17. උපසෙනත්ථෙරාපදානං
17. උපසෙනත්ථෙරාපදානං.
17. උපසේන ස්ථවිරාවදානය
759. පදුමුත්තරං භගවන්තං ලොකජෙට්ඨං නරාසභං, පබ්භාරම්හි නිසින්නං තං උපගච්ඡිං නරුත්තමං.
759. කඳුපාමුලක (= ශිලාපර්වතයෙක්හි විවෙකස්ථානයක) වැඩ හුන්නා වූ මනුෂ්‍යොත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ ඒ ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේ වෙත මම එළඹියෙමි.
760. කණිකාරං පුප්ඵිතං දිස්වා වණ්ටෙ ඡෙත්වාන’හං තදා, අලඞ්කරිත්වා ඡත්තම්හි බුද්ධස්ස අභිරොපයිං.
760. එකල්හි මම මැනැවින් පිපුනු කිණිහිරිමලක් දැක නටුවෙන් කඩා ගෙණ එ මලින් ඡත්රය අලඞ්කාර කොට බුදුරජානන් වහන්සේට (ඒ ඡත්රය) නැගීමි.
761. පිණ්ඩපාතඤ්ච පාදාසිං පරමන්නං සුභොජනං, බුද්ධෙන නවමෙ තත්ථ සමණෙ අට්ඨ භොජයිං.
761. සුන්දරභෝජනසඞ්ඛ්යාත උත්තම ආහාරය වූ පිණ්ඩපාතය ද දිනිමි. එහි දී බුදුරජානන් වහන්සේ නව වැනි කොට ඇති ශ්රමණයන් අටනමක් වැළඳවීමි.
762. අනුමොදි මහාවීරො සයම්භු අග්ගපුග්ගලො, ඉමිනා ඡත්තදානෙන පරමන්නප්පවෙච්ඡනා.
762-763. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, මහාවීර වූ (පදුමුත්තර) බුදුරජ තෙම (මෙසේ) අනුමෝදනාව කෙළේ ය: “මෙ ම ඡත්රදානය ද උතුම් ආහාරදානය ද හේතු කොට ගෙණ (ඇති වූ) එ ම චිත්තප්රසාදයෙන් (මෙතෙමේ) සම්පත් අනුභව කරන්නේ ය. සතිස් වරක් ශක්‍ර ව දිව්‍ය රාජ්‍යය කරන්නේ ය.
763. තෙන චිත්තප්පසාදෙන සම්පත්තිමනුභොස්සති, ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
764. එකවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
764. එක්විසිවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය කරණ (වාරගණන) සඞ්ඛ්යාපථාතික්රාන්ත ය.
765. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාක කුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
765. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේ ය.
766. සාසනෙ දිප්පමානම්භි මනුස්සත්තං ගමිස්සති, තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො උපසෙනොති නාමෙන හෙස්සති සත්ථුසාවකො.
766. (උන්වහන්සේගේ) සසුන බබළන කල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූයේ ධර්මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ නමින් ‘උපසේන’ නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය”.
767. චරිමා වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා; ධාරෙමි අන්තිමං දෙහං ඡෙත්වා මාරං සවාහනං.
767. (මෙය) මාගේ අන්තිමආත්මය වන්නේ ය. සියලු භවයෝ නසන ලදහ. සේනා සහිත වූ මාරයා ජය ගෙන අන්තිම ශරීරය දරමි.
768. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
768. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් උපසේනවඞ්ගන්තපුත්තස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
උපසෙනවඞ්ගන්තපුත්තත්ථෙරස්සාපදානං සත්තමං.
උපසෙනවඞ්ගන්තපුත්ත ස්ථවිරාවදානය සත්වැනි යි.
(තතියභාණවාරං.)
තෙවෙනි බණවර යි.