යෙදුමෙන් කියවන්න

19. සොපාකත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

19. සොපාකත්‍ථෙරඅපදානවණ‍්ණනා

19. ස්වපාක ථේර අපදාන වර්ණනාව

පබ‍්භාරං සොධයන‍්තස‍්සාතිආදිකං ආයස‍්මතො සොපාකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ අඤ‍්ඤතරස‍්ස කුටුම‍්බිකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. එකදිවසං සත්‍ථාරං දිස‍්වා බීජපූරඵලානි සත්‍ථු උපනෙසි, පරිභුඤ‍්ජි භගවා තස‍්සානුකම‍්පං උපාදාය. සො භික‍්ඛු සත්‍ථරි සඞ‍්ඝෙ ච අභිප‍්පසන‍්නො සලාකභත‍්තං පට‍්ඨපෙත්‍වා සඞ‍්ඝුද‍්දෙසවසෙන තිණ‍්ණං භික‍්ඛූනං යාවතායුකං ඛීරභත‍්තං අදාසි. සො තෙහි පුඤ‍්ඤෙහි අපරාපරං දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවන‍්තො එකදා මනුස‍්සයොනියං නිබ‍්බත‍්තො එකස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස ඛීරභත‍්තං අදාසි.

පබ්භාරං සොධයන්තස්ස යනාදී වශයෙන් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කෙළෙඹියකුගේ පුත්‍රයෙක්ව උපන්නේය. එක් දවසක් ශාස්තෲන් වහන්සේ දැක බීජයන්ගෙන් පිරුණු පළතුරු ශාස්තෲන් වහන්සේට පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා වැළඳූ සේක. ඒ භික්‍ෂුව ශාස්තෲන් වහන්සේ කෙරෙහිද සංඝයා කෙරෙහිද අතිශයින් පහන් වූයේ සලාක දන් පිහිටුවා සංඝයා උද්දේශ වශයෙන් භික්‍ෂූන් තුන්නමකට දිවි ඇති තෙක් කිරිබත් දුන්නේය. ඔහු ඒ පින් නිසා දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කරන්නේ එක්කලෙක මනුෂ්‍ය යෝනියෙහි උපන්නේ එක් පසේ බුදුවරයකුට කිරිබත් දුන්නේය.

එවං තත්‍ථ තත්‍ථ පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව පරිබ‍්භමන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ පුරිමකම‍්මනිස‍්සන්‍දෙන සාවත්‍ථියං අඤ‍්ඤතරාය දුග‍්ගතිත්‍ථියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. සා තං දසමාසෙ කුච‍්ඡිනා පරිහරිත්‍වා පරිපක‍්කෙ ගබ‍්භෙ විජායනකාලෙ විජායිතුං අසක‍්කොන‍්තී මුච‍්ඡං ආපජ‍්ජිත්‍වා බහුවෙලං මතා විය නිපජ‍්ජි. ඤාතකා “මතා”ති සඤ‍්ඤාය සුසානං නෙත්‍වා චිතකං ආරොපෙත්‍වා දෙවතානුභාවෙන වාතවුට‍්ඨියා උට‍්ඨිතාය අග‍්ගිං අදත්‍වා පක‍්කමිංසු. දාරකො පච‍්ඡිමභවිකත‍්තා දෙවතානුභාවෙනෙව අරොගො හුත්‍වා මාතුකුච‍්ඡිතො නික‍්ඛමි. මාතා පන කාලමකාසි. දෙවතා මනුස‍්සරූපෙනුපගම‍්ම තං ගහෙත්‍වා සුසානගොපකස‍්ස ගෙහෙ ඨපෙත්‍වා කතිපාහං කාලං පතිරූපෙන ආහාරෙන පොසෙසි. තතො පරං සුසානගොපකො අත‍්තනො පුත‍්තං කත්‍වා වඩ‍්ඪෙසි. සො තථා වඩ‍්ඪෙන‍්තො තස‍්ස පුත‍්තෙන සුප‍්පියෙන නාම දාරකෙන සද‍්ධිං කීළන‍්තො විචරි. තස‍්ස සුසානෙ ජාතසංවඩ‍්ඪභාවතො සොපාකොති සමඤ‍්ඤා අහොසි.

