්ඡතීති ගඞ‍්ගා. අථ වා ගො වුච‍්චති පථවී, තස‍්මිං ගතා පවත‍්තාති ගඞ‍්ගා. අනොතත‍්තදහං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා ගතට‍්ඨානෙ ආවට‍්ටගඞ‍්ගාති ච පබ‍්බතමත්‍ථකෙන ගතට‍්ඨානෙ බහලගඞ‍්ගාති ච තිරච‍්ඡානපබ‍්බතං විජ‍්ඣිත්‍වා ගතට‍්ඨානෙ උමඞ‍්ගගඞ‍්ගාති ච තතො බහලපබ‍්බතං පහරිත්‍වා පඤ‍්චයොජනං ආකාසෙන ගතට‍්ඨානෙ ආකාසගඞ‍්ගාති ච තස‍්සා පතිතට‍්ඨානං භින්‍දිත්‍වා ජාතං පඤ‍්ච යොජනං පොක‍්ඛරණීකූලං භින්‍දිත්‍වා තත්‍ථ පන පඤ‍්චඞ‍්ගුලි විය පඤ‍්ච ධාරා හුත්‍වා ගඞ‍්ගා යමුනා සරභූ මහී අචිරවතීති පඤ‍්ච නාමා හුත්‍වා ජම‍්බුදීපං පඤ‍්ච භාගං පඤ‍්ච කොට‍්ඨාසං කත්‍වා පඤ‍්ච භාගෙ පඤ‍්ච කොට‍්ඨාසෙ ඉතා ගතා පවත‍්තාති භාගීරථී. ගඞ‍්ගා ච සා භාගීරථී චෙති ගඞ‍්ගාභාගීරථී. “භාගීරථී ගඞ‍්ගා”ති වත‍්තබ‍්බෙ ගාථාබන්‍ධසුඛත්‍ථං පුබ‍්බචරියවසෙන වුත‍්තන‍්ති දට‍්ඨබ‍්බං. හිමවන‍්තා පභාවිතාති සත‍්තෙ හිංසති සීතෙන හනති මථෙති ආලොළෙතීති හිමො, හිමො අස‍්ස අත්‍ථීති හිමවා, තතො හිමවන‍්තතො පට‍්ඨාය පභාවිතා පවත‍්තා සන්‍දමානාති හිමවන‍්තපභාවිතා. කුතිත්‍ථෙ නාවිකො ආසින‍්ති තස‍්සා ගඞ‍්ගාය චණ‍්ඩසොතසමාපන‍්නෙ විසමතිත්‍ථෙ කෙවට‍්ටකුලෙ උප‍්පන‍්නො නාවිකො ආසිං අහොසින‍්ති අත්‍ථො. ඔරිමෙ ච තරිං අහන‍්ති සම‍්පත‍්තසම‍්පත‍්තමනුස‍්සෙ පාරිමා තීරා ඔරිමං තීරං අහං තරිං තාරෙසින‍්ති අත්‍ථො.

