7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
7. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානවණ්ණනා
7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරසම්බුද්ධන්තිආදිකං ආයස්මතො අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරස්ස අපදානං. අයං කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ ගහපතිමහාසාලකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්වා එකදිවසං සත්ථු සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං අත්තනො සාසනෙ පඨමං පටිවිද්ධධම්මරත්තඤ්ඤූනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තො සතසහස්සභික්ඛුපරිවාරස්ස භගවතො සත්තාහං මහාදානං පවත්තෙත්වා පණිධානං අකාසි. සත්ථාපිස්ස අනන්තරායතං දිස්වා භාවිනිං සම්පත්තිං බ්යාකාසි. සො යාවජීවං පුඤ්ඤානි කරොන්තො සත්ථරි පරිනිබ්බුතෙ චෙතියෙ පතිට්ඨාපියමානෙ අන්තොචෙතියෙ රතනඝරං කාරාපෙසි, චෙතියං පරිවාරෙත්වා සහස්සරතනග්ඝිකානි ච කාරෙසි.
පදුමුත්තර සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ අපදානයයි. මොහු වනාහි පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ භවයෙහි නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහසල් ගෘහපති කුලයක ඉපිද දැනමිති බවට පත්ව එක්දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක තම සසුනෙහි පළමුව අබෝධ කරගත් ධර්ම ඇති චිරරාත්රඥයන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර පතන්නේ සියදහසක් භික්ෂූන් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට සත්දවසක් මහදන් පවත්වා ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහ්නසේද ඔහුට අනතුරක් නැති බව දැක වාසනා සම්පත්තිය ප්‍රකාශ කළ සේක. ඔහු දිවි ඇතිතාක් පින් කරන්නේ ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි චෛත්‍යයක් ප්‍රතිෂ්ඨාපනය කරනු ලබනවිට චෛත්‍යය ඇතුළෙහි රුවන්ගෙයක් කරවීය. චෛත්‍යය වටා රුවන් ඇගෑ දහසක්ද කරවීය.
සො එවං පුඤ්ඤානි කත්වා තතො චවිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො විපස්සිස්ස භගවතො කාලෙ මහාකාලො නාම කුටුම්බිකො හුත්වා අට්ඨකරීසමත්තෙ ඛෙත්තෙ සාලිගබ්භං ඵාලෙත්වා ගහිතසාලිතණ්ඩුලෙහි අසම්භින්නඛීරපායාසං සම්පාදෙත්වා තත්ථ මධුසප්පිසක්කරාදයො පක්ඛිපිත්වා බුද්ධප්පමුඛස්ස සඞ්ඝස්ස අදාසි. සාලිගබ්භං ඵාලෙත්වා ගහිතගහිතට්ඨානං පුන පූරති. පුථුකකාලෙ පුථුකග්ගං නාම අදාසි. ලායනෙ ලායනග්ගං, වෙණිකරණෙ වෙණග්ගං, කලාපාදිකරණෙ කලාපග්ගං, ඛලග්ගං, භණ්ඩග්ගං, මිනග්ගං කොට්ඨග්ගන්ති එවං එකසස්සෙ නව වාරෙ අග්ගදානං අදාසි, තම්පි සස්සං අතිරෙකතරං සම්පන්නං අහොසි.
ඔහු මෙසේ පින්කොට එයින් මියපරලොව ගොස් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මහාකාල නම් කෙළෙඹියෙක්ව අට කිරියක් තරම් කුඹුරෙහි හැල්සහල් ගබඩාව හැර ගත් හැල්සහලින් නොකඩවා කිරිබත් සාදවා එහි මීපැණි, ගිතෙල්, සකුරු ආදිය බහා බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට දුන්නේය. හැල්සහල් ගබඩාව හැර ගත් ගත් තැන නැවත පුරවන ලද්දේය. ගොයම් කිරිවදනා කල්හි පුථුකග්ග නම් දානයක් දුන්නේය. ගොයම් කපන කල්හි ලායනග්ග නම් දානයක්ද, මිටිබඳනා කල්හි වේණග්ග නම් දානයක්ද, කොළකැටි කරන කල්හි කලාපග්ග නම් දානයක්ද ගොයම් මඩනා කල්හි බටග්ග නම් දානයක්ද, ගොඩගසනා කල්හි භණ්ඩග්ග නම් දානයක්ද, වී මනිනා කල්හි මිනග්ග නම් දානයක්ද කොටුගෙවල්හි තබනා කල්හි කොට්ඨග්ග නම් දානයක්ද යනුවෙන් මෙසේ එක් ශස්‍ය වාරයෙක්හි නවවරක් අග්‍රදානය දුන්නේය. එම ශස්‍යය වනාහි තවතවත් ඉතිරිව තිබුණේය.