මෙසේ තන්හි තන්හි පින්කොට සුගතියෙහි පමණක් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි පෙර කළ කම් හේතුවෙන් සැවැත්නුවර එක්තරා දුප්පත් ස්ත්‍රියකගේ කුස පිළිසිඳ ගත්තේය. ඇය ඔහු දසමසක් කුසින් දරා ගැබ මුහුකුරා ගිය කල්හි වදනකල වදන්ට නොහැකි වන්නී මූර්ඡාවට පැමිණ බොහෝ වේලාවක් මළාක් මෙන් වැදහොත්තීය. ඥාතීහු මළායයි හැඟීමෙන් සොහොනට ගෙනගොස් චිතකයට නගා දෙවියන්ගේ අනුහසින් නැගුණු වාත වර්ෂාවෙන් ගිනි නොදී ගියාහුය. දරුවා පශ්චිම භවික වූ බැවින් දෙවියන්ගේ අනුහසින්ම නිරෝගීව මව්කුසින් නික්මියේය. මව නම් කලුරිය කළාය. දෙවියෝ මිනිස් වෙසින් පැමිණ ඔහු ගෙන සොහොන් ගොව්වාගේ ගෙහි තබා කිහිප දිනක් සුදුසු අහරින් පෝෂණය කළහ. එතැන් පටන් සොහොන් ගොව්වා තමාගේම පුත්‍රයා කොට වර්ධනය කළේය. ඔහු එසේ වැඩෙන්නේ ඔහුගේ පුත්‍ර වූ සුප්‍රිය නම් දරුවා සමග ක්‍රීඩා කරන්නේ හැසිරුණේය. ඔහුට සොහොනෙහි ඉපදී වැඩුණු බැවින් සෝපාක නම් අනවර්ථ නාමයක් විය.

අථෙකදිවසං සත‍්තවස‍්සිකං තං භගවා පච‍්චූසවෙලායං ඤාණජාලං පත්‍ථරිත්‍වා වෙනෙය්‍යබන්‍ධවෙ ඔලොකෙන‍්තො ඤාණජාලස‍්ස අන‍්තොගතං දිස‍්වා සුසානට‍්ඨානං අගමාසි. දාරකො පුබ‍්බහෙතුනා චොදියමානො පසන‍්නමානසො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. සත්‍ථා තස‍්ස ධම‍්මං කථෙසි. සො ධම‍්මං සුත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පිතරා “අනුඤ‍්ඤාතොසී”ති වුත‍්තො පිතරං සත්‍ථු සන‍්තිකං ආනෙසි. තස‍්ස පිතා සත්‍ථාරං වන්‍දිත්‍වා “ඉමං දාරකං පබ‍්බාජෙථ, භන‍්තෙ”ති අනුජානි, තං පබ‍්බාජෙත්‍වා භගවා මෙත‍්තාභාවනාය නියොජෙසි. සො මෙත‍්තාකම‍්මට‍්ඨානං ගහෙත්‍වා සුසානෙ විහරන‍්තො නචිරස‍්සෙව මෙත‍්තාඣානං පාදකං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි. අරහා හුත්‍වාපි අඤ‍්ඤෙසං සොසානිකභික‍්ඛූනං මෙත‍්තාභාවනාවිධිං දස‍්සෙන‍්තො “යථාපි එකපුත‍්තස‍්මි”න‍්ති (ථෙරගා· 33) ගාථං අභාසි. ඉදං වුත‍්තං හොති – යථා එකපුත‍්තකෙ පියෙ මනාපෙ මාතා පිතා ච කුසලී එකන‍්තහිතෙසී භවෙය්‍ය, එවං පුරත්‍ථිමාදිභෙදාසු සබ‍්බාසු දිසාසු කාමභවාදිභෙදෙසු වා සබ‍්බෙසු භවෙසු දහරාදිභෙදාසු සබ‍්බාසු අවත්‍ථාසුපි ඨිතෙසු සබ‍්බෙසු සත‍්තෙසු එකන‍්තහිතෙසිතාය කුසලී භවෙය්‍ය “මිත‍්තො, උදාසිනො, පච‍්චත්‍ථිකො”ති සීමං අකත්‍වා සීමාය සම‍්භෙදවසෙන සබ‍්බත්‍ථ එකරසං මෙත‍්තං භාවෙය්‍යාති ඉමං පන ගාථං වත්‍වා “සචෙ තුම‍්හෙ ආයස‍්මන‍්තො එවං මෙත‍්තං භාවෙය්‍යාථ, යෙ තෙ භගවතා ‘සුඛං සුපතී’තිආදිනා (අ· නි· 11.15; පරි· 331; මි· ප· 4.4.6) එකාදස මෙත‍්තානිසංසා ච වුත‍්තා, එකංසෙන තෙසං භාගිනො භවථා”ති ඔවාදං අදාසි.

