යෙදුමෙන් කියවන්න

14. චූළපන්‍ථකත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

14. චූළපන්‍ථකත්‍ථෙරඅපදානවණ‍්ණනා

14. චුල්ලපන්‍ථක ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො චූළපන්‍ථකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ යදෙත්‍ථ අට‍්ඨුප‍්පත‍්තිවසෙන වත‍්තබ‍්බං, තං අට‍්ඨකනිපාතෙ මහාපන්‍ථකවත්‍ථුස‍්මිං (ථෙරගා· 510 ආදයො) වුත‍්තමෙව. අයං පන විසෙසො – මහාපන්‍ථකත්‍ථෙරො අරහත‍්තං පත්‍වා ඵලසමාපත‍්තිසුඛෙන වීතිනාමෙන‍්තො චින‍්තෙසි – “කථං නු ඛො සක‍්කා චූළපන්‍ථකම‍්පි ඉමස‍්මිං සුඛෙ පතිට‍්ඨාපෙතු”න‍්ති. සො අත‍්තනො අය්‍යකං ධනසෙට‍්ඨිං උපසඞ‍්කමිත්‍වා ආහ – “සචෙ, මහාසෙට‍්ඨි , අනුජානාථ, අහං චූළපන්‍ථකං පබ‍්බාජෙය්‍ය”න‍්ති. “පබ‍්බාජෙථ, භන‍්තෙ”ති. ථෙරො තං පබ‍්බාජෙසි. සො දසසු සීලෙසු පතිට‍්ඨිතො භාතු සන‍්තිකෙ –

පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි යමක් මෙහි අර්ථෝත්පත්ති වශයෙන් කිවයුතුද එය පළමුව අෂ්ටක නිපාතයෙහි මහාපන්‍ථක වස්තුවෙහිදී කියන ලද්දේමය. විශේෂය මෙපමණමය. මහාපන්‍ථක තෙරුන් වහන්සේ රහත්බවට පත්ව ඵලසමාපත්ති සුඛයෙන් දවසරින්නේ මෙසේ සිතූ සේක. ‘කෙසේද චුල්ලපන්ථකද මේ සැපයෙහි පිහිටුවන්නට හැක්කේ’ යනුවෙන් උන්වහන්සේ තම මුත්තණුවන් වූ ධන සිටුවරයා වෙත එළඹ මෙසේ කීහ. යම්හෙයකින් මහ සිටුවරයා අනුදන්නේ නම් මම චුල්ලපන්‍ථක පැවිදි කරන්නෙමි’. ‘ස්වාමීනි, පැවිදි කරන්න’. තෙරුන් වහන්සේ ඔහු පැවිදි කළ සේක. ඔහු දසසිල්හි පිහිටියේ සහෝදරයා හමුවෙහි

“පදුමං යථා කොකනදං සුගන්‍ධං, පාතො සියා ඵුල‍්ලමවීතගන්‍ධං; අඞ‍්ගීරසං පස‍්ස විරොචමානං, තපන‍්තමාදිච‍්චමිවන‍්තලික‍්ඛෙ”ති. (සං· නි· 1.123; අ· නි· 5.195) –

පදුමං යථා කොකනදං සුගන්‍ධං, පාතො සියා ථුල්ලමවීත ගන්‍ධං, අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ

සුවඳැති රත් පියුමක් සේ - උදෑසන පිපී සුවඳ හමනා බලව දිදුලන බුදුරදුන් දෙස - අහස්කුස දිලෙන හිරු සේ

ගාථං උග‍්ගණ‍්හන‍්තො චතූහි මාසෙහි උග‍්ගහෙතුං නාසක‍්ඛි, ගහිතම‍්පි හදයෙ න තිට‍්ඨති. අථ නං මහාපන්‍ථකො, “චූළපන්‍ථක, ත්‍වං ඉමස‍්මිං සාසනෙ අභබ‍්බො, චතූහි මාසෙහි එකං ගාථම‍්පි ගහෙතුං න සක‍්කොසි, පබ‍්බජිතකිච‍්චං පන ත්‍වං කථං මත්‍ථකං පාපෙස‍්සසි, නික‍්ඛම ඉතො”ති සො ථෙරෙන පණාමිකො ද‍්වාරකොට‍්ඨකසමීපෙ රොදමානො අට‍්ඨාසි.