එවං යාවජීවං පුඤ්ඤානි කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සංසරන්තො අම්හාකං භගවතො උප්පත්තිතො පුරෙතරමෙව කපිලවත්ථුනගරස්ස අවිදූරෙ දොණවත්ථුනාමකෙ බ්රාහ්මණගාමෙ බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති. තස්ස කොණ්ඩඤ්ඤොති ගොත්තතො ආගතං නාමං අහොසි. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගහෙත්වා ලක්ඛණමන්තෙසු ච පාරං අගමාසි. තෙන සමයෙන අම්හාකං බොධිසත්තො තුසිතපුරතො චවිත්වා කපිලවත්ථුපුරෙ සුද්ධොදනමහාරාජස්ස ගෙහෙ නිබ්බත්ති. තස්ස නාමග්ගහණදිවසෙ අට්ඨුත්තරසතෙසු බ්රාහ්මණෙසු උපනීතෙසු යෙ අට්ඨ බ්රාහ්මණා ලක්ඛණපරිග්ගහණත්ථං මහාතලං උපනීතා. සො තෙසු සබ්බනවකො හුත්වා මහාපුරිසස්ස ලක්ඛණනිප්ඵත්තිං දිස්වා “එකංසෙන අයං බුද්ධො භවිස්සතී”ති නිට්ඨං ගන්ත්වා මහාසත්තස්ස අභිනික්ඛමනං උදික්ඛන්තො විචරති.
මෙසේ දිවි ඇතිතෙක් පින්කොට දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරම කපිලවත්ථු නගරට නුදුරෙහි දොණවත්ථු නම් බමුණු ගමෙහි බමුණු මහසල් කුලයෙහි උපන්නේය. ඔහුට කොණ්ඩඤ්ඤ යනුවෙන් ගෝත්‍රයෙන් ලැබුණු නමක් විය. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය උගෙන ලක්ෂණ මන්ත්රයන්හිද පරතෙරට ගියේය. ඔහු වනාහි, අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ තුසීපුරයෙන් චුතව කපිලවත්ථු නුවර සුදොවුන් මහරජුගේ ගෙයි උපත ලැබ ඔහුගේ නම් තබන දිනයෙහි බමුණන් එකසිය අටදෙනෙකුන් කැඳවනු ලැබූ කල්හි, ලක්ෂණ පරීක්ෂා කරනු පිණිස මහාතලයට කැඳවනු ලැබුවාවූ බමුණන් අටදෙන අතුරින් නවකයා ව මහාපුරුෂයාගේ ලක්ෂණ සම්පත්තිය දැක නිසැකයෙන්ම මොහු බුදුවන්නේ යයි නිෂ්ඨාවට පැමිණ බෝධිසත්ත්වයන්ගේ මහාභිනිෂ්ක්‍රමණය අපේක්ෂා කරන්නේ හැසිරෙයි.