ඉක්බිති එක්දවසක් භාග්‍යවතුන් වහන්සේ උදෑසන වේලාවෙහි ඥාන බලය පතුරුවා හික්මවිය යුතු බන්ධූන් බලනසේක් එම දරුවා ඥාන ජාලයෙහි අන්තර්ගත වූ බව දැක එම සොහොන් පොළට වැඩි සේක. දරුවා පූර්ව හේතුවෙන් මෙහෙයවනු ලබන්නේ පහන් වූ සිත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කරා එළඹ සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට ධර්මය දෙසූ සේක. ඔහු ධර්මය අසා පැවිද්ද ඉල්ලා, පියා විසින් අනුදන්නා ලද්දේදැයි කියන ලද්දේ පියා ශාස්තෲන් වහන්සේ සමීපයට කැඳවාගෙන ආවේය. ඔහුගේ පියා ශාස්තෲන් වහන්සේට වැඳ මේ දරුවා පැවිදි කරනු මැනවැයි අනුමත කළේය. ඔහු පැවිදිකොට භාග්‍යවතුන් වහන්සේ ඔහු මෛත්‍රී භාවනාවෙහි නියුක්ත කළ සේක. ඔහු මෛත්‍රී කර්මස්ථානය ගෙන සොහොනෙහි වෙසෙන්නේ නොබෝ කලකින්ම මෛත්‍රී ධ්‍යානය උපදවා ධ්‍යානය පාදකකොට විදර්ශනා වඩා රහත් බව සාක්‍ෂාත් කළේය. රහත්ව අනිකුත් සුසානයෙහි වෙසෙන භික්‍ෂූන්ට මෛත්‍රී භාවනා විධිය දක්වන්නේ යථාහි එකපුත්තස්මිං යන ගාථාව කීවේය. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ප්‍රියමනාප වූ එකම පුත්‍රයා කෙරෙහි මව පියා යහපත කැමතිව ඒකාන්ත හිතෛෂී වන්නේද, එසේම පෙරදිග ආදී භේද ඇති සියලු දිසාවලද කාමභව ආදී භේද ඇති සියලු භවයන්හිද දහර ආදී භේද ඇති සියලු අවස්ථාවල ද සිටි සියලු සත්ත්වයන් කෙරෙහි ඒකාන්ත හිතෛෂී භාවය නිසා යහපත කැමති වන්නේය. මිත්‍රයෙක් ය, උදාසීන වූවෙක් ය, සතුරෙක් ය යන සීමාවක් නොකොට සීමා බිඳීම් වශයෙන් සියලු තැන එකම රසයක් ඇති මෙත් වඩවු. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සුබංසුපති’ ආදි වශයෙන් මෛත්‍රියෙහි එකොළොස් අනුසස් වදාළ සේක් එබැවිනි. ඒකාන්තයෙන් එයින් ඒවාට කොටස්කරුවෝ වවු යයි අවවාද දුන්නේය.

එවං සො පත‍්තඵලාධිගමො අත‍්තනො කතපුඤ‍්ඤං පච‍්චවෙක‍්ඛිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං දස‍්සෙන‍්තො පබ‍්භාරං සොධයන‍්තස‍්සාතිආදිමාහ. තත්‍ථ පබ‍්භාරන‍්ති සිලාපබ‍්බතස‍්ස විවෙකට‍්ඨානං, තං පබ‍්බජිතානුරූපත‍්තා ඉට‍්ඨකපාකාරං කත්‍වා ද‍්වාරකවාටං යොජෙත්‍වා භික‍්ඛූනං වසනත්‍ථාය අදාසි, පකාරෙන භරො පත්‍ථෙතබ‍්බොති පබ‍්භාරො, තං සොධයන‍්තස‍්ස මම සන‍්තිකං සිද‍්ධත්‍ථො නාම භගවා ආගච‍්ඡි පාපුණි.

