6. උපාලිත්ථෙරාපදානං
6. උපාලිත්ථෙරාපදානං
6. උපාලි ස්ථවිරාවදානය
446. නගරෙ හංසවතියා සුජාතො නාම බ්රාහ්මණො, අසීතිකොටිනිචයො පහූතධනධඤ්ඤවා.
446-447. හංසවතීනගරයෙහි රැස් කොට තැබූ අසූ කෙළක් ධනය ඇති සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වෛදත්රයයෙහි පරතෙරට ගියා වූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්ෂණශාස්ත්රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්රාහ්මණධර්මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක් වි ය.
447. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ පාරමිං ගතො.
448. පරිබ්බාජා එකසිඛා ගොතමා බුද්ධසාවකා, චරකා තාපසා චෙව චරන්ති මහියා තදා.
448. (හිසැ එක් සිළුවක් ඇති) ඒකසිඛයෝ ද පරිව්‍රාජකයෝ ද ගෞතමඍෂිශ්රාවකයෝ ද (තැනින් තැන හැසිරෙණ) චරකයෝ ද තවුසෝ ද එකල්හි පොළොවෙහි හැසිරෙත්.
449. තෙපි මං පරිවාරෙන්ති බ්රාහ්මණො විස්සුතො ඉති, බහුජ්ජනො මං පූජෙති නාහං පූජෙමි කඤ්චනං.
449. ඔහු ද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකැයි කියා මා පිරිවරත්. බොහෝ දෙන මා පුදත්. මම කිසිවෙකු නො පුදමි.
450. පූජාරහං න පස්සාමි මානත්ථද්ධො අහං තදා, බුද්ධොති වචනං නත්ථි තාව නුප්පජ්ජතෙ ජිනො.
450. යම් තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නො වනසේක් ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තද වූයෙම් පිදිය යුත්තකු නො දකිමි.
451. අච්චයෙන අහොරත්තා පදුමුත්තරනායකො, සබ්බං තමං විනොදෙත්වා ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
451. රෑදාවල් (බොහෝ හවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝකනායක බුදුරජතෙම සියලු අඳුරු දුරු කොට ලොව පහළ වි ය.
452. විත්ථාරිතෙ බාහුජඤ්ඤෙ පුථුභූතෙ ච සාසනෙ, උපාගමි තදා බුද්ධො නගරං හංසසව්හයං.
452. බුදුසසුන පැතුරුණු කල්හි මැනවැයි සම්මත වූ කල්හි අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුරජතෙම හංසවතී නගරයට එළඹියේ ය.
453. පිතු අත්ථාය සො බුද්ධො ධම්මං දෙසෙසි චක්ඛුමා, තෙන කාලෙන පරිසා සමන්තා යොජනං තදා.
453. පසැස් ඇත්තා වූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස ධර්මදේශනා කළසේක. එකල්හි පිරිස ද හාත්පස යොදුනක් (තන්හි පැතුරුනේ) වි ය.
454. සම්මතො මනුජානං සො සුනන්දො නාම තාපසො, යාවතා බුද්ධපරිසා පුප්ඵෙහ’ච්ඡාදයී තදා.
454. මිනිසුන් අතර සුනන්ද නමින් සම්මත වූ ඒ තවුස් තෙමේ එකල්හි යම් තාක් බුදුපිරිස ද, ඒ තාක් තැන මල්වලින් වැසී ය.
455. චතුසච්චං පකාසෙන්තෙ සෙට්ඨෙ ච පුප්ඵමණ්ඩපෙ, කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහු.
455. පුෂ්ප මණ්ඩපයෙහි සිටි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළලක්ෂයක් (ප්‍රාණීන්ට) ධර්මාභිසමය වි ය.
456. සත්තරත්තින්දිවං බුද්ධො වස්සෙත්වා ධම්මවුට්ඨියො, අට්ඨමෙ දිවසෙ පත්තෙ සුනන්දං කිත්තයී ජිනො.
456. පස්මරුන් දිනූ බුදුරජ තෙම දිවා රෑ සතක් (=සතියක්) උතුම් දහම්වැසි වස්වා අටවැනි දිනය පැමිණි කල්හි සුනන්දට මෙසේ පැවැසී ය.
457. “දෙවලොකෙ මනුස්සෙ වා සංසරන්තො අයං භවෙ, සබ්බෙසං පවරො හුත්වා භවෙසු සංසරිස්සති.
457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහි ද මිනිස්ලොවෙහි ද සැරිසරන්නේ භවයන්හි සියල්ලනට උතුම් ව සැරිසරන්නේ ය.
458. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
458. කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
459. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, මන්තානිපුත්තො පුණ්ණොති හෙස්සති සත්ථුසාවකො.”
459. ඒ ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මයට දායාද (=කොටස් හිමියෙක්) වූ (දහම් අසා සෝවාන් ආදිමාර්ගඵල පිළිවෙළින් රහත් වූ බැවින් ‘බුදුරජුන්ගේ ඖරස පුත්‍ර වූ ධර්මයෙන් ම මවාලුවාක් වැනි වූ පුණ්ණමන්තානීපුත්ත නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
460. එවං කිත්තයි සම්බුද්ධො සුනන්දං තාපසං තදා, භාසයන්තො ජනං සබ්බං දස්සයන්තො සකං බලං.
460. එකල්හි සම්බුදුරජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලය ද දක්වමින් සුනන්ද තවුසාට මෙසේ පැවැසී ය.
461. කතඤ්ජලී නමස්සන්ති සුනන්දං තාපසං ජනා, බුද්ධෙ කාරං කරිත්වාන සොධෙසි ගතිමත්තනො.
461. ජනයෝ කරණලද ඇඳිලි ඇත්තාහු “බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්යකර්ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේ ය” යි සුනන්ද තවුසාට නමස්කාර කෙරෙත්.
462. තත්ථ මෙ අහු සඞ්කප්පො සුත්වාන මුනිනො වචං, අහම්පි කාරං කස්සාමි යථා පස්සාමි ගොතමං.
462. බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි දී මට ද (මේ) අදහස වි ය. යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ දැකිය හැකි වෙම් නම්, මම ද එබඳු පින්කමක් කරන්නෙමි (කියායි).
463. එවා’හං චින්තයිත්වාන කිරියං චින්තයිං මමං, ක්යාහං කම්මං ආචරාමි පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ?
463. මම මෙසේ සිතා මා විසින් ඒ සඳහා කෙබඳු පිනක් කට යුතු දැ යි සිතීමි. නිරුත්තර පුණ්යක්ෂේත්රයෙහි (රත්නත්රයයෙහි) මම කවර පින්කමක් කෙරෙම් ද?
464. අයඤ්ච පාඨිකො භික්ඛු සබ්බපාඨීන සාසනෙ, විනයෙ ච අග්ගනික්ඛිත්තො තං ඨානං පත්ථයිං අහං.
464. (මධුරස්වරයෙන් සරභඤ්ඤවසයෙන් ග්රන්ථයන් හදාරණ හෙයින්) පාඨික නම් වූ මේ භික්ෂූ තෙමේ බුද්ධශාසනයෙහි සියලු මධුරස්වරපාඨකයන් අතුරෙහි ද විනයයෙහි ද අග්‍රස්ථානයෙහි තබන ලදී. මම ඒ තනතුර පැතීමි.
465. ඉදං මෙ අමිතං භොගං අක්ඛොභං සාගරූපමං, තෙන භොගෙන බුද්ධස්ස ආරාමං මාපයිං අහං.
465. මාගේ මේ අපමණ සම්පත් සයුර මෙන් නො කැලඹිය හැකි ය. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවීමි.
466. සොභනං නාම ආරාමං නගරස්ස පුරත්ථතො, කීත්වා සතසහස්සෙන සඞ්ඝාරාමං අමාපයිං.
466. නගරයට නැගෙනහිරින් සෝභන නම් වූ උයනකි. (එය) ලක්ෂයකින් විකිණ ගෙණ සංඝාරාමයක් කරවීමි.
467. කූටාගාරෙ ච පාසාදෙ මණ්ඩපෙ හම්මියෙ ගුහා, චඞ්කමෙ සුකතෙ කත්වා සඞ්ඝාරාමං අමාපයිං.
467. කුළුගෙවල් ද ප්රාසාදයන් ද මණ්ඩපයන් ද සඳලු සහිත ගෙවල් ද දොර නො ලූ ගුහාවන් ද සක්මන්මළු ද මැනවින් කොට සංඝාරාමය නිමවීමි.