බොධිසත්තොපි ඛො මහතා පරිවාරෙන වඩ්ඪමානො අනුක්කමෙන වුද්ධිප්පත්තො ඤාණපරිපාකං ගන්ත්වා එකූනතිංසතිමෙ වස්සෙ මහාභිනික්ඛමනං නික්ඛමන්තො අනොමානදීතීරෙ පබ්බජිත්වා අනුක්කමෙන උරුවෙලං ගන්ත්වා පධානං පදහි. තදා කොණ්ඩඤ්ඤො මාණවො මහාසත්තස්ස පබ්බජිතභාවං සුත්වා ලක්ඛණපරිග්ගාහකබ්රාහ්මණානං පුත්තෙහි වප්පමාණවාදීහි සද්ධිං අත්තපඤ්චමො පබ්බජිත්වා අනුක්කමෙන බොධිසත්තස්ස සන්තිකං උපසඞ්කමිත්වා ඡබ්බස්සානි තං උපට්ඨහන්තො තස්ස ඔළාරිකාහාරපරිභොගෙන නිබ්බින්නො අපක්කමිත්වා ඉසිපතනං අගමාසි. අථ ඛො බොධිසත්තො ඔළාරිකාහාරපරිභොගෙන ලද්ධකායබලො වෙසාඛපුණ්ණමායං බොධිරුක්ඛමූලෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අභිසම්බුද්ධො හුත්වා සත්තසත්තාහං බොධිමණ්ඩෙයෙව වීතිනාමෙත්වා පඤ්චවග්ගියානං ඤාණපරිපාකං ඤත්වා ආසාළ්හීපුණ්ණමායං ඉසිපතනං ගන්ත්වා තෙසං ධම්මචක්කපවත්තනසුත්තන්තං (මහාව· 13 ආදයො; සං· නි· 5.1081) කථෙසි. දෙසනාපරියොසානෙ කොණ්ඩඤ්ඤත්ථෙරො අට්ඨාරසහි බ්රහ්මකොටීහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. අථ පඤ්චමියං පක්ඛස්ස අනත්තලක්ඛණසුත්තන්තදෙසනාය (මහාව· 20 ආදයො; සං· නි· 3.59) අරහත්තං සච්ඡාකාසි.
බෝධිසත්ත්වයන් වහන්සේද මහත් පිරිවරින් වැඩෙන්නේ පිළිවෙලින් වැඩිවිය පත්ව ඥානය මුහුකුරා ගොස් එකුන් විසිවැනි වර්ෂයෙහි මහාභිනිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙර දී පැවිදිව පිළිවෙලින් උරුවේලාවට ගොස් මහාප්රධාන වීර්යය කළේය. එකල්හි කොණ්ඩඤ්ඤ මානවක තෙමේ බෝසතුන් පැවිදි වූ බව අසා ලක්ෂණ පරීක්ෂා කළ බමුණන්ගේ පුත්‍රයන් වූ වප්ප මාණවක ආදීන් සමග තමා පස්වැනිව පැවිදිව පිළිවෙලින් බෝසතුන් වෙත එළඹ සයවසක් උන්වහන්සේට උපස්ථාන කරන්නේ, රළු ආහාර අනුභවයෙන් කලකිරී ඉවත්ව ඉසිපතනයට ගියේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ රළු ආහාර අනුභවයෙන් ලද කායබල ඇත්තේ. වෙසක් පුණු පොහෝදා බෝරුක්මුල අපරාජිත පර්යංකයෙහි හුන් සේක් තුන්මරුන්ගේ හිස් මැඩ බුද්ධත්වයට පත්ව සත් සතියක් බෝමැඩ ම කල්ගෙවා පස්වග තවුසන්ගේ ඥානය මුහුකුරා ගිය බව දැන ඇසළ පුණුපොහෝ දින ඉසිපතනයට වැඩ ඔවුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ සේක. දේශනාව කෙළවර කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ දහඅට කෝටියක් බ්‍රහ්මයන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති පුරපස පස්වන දින අනන්තලක්ඛණ සූත්‍රාන්ත දේශනාවෙන් රහත්බව සාක්ෂාත් කරගත් සේක.
එවං සො අරහත්තං පත්වා “කිං කම්මං කත්වා අහං ලොකුත්තරසුඛං අධිගතොම්හී”ති උපධාරෙන්තො අත්තනො පුබ්බකම්මං පච්චක්ඛතො ඤත්වා සොමනස්සවසෙන පුබ්බචරිතාපදානං උදානවසෙන දස්සෙන්තො පදුමුත්තරසම්බුද්ධන්තිආදිමාහ. තස්සත්ථො හෙට්ඨා වුත්තොයෙව. ලොකජෙට්ඨං විනායකන්ති සකලස්ස සත්තලොකස්ස ජෙට්ඨං පධානන්ති අත්ථො. විසෙසෙන වෙනෙය්යසත්තෙ සංසාරසාගරස්ස පරතීරං අමතමහානිබ්බානං නෙති සම්පාපෙතීති විනායකො, තං විනායකං. බුද්ධභූමිමනුප්පත්තන්ති බුද්ධස්ස භූමි පතිට්ඨානට්ඨානන්ති බුද්ධභූමි, සබ්බඤ්ඤුතඤ්ඤාණං, තං අනුප්පත්තො පටිවිද්ධොති බුද්ධභූමිමනුප්පත්තො, තං බුද්ධභූමිමනුප්පත්තං, සබ්බඤ්ඤුතප්පත්තං බුද්ධභූතන්ති අත්ථො. පඨමං අද්දසං අහන්ති පඨමං වෙසාඛපුණ්ණමියා රත්තියා පච්චූසසමයෙ බුද්ධභූතං පදුමුත්තරසම්බුද්ධං අහං අද්දක්ඛින්ති අත්ථො.