මෙසේ පැමිණි ඵලාවබෝධ ඇත්තේ තමා කළ පුණ්‍ය කර්මය නැවත මෙනෙහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය දක්වන්නේ පබ්භාරං සොධයන්තස්ස ආදිය කීය. එහි පබ්භාරං යනු ගල් පර්වතයෙහි විවේකස්ථානයයි. පැවිද්දන්ට සුදුසු බැවින් ගඩොල් ප්‍රාකාරයක් කොට දොරකවුළුවක් යොදා භික්‍ෂූන්ගේ වාසය පිණිස දුන්නේය. ප්‍රාකාරයෙන් බර පැතිය යුත්තේනුයි පබ්භාර නමි. එය පිරිසිදු කරන්නා වූ මාගේ සමීපයට සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ආගඤ්ජි වැඩි සේක.

බුද‍්ධං උපගතං දිස‍්වාති එවං මම සන‍්තිකං ආගතං දිස‍්වා තාදිනො ඉට‍්ඨානිට‍්ඨෙසු අකම‍්පියසභාවත‍්තා තාදිගුණයුත‍්තස‍්ස ලොකජෙට‍්ඨස‍්ස බුද‍්ධස‍්ස සන්‍ථරං තිණපණ‍්ණාදිසන්‍ථරං කට‍්ඨත්‍ථරං පඤ‍්ඤාපෙත්‍වා නිට‍්ඨාපෙත්‍වා පුප‍්ඵාසනං පුප‍්ඵමයං ආසනං අහං අදාසිං.

බුද්ධං උපගතං දිස්වා යනු මෙසේ මාගේ සමීපයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක. තාදිනො ඉෂ්ට අනිෂ්ට අකම්ප්‍ය ස්වභාව ඇති බැවින් තාදී ගුණයෙන් යුතු ලෝකජ්‍යෙෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට. සන්‍ථරං තණකොට ආදි ඇතිරිල්ලක්. දර ඇතිරිල්ලක් පඤ්ඤාපෙත්‍වා නිමවා පුප්ඵාසනං මලින් තැනූ ආසනයක් මම දුනිමි.

පුප‍්ඵාසනෙ නිසීදිත්‍වාති තස‍්මිං පඤ‍්ඤත‍්තෙ පුප‍්ඵාසනෙ නිසීදිත්‍වා ලොකනායකො සිද‍්ධත්‍ථො භගවා. මමඤ‍්ච ගතිමඤ‍්ඤායාති මය‍්හං ගතිං ආයතිං උප‍්පත‍්තිට‍්ඨානං අඤ‍්ඤාය ජානිත්‍වා අනිච‍්චතං අනිච‍්චභාවං උදාහරි කථෙසි.

පුප්ඵාසනෙ නිසීදිත්‍වා ඒ පැනවූ මල් අසුනෙහි හිඳ, ලොකනායකො සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ. මම ච ගතිමඤ්ඤාය යනු මාගේ ගතිං මත්තෙහි උපදින ස්ථානය අඤ්ඤාය දැන, අනිච්චතං අනිත්‍ය බව. උදාහරි කී සේක.

අනිච‍්චා වත සඞ‍්ඛාරාති වත එකන‍්තෙන සඞ‍්ඛාරා පච‍්චයෙහි සමෙච‍්ච සමාගන‍්ත්‍වා කරීයමානා සබ‍්බෙ සප‍්පච‍්චයධම‍්මා හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා. උප‍්පාදවයධම‍්මිනොති උප‍්පජ‍්ජිත්‍වා විනස‍්සනසභාවා උප‍්පජ‍්ජිත්‍වා පාතුභවිත්‍වා එතෙ සඞ‍්ඛාරා නිරුජ‍්ඣන‍්ති විනස‍්සන‍්තීති අත්‍ථො. තෙසං වූපසමො සුඛොති තෙසං සඞ‍්ඛාරානං විසෙසෙන උපසමො සුඛො, තෙසං වූපසමකරං නිබ‍්බානමෙව එකන‍්තසුඛන‍්ති අත්‍ථො.

