12. එකත්ථම්භිකත්ථෙරාපදානං
12. එකත්ථම්භිකත්ථෙරාපදානං.
12. ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය
686. සිද්ධත්ථස්ස භගවතො මහාපූග්ගණො අහු, සරණඞ්ගතා ච තෙ බුද්ධං සද්දහන්ති තථාගතං.
686. ‘සිද්ධාර්ත්ථ’ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
687. සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වා මාළං කුබ්බන්ති සත්ථුනො, එකත්ථම්භං අලභන්තා විචිනන්ති බ්රහාවනෙ.
687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්‍රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
688. තෙ’හං අරඤ්ඤෙ දිස්වාන උපගම්ම ගණං තදා, අඤ්ජලිම්පග්ගහෙත්වාන පටිපුච්ඡිං ගණං අහං.
688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
689. තෙ මෙ පුට්ඨා වියාකංසු සීලවන්තො උපාසකා, මාළං මයං කත්තුකාමා එකත්ථම්භො න ලබ්භති.
689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
690. “එකත්ථම්භං මමං දෙථ අහං දස්සාමි සත්ථුනො, ආහරිස්සාම’හං ථම්භං අප්පොස්සුක්කා භවන්තු වො.
690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
691. තෙ මෙ ථම්භං පවෙච්ඡිංසු පසන්නා තුට්ඨමානසා, තතො පටිනිවත්තිත්වා අගමිංසු සකං ඝරං.
691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
692. අචිරං ගතෙ පූග්ගණෙ ථම්භං අදාස’හං තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන පඨමං උස්සපෙස’හං
692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
693. තෙන චිත්තප්පසාදෙන විමානං උපපජ්ජ’හං උබ්බිද්ධං භවනං මය්හං සතභූමං සමුග්ගතං.
693. එ ම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
694. වජ්ජමානාසු භෙරීසු පරිචාරෙම’හං තදා, පඤ්චපඤ්ඤාසකප්පම්භි රාජා ආසිං යසොධරො.
694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
695. තත්ථාපි භවනං මය්හං සතභූමං සමුග්ගතං, කූටාගාරවරූපෙතං එකත්ථම්භං මනොරමං.
695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
696. එකවීසතිකප්පම්හි උදෙනො නාම ඛත්තියො, තත්‍රා’පි භවනං මය්හං සතභූමං සමුග්ගතං.
696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්ෂත්රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
697. යං යං යොනු’පපජ්ජාමි දෙවත්තං අථ මානුසං, අනුභොමි සුඛං සබ්බං එකත්ථම්භස්සි’දං ඵලං.
697. යම් යම් දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
698. චතුනවුතෙ ඉතො කප්පෙ යං ථම්භමද්දිං තදා, දුග්ගතිං නාභිජානාමි එකත්ථම්භස්සි’දං ඵලං.
698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
699. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා එකත්ථම්භිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ඒකත්‍ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
එකත්ථම්භිකත්ථෙරාපදානං දුතියං.
ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.