මෙසේ උන්වහන්සේ රහත්බවට පත්ව කවර කර්මයක් කොට මම ලොව්තුරා සැපයට පැමිණියෙම් දෝ හෝයි මෙනෙහි කරන සේක් තමන් වහන්සේගේ පූර්ව කර්මය ප්රත්යක්ෂයෙන් දැන සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය උදානයක් ලෙස දක්වන සේක් ‘පදුමුත්තරබුද්ධං’ යනාදිය කියූ සේක. එහි අර්ථය යට කියන ලද්දේමැයි. ලෝකජෙට්ඨං විනායකං යනු සකල සත්ව ලෝකයට ජ්‍යෙෂ්ඨය, ප්‍රධානය යන අර්ථයි. විශේෂයෙන් හික්මවිය යුතු සත්ත්වයන් සංසාර සාගරයෙහි පරතෙර වූ අමෘතමහා නිර්වාණයට පමුණුවයි. සම්ප්‍රාප්ත කරවානුයි විනායක නමි. එම විනායකයා. බුද්ධභූමි අනුප්පත්තං යනු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බිම = බුද්ධභූමි, සර්වඥතාඥානය. එයට පැමිණියේ, එය අවබෝධ කරගත්තේනුයි බුද්ධභූමි අනුප්පත්ත නමි. ඒ බුද්ධභූමියට පැමිණ සර්වඥතා ඥානයට පැමිණියහු බුද්ධභූත යන අර්ථයි. පඨමං අද්දසං අහං යනු පළමුව වෙසක් පුණුපොහෝ දින රාත්‍රියෙහි අළුයම් වේලෙහි බුදුබවට පත් පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි.
යාවතා බොධියා මූලෙති යත්තකා බොධිරුක්ඛසමීපෙ යක්ඛා සමාගතා රාසිභූතා සම්බුද්ධං බුද්ධභූතං තං බුද්ධං පඤ්ජලීකතා දසඞ්ගුලිසමොධානං අඤ්ජලිපුටං සිරසි ඨපෙත්වා වන්දන්ති නමස්සන්තීති සම්බන්ධො.
යමතා බෝධියා මූලෙ යනු බෝරුක සමීපයෙහි යම් පමණ යක්ෂයෝ පැමිණියෝය. රැස් වූවෝය. සම්බුද්ධං බුදුවූ ඒ බුදුරජාණන් වහන්සේ. පඤ්ජලීකතා දසඇඟිලි එක්තැන් කොට දෝත්මුදුන් දී වඳිත්, නමදිත් යනු සම්බන්ධයි.
සබ්බෙ දෙවා තුට්ඨමනාති බුද්ධභූතට්ඨානං ආගතා තෙ සබ්බෙ දෙවා තුට්ඨචිත්තා ආකාසෙ සඤ්චරන්තීති සම්බන්ධො. අන්ධකාරතමොනුදොති අතිවිය අන්ධකාරං මොහං නුදො ඛෙපනො අයං බුද්ධො අනුප්පත්තොති අත්ථො.
සබ්බෙදෙවා තුට්ඨමනා යනු බුදුබව ලැබූ තැනට පැමිණි ඒ සියලු දෙවියෝ තුටුසිත් ඇත්තාහු ආකාසයෙහි හැසිරෙත්නුයි සම්බන්ධයි. අන්ධකාරතමොනුදො යනු ඝන අන්ධකාරය වූ මෝහය දුරුකරන්නා වූ පිටුදකින්නා වූ මේ බුදුරජාණන් වහන්සේ පැමිණි සේක යන අර්ථයි.