468. ජන්තාඝරං අග්ගිසාලං අථො උදකමාළකං, නහානඝරං මාපයිත්වා භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
468. උසුමෙන් ඩහ ගන්වන ගෙය ද ගිනිහල ද යලි පැන්කළ තබන ගෙය ද නහනගෙය ද කොට මම භික්ෂු සංඝයාට දිනිමි.
469. ආසන්දියො පීඨකෙ ච පරිභොගෙ ච භාජනෙ, ආරාමිකඤ්ච භෙසජ්ජං සබ්බමෙතං අදාසහං.
469. දික්හඟළාපුටු ද (කුඩා) පුටු ද පරිභෝගභාජන ද ආරමිකයනට දෙන බෙහෙත් ද යන මේ සියල්ල මම දිනිමි.
470. ආරක්ඛං පට්ඨපෙත්වාන පාකාරං කාරයිං දළ්හං, මා නං කොචි විහෙඨෙසි සන්තචිත්තාන තාදිනං.
470. සන්හුන් සිත් ඇති අකම්ප්‍ය ගුණ ඇත්තවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නො කෙරේවා යි ආරක්ෂා තබවා දැඩි කොට පවුරක් කරවීමි.
471. ආවාසං සතසහස්සෙන සඞ්ඝාරාමෙ අමාපයිං, වෙපුල්ලතං පාපයිත්වා සම්බුද්ධං උපනාමයිං.
471. ලක්ෂයක් (ධන) වියදමින් ඒ සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස්බවට පමුණුවා බුදුරජානන් වහන්සේට පිරිනැමීමි.
472. “නිට්ඨාපිතො මයා ‘රාමො සම්පටිච්ඡ තුවං මුනි, නිය්යාදෙස්සාමි තෙ වීර අධිවාසෙහි චක්ඛුම”
472. “මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයන් වහන්ස, ඔබවහන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, මෙය ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තානන්වහන්ස, මෙය පිළිගත මැනවි” (යි දැන්වීමි).
473. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි නායකො.
473. පූජාසත්කාරයන් පිළිගැණීමට සුදුසු වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස දැන එය ඉවසූසේක.
474. අධිවාසනමඤ්ඤාය සබ්බඤ්ඤුස්ස මහෙසිනො, භොජනං පටියාදෙත්වා කාලමාරොචයිං අහං.
474. මහර්ෂී වූ සර්වඥයන් වහන්සේගේ ඉවසීම දැන මම භෝජනය පිළියෙල කරවා කාලය ආරෝචනය කෙළෙමි.
475. ආරොචිතම්හි කාලම්හි පුදුමුත්තරනායකො, ඛීණාසවසහස්සෙහි ආරාමං මෙ උපාගමී.
475. කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝකනායකයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් මාගේ ආරාමයට වැඩිසේක.
476. නිසින්නං කාලමඤ්ඤාය අන්නපානෙන තප්පයිං, භුත්තාවිං කාලමඤ්ඤාය ඉදං වචනමබ්රවිං:
476. සුදුසු කාලය දැන වැඩහුන්නාවූ උන්වහන්සේ ආහාර පානයෙන් තෘප්ත කෙළෙමි. (යලි) සුදුසු කලැයි දැන වළඳා අවසන් වූ උන්වහන්සේට මේ වචනය කීමි:
477. “කීතො සතසහස්සෙන තත්තකෙනෙ’ව කාරිතො, සොභනො නාම ආරාමො සම්පටිච්ඡ තුවං මුනි.
477. ‘සෝභන නම් වූ (මේ) ආරාමය ලක්ෂයක් මිල දී ගන්නා ලදී. එපමණ ම මුදලකින් (සෙසු කටයුතු) කරවන ලදී. බුදුරජාණන් වහන්සේ එය පිළිගන්නා සේක්වා.
478. ඉමිනා’රාමදානෙන චෙතනාපණිධීහි ච, භවෙ නිබ්බත්තමානො’හං ලභාමි මම පත්ථිතං”.
478. මෙ ම ආරාමදානයෙන් ද චිත්තප්රණිධීන්ගෙන් ද භවයෙහි උපදින්නා වූ මම මා විසින් පතන ලද්ද ලබම්වා.”
479. පටිග්ගහෙත්වා සම්බුද්ධො සඞ්ඝාරාමං සුමාපිතං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉදං වචනමබ්රවී:
479. බුදුරජතෙම මැනවින් කොට නිමවන ලද සංඝාරාමය පිළිගෙණ බික්සඟන මැද හිඳ ඒ අරමෙහි අනුසස් දක්වන මෙම වචනය වදාළේ ය.
480. “යො සො බුද්ධස්ස පාදාසි සඞ්ඝාරාමං සුමාපිතං, තමහං කිත්තයිස්සාමි පුණාථ මම භාසතො.
480. “යමෙක් තෙම මැනැවින් කොට නිමවනලද සංඝාරාමය බුදුරජානන් වහන්සේට පූජා කෙළේ ද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
481. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං.
481. ඇත්සේනාව ද අස්සේනාව ද රථසේනාව ද පාබළ සේනාව ද යන මේ සිවුරඟ සේනා නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාමදානයෙහි විපාකය යි.
482. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’ද ඵලං.
482. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනවින් අලඞ්කාර කළ භේරීහු ද නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම දානයෙහි විපාකය යි.
483. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
483-484. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්වනලද මිණිකොඬොල් ඇති මහත් වූ දිගු ඇස් ඇති සතුට උපදවන ලීලා විලාස ඇති මනා වූ ශරීරාවයව ඇති සිහින් ඉඟ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. සඞ්ඝාරාම පූජාවෙහි මේ විපාකය යි.
484. ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං
485. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
485. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ශක්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
486. දෙවරාජෙන පත්තබ්බං සබ්බං පටිලභිස්සති, අනූනභොගො හුත්වාන දෙවරජ්ජං කරිස්සති.
486. දෙව්රජ විසින් ලැබිය යුතු සියල්ල ලබන්නේ ය. සියලු සම්පත් ඇත්තෙක් ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
487. සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සති, පථව්‍යා රජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
487. දහස්වරක් රටෙහි සක්විතිරජ වන්නේ ය. මහත් වූ පෘථිවීරාජ්‍යය (ලබනවාර) ගණන් වශයෙන් ප්‍රමාණ කළ නො හැක්කේ ය.
488. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
488. කල්ප ලක්ෂයකින් මත්තෙහි ඔක්කාක කුලසම්භව වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
489. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, උපාලි නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
489. උන්වහන්සේගේ ඖරසපුත්‍ර වූ ධර්මයෙහි හිමිකම් ඇති ධර්මයෙන් නිම කළාක් වැනි වූ නමින් උපාලි නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
490. විනයෙ පාරමිං පත්වා ඨානාඨානෙ ච කොවිදො, ජිනසාසනං ධාරයන්තො විහරිස්සත’නාසවො.
490. විනයයෙහි කෙළ පැමිණ කටයුතු නො කටයුතු දැනුමෙහි දක්ෂ වූයේ බුදුසසුන (=ත්රිපිටකධර්මය) දරන්නේ ආශ්‍රව රහිත ව වාසය කරන්නේ ය.
491. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසස්ති.”
491. ශාක්යකූලශ්රේෂ්ඨ වූ බුදුරජ තෙම මේ සියල්ල දැන බික් සඟන මැද හිඳ මොහු අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (යනුයි).
492. අපරිමෙය්යු’පාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
492. අපමණ කලක පටන් ඔබවහන්සේගේ සසුන (විනය ධාරීන් ගෙන් අග්‍රස්ථානය) පතමි. සියලු සංයෝජනයන් ක්ෂය කිරීම වූ ඒ අර්ත්ථය මා විසින් ලබන ලදි.
493. යථා සූලාවුතො පොසො රාජදණ්ඩෙන තජ්ජිතො, සූලෙ සාතං අවින්දන්තො පරිමුත්තිංව ඉච්ඡති.
493. යම් සේ රජදණ්ඩනයෙන් තැති ගත් පුරුෂ තෙම හුලෙහි ඇමිණුනේ හුලෙහි සැපයක් නොවිඳුනේ (ඉන්) මිදීම ම කැමති වෙයි ද,
494. තථෙවා’හං මහාවීර භවදණ්ඩෙන තජ්ජිතො, කම්මසූලාවුතො සන්තො පිපාසාවෙදනට්ටිතො.