අනිච්චාවත සංඛාරා යනු වත ඒකාන්තයෙන් සංඛාරා ප්‍රත්‍යයන් සමෙච්ච එකතුව කරනු ලබන සියලු ප්‍රත්‍ය සහිත ධර්ම. ඇතිවී අභාවයට යන බැවින් අනිච්චා නමි. උප්පාදවයධම්මිනො යනු උපදී විනාසවන ස්වභාව ඇත්තෝය. උප්පජ්ජිත්‍වා පහළ වී මේ සංස්කාර නිරුජ්ඣන්ති විනාශ වෙයි යන අර්ථයි. තෙසං වූපසමො සුඛො යනු ඒ සංඛාරයන්ගේ විශේෂයෙන් සංසිඳීම සැපයෙකි. ඒවා සංසිඳුවන නිර්වාණයම ඒකාන්ත සැපයෙකි යන අර්ථයි.

ඉදං වත්‍වාන සබ‍්බඤ‍්ඤූති සබ‍්බධම‍්මජානනකො භගවා ලොකානං ජෙට‍්ඨො වුඩ‍්ඪො නරානං ආසභො පධානො වීරො ඉදං අනිච‍්චපටිසංයුත‍්තං ධම‍්මදෙසනං වත්‍වාන කථෙත්‍වා අම‍්බරෙ ආකාසෙ හංසරාජා ඉව නභං ආකාසං අබ‍්භුග‍්ගමීති සම‍්බන්‍ධො.

ඉදංවත්‍ථාන සබ්බඤ්ඤු යනු සියලු ධර්මයන් දන්නා භාග්‍යවතුන් වහන්සේ ලෝකසත්වයන්ට ජ්‍යෙෂ්ඨ වූ සේක් වෘද්ධ වූ සේක් නරයන්ට ආසභො ප්‍රධාන වීර පුරුෂයා මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ ධර්ම දේශනාව වත්‍වාන කියා අම්බරෙ අහසෙහි හංසරාජාඉව හංසරාජයකු මෙන් නභෙ අහසෙහි නැගුණේය යන සම්බන්ධයි.

සකං දිට‍්ඨිං අත‍්තනො ලද‍්ධිං ඛන‍්තිං රුචිං අජ‍්ඣාසයං ජහිත්‍වාන පහාය. භාවයානිච‍්චසඤ‍්ඤහන‍්ති අනිච‍්චෙ අනිච‍්චන‍්ති පවත‍්තසඤ‍්ඤං අහං භාවයිං වඩ‍්ඪෙසිං මනසි අකාසිං. තත්‍ථ කාලං කතො අහන‍්ති තත්‍ථ තිස‍්සං ජාතියං තතො ජාතිතො අහං කාලං කතො මතො.

සකං දිට්ඨි තමාගේ ලබ්ධිය ඛන්තිං රුචිය අධ්‍යාශය ජහිත්‍වාන හැර. භාවයං නිච්චසඤ්ඤහං යනු අනිත්‍යයෙහි අනිත්‍යයයි පැවති සංඥාව මම භාවයිං වැඩුවෙමි. සිහිකෙළෙමි. තත්‍ථකාලකතො අහං යනු එහි ඒ ජාතියෙහි ඒ ජාතියෙන් මම කලුරිය කළෙමි. චුතවීමි.

