10. ආනන්දත්ථරාපදානං
10. ආනන්දත්ථරාපදානං
10. ආනන්ද ස්ථවිරාවදානය
653. ආරාමද්වාරා නික්ඛම්ම පදුමුත්තරො මහාමුනි, වස්සෙන්තො අමතං වුට්ඨිං නිබ්බාපෙසි මහාජනං.
653. පදුමුත්තර බුදුරජ තෙම අරම් දොරින් නික්ම අමාවැසි වස්වන්නේ මහාජනයා සන්හිඳවී ය. (=නිවණට පැමිණවී ය.)
654. සතසහස්සා තෙ වීරා ඡළභිඤ්ඤා මහිද්ධිකා, පරිවාරෙන්ති සම්බුද්ධං ඡායාව අනපායිනී.
654. ෂඩභිඥා ඇත්තා වූ ද මහාඍද්ධි ඇත්තා වූ ද ලක්ෂයක් ඒ ක්ෂීණාශ්රවයෝ අත හැර නො යන්නා වූ සෙවණැල්ල මෙන් සර්වඥයන් වහන්සේ පිරිවරත්.
655. හත්ථික්ඛන්ධගතො ආසිං සෙතච්ඡත්තං වරුත්තමං, සුචාරුරූපං දිස්වාන විත්ති මෙ උපපජ්ජථ.
655. (මම) උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නෙම් වෙමි. මනෝඥ වූ රූමත් බුදුරජානන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේ ය.
656. ඔරුය්හ හත්ථික්ඛන්ධම්හා උපගච්ඡිං නරාසභං, රතනාමයඡත්තං මෙ බුද්ධසෙට්ඨස්ස ධාරයිං.
656. ඇතු පිටින් බැස නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන්මුවා ඡත්රය බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි.
657. මම සඞ්කප්පමඤ්ඤාය පදුමුත්තරො මහාඉසි, තං කථං ඨපයිත්වාන ඉමා ගාථා අභාසථ:
657. පදුමුත්තර මහර්ෂි (බුදුරජ) තෙම මාගේ අදහස දැන (තමන් වහන්සේගේ) ඒ කථාව නවතා මේ ගාථාවන් වදාළේ ය:
658. “යො සො ඡත්තං අධාරෙසි සොණ්ණාලඞ්කාරභූසිතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
658. “ඒ යමෙක් ස්වර්ණලඞ්කාරයන්ගෙන් සරසනලද ඡත්රයක් දැරී ද ඔහු (පිළිබඳ ව) ප්‍රකාශ කරන්නෙමි. පවසන්නා වූ මාගේ (ඒ වචනය) අසවු.
659. ඉතො ගන්ත්වා අයං පොසො තුසිතං ආවසිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
659. මේ පුරුෂ තෙම මෙයින් (චුත ව) ගොස් තුෂිතයෙහි වසන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේ ය.
660. චතුත්තිංසතික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, බලාධිපො අට්ඨසතං වසුධං ආවසිස්සති.
660. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ඉන් චුත ව) සිවුරඟ සෙනඟට අධිපති ව එකසියඅටවරක් (පෘථිවීශ්වර ව) පොළොවෙහි වාසය කරන්නේ ය.
661. අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං මහියා කාරයිස්සති.
661. අටපණස්වරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි මහත් වූ ප්‍රදේශරාජ්‍යය ද කරවන්නේ ය.
662. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලෙකෙ භවිස්සති.
662. කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
663. සක්යානං කුලකෙතුස්ස ඤාතිබන්ධු භවිස්සති, ආනන්දො නාම නාමෙන උපට්ඨාකො මහෙසිනො.
663. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජානන් වහන්සේගේ ඥාති වූ (මෙතෙම) ආනන්ද නම් උපස්ථායකයා වන්නේ ය.
664. ආතාපී නිපකො චාපි බාහුසච්චෙසු කොවිදො, නිවාතවුත්තී අත්ථද්ධො සබ්බපාඨි භවිස්සති.
664. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති ප්‍රඥාවත් වූ බහුශ්‍රැතභාවයෙහි දක්ෂ වූ නිහතමාන පැවැතුම් ඇති තදබැවින් තොර ත්‍රිපිටකධාරියෙක් වන්නේ ය.
665. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො”.
665. වීර්‍ය්‍යය කිරීමෙහි මෙහෙයනලද සිත් ඇති හෙතෙම උපශාන්ත වූයේ උපධි රහිත වූයේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”.
666. සන්ති ආරඤ්ඤකා නාගා කුඤ්ජරා සට්ඨිහායනා, තිධා පභින්නමාතඞ්ගා ඊසාදන්තා උරූළ්හවා.
666. (යම් සේ) අරණෙහි උපතින් සැටවස් ඉක්ම ගිය ත්‍රිමද ගලිත වූ මාතඞ්ගහස්තිකුලයෙහි උපන්නා වූ මහත් දළ ඇති රාජවාහන වූ ඇත්තු වෙත් ද,–
667. අනෙකසතසහස්සා පණ්ඩිතාපි මහිද්ධිකා, සබ්බෙ තෙ බුද්ධනාගස්ස න හොන්තු’පනිධිම්හි තෙ.
667. (එසේ ම) පණ්ඩිත වූ ද මහා ඍද්ධිමත් වූ ද නොයෙක් ලක්ෂගණන් රහත් නාගයෝ වෙත් නම්, ඒ සියල්ලෝ බුද්ධනාගයන් වහන්සේට ලං කොට තැබීමෙහි දී (සම) නො වෙත්.
668. ආදියාමෙ නමස්සාමි මජ්ඣිමෙ අථ පච්ඡිමෙ, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
668. පෙරයම්හි ද මැදියම්හි ද පැසුළුයම්හි ද නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෙම් තුටු වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ සිටියෙමි.
669. ආතාපී නිපකො චාපි සම්පජානො පතිස්සතො, සොතාපත්තිඵලම්පත්තො සෙක්ඛභූමීසු කොවිදො.
669. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් පැණවත් වූයෙම් මනා දැනුම් ඇත්තෙමි සිහියෙන් යුතු වූයෙම් ශෛක්‍ෂභූමියෙහි දක්ෂ වූයෙම් සෝවාන් පලයට පැමිණියෙම් වෙමි.
670. කප්පෙ’තො සතසහස්සෙ යං කම්මමභිනීහරිං, තා’හං භූමිමනුප්පත්තො ඨිතො සද්ධම්මමාචලො.
670. මෙයින් කල්ප ලක්ෂයකට පෙර යම් කර්මයක් (කොට යමක්) ප්‍රාර්‍ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියෙම් සසුනෙහි නිශ්චල ව සිටියෙම් වෙමි.
671-673. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
671-673. කෙලෙස් දවනලදී –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා ආනන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
ආනන්දත්ථෙරාපදානං දසමං.
දසවැනි වූ ආනන්‍දස්ථවිරාවදානය යි.
බුද්ධවග්ගො පඨමො
පළමුවැනි බුද්ධවර්‍ගය යි.
උද්දානං:
(එහි අපදාන) නාමාවලිය:
බුද්ධො පච්චෙකබුද්ධො ච සාරිපුත්තො ච කොලිතො, කස්සපො අනුරුද්ධො ච පුණ්ණත්ථෙරො උපාලි ච. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤා පිණ්ඩොලො රෙවතා’නන්දපණ්ඩිතො. ඡසතානි ච පඤ්ඤාස ගාථායො සබ්බපිණ්ඩිතා.
බුදු පසේබුදු හා – සැරියුත් කෝලිත කසුප්, අනුරුදු පුණු උපාලි – අඤ්ඤාකොණ්ඩඤ්ඤ ද, පිඬොල්බරදැජ රේවත – පඬිඅනඳ යන සිරිතුදු; සසිය පණසක් ගා වෙයි – එහැම පිඬු කොට දැක්වූ.