11. සීහාසනදායකත්ථෙරාපදානං
11. සීහාසනදායකත්ථෙරාපදානං
11. සිංහාසනදායක ස්ථවිරාවදානය
674. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ දිපදුත්තමෙ, විත්ථාරිතෙ පාවචනෙ බාහුජඤ්ඤම්හි සාසනෙ.
674-675. ලෝකනාථ වූ සිද්ධාර්ත්ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්‍රිපිටක ධර්මය පැතිර ගිය කල්හි බොහෝ ජනයා විසින් මැනැවැයි දන්නාලද සසුනෙහි මම පහන් සිතැත්තෙම් තුටු වූයෙම් සිහසුනක් කෙළෙමි. (එසේ ම) මම සිහසුන කොට පාපුටුවක් ද කෙළෙමි.
675. පසන්නචිත්තො සුමනො සීහාසනමකාස’හං, සීහාසනං කරිත්වාන පාදපිඨමකාස’හං.
676. සීහාසනෙ ච වස්සන්තෙ ඝරං තත්ථ අකාස’හං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජ’හං.
676. සිහසුන තෙමෙන කල්හි මම එහි ආවරණයට ගෘහයක් ද කෙළෙමි. මම ඒ සිත පැහැදවීම හේතු කොට ගෙණ තුසිතභවනයෙහි උපනිමි.
677. ආයාමෙන චතුබ්බීසයොජනං ආසි තාවදෙ, විමානං සුකතං මය්හං විත්ථාරෙන චතුද්දස.
677. එ කෙණෙහි දිගින් සූවිසියොදුන් වූ පුළුලින් තුදුස්යොදුන් වූ මැනැවින් කරණ ලද විමානයක් මට (පහළ) වී ය.
678. සතං කඤ්ඤාසහස්සානි පරිවාරෙන්ති මං සදා, සොණ්ණමයඤ්ච පල්ලඞ්කං ව්යම්හෙ ආසි සුනිම්මිතං.
678. දිව්‍යකන්‍යාවෝ ලක්ෂයක් හැම කල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්ණමයපර්ය්යඞ්කයෙක් වී ය.
679. හත්ථියානං අස්සයානං දිබ්බයානං උපට්ඨිතං, පාසාදා සිවිකා චෙව උප්පජ්ජන්ති යදිච්ඡකං.
679. හස්තිවාහන ද අශ්වවාහන ද දිව්යවාහන ද එළඹ සිටියේ ය. කැමැති පරිදි ප්‍රාසාදයෝ ද සිවිකාවෝ (=දෝලා) ද පහළ වෙත්.
680. මණිමයා ච පල්ලඞ්කා අඤ්ඤෙ සාරමයා බහූ. නිබ්බත්තන්ති මමං සබ්බෙ සීහාසනස්සි’දං ඵලං.
680. මිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ ද අන්‍ය වූ (රුක්) හරමුවා බොහෝ පර්‍ය්‍යඞ්කයෝ ද යන සියල්ල මට පහළ වෙත්. සිංහාසනදානයාගේ මේ විපාකය යි.
681. සොණ්ණමයා රූපිමයා ඵළිකා වෙළුරියාමයා, පාදුකා අභීරූහාමි පාදපීඨස්සි’දං ඵලං.
681. රුවන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පළිඟුමුවා වූ ද, විදුරුමුවා වූ ද, පාදුකා (=පාවහන්) නගිමි (=පලඳිමි). පාදපීඨ (=පාපුටු) දානයාගේ මේ විපාකය යි.
682. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
682. එකල්හි (එනම්) මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද, (එම කර්මබලයෙන්) දුගතියක් නො දනිමි. මේ පුණ්යකර්මයාගේ විපාකය යි.
683. තෙසත්තතිම්හිතො කප්පෙ ඉන්දනාමා තයො ජනා, ද්වෙසත්තතිම්හිතො කප්පෙ තයො සුමනනාමකා.
683. මෙයින් (පෙර) තෙසැත්තෑවැනි කපෙහි තුන්අත්බවෙක ඉන්ද්‍ර නම් (=සක්විති රජ) වීමි. (එසේම) මෙයින් දෙසැත්තෑවැනි කපෙහි සුමන නම් ඇති ව තෙවරක් ද,
684. සමසත්තනිම්හිතො කප්පෙ තයො වරුණනාමකා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
684. මෙයින් සමසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් සතර මහදිවයිනෙහි අධිපති වරුණ නම් ඇති ව තෙවරක් ද සක්විතිරජ වීමි.
685. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
685. සිවුපිළිසිඹියාවෝ ද -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සිංහාසනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සීහාසනදායකත්ථෙරාපදානං පඨමං.
සිංහාසනදායකස්ථවිරාවදානය පළමුවැනි යි.