494. මහාවීරයන්වහන්ස, මම ද එසේ ම භවදණ්ඩනයෙන් තැතිගත්තෙම් කර්මය නැමැති හුලෙහි ඇමිණුනෙම් තෘෂ්ණාවේදනාවෙන් මඩනාලද්දෙම්,
495. භවෙ සාතං න වින්දාමි ඩය්හන්තො තීහි අග්ගිහි, පරිමුත්තිං ගවෙසාමි යථාපි රාජදණ්ඩිතො.
495. (රාග, ද්වේෂ, මෝහ) යන ත්‍රිවිධ අග්නියෙන් දැවෙන්නෙම් භවයෙහි සැපතක් නො විඳිමි. රාජදණ්ඩනයෙන් තැති ගත්තකු මෙන් මිදීම සොයමි.
496. යථා විසාදො පුරිසො විසෙන පරිපීළිතො, අගදං සො ගවෙසෙය්ය විසඝාතායුපාලනං.
496. යම්සේ විෂයෙන් (සර්පයකු විසින්) ඩහනලද පුරුෂයෙක් විෂයෙන් පෙළුනේ විෂ නසන ආයුෂ රකින බෙහෙතක් හෙතෙම සොයන්නේ ද,
497. ගවෙසමානො පස්සෙය්ය අගදං විසඝාතකං, තං පිවිත්වා සුඛී අස්ස විසම්හා පරිමුත්තියා.
497. (එසේ) සොයමින් විෂ නසන්නා වූ බෙහෙතක් දකින්නේ විෂයෙන් මිදීම පිණිස එය බී සුවපත් වන්නේ ද,
498. තථෙවා’හං මහාවීර යථා විසහතො නරො, සම්පීළිතො අවිජ්ජාය සද්ධම්මාගදමෙසයිං.
498. එසේ ම මහාවීරයන් වහන්ස, මම විෂයෙන් නටුවා වූ පුරුෂයකු මෙන් අවිද්‍යාවෙන් පෙළුනේ සදහම් බෙහෙත සෙවීමි.
499. ධම්මාගදං ගවෙසන්තො අද්දක්ඛිං සක්යසාසනං, අග්ගං සබ්බොසධානං තං සබ්බසල්ලවිනොදනං.
499. දහම්බෙහෙත සොයන්නෙම් සියලු ඖෂධයනට අග්‍ර වූ සියලු (රාගාදි) හුල් දුරු කරන්නා වූ ඒ බුද්ධශාසනය දුටුවෙමි.
500. ධම්මොසධං පිවිත්වාන විසං සබ්බං සමූහනිං, අජරාමරං සීතිභාවං නිබ්බානං ඵස්සයිං අහං.
500. මම දහම්ඔසුව බී සියලු (සසර) විෂ දුරු කෙළෙමි. අජරාමර වූ සිසිල් වූ නිවණ ප්රත්යක්ෂ කෙළෙමි.
501. යථා භූතට්ටිතො පොසො භූතගාහෙන පීළිතො, භූතවෙජ්ජං ගවෙසෙය්ය භූතස්මා පරිමුත්තියා.
501. යම් සේ භූතයකු විසින් පෙළනලද පුරුෂයෙක් තෙම භූතග්රහණයෙන් පීඩිත වූයේ භූතයාගෙන් මිදීම පිණිස භූතවෛද්යයකු සොයන්නේ ද,
502. ගවෙසමානො පස්සෙය්ය භූතවිජ්ජාසු කොවිදං, තස්ස සො විහනෙ භූතං සමූලඤ්ච විනාසයෙ.
502. සොයමින් භූත විද්‍යාවෙහි දක්ෂයකු දකින්නේ ය. ඒ වෙද තෙම ඔහුගේ භූතයා නසන්නේ ය. සහමුලින් ම වනසන්නේ ය.
503. තථෙවා’හං මහාවීර තමග්ගාහෙන පීළිතො, ඤාණාලොකං ගවෙසාමි තමතො පරිමුත්තියා.
503. මහාවීරයන් වහන්ස, එසේ ම මම ක්ලේශාන්‍ධකාරයෙන් පෙළුනෙම් (එම) අඳුරින් මිදීම පිණිස ඤාණාලොකය (ප්‍රඥාව) සොයමි.
504. අථ’ද්දසං සක්යමුනිං කිලෙසතමසොධනං, සො මෙ තමං විනොදෙසි භූතවෙජ්ජොව භූතකං.
504. ඉක්බිති කෙලෙස්අඳුර දුරු කරන්නා වූ ශාක්යමුනීන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූතවෛද්යයකු භූතාවේශය දුරු කරන්නාක් මෙන් මාගේ ක්ලේශාන්ධකාරය දුරු කළසේක.
505. සංසාරසොතං සංඡින්දිං තුණ්හාසොතං නිවාරයිං, භවං උග්ඝාටයිං සබ්බං භූතවෙජ්ජොව මූලතො.
505. භූතවෛද්යයකු (භූතාවේශය) මෙන් සසර සැඩපහර සින්දෙමි. තෘෂ්ණාශ්රොතස වැළැක්වීමි. සියලු භවය මුලින් ම නැසීමි.
506. ගරුළො යථා ඔපතති පන්නගං භක්ඛමත්තනො, සමන්තා යොජනසතං වික්ඛොභෙති මහාසරං.
506. යම් සේ ගුරුළෙක් තෙම තමාගේ ගොදුර වූ නාගයා වෙත වේගයෙන් බසී ද, මහසමුදුර හාත්පස යොදුන් සියයක් කළඹා ද,
507. පන්නගං සො ගහෙත්වාන අධොසීසං විහෙඨයං, ආදාය සො පක්කමති යෙන කාමං විහඞ්ගමො.
507. ඒ ගුරුළු තෙමේ හිස යටිකුරු කොට නාගයා ගෙණ පෙළන්නේ කැමැති තැනකට ගෙණයේ ද,
508. තථෙවාහං මහාවීර යථාපි ගරුළො බලී, අසඞ්ඛතං ගවෙසන්තො දොසෙ වික්ඛාලයිං අහං.
508. මහාවීරයන් වහන්ස, එසේ ම මම ගුරුළා බිලි සොයන්නාක් මෙන් අසංස්කෘත සඞ්ඛ්‍යාත නිර්වාණය සොයන්නෙම් (ක්ලේශ) දොස් (සමුච්ඡේද වශයෙන්) මම සෝදා හැරීමි.
509. දිට්ඨො අහං ධම්මවරං සන්තිපදමනුත්තරං, ආදාය විහරාමෙතං ගරුළො පන්නගං යථා.
509. නිරුත්තරශාන්තපදය වූ උතුම් නිර්වාණධර්මය දක්නාලද මම ගුරුළා නාගයකු මෙන් මෙය (=ධර්මය) ගෙණ වෙසෙමි.
510. ආසාවතී නාම ලතා ජාතා චිත්තලතාවනෙ, තස්සා වස්සසහස්සෙන එකං නිබ්බත්තතෙ ඵලං.
510. චිත්රලතාවනයෙහි හටගත්තා වූ (දෙවියන් ආසා කරණ හෙයින්) ආසාවතී නම් වූ වැලක් වෙයි. ඒ වැලේ හවුරුදු දහසකින් එක මලක් හටගනී.
511. තං දෙවා පටිරුපාසන්ති තාව දූරෙ ඵලෙ සති, දෙවානං සා පියා එවං ආසාවතීලතුත්තමා.
511. එතෙක් දිගු කලක් ගොස් මල ඇති වූ කල්හි ඒ වැල දෙවියෝ ඇසුරු කෙරෙත්. ඒ ආසාවතී නම් උතුම් ලතාව මෙසේ දෙවියනට ප්‍රිය වන්නී ය.
512. සතසහස්සුපාදාය තා’හං පරිචරෙ මුනිං, සායං පාතං නමස්සාමි දෙවා ආසාවතිං යථා.
512. කලාප ලක්ෂයක පටන් මම ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. උදේ සවස නමදිමි. දෙවියන් ආසාවතී ලතාව ඇසුරු කරන්නාක් මෙනි.
513. අවඤ්ඣා පාරිචරියා අමොඝා ච නමස්සනා, දූරාගතම්පි මං සන්තං ඛණො මං න විරාධයී.