ගාථාව ඉගෙන ගන්නේ සිව් මසෙකින් ඉගෙනීමට නොහැකි විය. උගත් දෙය හෘදයෙහි නොසිටී. ඉක්බිති මහාපන්ථක තෙමේ “චුල්ලපන්ථක, ඔබට මේ සසුන සුදුසු නැත. සිව් මසෙකින් එක් ගාථාවක්වත් ඉගෙනීමට නොහැකි වූයෙහිය. පැවිදිකිස කෙසේ නම් මුදුන්පමුණුවා ගන්නෙහිද. මෙයින් නික්මී යව. තෙරුන් විසින් නෙරපා දමනු ලැබූ ඔහු දොර කොටුව සමීපයෙහි හඬමින් සිටියේය.

තෙන ච සමයෙන සත්‍ථා ජීවකම‍්බවනෙ විහරති. අථ ජීවකො පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං සත්‍ථාරං නිමන‍්තෙහී”ති. තෙන ච සමයෙන ආයස‍්මා මහාපන්‍ථකො භත‍්තුද‍්දෙසකො හොති. සො “පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං භික‍්ඛං පටිච‍්ඡථා”ති වුත‍්තො “චූළපන්‍ථකං ඨපෙත්‍වා සෙසානං පටිච‍්ඡාමී”ති ආහ. තං සුත්‍වා චූළපන්‍ථකො භිය්‍යොසොමත‍්තාය දොමනස‍්සප‍්පත‍්තො අහොසි. සත්‍ථා තස‍්ස චිත‍්තක‍්ඛෙදං ඤත්‍වා “චූළපන්‍ථකො මයා කතෙන උපායෙන බුජ‍්ඣිස‍්සතී”ති තස‍්ස අවිදූරට‍්ඨානෙ අත‍්තානං දස‍්සෙත්‍වා “කිං, පන්‍ථක, රොදසී”ති පුච‍්ඡි. “භාතා මං, භන‍්තෙ, පණාමෙතී”ති ආහ. “පන්‍ථක, මා චින‍්තයි, මම සාසනෙ තුය‍්හං පබ‍්බජ‍්ජා, එහි ඉමං ගහෙත්‍වා ‘රජොහරණං, රජොහරණ’න‍්ති මනසි කරොහී”ති ඉද‍්ධියා සුද‍්ධං චොළක‍්ඛණ‍්ඩං අභිසඞ‍්ඛරිත්‍වා අදාසි. සො සත්‍ථාරා දින‍්නං චොළක‍්ඛණ‍්ඩං “රජොහරණං, රජොහරණ”න‍්ති හත්‍ථෙන පරිමජ‍්ජන‍්තො නිසීදි. තස‍්ස තං පරිමජ‍්ජන‍්තස‍්ස කිලිට‍්ඨධාතුකං ජාතං, පුන පරිමජ‍්ජන‍්තස‍්ස උක‍්ඛලිපරිපුඤ‍්ඡනසදිසං ජාතං. සො ඤාණපරිපාකත‍්තා එවං චින‍්තෙසි – “ඉදං චොළක‍්ඛණ‍්ඩං පකතියා පරිසුද‍්ධං, ඉමං උපාදිණ‍්ණකසරීරං නිස‍්සාය කිලිට‍්ඨං අඤ‍්ඤථා ජාතං, තස‍්මා අනිච‍්චං යථාපෙතං, එවං චිත‍්තම‍්පී”ති ඛයවයං පට‍්ඨපෙත්‍වා තස‍්මිංයෙව නිමිත‍්තෙ ඣානානි නිබ‍්බත‍්තෙත්‍වා ඣානපාදකං කත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අරහත‍්තපත‍්තස‍්සෙවස‍්ස තෙපිටකං පඤ‍්චාභිඤ‍්ඤා ච ආගමිංසු.

එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ජීවකගේ අඹවනයෙහි වාසය කරන සේක. ඉක්බිති ජීවක තෙමේ පුරුෂයකු යැවීය. “යව, පන්සියයක් භික්‍ෂූන් සමග ශාස්තෲන් වහන්සේට ආරාධනා කරව”යි. එකල්හි ආයුෂ්මත් මහාපන්ථක තෙරුන්වහන්සේ දාන අධිකාරී වෙති. හෙතෙමේ ‘පන්සියයක් භික්‍ෂූන්ට භික්ෂාව පිළිගනු මැනැවයි කියනු ලැබුවාහු චුල්ලපන්ථක හැර සෙසු භික්‍ෂූන්ට පිළිගනිමියි කීහ. ඒ අසා චුල්ලපන්ථක තෙමේ බෙහෙවින් දොම්නසට පැමිණියේ විය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිතෙහි හැසිරීම දැන චුල්ලපන්ථක මා විසින් කරන ලද උපායෙන් අවබෝධ කරගන්නේ යයි ඔහුට නුදුරු තැන තමා දක්වා කිමෙක්ද පන්ථක හඬන්නෙහිදැයි ඇසූ සේක. ස්වාමීනි, සොහොයුරා මා නෙරපතීයි කීය. පන්ථක නහමක් සිතව, ඔබගේ පැවිද්ද මාගේ සසුනෙහිය. එන්න මෙය ගෙන ‘රජොහරණං, රජොහරණං’ යනුවෙන් සිත්හි තබා ගනුවයි සෘද්ධියෙන් පිරිසිදු රෙදිකඩක් මවාදුන් සේක. ඔහු ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද රෙදිකඩ රජොහරණං රජොහරණං යනුවෙන් අතින් පිරිමදින්නේ හුන්නේය. ඔහු එය පිරිමදිද්දී කිලිටි විය. නැවත පිරිමදිනවිට ඉඳුල් පිස්නාවක් මෙන් විය. ඔහු ඥානය මුහුකුරා ගිය හෙයින් මෙසේ සිතීය. මේ රෙදිකඩ ප්‍රකෘතියෙන් පිරිසිදුය. මේ කර්මයෙන් හටගත් සිරුර නිසා කිලිටි විය. වෙනස් විය. ඒ නිසා මෙයද අනිත්‍යයි. මෙසේ සිතට ප්‍රීති ක්‍ෂයව්‍යය එළවාගෙන එම නිමිත්තෙහිම ධ්‍යාන උපදවා ධ්‍යානපාදක කොට විදර්ශනා පිහිටුවා පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය. රහත්බවට පත් ඔහුට ත්‍රිපිටකය අභිඥාපස පැමිණියේය.

සත්‍ථා එකූනෙහි පඤ‍්චභික‍්ඛුසතෙහි සද‍්ධිං ගන‍්ත්‍වා ජීවකස‍්ස නිවෙසනෙ පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. චූළපන්‍ථකො පන අත‍්තනො භික‍්ඛාය අප‍්පටිච‍්ඡිතත‍්තා එව න ගතො. ජීවකො යාගුං දාතුං ආරභි. සත්‍ථා හත්‍ථෙන පත‍්තං පිදහි. “කස‍්මා, භන‍්තෙ, න ගණ‍්හථා”ති වුත‍්තෙ “විහාරෙ එකො භික‍්ඛු අත්‍ථි, ජීවකා”ති. සො පුරිසං පෙසෙසි – “ගච‍්ඡ, භණෙ, විහාරෙ නිසින‍්නං අය්‍යං ගහෙත්‍වා එහී”ති. චූළපන්‍ථකත්‍ථෙරොපි රූපෙන කිරියාය ච එකම‍්පි එකෙන අසදිසං භික‍්ඛුසහස‍්සං නිම‍්මිනිත්‍වා නිසීදි. සො පුරිසො විහාරෙ භික‍්ඛූනං බහුභාවං දිස‍්වා ගන‍්ත්‍වා ජීවකස‍්ස කථෙසි – “ඉමස‍්මා භික‍්ඛුසඞ‍්ඝා විහාරෙ භික‍්ඛුසඞ‍්ඝො බහුතරො, පක‍්කොසිතබ‍්බං අය්‍යං න ජානාමී”ති. ජීවකො සත්‍ථාරං පුච‍්ඡි – “කො නාමො, භන‍්තෙ, විහාරෙ නිසින‍්නො භික‍්ඛූ”ති? “චූළපන්‍ථකො නාම, ජීවකා”ති. “ගච‍්ඡ, භණෙ, ‘චූළපන්‍ථකො නාම කතරො’ති පුච‍්ඡිත්‍වා තං ආනෙහී”ති. සො විහාරං ගන‍්ත්‍වා “චූළපන්‍ථකො නාම කතරො, භන‍්තෙ”ති පුච‍්ඡි. “අහං චූළපන්‍ථකො, අහං චූළපන්‍ථකො”ති එකප‍්පහාරෙන භික‍්ඛුසහස‍්සම‍්පි කථෙසි. සො පුනාගන‍්ත්‍වා තං පවත‍්තිං ජීවකස‍්ස ආරොචෙසි ජීවකො පටිවිද‍්ධසච‍්චත‍්තා “ඉද‍්ධිමා මඤ‍්ඤෙ, අය්‍යො”ති නයතො ඤත්‍වා “ගච‍්ඡ, භණෙ, පඨමං කථෙන‍්තං අය්‍යමෙව ‘තුම‍්හෙ සත්‍ථා පක‍්කොසතී’ති වත්‍වා චීවරකණ‍්ණෙ ගණ‍්හාහී”ති ආහ. සො විහාරං ගන‍්ත්‍වා තථා අකාසි. තාවදෙව නිම‍්මිතභික‍්ඛූ අන‍්තරධායිංසු. සො ථෙරං ගහෙත්‍වා අගමාසි.