ද‍්වෙ සම‍්පත‍්තී අනුභොත්‍වාති මනුස‍්සසම‍්පත‍්තිදිබ‍්බසම‍්පත‍්තිසඞ‍්ඛාතා ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා. සුක‍්කමූලෙන චොදිතොති පුරාණකුසලමූලෙන, මූලභූතෙන කුසලෙන වා චොදිතො සඤ‍්චොදිතො. පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙති පරියොසානෙ භවෙ සම‍්පත‍්තෙ පාපුණිතෙ. සපාකයොනුපාගමින‍්ති සකං පචිතභත‍්තං සපාකං යොනිං උපාගමිං. යස‍්ස කුලස‍්ස අත‍්තනො පචිතභත‍්තං අඤ‍්ඤෙහි අභුඤ‍්ජනීයං, තස‍්මිං චණ‍්ඩාලකුලෙ නිබ‍්බත‍්තොස‍්මීති අත්‍ථො. අථ වා සා වුච‍්චති සුනඛො, සුනඛොච‍්ඡිට‍්ඨභත‍්තභුඤ‍්ජනකචණ‍්ඩාලකුලෙ ජාතොති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ද්වෙ සම්පත්ති අනුභොත්‍වා යනු මනුෂ්‍ය සම්පත්ති දිව්‍ය සම්පත්ති සංඛ්‍යාත වූ ද්විවිධ සම්පත්ති අනුභවකොට සුක්ක මූලෙන චොදිතො යනු පුරාණ කුසල මූලයෙන්, මූලභූත වූ කුසලයෙන්, චොදිතො මෙහෙයවන ලද්දේ. පච්ඡිම භවෙ සම්පත්තෙ යනු අවසාන භවය සම්පත්තෙ පැමිණි කල. සපාකං යොනුපාගමිං යනු තමා පිසූ බත. සපාකංයොනිං උපාගමිං යම් කුලයක තමා පිසූ බත අනුන් විසින් නොකෑ යුතුද ඒ සැඩොල් කුලයෙහි උපන්නේ වෙමි යන අර්ථයි. නැතහොත් සා යන්නෙන් කියැවෙන්නේ සුනඛයාය. සුනඛයා ඉඳුල් කළ බත් බුදින සැඩොල් කුලයෙහි උපන්නේ වෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

සොපාකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සොපාක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

20. සුමඞ‍්ගලත්‍ථෙරඅපදානවණ‍්ණනා

20. සුමඞ්ගල ථේර අපදාන වර්ණනාව

ආහුතිං යිට‍්ඨුකාමොතිආදිකං ආයස‍්මතො සුමඞ‍්ගලත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පියදස‍්සිස‍්ස භගවතො කාලෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. සො එකදිවසං සත්‍ථාරං න‍්හත්‍වා එකචීවරං ඨිතං දිස‍්වා සොමනස‍්සප‍්පත‍්තො අප‍්ඵොටෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියා අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං ගාමකෙ තාදිසෙන කම‍්මනිස‍්සන්‍දෙන දලිද‍්දකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස සුමඞ‍්ගලොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො ඛුජ‍්ජකාසිතනඞ‍්ගලකුද‍්දාලපරික‍්ඛාරො හුත්‍වා කසියා ජීවිකං කප‍්පෙසි. සො එකදිවසං රඤ‍්ඤා පසෙනදිනා කොසලෙන භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච මහාදානෙ පවත‍්තියමානෙ දානූපකරණානි ගහෙත්‍වා ආගච‍්ඡන‍්තෙහි මනුස‍්සෙහි සද‍්ධිං දධිඝටං ගහෙත්‍වා ආගතො භික‍්ඛූනං සක‍්කාරසම‍්මානං දිස‍්වා “ඉමෙ සමණා සක්‍යපුත‍්තියා සුඛුමවත්‍ථනිවත්‍ථා සුභොජනානි භුඤ‍්ජිත්‍වා නිවාතෙසු සෙනාසනෙසු විහරන‍්ති, යංනූනාහම‍්පි පබ‍්බජෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා අඤ‍්ඤතරං මහාථෙරං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො පබ‍්බජාධිප‍්පායං නිවෙදෙසි. සො තං කරුණායන‍්තො පබ‍්බාජෙත්‍වා කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. සො අරඤ‍්ඤෙ විහරන‍්තො එකකවිහාරෙ නිබ‍්බින‍්නො උක‍්කණ‍්ඨිතො හුත්‍වා විබ‍්භමිතුකාමො ඤාතිගාමං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ කච‍්ඡං බන්‍ධිත්‍වා ඛෙත‍්තං කසන‍්තෙ කිලිට‍්ඨවත්‍ථනිවත්‍ථෙ සමන‍්තතො රජොකිණ‍්ණසරීරෙ වාතාතපෙන සුස‍්සන‍්තෙ ඛෙත‍්තං කස‍්සකෙ මනුස‍්සෙ දිස‍්වා “මහන‍්තං වතිමෙ සත‍්තා ජීවිකනිමිත‍්තං දුක‍්ඛං පච‍්චනුභවන‍්තී”ති සංවෙගං පටිලභි. ඤාණස‍්ස පරිපාකගතත‍්තා චස‍්ස යථාගහිතං කම‍්මට‍්ඨානං උපට‍්ඨාසි. සො අඤ‍්ඤතරං රුක‍්ඛමූලං උපගන‍්ත්‍වා විවෙකං ලභිත්‍වා යොනිසොමනසිකරොන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා මග‍්ගපටිපාටියා අරහත‍්තං පාපුණි.