513. පාරිචරියාව (බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කිරීම) නො වඳ ය. නමස්කාරය නො සිස් ය. සසර බොහෝ දුර සිට ආවා වූ මට ඇති වූ මේ බුද්ධෝත්පාදක්ෂණය මා ඉක්මවා නො ගියේ ය.
514. පටිසන්ධිං න පස්සාමි විචිනන්තො භවෙ අහං, නිරූපධී විප්පමුත්තො උපසන්තො චරාම’හං.
514. මම පරීක්ෂා කොට බලන්නෙම් භවයෙහි ප්‍රතිසන්ධියක් නො දකිමි. (එසේ ම) මම (ඛන්ධ-කිලේස) උපධි විරහිත වූයෙම් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනෙම් සන්සිඳුනෙම් හැසිරෙමි.
515. යථාපි පදුමං නාම සුරියරංසෙන පුප්ඵති, තථෙවා’හං මහාවීර බුද්ධරංසෙන පුප්ඵිතො.
515. පියුම වනාහි යම් සේ හිරුරැසින් පිපේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, මම ද බුදුරැසින් පිපුනෙම් වෙමි.
516. යථා බලාකායොනිම්හි න විජ්ජති පුමා සදා, මෙඝෙසු ගජ්ජමානෙසු ගබ්භං ගණ්හන්ති තා සදා.
516. යම් සේ බලාකායෝනියෙහි (=කොක් ජාතියෙහි) හැම කල්හි පිරිමිසත්තු විද්‍යාමාන නො වෙද්ද, ඒ කෙකින්නෝ හැම දා මේඝගර්ජනය කරණ කල්හි ගැබ් ගණිත් ද,
517. චිරම්පි ගබ්භං ධාරෙන්ති යාව මෙඝො න වස්සති, භාරතො පරිමුච්චන්ති යදා මෙඝො පවස්සති.
517. යම් තාක් කල් වැසි නො වසී ද, (ඒ තාක්) දීර්ඝකාලයක් නමුදු කෙකින්නෝ ගැබ් දරත්. යම් කලෙක් හි වැසි වසී ද, එකල්හි (ගැබ්) බරින් මිදෙත්.
518. පදුමුත්තරබුද්ධස්ස ධම්මමෙඝෙන ගජ්ජතො, සද්දෙන ධම්මමෙඝස්ස ධම්මගබ්භං අගණ්හි’හං.
518. ධර්මය නමැති මෙඝයෙන් ගර්ජනය කරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්මමේඝයාගේ ශබ්දය කරණ කොට ගෙණ මම දහම්ගැබ් ගතිමි.
519. සතසහස්සුපාදාය පුඤ්ඤගබ්භං ධරෙම’හං, නප්පමුඤ්චාමි භාරතො ධම්මමෙඝෙ න ගජ්ජති.
519. කල්ප ලක්ෂයක පටන් ම මම (රැස් කළ) පින් නමැති ගැබ් දරමි. ධර්ම නමැති මේඝය ගර්ජනා නො කරණ කල්හි (එම ගැබ්) බරින් නො මිදෙමි.
520. යදා තුවං සක්යමුනෙ රම්මෙ කාපිලවත්ථවෙ, ගජ්ජසි ධම්මමෙඝෙන භාරතො පරිමුත්ත’හං.
520. ශාක්යමුනීන්ද්රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ රම්‍ය වූ කපිලවත්ථු නගරයෙහි ධර්මමේඝයෙන් ගර්ජනය කළසේක් නම්, මම (ඒ පින් ගැබ්) බරින් මිදුනෙම් වෙමි.
521. සුඤ්ඤතං අනිමිත්තඤ්ච තථාප්පණිහිතම්පි ච, චතුරො ච ඵලෙ සබ්බෙ ධම්මෙ විජනයිං අහං.
521. (ආත්ම දෘෂ්ටි විරහිත බැවින්) ශුන්‍ය වූ, (ක්ලේශ නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ, (තෘෂ්ණා ප්‍රණිධි රහිත බැවින්) අප්පණිහිත වූ විමෝක්ෂ ධර්මය ද, චතුර්විධ ශ්‍රාමණ්‍යඵල ද යන මේ සියලු ධර්මයන් මම ඉපදවීමි.
දුතියභාරණවාරං
දෙවෙනි බණවරයි.
522. අපරිමෙය්යුපාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සන්තිපදමනුත්තරං.
522. පමණ කළ නො හැකි කාලයක පටන් ඔබ වහන්සේගේ සසුන පැතීමි. මා විසින් පැමිණෙනලද එම (ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත) අර්ත්ථ ඇත්තෙම් පැමිණෙනලද ශාන්තපදය වූ නිවණ ද ඇත්තෙම් වෙමි.
523. විනයෙ පාරමිං පත්තො යථාපි පාඨිකො ඉසි, න මෙ සමසමො අත්ථි ධාරෙමි සාසනං අහං.
523. (පදුමුත්තර බුදුසසුනෙහි) පාඨික භික්ෂුහු මෙන් විනයෙහි තෙර පතුයෙම් වෙමි. මට සමාන අනිකෙක් ද නැත. මම සසුන (ඔවාදසාසනය) දරමි.
524. විනයෙ ඛන්ධකෙ චාපි තිකච්ඡෙදෙ ච පඤ්චමෙ, එත්ථ මෙ විමතී නත්ථි අක්ඛරෙ ව්යඤ්ජනෙපි වා.
524. විනයයෙහි (=භික්ෂු භික්ෂුණී විභඞ්ග සඞ්ඛ්‍යාත උභතෝවිභඞ්ගයෙහි) ද, ඛන්ධකයෙහි (=චුල්ලවග්ග මහාවග්ග දෙක්හි) ද, තික සඞ්සාදිසේසතික පාචිත්තියාදියෙහි ද, පස්වැනි වූ පරිවාරයෙහි ද යන මෙහි (=විනය පිටකයෙහි) අකුරක හෝ ව්‍යඤ්ජනයක හෝ මාගේ සැකයක් නැත.
525. නිග්ගහෙ පටිකම්මෙ ච ඨානාඨානෙ ච කොවිදො, ඔසාරණෙ වුට්ඨාපනෙ සබ්බත්ථ පාරමිං ගතො.
525. (පාප භික්ෂූන්ට) නිග්‍රහ කිරීමෙහි ද, (සාපත්තික) භික්ෂූන්ට (පරිවාස දානාදියෙන්) ප්‍රතිකර්ම කිරීමෙහි ද, කරුණෙහි හා නො කරුණෙහි ද දක්ෂ වූයෙම් (තර්‍ජනීයාදි කර්මයන්ගේ පටිප්පස්සද්ධි වශයෙන් සසුනට ඇතුළු කරගන්නා) ඔසාරණයෙහි ද, ඇවතින් නැගිටුවාලන වුට්ඨාපනයෙහි ද යන මේ සියල්ලෙහි පරතෙරට පැමිණියෙම් වෙමි.
526. විනයෙ ඛන්ධකෙ චාපි නික්ඛිපිත්වා පදං අහං, උභතො විනිවෙඨෙත්වා රසතො ඔසරෙය්ය’හං.
526. (උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද, (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්ධකයෙහි ද මම සුදුසු පදය බහා (විභඞ්ග ඛන්ධක) දෙකින් නිරවුල් කොට (ක්‍රම දක්වා) කෘත්‍ය වශයෙන් (සුදුසු) අදහස් ඇතුළත් කරමි.
527. නිරුත්තියා සුකුසලො අත්ථානත්ථෙ ච කොවිදො, අනඤ්ඤාතං මයා නත්ථි එකග්ගො සත්ථුසාසනෙ.
527. නිරුක්තියෙහි (=ව්යවහාරවචනයන්හි නියම අර්ත්ථ කීමේ ක්රමයෙහි) ඉතා දක්ෂ වූයෙම් අභිවෘද්ධිය පරිහානිය යන මේ දෙක්හි ද ඡේක වූයෙම් වෙමි. (ත්‍රිපිටකයෙහි) මා විසින් දැන නො ගන්නාලද්දක් නැත. බුද්ධ ශාසනයෙහි (මම ම) අසහාය වූ අග්රවිනයධරයා වෙමි.
528. රූපදක්ඛො අහං අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ, කඞ්ඛං සබ්බං විනොදෙමි ඡින්දාමි සබ්බසංසයං.
528. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (විනයවිනිශ්චයදර්ශන සඞ්ඛ්‍යාත) රූපදර්ශනයෙහි සියලු සැක දුරු කරමි. සියලු කුකුස් සිඳිමි.