ශාස්තෲන් වහන්සේ එකක් අඩු පන්සියයක් භික්‍ෂූන් සමග වැඩ ජීවකගේ නිවසෙහි පැනවූ අසුනෙහි හුන් සේක. චුල්ලපන්‍ථක වනාහි තමා භික්‍ෂාව සඳහා නොපිළිගනු ලැබූ හෙයින්ම නොගියේ විය. ජීවක කැඳ පිළිගන්වන්නට ආරම්භ කෙළේය. ශාස්තෲන් වහන්සේ අතින් පාත්‍රය වැසූ සේක. ස්වාමීනි, කුමක් නිසා නොපිළිගන්නහුදැයි ඇසූකල්හි ජීවක වෙහෙරෙහි එක් භික්‍ෂුවක් ඇතැයි කී සේක. හේ එක් පුරුෂයකු යැවීය. යව ඔහු ගෙනෙවයි චුල්ලපන්‍ථක තෙරුන් වහන්සේද රූපයෙන්ද ක්‍රියාවෙන්ද එකිනෙකාට අසමාන භික්‍ෂූන් දහසක් මවා හුන්හ. ඒ පුරුෂයා විහාරයෙහි භික්‍ෂූන් බොහෝ දෙනකු දැක ජීවකට කීය. මේ භික්‍ෂු සංඝයාට වඩා විහාරයෙහි භික්‍ෂු සංඝයා බහුතරය. කැඳවිය යුතු ආර්යයන් වහන්සේ නොදනිමි. ජීවක ශාස්තෲන් වහන්සේ විචාළේය. ස්වාමීනි විහාරයෙහි හුන් භික්‍ෂුව කවර නම් ඇත්තේද. චුල්ලපන්‍ථක නම්ය. දරුව, යව. චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසා ඔහු ගෙන එව. ඔහු විහාරයට ගොස් ස්වාමීනි චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි ඇසීය. මම චුල්ලපන්‍ථක. මම චුල්ලපන්‍ථක යයි එකපැහැර දහසක් භික්‍ෂූහු කතාකළහ. ඔහු නැවත අවුත් ඒ පුවත ජීවකට දැන්වීය. ජීවක අවබෝධ කරගත් සත්‍ය ඇති බැවින් ආර්යයන් වහන්සේ සෘද්ධි ඇත්තෙකැයි සිතමියි නය වශයෙන් දැන දරුව යව, පළමුව කථාකරන ආර්යයන් වහන්සේම ශාස්තෲන් වහන්සේ ඔබවහන්සේ කැඳවතියි සිවුරු කොණින් ගනුවයි කීය. ඔහු විහාරයට ගොස් එසේ කළේය. එකෙණෙහිම මැවුණු භික්‍ෂූහු අතුරුදහන් වූහ. ඔහු තෙරුන් වහන්සේ ගෙන ගියේය.

සත්‍ථා තස‍්මිං ඛණෙ යාගුඤ‍්ච ඛජ‍්ජකාදිභෙදඤ‍්ච පටිග‍්ගණ‍්හි. කතභත‍්තකිච‍්චො භගවා ආයස‍්මන‍්තං චූළපන්‍ථකං ආණාපෙසි “අනුමොදනං කරොහී”ති. සො පභින‍්නපටිසම‍්භිදො සිනෙරුං ගහෙත්‍වා මහාසමුද‍්දං මන්‍ථෙන‍්තො විය තෙපිටකං බුද‍්ධවචනං සඞ‍්ඛොභෙන‍්තො සත්‍ථු අජ‍්ඣාසයං ගණ‍්හන‍්තො අනුමොදනං අකාසි. දසබලෙ භත‍්තකිච‍්චං කත්‍වා විහාරං ගතෙ ධම‍්මසභායං කථා උදපාදි ‘අහො බුද‍්ධානං ආනුභාවො, යත්‍ර හි නාම චත‍්තාරො මාසෙ එකගාථං ගහෙතුං අසක‍්කොන‍්තම‍්පි ලහුකෙන ඛණෙනෙව එවං මහිද‍්ධිකං අකංසූ’ති, තථා හි ජීවකස‍්ස නිවෙසනෙ නිසින‍්නො භගවා ‘එවං චූළපන්‍ථකස‍්ස චිත‍්තං සමාහිතං, වීථිපටිපන‍්නා විපස‍්සනා’ති ඤත්‍වා යථානිසින‍්නොයෙව අත‍්තානං දස‍්සෙත්‍වා, ‘පන්‍ථක, නෙවායං පිලොතිකා කිලිට‍්ඨා රජානුකිණ‍්ණා, ඉතො පන අඤ‍්ඤොපි අරියස‍්ස විනයෙ සංකිලෙසො රජො’ති දස‍්සෙන‍්තො –