මෙසේ අගතැන්පත්ව තමාගේ පූර්ව කර්මයන් සිහිකොට සතුටු සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ගංගා භාගීරසී යි ආදිය කීය. එහි ගංගා යනු ගයමින් ඝෝෂා කරමින් යන්නීයයි ගංගා නම් වේ. නැතහොත් ගො කියන්නේ පෘථුවියයි. එහි ගියාය පැවැත්තා යයි ගංගානම් වෙයි. අනවතප්ත විල තුන්යලක් පැදකුණුකොට ගියතන්හි ආවර්ත ගංගා යන වචනයෙන් පර්වත මුදුනින් ගියතන්හි වැදුණු තන්හි බහලගංගා මහාගංගා යනුවෙන්ද, තිරිසන් පර්වතයෙහි වැද ගියතන්හි උම්මග්ගගංගා උමංගඟ යනුවෙන්ද, එතැනින් මහා පර්වතයෙහි වැදී පස් යොදුනක් අහසින් ගිය තන්හි ආකාසගංගා අහස්ගඟ යනුවෙන්ද ඇයම වැටුණු තැන බිඳගෙන හටගත් පස්යොදුන් පොකුණු සමූහය බිඳගෙන එහිදී ඇඟිලි පස මෙන් පහකට බෙදී ගංගාය, යමුනාය, සරභූය, මහීය, අචිරවතිය යනුවෙන් නම් පසක් ඇතිව දඹදිව කැබලි පහක් කොට කොටස් පහක් කොට, කැබලි පස, කොටස් පස මෙසේ ගියාහු පැවැත්තාහු භාගීරසී නමි. ගංගා වූවාද භාගීරසී වූවාද ගංගාභාගීරසී නමි. භාගීරසිගංගා යයි කිවයුතු තැන ගාථා බන්ධන පහසුව පිණිස පෙර පුරුදු වශයෙන් කියන ලදැයි දතයුතුය. හිමවන්තා පභාවිතා යනු සතුන් හිංසා කරතියි, ශීතලෙන් මරතියි මඩිතියි අළෝලනය කරතියි හිම නමි. හිම එයට ඇතියි හිමවා නමි. ඒ හිමවත පටන් පෝෂණය වූවා, පැවතුණා ගලාබස්නා වෙතියි හිමවන්ත පභාවිතා නමු. කුතිත්‍ථෙ නාවිකො ආසිං යනු ගංගාවෙහි සැඩපහරින් යුතු විෂම තොටුපළෙක කෙවුල් කුලයෙහි උපන්නේ නැවියෙක් ආසිං වීමියි අර්ථයි. ඔරිමෙචතරිංඅහං යනු පැමිණි පැමිණි මිනිසුන් එගොඩ සිට මෙගොඩට අහං මම තරිං තරණය කරවූවෙමි යන අර්ථයි.

පදුමුත‍්තරො නායකොති ද‍්විපදානං උත‍්තමො සත‍්තෙ නිබ‍්බානං නායකො පාපනකො පදුමුත‍්තරබුද‍්ධො මම පුඤ‍්ඤසම‍්පත‍්තිං නිප‍්ඵාදෙන‍්තො. වසීසතසහස‍්සෙහි ඛීණාසවසතසහස‍්සෙහි ගඞ‍්ගාසොතං තරිතුං තිත්‍ථං පත‍්තොති සම‍්බන්‍ධො.

පදුමුත්තර නායකො යනු දෙපා ඇත්තවුන්ට උත්තම වූ සත්වයන් නිර්වාණයට නායකො පමුණුවන්නකු වූ බුදුරජාණන් වහන්සේ මාගේ පුණ්‍ය සම්පත්තිය නිපදවන සේක් වසී සතසහස්සෙහි ක්‍ෂීණාශ්‍රවයන් සියදහස් ගණනක් සමග ගංසැඩපහර තරණය කිරීමට එහි වැඩිසේක් යන සම්බන්ධයි.

බහූ නාවා සමානෙත්‍වාති සම‍්පත‍්තං තං සම‍්මාසම‍්බුද‍්ධං දිස‍්වා වඩ‍්ඪකීහි සුට‍්ඨු සඞ‍්ඛතං කතං නිප‍්ඵාදිතං බහූ නාවායො සමානෙත්‍වා ද‍්වෙ ද‍්වෙ නාවායො එකතො කත්‍වා තස‍්සා නාවාය උපරි මණ‍්ඩපඡදනං කත්‍වා නරාසභං පදුමුත‍්තරසම‍්බුද‍්ධං පටිමානිං පූජෙසින‍්ති අත්‍ථො.

බහූනාවා සමානෙත්‍වා යනු සපැමිණි ඒ සම්බුදුරජාණන් වහන්සේ දැක සුසංඛතං වඩුවන් විසින් මනාසේ සංඛතං කරනලද, නිෂ්පාදනය කරන ලද බොහෝ නැව් ගෙන්වා නැව් දෙක දෙක එක්තැන්කොට ඒ නැවෙහි මත්තෙහි මඩුලුවහලක් කත්‍වා නංවා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු වූ පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේ පටිමානිං පිදුවෙමි යන අර්ථයි.