තෙසං හාසපරෙතානන්ති හාසෙහි පීතිසොමනස්සෙහි සමන්නාගතානං තෙසං දෙවානං මහානාදො මහාඝොසො අවත්තථ පවත්තති, සම්මාසම්බුද්ධසාසනෙ කිලෙසෙ සංකිලෙසෙ ධම්මෙ ඣාපයිස්සාමාති සම්බන්ධො.
තෙසංභාස පරෙතානකං යනු සිනාවෙන් ප්‍රීති සෝමනස්සයෙන් යුක්ත වූ එම දෙවියන්ගේ මහා නාදයයි. මහා ශබ්දයයි. පවත්තථ යනු පවතී. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි කෙලෙස් ලෝභාදී කෙලෙස් දහම් දවාලන්නෙමුයි සම්බන්ධයි.
දෙවානං ගිරමඤ්ඤායාති වාචාය ථුතිවචනෙන සහ උදීරිතං දෙවානං සද්දං ජානිත්වා හට්ඨො හට්ඨෙන චිත්තෙන සොමනස්සසහගතෙන චිත්තෙන ආදිභික්ඛං පඨමං ආහාරං බුද්ධභූතස්ස අහං අදාසින්ති සම්බන්ධො.
දෙවානං ගිරමඤ්ඤාය වාචාසහිං යනු වචන සමග කියන ලද දෙවියන්ගේ ශබ්දය දැන. හට්ඨො හට්ඨෙන චිත්තෙන සොම්නස් සහගත සිතින්. ආදිභික්ඛං ප්‍රථම ආහාරය, බුදුවූ උන්වහන්සේට මම දුනිමියි සම්බන්ධයි.
සත්තාහං අභිනික්ඛම්මාති මහාභිනික්ඛමනං නික්ඛමිත්වා සත්තාහං පධානං කත්වා සබ්බඤ්ඤුතඤ්ඤාණපදට්ඨානං අරහත්තමග්ගඤාණසඞ්ඛාතං බොධිං අජ්ඣගමං අධිගඤ්ඡිං අහන්ති අත්ථො. ඉදං මෙ පඨමං භත්තන්ති ඉදං භත්තං සරීරයාපනං බ්රහ්මචාරිස්ස උත්තමචාරිස්ස මෙ මය්හං ඉමිනා දෙවපුත්තෙන පඨමං දින්නං අහොසීති අත්ථො.
සත්තාහං අභිනික්ඛම්ම යනු මහබිනික්මන් කොට සත්දිනක් පධන් වීර්යකොට, සර්වඥතාඥානය පදනම්කොට ඇති අර්හත් මාර්ගඥාන නම් වූ බෝධිය අජ්ඣගමං යනු මම අවබෝධ කරගත්තෙමි යන අර්ථයි. ඉදං මෙ ඡට්ඨමං භත්තං යනු මේ සිරුර යැපෙන ආහාරයයි. බ්රහ්මචාරිස්ස උතුම් හැසිරීම් ඇත්තහුට. මෙ මාගේ මේ දේවපුත්‍රයා විසින් පළමුකොට දෙන ලද්දේ විය යන අර්ථයි.
තුසිතා හි ඉධාගන්ත්වාති තුසිතභවනතො ඉධ මනුස්සලොකෙ ආගන්ත්වා යො දෙවපුත්තො මෙ මම භික්ඛං උපානයි අදාසි, තං දෙවපුත්තං කිත්තයිස්සාමි කථෙස්සාමි පාකටං කරිස්සාමි. භාසතො භාසන්තස්ස මම වචනං සුණාථාති සම්බන්ධො. ඉතො පරං අනුත්තානපදමෙව වණ්ණයිස්සාම.
තුසිතාහි ඉධාගන්ත්වා යනු තුසිත භවනයෙහි සිට මේ මිනිස්ලොවට පැමිණ, යම් දේවපුත්‍රයෙක් මෙ මට භික්ඛං උපානය දුන්නේද, ඒ දේවපුත්‍රයා කිත්තයිස්සාමි කියන්නෙමි. ප්‍රකට කරන්නෙමි. භාසතො කියන්නා වූ මාගේ වචනය අසවු යනු සම්බන්ධයි. මෙතැන් පටන් නොගැඹුරු පද ම වර්ණනා කරන්නෙමියි දක්වයි.