529. පදං අනුපදඤ්චාපි අක්ඛරඤ්චාපි ව්යඤ්ජනං, නිදානෙ පරියොසානෙ සබ්බත්ථ කොවිදො අහං.
529. පෙර පසු පද (එක එක) අකුර, ද, (සිථිල ධනිතාදි) දශවිධ ව්යඤ්ජනවිධානය ද, (තෙන සමයෙන යනාදි) නිදානය ද, නිගමනය ද යන මේ සියල්ලෙහි මම දක්ෂ වෙමි.
530. යථාපි රාජා බලවා නිග්ගණ්හිත්වා පරන්තපෙ, විජිනිත්වාන සඞ්ගාමං නගරං තත්ථ මාපයෙ.
530. යම් සේ බලවත් රජෙක් තෙම සතුරු රජුන්ගේ සෙනඟ පහ කොට සඞ්ග්‍රාමය ජය ගෙණ එහි නුවරක් ඉදි කරන්නේ නම්,
531. පාකාරං පරිඛඤ්චාපි එසිකං ද්වාරකොට්ඨකං, අට්ටාලකෙ ච විවිධෙ කාරයෙ නගරෙ බහූ.
531. පවුර ද දියඅගළ ද ඉන්ද්රකීලය ද දොරටුව ද විවිධ අටලු ද යන බොහෝ දෙය (මේ) නගරයෙහි කරවන්නේ ය.
532. සිඞ්ඝාටකං වච්චරඤ්ච සුවිභත්ත’න්තරාපණං, කාරයෙය්ය සභං තත්ථ අත්ථානත්ථවිනිච්ඡයං.
532. සිවු මංසන්ධි ද ඇතුළු වීථි ද මැනවින් බෙදනලද ආපණ ශාලාවන් ද (එසේ ම) එහි වරද නිවරද විනිශ්චය කරණ අධිකරණ ශාලාව ද කරවන්නේ ය.
533. නිග්ඝාතත්ථං අමිත්තානං ඡිද්දාඡිද්දඤ්ච ජානිතුං, බලකායස්ස රක්ඛාය සෙනාපච්චං ඨපෙති සො.
533. හෙතෙම පසමිතුරන් නැසීම පිණිස ද දොස් නිදොස් දැන ගැණීම පිණිස ද භට (සේනා) සමූහය රැකීම පිණිස ද සෙන්පතියකු තබයි.
534. ආරක්ඛත්ථාය භණ්ඩස්ස නිධානකුසලං නරං, මා මෙ භණ්ඩං විනස්සීති භණ්ඩරක්ඛං ඨපෙති සො.
534. හෙතෙම “මාගේ භාණ්ඩයන් විනාශ නො වේවා යි” රාජ භාණ්ඩයන්ගේ ආරක්ෂාව පිණිස (ධනය) තැන්පත් කිරීමෙහි දක්ෂ වූ පුරුෂයකු භාණ්ඩාගාරක්ෂකයා කොට තබයි.
535. මාමකො හොති යො රඤ්ඤො වුද්ධිං යස්ස ච ඉච්ඡති, තස්සාධිකරණං දෙති මිත්තස්ස පටිපජ්ජිතුං.
535. යමෙක් රජුට මමත්වය කරන්නේ වේ ද, යමෙක් ඒ රජුගේ අභිවෘද්ධිය කැමැති වේ ද, ඒ මිත්‍රයාහට (ධර්මානුකූලව ම) පිළිපැදීමට අධිකරණ නායකත්වය දෙයි.
536. උප්පාතෙසු නිමිත්තෙසු ලක්ඛණෙසු ච කොවිදං, අජ්ඣායකං මන්තධරං පොරොහිච්චෙ ඨපෙති සො.
536. හෙතෙම (උල්කාපාත දිග්දාහාදි භූතවිකෘතීන් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා) උත්පාතශාස්ත්‍රයෙහි ද, (මුසිකච්ජින්න =මීයන් කැපීම ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා) නිමිති ශාස්ත්‍රයෙහි ද, (ස්ත්‍රීපුරුෂයන්ගේ අඞ්ගලක්ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන) ලක්ෂණශාස්ත්ර යෙහි ද දක්ෂ වූ (බොහෝ ශිෂ්‍යයනට) වේද හදාරවන්තා වූ (වෙදත්‍රය සඞ්ඛ්‍යාත) මන්ත්‍ර දරන්නා වූ පුරුෂයකු පුරෝහිත තනතුරෙහි තබයි.
537. එතෙහඞ්ගෙහි සම්පන්නො ඛත්තියොති පවුච්චති. සදා රක්ඛන්ති රාජානං චක්කවාකොව දුක්ඛිතං
537. මේ අඞ්ගයන්ගෙන් යුක්ත වූයේ ක්ෂත්රියයා ය යි කියනු ලැබේ. (ඒ සේනාවෝ) ස්වකීය ඤාතීන් වූ දුඃඛිතයන් රකින සක්වාලිහිණියා මෙන් හැම කල්හි රජතුමා රකිත්.
538. තථෙව ත්වං මහාවීර හතාමිත්තොව ඛත්තියො, සදෙවකස්ස ලොකස්ස ධම්මරාජාති වුච්චති.
538. මහාවීරයන් වහන්ස, එසේ ම ඔබවහන්සේ නසනලද සතුරන් ඇති රජකු මෙන් දෙවියන් සහිත ලෝකයෙහි ධර්මරාජ ය යි කියනු ලබන සේක.
539. තිත්ථියෙ නිහනිත්වාන මාරඤ්චාපි සසෙනකං, තමන්ධකාරං විධමිත්වා ධම්මනගරං අමාපයී.
539. තීර්ත්ථකයන් ද සේනා සහිත වූ මාරයා ද නසා ඝනමෝහාන්ධකාරය දුරු කොට ධර්මනගරය මැවූ සේක.
540. සීලං පාකාරකං තත්ථ ඤාණං තෙ ද්වාරකොට්ඨකං, සද්ධා තෙ එසිකා ධීර ද්වාරපාලො ච සංවරො.
540. ප්‍රාඥයන් වහන්ස, ඒ ධර්මනගරයෙහි ප්‍රාකාරය ශීලය යි. දොර කොටුව ඔබවහන්සේගේ ඥානය යි. ඉන්ද්රකීලය ඔබවහන්සේගේ ශ්‍රද්ධාව යි. ද්වාරපාලයා නම් සංවරය වෙයි.
541. සතිපට්ඨානමට්ටාලං පඤ්ඤා තෙ චච්චරං මුනෙ, ඉද්ධිපාදඤ්ච සිඞ්ඝාටං ධම්මවීථි සුමාපිතා.
541. අටල්ල සතිපට්ඨානය යි. සර්වඥයන් වහන්ස, ඇතුළු වීථිය ඔබවහන්සේගේ ප්‍රඥාව යි. සතර මං සන්ධිය ඍද්ධිපාදය යි. (මේ ධර්මනගරය) සත්තිස්බෝපැකිදහම් නමැති වීථීන්ගෙන් මැනවින් නිර්මිත කරණ ලදී.
542. සුත්තන්තං අභිධම්මො ච විනයො චා පි කෙවලං, නවඞ්ගං බුද්ධවචනං එසා ධම්මසභා තව.
542. සූත්‍රය අභිධර්මය විනයය යන සියලු නවාඞ්ගබුද්ධවචනය ඔබගේ (නගරයෙහි) ධර්මාධිකරණසභාව යි.
543. සුඤ්ඤතං අනිමිත්තඤ්ච අප්පණිහිතවිහාරකං, අනෙජං ච නිරොධො ච එසා ධම්මකුටී තව.
543. (අනත්තානුපස්සනාවසයෙන් ලබන ලද) සුඤ්ඤතවිහාරය ද, (අනිච්චානුපස්සනාවසයෙන් ලබන ලද) අනිමිත්ත විහාරය ද, (දුක්බානුපස්සනාවසයෙන් ලබන ලද) අප්පණිහිතවිහාරය ද, (නිශ්චල වූ සතර ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අනෙජවිහාරය ද, (සියලු දුක් වැළැක්වීම නම් වූ) නිර්වාණය ද යන මොහු ඔබ වහන්සේගේ ධර්මකුටීහු වෙති.
544. පඤ්ඤාය අග්ගනික්ඛිත්තො පටිභානෙ ච කොවිදො, සාරිපුත්තොති නාමෙන ධම්මසෙනාපතී තව.