ආගන‍්ත්‍වාන ච සම‍්බුද‍්ධොති එවං සඞ‍්ඝටිතාය නාවාය තත්‍ථ ආගන‍්ත්‍වාන තඤ‍්ච නාවකං නාවමුත‍්තමං ආරුහීති සම‍්බන්‍ධො. වාරිමජ‍්ඣෙ ඨිතො සත්‍ථාති නාවමාරූළ‍්හො සත්‍ථා ගඞ‍්ගාජලමජ‍්ඣෙ ඨිතො සමානො ඉමා සොමනස‍්සපටිසංයුත‍්තගාථා අභාසථ කථෙසීති සම‍්බන්‍ධො.

ආගනත්‍වා න ච සම්බුද්ධො යනු මෙසේ එකට බැඳි නැවින් එහි වැඩමවා ගෙනවුත් තඤ්චනාවකං උතුම් නැවට නැඟුණු සේක යනු සම්බන්ධයි. වාරිමජ්ඣෙඨිතො සත්‍ථා යනු නැවට නැඟුණු ශාස්තෲන් වහන්සේ ගංදිය මැද සිටිසේක්ම මෙම සොම්නස් සහිත ගාථා අභාසථ දෙසූ සේක යන සම්බන්ධයි.

යො සො තාරෙසි සම‍්බුද‍්ධන‍්ති යො සො නාවිකො ගඞ‍්ගාසොතාය සම‍්බුද‍්ධං අතාරෙසි. සඞ‍්ඝඤ‍්චාපි අනාසවන‍්ති න කෙවලමෙව සම‍්බුද‍්ධං තාරෙසි, අනාසවං නික‍්කිලෙසං සඞ‍්ඝඤ‍්චාපි තාරෙසීති අත්‍ථො. තෙන චිත‍්තපසාදෙනාති තෙන නාවාපාජනකාලෙ උප‍්පන‍්නෙන සොමනස‍්සසහගතචිත‍්තපසාදෙන දෙවලොකෙ ඡසු කාමසග‍්ගෙසු රමිස‍්සති දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිස‍්සතීති අත්‍ථො.

යො සො තාරෙසි සම්බුද්ධං තවද ඒ නාවිකයා ගංදිය පහරින් සම්බුදුරජාණන් වහන්සේ තරණය කරවූයේය. සංඝංවාපි අනාසවං සම්බුදුරජාණන් වහන්සේ තරණය කරවූයේ පමණක් නොව අනාසවං නිකෙලෙස් සංඝයාද තරණය කරවීය යන අර්ථයි. තෙන චිත්තප්පසාදෙන යනු ඒ නැව පදවන කල්හි උපන් සොම්නස් සහගත සිත් පැහැදීමෙන් දේවලෝක කාමස්වර්ග සයෙහි රමිස්සති දිව්‍ය සම්පත් අනුභව කරන්නේය යන අර්ථයි.

නිබ‍්බත‍්තිස‍්සති තෙ බ්‍යම‍්හන‍්ති දෙවලොකෙ උප‍්පන‍්නස‍්ස තෙ තුය‍්හං බ්‍යම‍්හං විමානං සුකතං සුට‍්ඨු නිබ‍්බත‍්තං නාවසණ‍්ඨිතං නාවාසණ‍්ඨානං නිබ‍්බත‍්තිස‍්සති පාතුභවිස‍්සතීති අත්‍ථො. ආකාසෙ පුප‍්ඵඡදනන‍්ති නාවාය උපරිමණ‍්ඩපකතකම‍්මස‍්ස නිස‍්සන්‍දෙන සබ‍්බදා ගතගතට‍්ඨානෙ ආකාසෙ පුප‍්ඵඡදනං ධාරයිස‍්සතීති සම‍්බන්‍ධො.

නිබ්බත්තිස්සති තෙ ව්‍යම්හං දෙව්ලොව උපන් තෙ ඔබගේ ව්‍යම්හං විමානය සුතං මනාසේ නිපන්නේය. නාවා සණ්ඨිතං නැවක හැඩයට නිබ්බත්තිස්සති යනු පහළ වන්නේය යන අර්ථයි. ආකාසෙ පුප්ඵජදනං යනු නැව මුදුනෙහි මණ්ඩපයක් කළ කර්මයෙහි ගලායාමෙන් සැමකල්හි ගියගිය තැන ආකාසයෙහි මල් සෙවනක් දරන්නේයයි සම්බන්ධයි.

