7. අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරාපදානං
7. අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරාපදානං
7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය
601. පදුමුත්තරසම්බුද්ධං ලොකජෙට්ඨං විනායකං, බුද්ධභූමිමනුප්පත්තං පඨමං අද්දසං අහං.
601. (සකල සත්ත්ව) ලෝකයෙහි ජ්‍යේෂ්ඨ වූ (විශේෂයෙන් වෛනෙය සත්ත්වයන් සසර සයුරින් එතෙරට පමුණුවන බැවින්) විනායක වූ බුදුපදවියට පත් පදුමුත්තර සම්බුදුරජානන් වහන්සේ මම පළමු කොට දිටිමි.
602. යාවතා බොධියා මූලෙ යක්ඛා සබ්බෙ සමාගතා, සම්බුද්ධං පරිවාරෙත්වා වන්දන්ති පඤ්ජලීකතා.
602. බෝ මුලෙහි යම් පමණ යක්ෂයෝ රැස් වූවාහු ද, ඒ සියල්ලෝ බදැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.
603. සබ්බෙ දෙවා තුට්ඨමනා ආකාසෙ සඤ්චරන්ති තෙ, “බුද්ධො අයං අනුප්පත්තො අන්ධකාරතමොනුදො.”
603. “ගන මොහඳුර දුරු කරණ මේ සර්වඥ තෙමේ පැමිණියේ ය”යි (කියමින්) සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.
604. තෙසං හාසපරෙතානං මහානාදො පවත්තථ: “කිලෙසෙ ඣාපයිස්සාමි සම්මාසම්බුද්ධසාසනෙ.”
604. “අපි සම්බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (පිළිවෙත් රැක) කෙලෙස් දවමු” ය යි සතුටින් යුත් ඒ දෙවියන්ගේ මහානාදය පවතී.
605. දෙවානං ගිරමඤ්ඤාය වාචාසභිමුදීරිතං, හට්ඨො හට්ඨෙන චිත්තෙන ආදිභික්ඛමදාස’හං.
605. දෙවියන් විසින් කියනලද ඒ අතීත වචනය අසා මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ප්‍රථම භික්ෂාව දුනිමි.
606. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, දෙවසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
606. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන දිව්‍යසමූහයා මැද මේ ගාථාවන් වදාළ සේක.
607. “සත්තාහං අභිනික්ඛම්ම බොධිං අජ්ඣගමං අහං, ඉදං මෙ පඨමං භත්තං බ්රහ්මචරියස්ස යාපනං.
607. “මම අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. බ්‍රහ්මචාරී වූ මාගේ (සිරුර) යැපෙන පමණ වූ මෙය ප්‍රථම ආහාරය යි.
608. තුසිතා හි ඉධා’ගන්ත්වා යො මෙ භික්ඛං උපානයී, තම’හං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
608. යමෙක් තුසිතදෙව්ලොවින් මෙහි අවුත් මට භික්ෂාව පිළිගැන්වී ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
609. තිංසකප්පසහස්සානි දෙවරජ්ජං කරිස්සති, සබ්බෙ දෙවෙ අභිභොත්වා තිදිවං ආවසිස්සති.
609. “මෙතෙමේ කල්ප තිස්දහසක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සියලු දෙවියන් අභිභවනය කොට දෙව්ලොව වසන්නේ ය.
610. දෙවලොකා චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, සහස්සධා චක්කවත්තී තත්ථ රජ්ජං කරිස්සති.
610. දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. එහි දහස් වරක් චක්රවර්තතිරාජ්යය කරන්නේ ය.
611. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
611. (මෙයින්) කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
612. තිදසා සො චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, අගාරා පබ්බජිත්වාන ඡබ්බස්සානි වසිසස්ති.
612. හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේ ය. ගිහිගෙන් නික්ම පැවිදි ව සවසක් (දුෂ්කරක්‍රියා කරමින්) වසන්නේ ය.
613. තතො සත්තමකෙ වස්සෙ බුද්ධො සච්චං කථෙස්සති, කොණ්ඩඤ්ඤො නාම නාමෙන පඨමං සච්ඡිකාභිති.”
613. අභිනිෂ්ක්‍රමණයෙන් සත්වැනි වර්ෂයෙහි බුදුරජ තෙම සත්‍යය (=ධර්මය) දේශනා කරන්නේ ය. නමින් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමු කොට (ධර්මය) ප්රත්යක්ෂ කරන්නේ ය” (කියායි).
614. නික්ඛන්තෙනා’නුපබ්බජිං පධානං සුකතං මයා, කිලෙසෙ ඣාපනත්ථාය පබ්බජිං අනගාරියං.
614. (මම අභිනිෂ්ක්‍රමණය කළ) බෝසතුන් අනු ව පැවිදි වීමි. මා විසින් වීර්‍ය්‍යය මැනවින් කරණලදී. කෙලෙස් දැවීම පිණිස සසුනෙහි පැවිදි වීම.
615. අභිගන්ත්වාන සබ්බඤ්ඤූ බුද්ධො ලොකෙ සදෙවකෙ, ඉසිනාමෙ මිගාරඤ්ඤෙ අමතං භෙරිමාහනි.
615. දෙවියන් සහිත ලෝකයෙහි (සියලු සත්‍ය අවබෝධ කළ සර්වඥ තෙමේ මිගදාය නම් වූ ඉසිපතනයට එළඹ (එහි දී) අමාබෙරය ගැසී ය. (හෙවත් දහම් දෙසී ය.)
616. සො’දානි පත්තො අමතං සන්තං පදමනුත්තරං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
616. ඒ මම දැන් ශාන්ත වූ නිරුත්තරපදය වූ නිවණට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් (පහාණපරිඤ්ඤාවෙන්) ප්රහාණය කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
617-619. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
617-619. කෙලෙස් දවනලදී. -පෙ- බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරස්ස අපදානං සත්තමං.
සත්වැනි වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය යි.