544. ප්‍රඥාවෙන් අග්‍රස්ථානයෙහි තබන ලද, වැටහීමෙහි ද දක්ෂ වූ, නමින් ශාරීපුත්‍ර වූ (ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්මසේනාපතියා වෙයි.
545. චුතූපපාතකුසලො ඉද්ධියා පාරමිඞ්ගතො, කොලිතො නාම නාමෙන මුනෙ තව පුරොහිතො.
545. සර්වඥයන් වහන්ස, චුතූප්පාතඤාණයෙහි දක්ෂ වූ ඍද්ධියෙහි පරතෙරට පැමිණි නමින් කෝලිත (නම් ශ්‍රාවක) තෙමේ ඔබවහන්සේගේ පෙරෙවියා (=පුරෝහිතයා) වෙයි.
546. පොරාණකවංසධරො උග්ගතෙජො දුරාසදො, ධුතවාදිගුණෙන’ග්ගො අක්ඛධස්සො තවං මුනෙ.
546. මුනීන්ද්රයන් වහන්ස, පෞරාණිකවංශය දරන්නා වූ උග්‍ර වූ තේජස් ඇති, (ගුණධර්මයන්ගෙන්) ලං විය නො හැක්කා වූ ධූතවාදී වූ ධූතගුණයෙන් අග්‍ර වූ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ අක්බදස්ස හෙවත් විවාදවිනිශ්චයයෙහි ප්‍රධානයා වේ.
547. බහුස්සුතො ධම්මධරො සබ්බපාඨි ච සාසනෙ, ආනන්දො නාම නාමෙන ධම්මාරක්ඛො තවං මුනෙ.
547. බුදුරජානන් වහන්ස, ශාසනයෙහි බහුශ්‍රුත වූ ධර්මධර වූ සියලු ධර්ම අධ්‍යයනය කරන්නා වූ නමින් ආනන්ද (නම් ශ්‍රාවක) තෙමේ ඔබ වහන්සේගේ ධර්ම (භාණ්ඩාගාර) ආරක්ෂකයා වෙයි.
548. එතෙ සබ්බෙ අතික්කම්ම පමෙසි භගවා මමං, විනිච්ඡයම්මෙ පාදාසි විනයෙ විඤ්ඤුදෙසිතං.
548. භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ශ්‍රාවකයන් ඉක්මවා මා පමණ කළ සේක. විනයයෙහි විනය දත් නැණවතුන් විසින් ප්‍රකාශ කරණලද දෝෂ විචාරණය මට ම පැවරූසේක.
549. යො කොචි විනයෙ පඤ්හං පුච්ඡති බුද්ධසාවකො, තත්ථ මෙ චින්තනා නත්ථි තඤ්ඤෙව’ත්ථං කථෙම’හං.
549. යම් කිසි බුද්ධශ්‍රාවකයෙක් තෙම විනය පිළිබඳ ප්‍රශ්නයක් විචාරා ද, එහි මාගේ විමතියක් නැත. මම ඒ විචාළ අර්ත්ථය කියමි.
550. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වා තං මහාමුනිං, විනයෙ මාදිසො නත්ථි කුතො භිය්යො භවිස්සති.
550. බුද්ධක්‍ෂේත්‍රය (=ආඥාක්ෂේත්රය) යම් පමණ තන්හි පැතිරේ නම්, එපමණ තන්හි ඒ බුදුරජානන් වහන්සේ හැර විනය පිටකයෙහි දක්ෂ වූ මා වැනි කෙනෙක් නැත. මට වැඩි කෙනෙක් කොයින් වන්නේ ද?
551. භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එවං ගජ්ජති ගොතමො, උපාලිස්ස සමො නත්ථි විනයෙ ඛන්ධකෙසු ච.
551. ගෞතම බුදුරජානන් වහන්සේ භික්ෂුසඞ්ඝයා මැද හිඳ “(උභතෝ විභඞ්ග සඞ්ඛ්‍යාත) විනයයෙහි ද (චුල්ලවග්ග මහාවග්ග සඞ්ඛ්‍යාත) ඛන්ධකයෙහි ද උපාලි භික්ෂුහු හා සම කෙනෙක් නැතැ” යි මෙසේ සිංහනාද කරණ සේක.
552. යාවතා බුද්ධභණිතං නවඞ්ගං සත්ථුසාසනං, විනයොගධිතං සබ්බං විනයමූලංති පස්සතො.
552-553. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලද නවාඞ්ග ශාස්තෘශාසනය යම් තාක් නම් ඒ සියල්ල විනයයෙහි ඇතුළත් ය. විනය මුල් කොට ඇත්තේ ය යි දකින්නා වූ මාගේ පූර්වප්රාර්ත්ථනාකර්මය ගෞතම නම් වූ ශාක්යමුනීන්ද්රයන් වහන්සේ සිහි කොට භික්ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබූසේක.
553. මම කම්මං සරිත්වාන ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
554. සතසහස්සුපාදාය ඉමං ඨානමපත්ථයිං, සො මෙ අත්ථො අනුප්පත්තො විනයෙ පාරමිඞ්ගතො.
554. කල්පලක්ෂයක (පමණ කාලයක) පටන් මේ තනතුර පැතීමි. පැමිණෙනලද එම අර්ත්ථ ඇත්තෙම් විනයෙහි පරතෙරට පත් වීමි.
555. සක්යානං නන්දිජනනො කප්පකො ආස’හං පුරෙ, විජහිත්වාන තං ජාතිං පුත්තො ජාතො මහෙසිනො.
555. මම පෙර ශාක්‍යයනට සොම්නස ඇති කරන්නා වූ කපුවෙක් වීමි. ඒ කුලය හැර මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ පුත්‍රයෙක් වූයෙම් ශාක්‍යපුත්‍ර වීමි.
556. ඉතො දුතියකෙ කප්පෙ අඤ්ජසො නාම ඛත්තියො, අනන්තතෙජො අමිතයසො භූමිපාලො මහද්ධනො.
556. මෙයින් (=මේ මහාභද්රකල්පයෙන්) දෙවෙනි කල්පයෙහි අපමණ තෙද ඇති අනන්ත වූ පිරිවර ඇති මහාධනවත් පෘථිවී පාලක වූ අඤ්ජස නම් රජෙක් වී ය.
557. තස්ස රඤ්ඤො අහං පුත්තො චන්දනො නාම ඛත්තියො, ජාතිමදෙනුපත්ථද්ධො යසභොගමදෙන ච.
557. පරිවාරමදයෙන් ද භෝගමදයෙන් ද ජාතිමදයෙන් ද මත් වූ එම රජුගේ පුත්‍ර වූ චන්දන නම් ක්ෂත්රියකුමාරයෙක් වීමි.
558. නාගසතසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, තිධා පභින්නමාතඞ්ගා පරිවාරෙන්ති මං සදා.
558. හස්තිකුලයෙහි උපන්නා වූ සියලු ඇත්අබරණින් (සැරසුම්) කරණලද්දා වූ ලක්ෂයක් (පමණ) ත්‍රිමදගලිත ඇත්තු නිතර මා පිරිවරත්.
559. සබලෙහි පරිතො’හං උය්යානං ගන්තුකාමකො, ආරුය්හ සිරිකං නාගං නගරා නික්ඛමිං තදා.
559. ස්වකීය භටසේනාවන් විසින් පිරිවරණලද මම උයනට යනු කැමැත්තෙම් එකල්හි සිරික නම් ඇතුපිට නැගී නුවරින් නික්මුනෙමි.
560. චරණෙන ච සම්පන්නො ගුත්තද්වාරො සුසංවුතො, දෙවලො නාම සම්බුද්ධො ආගච්ඡි පුරතො මම.
560. පසළොස් චරණධර්මයන්ගෙන් යුත් වසනලද (චක්ෂුරාදි) දොරටු ඇති මැනවින් රැකි කායචිත්ත ඇති දේවල නම් පසේබුදු රජානන් වහන්සේ මාගේ ඉදිරිපසින් පැමිණි සේක.
561. පෙසෙත්වා සිරිකං නාගං බුද්ධං ආසාදයිං තදා, තතො සඤ්ජාතකොපො සො නාගො නුද්ධරතෙ පදං.
561. එකල්හි සිරික නම් හස්තියා යවා බුදුරජානන් වහන්සේ ගැටවීමි. ඉන් හටගත් කෝප ඇති එම ඇත් තෙමේ පිය නූගුළුවයි. (නිශ්චල ව සිටියි.)