ශාස්තෲන් වහන්සේ එකෙණෙහි කැඳ කැවිලි ආදී දේ පිළිගත් සේක. කරන ලද බත්කිස ඇතිසේක් භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරවයි චුල්ලපන්‍ථකට අණකළ සේක. ඔහු දියුණු කළ පටිසම්භිදා ඇත්තේ මහාමේරුව ගෙන මහසමුදුර මත්ගාන්නක් මෙන් ත්‍රිපිටක බුද්ධවචනය කළඹමින් ශාස්තෲන් වහන්සේගේ අධ්‍යාශය ගෙන අනුමෝදනාව කළේය. දසබලධාරී බුදුරජාණන් වහන්සේ කරන ලද බත්කිස ඇතිසේක් විහාරයට වැඩිකල්හි දම්සභාවෙහි කථාවක් උපන්නේය. බුදුවරුන්ගේ ආනුභාවය පුදුමයි. යම්තැනෙක වනාහි සිව්මසෙකින් එක් ගාථාවක්වත් ඉගෙනීමට නොහැකි වූවකු සුළු මොහොතකින්ම මෙසේ මහා සෘද්ධි ඇත්තකු කළ සේක. එසේ ජීවකගේ නිවසෙහි හුන්සේක් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අයුරින් චුල්ලපන්‍ථකගේ සිත සන්සුන් කරන ලදි. විදර්ශනා මාර්ගයට පිළිපන්නේ යයි දැන තමා හුන් පරිද්දෙන්ම දක්වා පන්‍ථක, මේ රෙදිකඩ කිලිටි වූයේ දූවිල්ලෙන් යුතුවූයේ පමණක් නොව, මින් වනාහි ආර්ය විනයෙහි වෙනත් කිලිටිද දූවිලි යයි දක්වන්නේ –

“රාගො රජො න ච පන රෙණු වුච‍්චති, රාගස‍්සෙතං අධිවචනං රජොති; එතං රජං විප‍්පජහිත්‍වා භික‍්ඛවො, විහරන‍්ති තෙ විගතරජස‍්ස සාසනෙ.

රාගො රජො නචපන රෙණු වුච්චති, රාගස්සෙතං අධිවචනං රජොති, එතං රජං විප්පජහෙත්‍ව භික්ඛවො, විහරන්ති තෙ විගත රජස්ස සාසනෙ

රාගය කිලුට මිස දුහුවිලි අසක් නොවේ - රාගය කිලුට සමරුත් දෙන වදන්ම වේ මෙකිලුට හැරදමා මහණෝ - වැඩවසති විරාගී බුදුරජුගෙ සසුනේ

“දොසො රජො…පෙ… විගතරජස‍්ස සාසනෙ.

දොසො රජො -පෙ- විගත රජස්ස සාසනෙ

දෝසය කිලුට මිස -පෙ- විරාගී බුදුරජුගෙ සසුනේ

“මොහො රජො…පෙ… විගතරජස‍්ස සාසනෙ”ති. (මහානි· 209; චූළනි· උදයමාණවපුච‍්ඡානිද‍්දෙස 74) –

මොහො රජො -පෙ- විගත රජස්ස සාසනෙ

මෝහය කිලුට මිස -පෙ- විරාගී බුදුරජුගෙ සසුනේ

ඉමා තිස‍්සො ගාථායො අභාසි. ගාථාපරියොසානෙ චූළපන්‍ථකො සහපටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණීති. සත්‍ථා තෙසං භික‍්ඛූනං කථාසල‍්ලාපං සුත්‍වා ආගන‍්ත්‍වා බුද‍්ධාසනෙ නිසීදිත්‍වා “කිං වදෙථ, භික‍්ඛවෙ”ති පුච‍්ඡිත්‍වා “ඉමං නාම, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛවෙ, චූළපන්‍ථකෙන ඉදානි මය‍්හං ඔවාදෙ ඨත්‍වා ලොකුත්‍ථරදායජ‍්ජං ලද‍්ධං, පුබ‍්බෙ පන ලොකියදායජ‍්ජං ලද‍්ධ”න‍්ති වත්‍වා තෙහි යාචිතො චූළසෙට‍්ඨිජාතකං (ජා· 1.1.4) කථෙසි. අපරභාගෙ නං සත්‍ථා අරියගණපරිවුතො ධම‍්මාසනෙ නිසින‍්නො මනොමයං කායං අභිනිම‍්මිනන‍්තානං භික‍්ඛූනං චෙතොවිවට‍්ටකුසලානඤ‍්ච අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