තිදසාති තාවතිංසභවනා. අගාරාති අත්තනො උප්පන්නබ්රාහ්මණගෙහතො නික්ඛමිත්වා පබ්බජිත්වා ඡ සංවච්ඡරානි දුක්කරකාරිකං කරොන්තෙන බොධිසත්තෙන සහ වසිස්සතීති සම්බන්ධො.
[missing trans] අගාරා යනු තමා උපන් බමුණු ගෙයින් නික්ම පැවිදිව සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කරන බෝසතුන් සමග වාසය කරන්නේය යනු සම්බන්ධයි.
තතො සත්තමකෙ වස්සෙති තතො පබ්බජිතකාලතො පට්ඨාය සත්තමෙ සංවච්ඡරෙ. බුද්ධො සච්චං කථෙස්සතීති ඡබ්බස්සානි දුක්කරකාරිකං කත්වා සත්තමසංවච්ඡරෙ බුද්ධො හුත්වා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ ධම්මචක්කපවත්තනසුත්තන්තදෙසනාය දුක්ඛසමුදයනිරොධමග්ගසච්චසඞ්ඛාතං චතුසච්චං කථෙස්සතීති අත්ථො. කොණ්ඩඤ්ඤො නාම නාමෙනාති නාමෙන ගොත්තනාමවසෙන කොණ්ඩඤ්ඤො නාම. පඨමං සච්ඡිකාහිතීති පඤ්චවග්ගියානමන්තරෙ පඨමං ආදිතො එව සොතාපත්තිමග්ගඤාණං සච්ඡිකාහිති පච්චක්ඛං කරිස්සතීති අත්ථො.
තතො සත්තමකෙ වස්සෙ යනු පැවිදිවූ කල්හි සිට සත්වැනි අවුරුද්දෙහි බුද්ධො සච්චං කථෙස්සතී යනු සයවසරක් දුෂ්කරක්‍රියා කොට සත්වැනි වසරෙහි බුදුවී බරණැස ඉසිපතන මිගදායෙහි ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවෙන් දුක්ඛ සමුදය, නිරෝධ මාර්ග සත්‍ය සංඛ්‍යාත වූ චතුරාර්ය සත්‍යය කියන්නේය යන අර්ථයි. කොණ්ඩඤ්ඤ නාම නාමෙන යනු නමින් ගෝත්රනාම වශයෙන් කොණ්ඩඤ්ඤ නමි. පඨමං සච්ඡිකාහීති යනු පස්වග තවුසන් අතර ප්‍රථම ආදියෙහිම සෝතාපත්ති මාර්ගඥානය සාක්ෂාත් කරගත්තේයයි ප්රත්යක්ෂ කරගත්තේ, යන අර්ථයි.
නික්ඛන්තෙනානුපබ්බජින්ති නික්ඛන්තෙන බොධිසත්තෙන සහ නික්ඛමිත්වා අනුපබ්බජින්ති අත්ථො. තථා අනුපබ්බජිත්වා මයා පධානං වීරියං සුකතං සුට්ඨු කතං දළ්හං කත්වා කතන්ති අත්ථො. කිලෙසෙ ඣාපනත්ථායාති කිලෙසෙ සොසනත්ථාය විද්ධංසනත්ථාය අනගාරියං අගාරස්ස අහිතං කසිවණිජ්ජාදිකම්මවිරහිතං සාසනං පබ්බජිං පටිපජ්ජින්ති අත්ථො.
නික්ඛන්තෙනානු පබ්බජිං යනු නික්මයන බෝසතුන් සමග නික්මී පැවිදිවීම් යන අර්ථයි. එසේ පැවිදිව මාවිසින් පධානං වීර්යය, සුකතං මනාසේ කරන ලදි. දැඩිකොට කරන ලදී යන අර්ථයි. කිලෙසෙ ඣාපනත්ථාය යනු කෙලෙස් දවාහරිනු පිණිස. විධ්වංසනය කරනු පිණිස අනගාරියං ගිහිගෙයට හිතකර කෘෂිවාණිජ්යාදී කටයුතුවලින් විරහිත සාසනය. පබ්බජිං පිළිපැද්දෙමි යන අර්ථයි.