562. නාගං දුට්ඨමනං දිස්වා බුද්ධෙ කොපං අකාසහං, විහෙසයිත්වා සම්බුද්ධං උය්යානං අගමාස’හං.
562. මම දූෂ්‍ය සිත් ඇති ඇතු දැක බුදුන් කෙරෙහි කෝප කෙළෙමි. බුදුරජානන් වහන්සේ පෙළා මම උයනට ගියෙමි.
563. සාතං තත්ථ න වින්දාමි සිරොපජ්ජලිතො යථා, පරිළාහෙන ඩය්හාමී මච්ඡො’ව බළිසාදකො.
563. එහි (ඒ කර්මවිපාකයෙන්) හිස ඇවිළ ගත්තකු මෙන් සුවයක් නො විඳිමි. බිළිය ගිලි මසකු මෙන් (පසුතැවිලියෙන්) දැවිල්ලෙන් තැවෙමි.
564. සසාගරන්තා පඨවී ආදිත්තා විය හොති මෙ, පිතුසන්තිකු’පාගම්ම ඉදං වචනමබ්රවිං:
564. මට සයුර කෙළවර කොට ඇති පෘථිවිය ඇවිළ ගත්තාක් මෙන් විය. (මම) පියාගේ සමීපයට එළඹ මේ වචනය කීමි:
565. “ආසීවිසං’ව කුපිතං අග්ගික්ඛන්ධං’ව ආගතං, මත්තං’ව කුඤ්ජරං දන්තිං යං සයම්භුමසාදයිං.
565. ‘කිපුනු සර්පයකු මෙන් ද, පැමිණි ගිනිකඳක් මෙන් ද, දළ ඇති මතැතකු මෙන් ද යම් පසේබුදුවරයන් වහන්සේ කෙනෙකුන් ගැටීම් ද,
566. ආසාදිතො මයා බුද්ධො ඝොරො උග්ගතපො ජිනො, පුරා සබ්බෙ විනස්සාම ඛමාපෙස්සාම තං මුනිං.
566. (අනිකකු විසින්) නො ගැටිය හැකි බැවින් ඝෝර වූ උග්‍ර තපස් ඈති පස්මරුන් දිනූ පසේබුදුරජතෙම මා විසින් ගටන ලදී. (ඉන්) අප සියලු දෙනා ම වැනසෙන්නට පෙර ඒ පසේබුදුරජානන් වහන්සේ ක්ෂමා කොට ගණිමු.
567. නො චෙ තං නිජ්ඣපෙස්සාම අත්තදන්තං සමාහිතං, ඔරෙන සත්තදිවසා රට්ඨං මෙ විධමිස්සති.
567. ඉදින් චිත්තදමනය කළ එකඟසිත් ඇති ඒ පසේබුදු රජානන් වහන්සේ ක්ෂමා නො කරන්නෙමු නම්, සත් දිනකින් මෙපිට මගේ රට විනාශ වන්නේ ය.
568. සුමෙඛලො කොසියො ච සිග්ගවො චාපි සත්තුකො, ආසාදයිත්වා ඉසයො දුග්ගතා තෙ සරට්ඨකා.
568. සුමෙඛල ය, කෝසිය ය, සිග්ගව ය, සත්තුක ය යන මේ (සිවු) රජවරු ඍෂීන්ට ගටා (=අනදර කොට) ස්වකීය රටවල් සමග දුකට පත් වූහ.
569. යදා කුප්පන්ති ඉසයො සඤ්ඤතා බ්රහ්මචාරිනො, සදෙවකං විනාසෙන්ති සසාගරං සපබ්බතං.”
569. කායසංයමයෙන් යුත් බ්‍රහ්මචාරී වූ ඍෂිහු යම් කලෙක්හි කිපෙත් ද, (එකල) සාගර පර්වත සහිත වූ දෙවියන් සහිත ලෝකය වනසත්.”
570. තියොජනසහස්සම්හි පුරිසෙ සන්නිපාතයිං, අච්චයං දෙසනත්ථාය සයම්භුං උපසඞ්කමිං.
570. තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම සඳහා පසේබුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
571. අල්ලවත්ථා අල්ලසිරා සබ්බෙව පඤ්ජලී කතා, බුද්ධස්ස පාදෙ නිපතිත්වා ඉදං වචනමබ්‍රවුං:
571. තෙත් වූ වස්ත්‍ර ඇති තෙත් වූ කෙස් ඇති සියල්ලෝ ම බඳින ලද ඇඳිලි ඇත්තාහු බුදුරජානන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහු ය:
572. “ඛමස්සු ත්වං මහාවීර අභියාචති තං ජනො, පරිළාහං විනොදෙහි මා නො රට්ඨං විනාසය.
572. මහාවීරයානෙනි, සමා වනු මැනවි. ජනසමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිළාහය (=දැවිල්ල) දුරු කරණු මැනව. අපගේ රට නො නසනු මැනව.
573. සදෙවමානුසා සබ්බෙ සදානවසරක්ඛසා, අයොමයෙන කූටෙන සිරං භින්දෙය්යු මෙ සදා.”
573. දෙවිමිනිසුන් සහිත වූ ද අසුරයන් හා රාක්ෂසයන් සහිත වූ ද සියල්ලෝ හැම කල්හි යකුළින් මාගේ හිස පළන්නාහු ය.”
574. “උදකෙ අග්ගි න සණ්ඨාති බීජං සෙලෙ න රූහති, අගදෙ කිමි න සණ්ඨාති කොපො බුද්ධෙ න ජායති.
574. “දියෙහි ගිනි නො සිටී. ගලෙහි බිජුවට පැළ නො වේ. බෙහෙතෙහි කෘමියා නො සිටී. (එසේ ම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නො ගණී.
575. යථාපි භූමි අචලා අප්පමෙය්යො ච සාගරො, අනන්තකො ච ආකාසො එවං බුද්ධා අඛොභියා.
575. යම් සේ පොළොව නො සෙල්විය හැකි ද, මහසයුර පමණ කළ නො හැකි ද, අහස කෙළවරක් නැත්තේ ද, එසේ ම බුදුවරයෝ නො කැලඹිය හැක්කෝ ය.
576. සදා ඛන්තා මහාවීරා ඛමිතා ච තපස්සිනො, ඛන්තානං ඛමිතානඤ්ච ගමනං තං න විජ්ජති”
576. මහාවීර වූ බුදුවරයෝ හැම කල්හි කමා කළාහු ය. තපස්වීහු කමා කරණ ලද්දෝ ද වෙත්. කමා කළවුන්ගේ ද, කමා කරණු ලැබූවන්ගේ ද (ඡන්දාදීන් වූ) එබඳු (අගති) ගමනක් නො වේ.” (නොහොත් කමා කිරීමෙක් නො යෙදේ).
577. ඉදං වත්වාන සම්බුද්ධො පරිළාහං විනොදයං, මහාජනස්ස පුරතො නභං අබ්භුග්ගමී තදා.
577. එකල්හි පසේබුදු තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරු කරමින් මෙය වදාරා මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේ ය.
578. තෙන කම්මෙන’හං ධීර භීනත්තං අජ්ඣුපාගතො, සමතික්කම්ම තං ජාතිං පාවිසිං අභයං පුරං.
578. ප්‍රාඥයන් වහන්ස, මම ඒ කර්මය හේතු කොට ගෙණ පහත් (කරනැවෑමියකු) බවට එළඹියෙම් ඒ කුලය හැරදමා අභයපුරය (=නිවණ)ට පැමිණියෙමි.
579. තදාපි මං මහාවීර ඩය්හමානං සුසණ්ඨිතං, පරිළාහං විනොදෙසි සයම්භුඤ්ච ඛමාපයි.
579. මහාවීරයන් වහන්ස, එකල්හි දු දැවෙන්නා වූ (වරද වරද ලෙස පිළිගෙණ) මැනවින් සිටියා වූ මා (දැක) සන්තාපය දුරු කෙළේ ය. ඒ බුදුරජානන් වහන්සේ ද ක්ෂමා කොට මා වරද ඉවසූසේක.
580. අජ්ජාපි මං මහාවීර ඩය්හමානං තිහ’ග්ගිහි, නිබ්බාපෙසි තයො අග්ගී සීතිභාවඤ්ච පාපියී.
580. මහාවීරයන් වහන්ස, අදත් (රාග - ද්වේෂ - මෝහ) ත්‍රිවිධාග්නියෙන් දැවෙන්නා වූ මා නිවූ සේක. ඒ ත්‍රිවිධාග්නිය ද සිසිල්බවට පැමිණවූ සේක.