මේ ගාථා තුන වදාළ සේක. ගාථා අවසන චුල්ලපන්‍ථක සිව්පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියේ යයි ශාස්තෲන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ කතා සල්ලාපය අසා පැමිණ බුද්ධාසනයෙහි වැඩහිඳ මහණෙනි, කුමක් කියවුදැයි අසා, ස්වාමීනි මෙනම් යයි කී කල්හි, මහණෙනි, චුල්ලපන්‍ථක මෙසේ මාගේ අවවාදයෙහි පිහිටා ලෝකෝත්තර දායාදය ලද්දේ දැන් පමණක් නොවේයයි කියා ඔවුන් විසින් ඉල්ලා සිටිනු ලැබූ සේක් චුල්ලසෙට්ඨි ජාතකය වදාළ සේක. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ආර්ය සංඝයා පිරිවරා ධර්මාසනයෙහි වැඩහුන් සේක් මනෝමය සිරුරු මවාගන්නා වූද සිත වෙනස් කිරීමේ දක්‍ෂ වූද භික්‍ෂූන් අතර ඔහු අගතන්හි තැබූහ.

එවං සො පත‍්තඑතදග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පීතිසොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. තත්‍ථ පුරිමපදද‍්වයං වුත‍්තත්‍ථමෙව. ගණම‍්හා වූපකට‍්ඨො සොති සො පදුමුත‍්තරො නාම සත්‍ථා ගණම‍්හා මහතා භික‍්ඛුසමූහතො වූපකට‍්ඨො විසුං භූතො විවෙකං උපගතො. තදා මම තාපසකාලෙ හිමවන‍්තෙ හිමාලයපබ‍්බතසමීපෙ වසි වාසං කප‍්පෙසි, චතූහි ඉරියාපථෙහි විහාසීති අත්‍ථො.

මෙසේ ඔහු පත්වූ අගතන් ඇත්තේ පූර්ව කර්මය සිහිකොට ප්‍රීති සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරො නාමජිනො යනාදිය කීය. එහි මුල්පද දෙක කියූ අර්ථ ඇත්තේමය. ගණම්හා වූපකට්ඨො සො යනු ඒ පදුමුත්තර නම් ශාස්තෲන් වහන්සේ ගණම්හා මහා සංඝ සමූහයෙන් වූපකට්ඨො වෙන්වූ සේක් විවේකයට පැමිණ තදා මාගේ තාපස කාලයෙහි හිමවන්තෙ හිමාලය පර්වත සමීපයෙහි වසී වාසය කළේය. ඉරියව් සතරින් යුතුව වාසය කළේය යන අර්ථයි.

අහම‍්පි…පෙ… තදාති යදා සො භගවා හිමවන‍්තං උපගන‍්ත්‍වා වසි, තදා අහම‍්පි හිමවන‍්තසමීපෙ කතඅස‍්සමෙ ආ සමන‍්තතො කායචිත‍්තපීළාසඞ‍්ඛාතා පරිස‍්සයා සමන‍්ති එත්‍ථාති අස‍්සමොති ලද‍්ධනාමෙ අරඤ‍්ඤාවාසෙ වසාමීති සම‍්බන්‍ධො. අචිරාගතං මහාවීරන‍්ති අචිරං ආගතං මහාවීරියවන‍්තං ලොකනායකං පධානං තං භගවන‍්තං උපෙසින‍්ති සම‍්බන්‍ධො, ආගතක‍්ඛණෙයෙව උපාගමින‍්ති අත්‍ථො.

අහම්පිතදා යනු යම්කලෙක ඒ භාග්‍යවතුන් වහන්සේ හිමවතට පැමිණ විසූසේක්ද, එකල්හි මමද හිමවත සමීපයෙහි කරන ලද ආශ්‍රමයක හාත්පසින්ම කාය චෙතොඛීල සංඛ්‍යාත වෙහෙස මෙහිදී සමනය වෙත්නුයි ආශ්‍රමයයි ලද නම් ඇති අරණ්‍ය වාසයෙහි වසමියි සම්බන්ධයි. අචිරාගතං මහාවීරං යනු පැමිණ නොබෝකල් ඇති මහා වීර්යවන්ත ලෝක නායක වූ ප්‍රධාන වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙමියි සම්බන්ධයි. පැමිණි කෙණෙහිම එළඹෙමියි අර්ථයි.