අට‍්ඨපඤ‍්ඤාසකප‍්පම‍්හීති ඉතො පුඤ‍්ඤකරණකාලතො පට‍්ඨාය අට‍්ඨපණ‍්ණාසකප‍්පං අතික‍්කමිත්‍වා නාමෙන තාරකො නාම චක‍්කවත‍්තී ඛත‍්තියො චාතුරන‍්තො චතූසු දීපෙසු ඉස‍්සරො විජිතාවී ජිතවන‍්තො භවිස‍්සතීති සම‍්බන්‍ධො. සෙසගාථා උත‍්තානත්‍ථාව.

අට්ඨපණ්ණාස කප්පම්හි යනු මේ පින්කරන කල්හි පටන් අටපනස් කපක් ඉක්මවා නමින් තාරණො නාම චක්කවත්තී ඛත්තියො චාතුරන්තො ද්වීප සතරෙහි අධිපති විජිතාවී ජයග්‍රාහී වන්නේයයි සම්බන්ධයි. සෙසු ගාථා නොගැඹුරු අරුත් ඇත්තේමය.

රෙවතො නාම නාමෙනාති රෙවතීනක‍්ඛත‍්තෙන ජාතත‍්තා “රෙවතො”ති ලද‍්ධනාමො බ්‍රහ‍්මබන්‍ධු බ්‍රාහ‍්මණපුත‍්තභූතො භවිස‍්සති බ්‍රාහ‍්මණකුලෙ උප‍්පජ‍්ජිස‍්සතීති අත්‍ථො.

රේවතො නාම නාමෙන යනු රෙහෙණ නැකතින් උපන් බැවින් රෙවත යන නම ලැබුයේ. බ්‍රහ්මබන්‍ධු බ්‍රහ්මයාගේ පුත්‍ර භාවයට පත්වූයේ වන්නේ යයි බ්‍රාහ්මණ කුලයෙහි උපදින්නේය යන අර්ථයි.

නිබ‍්බායිස‍්සතිනාසවොති නික‍්කිලෙසො ඛන්‍ධපරිනිබ‍්බානෙන නිබ‍්බායිස‍්සති.

නිබ්බායස්සති නාසවො යනු නිකෙලෙස්ව ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන්නේය.

වීරියං මෙ ධුරධොරය‍්හන‍්ති එවං පදුමුත‍්තරෙන භගවතා බ්‍යාකතො අහං කමෙන පාරමිතාකොටිං පත්‍වා මෙ මය‍්හං වීරියං අසිථිලවීරියං ධුරධොරය‍්හං ධුරවාහං ධුරාධාරං යොගෙහි ඛෙමස‍්ස නිබ‍්භයස‍්ස නිබ‍්බානස‍්ස අධිවාහනං ආවහනං අහොසීති අත්‍ථො. ධාරෙමි අන‍්තිමං දෙහන‍්ති ඉදානාහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ පරියොසානසරීරං ධාරෙමීති සම‍්බන්‍ධො.

විරියං මෙ ධුරධොරය්හං යනු මෙසේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබූ මම කෙමෙන් පාරමිතාවන්ගේ කෙළවරට පැමිණ මෙ මාගේ විරියං අතිශයින් ලිහිල් වීර්යය ධුරධොරය්හං වියගස උසුලන්නක්, ධුරයට ආධාරයක් යෝගයන්ගෙන් ඛෙමස්ස බියරහිත නිර්වාණයට අවිවාහ වාහනයක් විය යන අර්ථයි. ධාරෙමි අන්තිමං දෙහං දැන් මම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි අවසාන ශරීරය දරා සිටිමි යන සම්බන්ධයයි.