අභිගන්ත්වාන සබ්බඤ්ඤූති සබ්බං අතීතානාගතපච්චුප්පන්නං වා සඞ්ඛාරවිකාරලක්ඛණනිබ්බානපඤ්ඤත්තිසඞ්ඛාතං ඤෙය්යං වා ජානන්තො දෙවෙහි සහ වත්තමානෙ සත්ත ලොකෙ බුද්ධො මිගාරඤ්ඤං මිගදාය විහාරං අභිගන්ත්වා උපසඞ්කමිත්වා මෙ මයා සච්ඡිකතෙන ඉමිනා සොතාපත්තිමග්ගඤාණෙන අමතභෙරිං අමතමහානිබ්බානභෙරිං අහරි පහරි දස්සෙසීති අත්ථො.
අධිගන්ත්වාන සබ්බඤ්ඤූ යනු සියලු අතීත අනාගත වර්තමාන වූ හෝ සංඛාර, විකාර ලක්ඛණ, නිබ්බාන පඤ්ඤත්ති සංඛ්‍යාත වූ ඤෙය්‍ය ධර්මය හෝ දන්නේ දෙවියන් සහිතව පවත්නා සත්ව ලෝකයෙහි මුවවනය වූ මිගදාය විහාරයට අභිගන්ත්වා එළඹ මයා මා විසින් සාක්ෂාත් කරගනු ලැබුවා වූ සෝතාපත්ති මාර්ග ඥානයෙන්. අමතභෙරිං අමෘතමහා නිර්වාණ නමැති භේරිය, ආභනි ගැසීය. දක්වයි යන අර්ථයි.
සො දානීති සො අහං පඨමං සොතාපන්නො ඉදානි අරහත්තමග්ගඤාණෙන අමතං සන්තං වූපසන්තසභාවං පදං පජ්ජිතබ්බං පාපුණිතබ්බං, අනුත්තරං උත්තරවිරහිතං නිබ්බානං පත්තො අධිගතොති අත්ථො. සබ්බාසවෙ පරිඤ්ඤායාති කාමාසවාදයො සබ්බෙ ආසවෙ පරිඤ්ඤාය පහානපරිඤ්ඤාය පජහිත්වා අනාසවො නික්කිලෙසො විහරාමි ඉරියාපථවිහාරෙන වාසං කප්පෙමි. පටිසම්භිදා චතස්සොත්යාදයො ගාථායො වුත්තත්ථායෙව.
සොදානි යනු ඒ මම පළමුව සෝවාන්ව දැන් අර්හත් මාර්ග ඥානයෙන් අමතං සන්තං සන්සුන් ස්වභාවය පිළිපැදිය යුතුය. එයට පැමිණිය යුතුය. අනුත්තරං ඊට වඩා ශ්‍රේෂ්ඨ තැනක් නැති නිර්වාණයට පැමිණියේ එය අවබෝධ කරගත්තේ යන අර්ථයි. සබ්බාසවෙ පරිඤ්ඤාය යනු කාමාසව ආදී සියලු ක්ලේශයන් පරිඤ්ඤාය ප්‍රහාණ පරිඥාවෙන් බැහැරකොට අනාසවො නිකෙලෙස්ව විහරාමි ඉරියව් සහිතව වාසය කරමි. පටිසම්භිදා චතස්සො ආදී වූ ගාථා කියන ලද අර්ථ ඇත්තේමය.