පුප‍්ඵච‍්ඡත‍්තං ගහෙත්‍වානාති එවං උපගච‍්ඡන‍්තො ච පදුමුප‍්පලපුප‍්ඵාදීහි ඡාදිතං පුප‍්ඵමයං ඡත‍්තං ගහෙත්‍වා නරාසභං නරානං සෙට‍්ඨං භගවන‍්තං ඡාදෙන‍්තො උපගච‍්ඡිං සමීපං ගතොස‍්මීති අත්‍ථො. සමාධිං සමාපජ‍්ජන‍්තන‍්ති රූපාවචරසමාධිජ‍්ඣානං සමාපජ‍්ජන‍්තං අප‍්පෙත්‍වා නිසින‍්නස‍්ස අන‍්තරායං අහං අකාසින‍්ති සම‍්බන්‍ධො.

පුප්ඵඡත්තං ගහෙත්‍වා යනු මෙසේ එළඹෙන්නේම නෙළුම් මානෙල් ආදී මල්වලින් වසන ලද මලින් සෑදූ කුඩයක් ගෙන නරාසභං ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වසන්නේ උපගඤ්ජිං සමීපයට ගියේ වෙමි යන අර්ථයි. සමාධිං සමාපජ්ජන්තං යනු රූපාවචර සමාධියට, ධ්‍යානයට නොපැමිණ හුන්නහුට අනතුරක් මම නොකෙළෙමි යන සම්බන්ධයි.

උභො හත්‍ථෙහි පග‍්ගය‍්හාති තං සුසජ‍්ජිතං පුප‍්ඵච‍්ඡත‍්තං ද‍්වීහි හත්‍ථෙහි උක‍්ඛිපිත්‍වා අහං භගවතො අදාසින‍්ති සම‍්බන්‍ධො. පටිග‍්ගහෙසීති තං මයා දින‍්නං පුප‍්ඵච‍්ඡත‍්තං පදුමුත‍්තරො භගවා සම‍්පටිච‍්ඡි, සාදරං සාදියීති අත්‍ථො.

උභො හත්‍ථෙහී පග්ගය්හ යනු ඒ මැනවින් අලංකාර කරන ලද මල්කූඩය දෑතින් ඔසවා මම භාග්‍යවතුන් වහන්සේට දුනිමි යන සම්බන්ධයි. පටිග්ගහෙසි යනු ඒ මා දුන් මල්කූඩය පිළිගත් සේක. සාදරයෙන් ඉවසා වදාළ සේක යන අර්ථයි.

සතපත‍්තඡත‍්තං පග‍්ගය‍්හාති එකෙකස‍්මිං පදුමපුප‍්ඵෙ සතසතපත‍්තානං වසෙන සතපත‍්තෙහි පදුමපුප‍්ඵෙහි ඡාදිතං පුප‍්ඵච‍්ඡත‍්තං පකාරෙන ආදරෙන ගහෙත්‍වා තාපසො මම අදාසීති අත්‍ථො. තමහං කිත‍්තයිස‍්සාමීති තං තාපසං අහං කිත‍්තයිස‍්සාමි පාකටං කරිස‍්සාමීති අත්‍ථො. මම භාසතො භාසමානස‍්ස වචනං සුණොථ මනසි කරොථ.

සතං පත්තකං පග්ගය්හ යනු එක් එක් නෙළුම් මලෙහි පෙති සියය සියය වශයෙන් පෙති සියයක් ඇති නෙලුම් මලින් වසන ලද මල්කූඩය පකාරෙන ආදරයෙන් ගෙන තාපසයා මට දුන්නේය යනු අර්ථයි. තමහං කිත්තයිස්සාමි යනු ඒ තාපසයා මම කත්තයිස්සාමි ප්‍රකට කරන්නෙමි යනු අර්ථයි. මම භාසතො කියන්නා වූ මාගේ වචනය අසවු. සිත්හි දරවු.

පඤ‍්චවීසතිකප‍්පානීති ඉමිනා පුප‍්ඵච‍්ඡත‍්තදානෙන පඤ‍්චවීසතිවාරෙ තාවතිංසභවනෙ සක‍්කො හුත්‍වා දෙවරජ‍්ජං කරිස‍්සතීති සම‍්බන්‍ධො. චතුත‍්තිංසතික‍්ඛත‍්තුඤ‍්චාති චතුත‍්තිංසතිවාරෙ මනුස‍්සලොකෙ චක‍්කවත‍්තී රාජා භවිස‍්සති.

පඤ්චවීසති කප්පානි යනු මේ මල්කූඩය දීමෙන් විසිපස් වරක් තව්තිසා භවනයෙහි ශක්‍රයා වී දේවරාජ්‍යය කරන්නේයි යනු සම්බන්ධයි. චතුත්තිංසක්ඛත්තං යනු තිස්සතර වරක් මිනිස්ලොව සක්විති රජවන්නේය.