සො අපරභාගෙ අත‍්තනො ජාතගාමං ගන‍්ත්‍වා “චාලා, උපචාලා, සීසූපචාලා”ති තිස‍්සන‍්නං භගිනීනං පුත‍්තෙ “චාලා, උපචාලා, සීසූපචාලා”ති තයො භාගිනෙය්‍යෙ ආනෙත්‍වා පබ‍්බාජෙත්‍වා කම‍්මට‍්ඨානෙ නියොජෙසි. තෙ කම‍්මට‍්ඨානං අනුයුත‍්තා විහරිංසු.

ඔහු පසුකලෙක, තමා උපන්ගමට ගොස් චාලා උපචාලා සිසුපචාලා යන සහෝදරියන්න තිදෙනාගේ පුත්‍රයන් වන චාල උපචාල සිසුපචාල යන බෑණාවරුන් තිදෙන ගෙන්වා පැවිදිකොට කර්මස්ථානයන්හි නියුක්ත කළේය. ඔව්හු කර්මස්ථානයෙහි යෙදී වාසය කළහ.

තස‍්මිඤ‍්ච සමයෙ ථෙරස‍්ස කොචිදෙව ආබාධො උප‍්පන‍්නො, තං සුත්‍වා සාරිපුත‍්තත්‍ථෙරො – “රෙවතස‍්ස ගිලානපුච‍්ඡනං අධිගමපුච‍්ඡනඤ‍්ච කරිස‍්සාමී”ති උපගඤ‍්ඡි. රෙවතත්‍ථෙරො ධම‍්මසෙනාපතිං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වා තෙසං සාමණෙරානං සතුප‍්පාදවසෙන ඔවදියමානො චාලෙතිගාථං අභාසිත්‍ථ. තත්‍ථ චාලෙ උපචාලෙ සීසූපචාලෙති තෙසං ආලපනං. චාලා, උපචාලා, සීසූපචාලාති හි ඉත්‍ථිලිඞ‍්ගවසෙන ලද‍්ධනාමා තයො දාරකා පබ‍්බජිතාපි තථා වොහරිය්‍යන‍්ති. “චාලී, උපචාලී, සීසූපචාලීති තෙසං නාමානී”ති ච වදන‍්ති. යදත්‍ථං “චාලෙ”තිආදිනා ආමන‍්තනං කතං, තං දස‍්සෙන‍්තො “පතිස‍්සතා නු ඛො විහරථා”ති වත්‍වා තත්‍ථ කාරණං ආහ – “ආගතො වො වාලං විය වෙධී”ති. පතිස‍්සතාති පතිස‍්සතිකා . ඛොති අවධාරණෙ. ආගතොති ආගඤ‍්ඡි. වොති තුම‍්හාකං. වාලං විය වෙධීති වාලවෙධි විය. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – තික‍්ඛජවනනිබ‍්බෙධිකපඤ‍්ඤතාය වාලවෙධිරූපො සත්‍ථුකප‍්පො තුම‍්හාකං මාතුලත්‍ථෙරො ආගතො, තස‍්මා සමණසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා සතිසම‍්පජඤ‍්ඤයුත‍්තා එව හුත්‍වා විහරථ, යථාධිගතෙ විහාරෙ අප‍්පමත‍්තා භවථාති.

