යෙදුමෙන් කියවන්න

9. ඛදිරවනියරෙවතත්‍ථෙරාපදානං

9. ඛදිරවනියරෙවතත්‍ථෙරාපදානං

9. ඛදිරවනියරේවත ස්ථවිරාවදානය

637. ගඞ‍්ගා භාගීරථී නාම හිමවන‍්තා පභාවිතා, කුතිත්‍ථෙ නාවිකො ආසිං ඔරිමෙ ච තරිං අහං.

637. හිමවතින් හටගත් භාගීරථි නම ගඞ්ගාවක් වූවා ය. (මම් එහි) සැඩ රළවේගයන්ගෙන් යුත් විෂමතීර්‍ත්‍ථයක නැවියෙක් වීමි.

638. පුබ‍්බෙ මය‍්හං සුතං ආසි පදුමුත‍්තරනායකො, වසීසතසහස‍්සෙහි ගඞ‍්ගාසොතං තරිස‍්සති.

638. පදුමුත්තර බුදුරජ තෙම රහතුන් දහසක් සමග ගඞ්ගාවෙහි සැඩපහර තරණය කරන්නේ ය යි පෙර මාගේ ඇසීම වි ය.

639. බහූ නාවා සමානෙත්‍වා වඩ‍්ඪකීහි සුසඞ‍්ඛතං, නාවාය ඡදනං කත්‍වා පතිමානිං නරාසභං.

639. බොහෝ නැව් එක් කොට තැනූ නැවෙහි වඩුවන් ලවා මැනවින් සෙවෙනි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.

640. ආගන‍්ත්‍වාන ච සම‍්බුද‍්ධො ආරුහි තඤ‍්ච නාවුකං, වාරිමජ‍්ඣෙ ඨිතො සත්‍ථා ඉමා ගාථා අභාසථ:

640. බුදුරජ තෙම පැමිණ උතුම් නැවට නැංගේ ය. (නැව් නැඟී) දිය මැද සිටියා වූ බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

641. “යො සො තාරෙසි සම‍්බුද‍්ධං සඞ‍්ඝඤ‍්චාපි අනාසවං, තෙන චිත‍්තප‍්පසාදෙන දෙවලොකෙ රමිස‍්සති.

641. “යමෙක් තෙම සම්බුදු රජු ද ආශ්‍රව රහිත වූ (රහත්) සඞ්ඝයා ද තරණය කරවී නම්, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ දෙව්ලොවෙහි සිත් අලවා වාසය කරන්නේ ය.

642. නිබ‍්බත‍්තිස‍්සති තෙ ව්‍යම‍්භං සුකතං නාවසණ‍්ඨිතං, ආකාසෙ පුප‍්ඵඡදනං ධාරයිස‍්සති සබ‍්බදා.

642. ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේ ය. හැම කල්හි අහසෙහි මල් වියනක් ද දරන්නේ ය.

643. අට‍්ඨපඤ‍්ඤාසකප‍්පම‍්හි තාරකො නාම ඛත‍්තියො, චාතුරන‍්තො විජිතාවී චක‍්කවත‍්තී භවිස‍්සති.

643. (මෙයින්) අටපණස්කපකින් මත්තෙහි සතර මහදිවයිනට අධිපති වූ දිනනසුළු වූ තාරක නම් සක්විති රජෙක් වන්නේ ය.

644. සත‍්තපඤ‍්ඤාසකප‍්පම‍්හි චම‍්පකො නාම ඛත‍්තියො, උග‍්ගච‍්ඡන‍්තොව සුරියො ජොතිස‍්සති මහබ‍්බලො.

644. (මෙයින්) සත්පණස්වන කපෙහි මහබල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදා වන්නා වූ හිරු මෙන් බබලන්නේ ය.

645. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

645. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.

646. තිදසා සො චවිත්‍වාන මනුස‍්සත‍්තං ගමිස‍්සති, රෙවතො නාම නාමෙන බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සති.

646. ඒ චම්පක තෙම (එකල) දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. නමින් රේවත නම් වූ බමුණෙක් වන්නේ ය.

647. අගාරා නික‍්ඛමිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, ගොතමස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිස‍්සති.

647. කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.

648. සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන යුත‍්තයොගො විපස‍්සකො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සත’නාසවො.”

648. හෙතෙම පැවිදි වී පසු ව භාවනානුයෝගී වූයේ විදර්‍ශනා කරන්නේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥාවෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”

649. විරියං මෙ ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාධිවාහනං, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

649. නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධූරවාහකයා (=ගැල් බර උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම ජාතිය යි.)

650. සතසහස‍්සෙ කතං කම‍්මං ඵලං දස‍්සෙසි මෙ ඉධ, සුමුත‍්තො සරවෙගො’ව කිලෙසෙ ඣාපයී මම.

650. මා විසින් කල්පලක්‍ෂයකට පෙර කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුනුදියෙන් මැනවින් මිදුනු හීයේ වේගය මෙන් (ඒ කර්‍මය) මාගේ කෙලෙස් දැවී ය.

651. තතො මං වන නිරතං දිස‍්වා ලොකන‍්තගූ මුනි, වනවාසීභික‍්ඛූනග‍්ගං පඤ‍්ඤපෙසි මහාමති.

651. ඉක්බිති ලෝකාන්තයට ගිය මහනුවණැති බුදුරජාණන් වහන්සේ වනසෙනසුනෙහි ඇලුනා වූ මා දැක වනවාසි භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.

652. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා’පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

652. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඛදිරවනියො රෙවතො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

ඛදිරවනියරෙවතත්‍ථෙරස‍්ස අපදානං නවමං.

නවවැනි වූ ඛදිරවනියරේවතස්ථවිරාවදානය යි.