581. යෙසං සොතාවධාන’ත්ථි සුණාථ මම භාසතො, අත්ථං තුම්හං පවක්ඛාමි යථා දිට්ඨං පදං මම.
581. යම් බඳු වූ තොපගේ කන් යොමු කිරීමක් ඇත් නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ (වචනය) අසවු. නිර්වාණපදය මා දක්නා ලද පරිදි තොපට ද කියමි.
582. සයම්භුං තං විමානෙත්වා සන්තචිත්තං සමාහිතං, තෙන කම්මෙන’හං අජ්ජ ජාතො’ම්හි නීචයොනියං.
582. ශාන්ත වූ සිත් ඇති එකඟ වූ ඒ පසේබුදුරජානන් වහන්සේට අවමන් කොට මම ඒ කර්මය හේතුකොට ගෙණ පහත් (කපු) කුලයෙහි උපන්නෙම් වෙමි.
583. මා වො ඛණං විරාධෙථ ඛණාතීතා හි සොචරෙ, සදත්ථෙ වායමෙය්යාථ ඛණො වො පටිපාදිතො.
583. තෙපි (මේ බුද්ධොත්පාද) ක්ෂණය වරද්දා නො ගණිවු. (බුද්ධොත්පාද) ක්ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත් ම ය. ස්වකීයාභිවෘදධියෙහි වෑයම් කරවු. තොප විසින් බුද්ධෝත්පාදක්ෂණය ලබන ලද්දේ ය.
584. එකච්චානඤ්ච වමනං එකච්චානං විරෙචනං, විසං හලාහලං එකෙ එකච්චානං ව ඔසධං.
584. කිසිවෙකුට වමනය ද කිසිවෙකුට විරේචනය ද එසේ ම කිසිවෙකුට හලාහලවිෂය ද ඖෂධ වේ ය යි ඇතැම්හු කියති.
585. වමනං පටිපන්නානං ඵලට්ඨානං විරෙචනං, ඔසධං ඵලලාභීනං පුඤ්ඤක්ඛෙත්තං ගවෙසිතං.
585. මාර්ගසමඞ්ගීපුද්ගලයනට වමනය (=සංසාරමොචනය) ද ඵලස්ථයනට විරේචනය (=සංසාරවිරේචනය) ද, ඵල ලබා සිටිනවුනට නිර්වාණය ද, (දිව්‍ය මනුෂ්‍ය නිර්වාණ සම්පත්) සොයන්නවුනට පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද ඖෂධ ය යි වදාළසේක.
586. සාසනෙන විරුද්ධානං විසං හලාහලං යථා, ආසීවිසො දිට්ඨවිසො එවං ඣාපෙති තං නරං.
586. සසුන හා විරුද්ධවූවනට හලාහල ය යි කියනලද කුතුහලය විෂ ය යි (වදාළහ.) ආශීවිෂ දෘෂ්ටවිෂ සර්පයා යම් සේ ද එසේ (එය) ඒ පවිටු මිනිසා දවයි.
587. සකිං පීතං හලාහලං උපරුන්ධති ජීවිතං, සාසනෙන විරුජ්ඣිත්වා කප්පකොටිම්හි ඩය්හති.
587. වරක් පානය කළ හලාහලවිෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේ ම) සසුන හා විරුද්ධ වීමෙන් (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණන් මුළුල්ලෙහි දැවේ.
588. ඛන්තියා අවිහිංසාය මෙත්තචිත්තවතාය ච, සදෙවකං සො තාරෙති තස්මා වො අවිරොධියො.
588. ක්ෂාන්තියෙන් ද අවිහිංසාවෙන් ද මෙත් සිත් ඇති බැවින් ද ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසරසයුරින්) එතෙර කරණසේක. එහෙයින් (උන්වහන්සේ) තොප විසින් විරුද්ධ නො විය යුත්තෝ ය.
589. ලාභාලාභෙ න සජ්ජන්ති සම්මානන-විමානනෙ, පඨවීසදිසා බුද්ධා තස්මා තෙ න විරොධියා.
589. බුදුවරයෝ මහපොළොව වැනියහ. ලාභ අලාභ දෙක්හි ද සම්මානන අවමානන දෙක්හි ද නො ලැගෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරෝධ නො කළ යුත්තෝ ය.
590. දෙවදත්තෙ ච වධකෙ චොරෙ අඞ්ගුලිමාලකෙ, ධනපාලෙ රාහුලෙ ච සබ්බෙසං සමකො මුනි.
590. බුදුරජානන් වහන්සේ වධක වූ දේවදත්තයා ය, චෞර වූ අඞ්ගුලිමාලයා ය (මත් වී ඉදිරියට ආ) ධනපාල හස්තියා ය, (ඖරස පුත්‍ර වූ) රාහුල තෙර ය යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.
591. එතෙසං පටිඝො නත්ථි රාගො’මෙසං න විජ්ජති, සබ්බෙසං සමකො බුද්ධො වධකස්සොරසස්ස ච.
591. මොවුන්හට පටිඝය (=තරහ)ක් නැත. එසේ ම මොවුන් පිළිබඳ රාගය (=ඇලීමක්) ද නැත. සර්වඥ තෙමේ (තමන් මැරීමට ආ) වධකයාට ද (තමාගේ ම) ඖරසපුත්රයාට ද සමමෙත් ඇත්තේ ය.
592. පන්ථෙ දිස්වාන කාසාවං ඡඩ්ඩිතං මීළ්හමක්ඛිතං, සිරස්මිං අඤ්ජලිං කත්වා වන්දිතබ්බං ඉසිද්ධජං
592. මග අත හැර දැමූ අශුචි වැකුනු කසාවත (=සිවුර) ද දැක ඍෂිධ්වජය යි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතු ය.
593. අබ්භතීතා ච යෙ බුද්ධා වත්තමානා අනාගතා, ධජෙනානෙන සුජ්ඣන්ති තස්මා එතෙ නමස්සියා.
593. අතීතයෙහි වූ ද, වර්තමානයෙහි වූ ද, අනාගතයෙහි වූ ද යම් බුදු කෙනෙක් වෙත් නම, මේ ඍෂිධ්වජයෙන් (=සිවුරෙන්) පිරිසිදු වෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහු ය.
594. සත්ථුකප්පං සුවිනයං ධාරෙමි හදයෙන’හං නමස්සමානො විනයං විහරිස්සාමි සබ්බදා.
594. බුදුරජානන් වහන්සේ වැනි වූ සුන්දර වූ විනයපිටකය මම හදයෙන් දරමි. හැම කල්හි විනයයට නමස්කාර කරමින් වසන්නෙමි.
595. විනයො ආසයො මය්හං විනයො ඨානචඞ්කමං, කප්පෙමි විනයෙ වාසං විනයො මය්හ ගොචරො.
595. මාගේ වාසගෘහය විනය යි. සිටින තැන ද සක්මන් කරණ තැන ද විනය යි. විනයපිටකයෙහි (දැරීම්, පැවැත්වීම් වශයෙන්) වාසය කරමි. විනය මාගේ ගෝචරය යි.
596. විනයෙ පාරමිප්පත්තො සමථෙ චාපි කොවිදො, උපාලි තං මහාවීර පදෙ වන්දති සත්ථුනො.
596. විනයපිටකයෙහි පරතෙරට පැමිණියා වූ අධිකරණසමථයෙහි ද දක්ෂ වූ උපාලි තෙමේ මහාවීරයන් වහන්ස, ශාස්තෘ වූ ඔබවහන්සේගේ දෙපා වඳියි.
597. සො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං.
597. ඒ (උපාලි වූ) මම ධර්මය පිළිබඳ සුන්දරබව දැන ඒ ධර්මයට ද සම්යක්සම්බුදුරජානන් වහන්සේට ද වඳිමින් ගමින් ගමට ද නගරයෙන් නගරයට ද යමි.
598. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථි දානි පුනබ්භවො.
598. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ මනා කොට නසන ලදහ. සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
(599-600 ගාථා 372, 373 ගාථාහි සමා.)
599-600 ගාථා 372-373 ගාථාවන් හා සම ය.
ඉත්ථං සුදං ආයස්මා උපාලිත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
උපාලිත්ථෙරාපදානං ඡට්ඨං.
සවැනි වූ උපාලිස්ථවිරාවදානය යි.