එසමයෙහි තෙරුන් වහන්සේට කිසියම් ආබාධයක් උපන්නේය. මේ අසා සාරිපුත්ත තෙරුන් වහන්සේ රෙවතගේ ගිලන්බව විමසීමද අධිගම විමසීමද කරන්නෙමැයි ඔහු වෙත වැඩි සේක. රෙවත තෙරුන් වහන්සේ, ධර්ම සේනාපතීන් වහන්සේ දුරදීම වැඩමවනු දැක එම සාමණේරවරුන්ට සිහිය ඉපදවීම් වශයෙන් අවවාද දෙන සේක් චාල යනුවෙන් ගාථාවක් වදාළ සේක. එහි චාලෙ උපචාලෙ සිසූපචාලෙ යනු ඔවුන්ට ඇමතීමයි. චාලා උපචාලා සිසූපචාලා යනු උපන් ලිංග වශයෙන් ලද නම් ඇති දරුවෝ තිදෙන පැවිදිවීද එසේ ව්‍යවාහර කරනු ලබති. චාලී උපචාලී සිසූපචාලී යනුවෙන් ඔවුන්ගේ නම් වූහයි කියති. ඒ අර්ථය සඳහා චාලෙ ආදි වශයෙන් ආමන්ත්‍රණ කරන ලදි. එය දක්වන්නේ සුවචභාවයෙන් තමා වාසය කළයුත්තේ යයි කියා එහිදී කාරණ කී සේක. ආගතො වො වාලංවිය වෙධී යන ආදිය. පතිස්සතිකා යනු සුවච බවයි. බො යනු ආධාරණයෙහි ආගතො යනු පැමිණියේය. වො යනු ඔබගේ. වාලංවියවේධී ඉලක්කයට විදින දුනුවායා මෙන්. මෙය වනාහි මෙහි කෙටි අරුතයි. තීක්‍ෂ්ණ ජවන නිබ්බිත ප්‍රඥාව ඇති බැවින් ඉලක්කයට විදින දුනුවායකුගේ ස්වරූපය ඇති ශාස්තෲන් වහන්සේ වැනි තොපගේ මයිලණු තෙරුන්වහන්සේ පැමිණි සේක. ඒ නිසා ශ්‍රමණ සංඥාව ඇතිකරගෙන සිහිනුවණ ඇතිවම වාසය කරවු. අවබෝධ කරගත් විහරණයෙහි අප්‍රමාදී වවු.

තං සුත්‍වා තෙ සාමණෙරා ධම‍්මසෙනාපතිස‍්ස පච‍්චුග‍්ගමනාදිවත‍්තං කත්‍වා උභින‍්නං මාතුලත්‍ථෙරානං පටිසන්‍ථාරවෙලායං නාතිදූරෙ සමාධිං සමාපජ‍්ජිත්‍වා නිසීදිංසු. ධම‍්මසෙනාපති රෙවතත්‍ථෙරෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා උට‍්ඨායාසනා තෙ සාමණෙරෙ උපසඞ‍්කමි. තෙ තථා කාලපරිච‍්ඡෙදස‍්ස කතත‍්තා ථෙරෙ උපසඞ‍්කමන‍්තෙ උට‍්ඨහිත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨංසු. ථෙරො – “කතරකතරවිහාරෙන විහරථා”ති පුච‍්ඡිත්‍වා තෙහි “ඉමාය ඉමායා”ති වුත‍්තෙ දාරකෙපි එවං විනෙන‍්තො – “මය‍්හං භාතිකො සච‍්චවාදී වත ධම‍්මස‍්ස අනුධම‍්මචාරි”න‍්ති ථෙරං පසංසන‍්තො පක‍්කාමි. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

ඒ අසා ඒ සාමණේරවරු ධර්මසේනාපතීන් වහන්සේට පෙරගමන් ආදී වත්කොට මයිලණු තෙරුන් දෙදෙනා වහන්සේගේ පිළිසඳර වේලාවෙහි නුදුරෙහි සමවැද හුන්නාහුය. ධර්මසේනාපතීන් වහන්සේ රෙවත තෙරුන් සමග පිළිසඳර කථාකොට හුනස්නෙන් නැගී ඒ සාමණේරවරුන් වෙත එළඹි සේක. ඔව්හු ඒ අයුරින් කාලපරිච්ඡේදය තුළ කළ බැවින් තෙරුන්වහන්සේ වඩනා කල්හි නැගිට වැඳ සිටියාහුය. තෙරුන්වහන්සේ කිනම් විහාරයකින් වසන්නාහුදැයි විමසනු ලැබුවාහු ඔවුන් මෙයින්ය මෙයින් යැයි කියූ කල්හි දරුවෝද එසේයයි සිතනසේක් මාගේ සහෝදරයා සත්‍යවාදීය. ධර්මයට අනුව හැසිරේයයි තෙරුන්වහන්සේට ප්‍රශංසා කර ආපසු වැඩි සේක. මෙහි ශේෂය නොගැඹුරු අරුත් ඇත්තේමැයි.

ඛදිරවනියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඛදිරවනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.