අථ නං සත්ථා අපරභාගෙ ජෙතවනමහාවිහාරෙ භික්ඛුසඞ්ඝමජ්ඣෙ පඤ්ඤත්තවරබුද්ධාසනෙ නිසින්නො පඨමං පටිවිද්ධධම්මභාවං දීපෙන්තො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤූනං යදිදං අඤ්ඤාසිකොණ්ඩඤ්ඤො”ති (අ· නි· 1.188) එතදග්ගෙ ඨපෙසි. සො ද්වීහි අග්ගසාවකෙහි අත්තනි කරියමානං පරමනිපච්චකාරං, ගාමන්තසෙනාසනෙ ආකිණ්ණවිහාරඤ්ච පරිහරිතුකාමො, විවෙකාභිරතියා විහරිතුකාමො ච අත්තනො සන්තිකං උපගතානං ගහට්ඨපබ්බජිතානං පටිසන්ථාරකරණම්පි පපඤ්චං මඤ්ඤමානො සත්ථාරං ආපුච්ඡිත්වා හිමවන්තං පවිසිත්වා ඡද්දන්තෙහි නාගෙහි උපට්ඨියමානො ඡද්දන්තදහතීරෙ ද්වාදස වස්සානි වසි. එවං තත්ථ වසන්තං ථෙරං එකදිවසං සක්කො දෙවරාජා උපසඞ්කමිත්වා වන්දිත්වා ඨිතො එවමාහ “සාධු මෙ, භන්තෙ, අය්යො ධම්මං දෙසෙතූ”ති. ථෙරො තස්ස චතුසච්චගබ්භං තිලක්ඛණාහතං සුඤ්ඤතාපටිසංයුත්තං නානානයවිචිත්තං අමතොගධං බුද්ධලීලාය ධම්මං දෙසෙසි. තං සුත්වා සක්කො අත්තනො පසාදං පවෙදෙන්තො –
ඉක්බිති ශාස්තෲන් වහන්සේ පසුකලෙක ජේතවන මහා විහාරයෙහි භික්ෂුසංඝයා මැද පනවන ලද උතුම් බුද්ධාසනයෙහි වැඩහුන් සේක් පළමුකොට තමන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ඇති බව දක්වන සේක් “මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් චිරරාත්‍රඥ වූ කෙනෙක් වේද ඒ කොණ්ඩඤ්ඤය”යි උන්වහන්සේ අග්‍රස්ථානයෙහි තැබූ සේක. උන්වහන්සේ දෑගසව්වන් විසින් තමා කෙරෙහි කරනු ලබන ග්‍රාමාන්ත සේනාසනයෙහි ආකීර්ණ හැසිරීමද අත්හැර දමනු කැමති සේක්, විවේකාභිරතියෙන් වාසයකරනු කැමති සේක්, තමා සමීපයට පැමිණි ගිහිපැවිද්දන් පිළිසඳර කථා කිරීමද ප්රපංචයක් සේ සිතන සේක්, ශාස්තෲන් වහන්සේ විමසා හිමවතට පිවිස ඡද්දන්ත ඇතුන් විසින් උවටැන් කරනු ලබන සේක්, ඡද්දන්ත විල්තෙර දොළොස් මසක් වාසය කළ සේක. මෙසේ එහි වසන තෙරුන් වහන්සේ වෙත එක් දවසක් ශක්‍රදේව රාජයා එළඹ සිට මෙසේ කීය. ස්වාමීනි, ආර්යයන් වහන්සේ මට ධර්මය දේශනා කරනු මැනවි. තෙරුන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙහි අන්තර්ගත වූ ත්රිලක්ෂණයෙන් ගනු ලැබූ ශූන්‍යතාවෙන් යුක්ත වූ නානානයින් විචිත්‍ර වූ අමා ඔසුවක් බඳු ධර්මය බුද්ධ ලීලාවෙන් දේශනා කළ සේක. ඒ අසා ශක්රදේවේන්ද්ර තෙමේ ප්‍රසාදය පළකරන්නේ –
“එස භිය්යො පසීදාමි, සුත්වා ධම්මං මහාරසං; විරාගො දෙසිතො ධම්මො, අනුපාදාය සබ්බසො”ති. (ථෙරගා· 673) –
බෙහෙවින් පහන් වෙමි - මහාරස දම් කනැලා, විරාගී දම් දෙසුණේ - හැමතින් කෙලෙස් මුදනුව
ථුතිං අකාසි. ථෙරො ඡද්දන්තදහතීරෙ ද්වාදස වස්සානි වසිත්වා උපකට්ඨෙ පරිනිබ්බානෙ සත්ථාරං උපසඞ්කමිත්වා පරිනිබ්බානං අනුජානාපෙත්වා තත්ථෙව ගන්ත්වා පරිනිබ්බායීති.
තෙරුන්වහන්සේ ඡද්දන්ත විල්තෙර දොළොස් හවුරුද්දක් වැස පරිනිර්වාණය එළඹි කල්හි ශාස්තෲන් වහන්සේ කරා එළඹ පිරිනිවන්පෑම අනුදන්වාගෙන එහිම වැඩ පිරිනිවන්පෑ සේක.
අඤ්ඤාසිකොණ්ඩඤ්ඤත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.