යං යං යොනින‍්ති මනුස‍්සයොනිආදීසු යං යං ජාතිං සංසරති ගච‍්ඡති උපපජ‍්ජති. තත්‍ථ තත්‍ථ යොනියං අබ‍්භොකාසෙ සුඤ‍්ඤට‍්ඨානෙ පතිට‍්ඨන‍්තං නිසින‍්නං ඨිතං වා පදුමං ධාරයිස‍්සති උපරි ඡාදයිස‍්සතීති අත්‍ථො.

යංයංයොනිං යනු මනුෂ්‍ය ජාති ආදියෙන් යම් යම් ජාතියක සැරිසරයි. ගච්ඡති ඒ ඒ ජාතියෙහි උපදියි. අබ්භොකාසෙ ශූන්‍යස්ථානයෙහි පතිට්ඨන්තං හුන්නාහු හෝ සිටියහු. පදුමං ධාරයිස්සති ඉහළින් වසනු ලබන්නේය යන අර්ථයි.

පකාසිතෙ පාවචනෙති තෙන භගවතො සකලපිටකත‍්තයෙ පකාසිතෙ දීපිතෙ මනුස‍්සත‍්තං මනුස‍්සජාතිං ලභිස‍්සති උපපජ‍්ජිස‍්සති. මනොමයම‍්හි කායම‍්හීති මනෙන ඣානචිත‍්තෙන නිබ‍්බත‍්තොති මනොමයො, යථා චිත‍්තං පවත‍්තති, තථා කායං පවත‍්තෙති චිත‍්තගතිකං කරොතීති අත්‍ථො. තම‍්හි මනොමයෙ කායම‍්හි සො තාපසො චූළපන්‍ථකො නාම හුත්‍වා උත‍්තමො අග‍්ගො භවිස‍්සතීති අත්‍ථො. සෙසං හෙට‍්ඨා වුත‍්තත‍්තා උත‍්තානත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යමෙව.

පකාසිතෙ පාවචනෙ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු තුන්පිටකයෙහි පකාසිතෙ විස්තර කරන ලද. මනුස්සත්තං මිනිස් ජාතියෙහි ලභිස්සති උපදින්නේය. මනොමයම්හි කායම්හි මනෙන ධ්‍යාන සිතින් උපන්නේනුයි මනෝමය නම් වේ. යම්සේ සිත පවතීද එසේ කය පැවතේනුයි චිත්තගතික කරයි යන අර්ථයි. එම මනෝමය කයෙහි ඒ තාපසයා චුල්ලපන්‍ථක නම්ව උත්තමො අග්‍ර වූයේ වන්නේය යන අර්ථයි. සෙස්ස යට කියන ලද බැවින්ද නොගැඹුරු අර්ථ ඇති බැවින්ද පහසුවෙන් දතහැකි වන්නේමය.

සරිං කොකනදං අහන‍්ති අහං භගවතො නිම‍්මිතචොළකං පරිමජ‍්ජන‍්තො කොකනදං පදුමං සරින‍්ති අත්‍ථො. තත්‍ථ චිත‍්තං විමුච‍්චි මෙති තස‍්මිං කොකනදෙ පදුමෙ මය‍්හං චිත‍්තං අධිමුච‍්චි අල‍්ලීනො, තතො අහං අරහත‍්තං පාපුණින‍්ති සම‍්බන්‍ධො.

සරිං කොකනදං අහං යනු මම භාග්‍යවතුන් වහන්සේ මැවූ රෙදි කැබැල්ල පිරිමදින්නේ රත් පියුම සිහි කෙළෙමි යන අර්ථයි. එහි චිත්තං විමුච්චමෙ යනු ඒ රත් පියුමෙහි මාගේ සිත අධිමුච්චි නොඇලුණේ එයින් මම රහත්බවට පැමිණියෙම් යන සම්බන්ධයි.

අහං මනොමයෙසු චිත‍්තගතිකෙසු කායෙසු සබ‍්බත්‍ථ සබ‍්බෙසු පාරමිං පරියොසානං ගතො පත‍්තොති සම‍්බන්‍ධො. සෙසං වුත‍්තනයමෙවාති.

මොහු මනෝමය වූ චිත්තගතික වූ කායයන්හි සියලු තැන සියලු පාරමී කෙළවරට ගතො පැමිණියේය යනු සම්බන්ධයි. සෙස්ස කියන ලද පරිදිමය.

චූළපන්‍ථකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

චුල්ලපන්‍ථක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.