ආයුතිං යිට්ඨුකාමො යනාදි වශයෙන් ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මත් පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රුක් දෙවියෙක්ව උපන්නේය. ඔහු එක් දවසක් ශාස්තෲන් වහන්සේ පැන් සනහා එක් සිවුරක් ඇතිව සිටිනු දැක සොම්නසට පැමිණියාහු අත් පොළසන් දුන්නේය. ඔහු ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවරට නුදුරෙහි එක්තරා ගමක එබඳුම කර්ම හේතුවෙන් දිළිඳු කුලයෙක උපන්නේය. ඔහුට සුමංගල යයි නමක් විය. ඔහු වැඩිවිය පත්වූයේ පිහියා කඩු නගුල් උදලු පිරිකර ඇත්තේ ම කෘෂිකර්මයෙන් ජීවිකාව කළේය. එක් දවසක් ප්‍රසේනජිත් කෝසල රජු විසින් භාග්‍යවතුන් වහන්සේටද භික්‍සු සංඝයාටද මහදන් පවත්වනු ලබන කල්හි දාන උපකරණ ගෙන එන්නා වූ මිනිසුන් සමග දීකිරි කළයක් ගෙන පැමිණියේ, භික්‍ෂූන්ට කෙරෙන සත්කාර සම්මාන දැක මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සියුම් වස්ත්‍ර හැඳ සුබොජුන් වළඳා නිසංසල සෙනසුන්හි වසති. මමත් පැවිදි වී වළඳන්නෙමි නම් මැනවැයි සිතා එක්තරා මහතෙර නමක් වෙත එළඹ තමාගේ පැවිදි වීමේ අදහස දැන්වීය. උන්වහන්සේ ඔහුට කරුණාව දක්වන්නාහු පැවිදිකොට කමටහන් ඇස්වූහ. ඔහු අරණෙහි වසන්නේ හුදෙකලාව විසීමේ කළකිරුණේ උකටලී වූයේ සිවුරු හැරීමට කැමැත්තේ නෑගමට යන්නේ අතරමග කැසපට බැඳ කිලිටි වස්ත්‍ර හැඳ හැමතින් දූවිලි වැකුණු සිරුරු ඇතිව වාතයෙන් අව්වෙන් සුසුම්ලමින් කෙත් හාන්නා වූ මිනිසුන් දැක මේ සත්ත්වයෝ ජීවිතය සඳහා මහත් දුකක් විඳිතියි සංවේගය ලැබුවේය. ඥානය මුහුකුරා ගිය බැවින් ගත් කමටහන එළඹ සිටියේය. ඔහු එක්තරා රුක්මුලකට ගොස් විවේක ලැබ නුවණින් මෙනෙහි කරන්නේ විදර්ශනා වඩා මාර්ග පිළිවෙලින් රහත් බවට පැමිණියේය.

එවං සො පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ආහුතිං යිට‍්ඨුකාමොහන‍්තිආදිමාහ. තත්‍ථ ආහුතින‍්ති අන‍්නපානාදිඅනෙකවිධං පූජාසක‍්කාරූපකරණං. යිට‍්ඨුකාමොති යජිතුකාමො, දානං දාතුකාමො අහං. පටියාදෙත්‍වාන භොජනන‍්ති ආහාරං පටියාදෙත්‍වා නිප‍්ඵාදෙත්‍වා. බ්‍රාහ‍්මණෙ පටිමානෙන‍්තොති පටිග‍්ගාහකෙ සුද‍්ධපබ‍්බජිතෙ පරියෙසන‍්තො. විසාලෙ මාළකෙ ඨිතොති පරිසුද‍්ධපණ‍්ඩරපුලිනතලාභිරාමෙ විපුලෙ මාළකෙ ඨිතො.

මෙසේ ඔහු පැමිණි අර්හත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ආහුතිං යිට්ඨුකාමොහං යනාදිය කීය. එහි ආහුතිං යනු ආහාරපානාදී අනේකවිධ වූ පූජා සත්කාරයන් සඳහා වූ උපකරණ. යිට්ඨුකාමො යනු යඥ කිරීමට කැමැත්තේ, දන්දෙනු කැමැත්තේ. අහං පටියාදෙත්‍වාන භොජනං යනු අහර පටියාදෙත්‍වා පිළියෙලකොට, බ්‍රාහ්මණෙ පතිමානෙන්තො යනු පිළිගන්නා වූ පිරිසිදු පැවිද්දන් සොයන්නේ, විසාලෙ මාලකෙ ඨිතො යනු පිරිසිදු සුදු වැලිතලාවෙන් අබිරම් වූ විසල් මළුවෙහි සිටියේ.

අථද‍්දසාසිං සම‍්බුද‍්ධන‍්තිආදීසු මහායසං මහාපරිවාරං සබ‍්බලොකං සකලසත‍්තලොකං විනෙතානං විසෙසෙන නෙතාරං නිබ‍්බානසම‍්පාපකං සයම‍්භුං සයමෙව භූතං අනාචරියකං අග‍්ගපුග‍්ගලං සෙට‍්ඨපුග‍්ගලං භගවන‍්තං භග්‍යවන‍්තාදිගුණයුත‍්තං ජුතිමන‍්තං නීලපීතාදිපභාසම‍්පන‍්නං සාවකෙහි පුරක‍්ඛතං පරිවාරිතං ආදිච‍්චමිව සූරියමිව රොචන‍්තං සොභමානං රථියං වීථියං පටිපන‍්නකං ගච‍්ඡන‍්තං පියදස‍්සිං නාම සම‍්බුද‍්ධං අද‍්දසින‍්ති සම‍්බන්‍ධො. අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වානාති බන්‍ධඤ‍්ජලිපුටං සිරසි කත්‍වා සකං චිත‍්තං අත‍්තනො චිත‍්තං පසාදයිං ඉත්‍ථම‍්භූතස‍්ස භගවතො ගුණෙ පසාදෙසිං පසන‍්නමකාසින‍්ති අත්‍ථො. මනසාව නිමන‍්තෙසින‍්ති චිත‍්තෙන පවාරෙසිං. ආගච‍්ඡතු මහාමුනීති මහිතො පූජාරහො මුනි භගවා මම නිවෙසනං ආගච‍්ඡතු.

අථද්දසාසිං සම්බුද්ධං යනාදියෙහි මයාසයං මහත් පිරිවර ඇති. සබ්බලොකං සියලු සත්ව ලෝකය. විනෙතාරං විශේෂයෙන් නෙතාරං නිවනට පමුණුවන. සයම්භු තමාම වූ ගුරුවරයකු නැති. අග්ගපුග්ගලං ශ්‍රේෂ්ඨ පුද්ගලයා. භගවන්තං භාග්‍යවන්ත ආදී ගුණයෙන් යුතු, ජුතිමන්තං නීලපීත ආදී ප්‍රභාසම්පන්න වූ සාවකෙහි පුරක්ඛතං පිරිවරන ලද. ආදිච්චමිව සූර්යයා මෙන්. විරොචන්තං සෝභමාන වූ. රථියං වීදියෙහි. පටිපන්නකං වඩනා පියදස්සි නම් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. අඤ්ජලිමපග්ගහෙත්‍වාන යනු බැඳි ඇඳිලිය හිස්මුදුනෙහි කොට සකංචිත්තං තමාගේ සිත. පසාදයිං මෙසේ වූ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයෙහි. පසාදෙසිං පහන් කළෙමියි අර්ථයි. මනසාව නිමන්තෙසිං යනු සිතින්ම පැවරුවෙමි. ආගච්ඡතුමහාමුනී යනු ගරුකරන ලද්දේ පූජාවට සුදුසු වූයේ මුනී භාග්‍යවතුන් වහන්සේ මගේ නිවසට වඩිනු මැනවි.

මම සඞ‍්කප‍්පමඤ‍්ඤායාති මය‍්හං චිත‍්තසඞ‍්කප‍්පං ඤත්‍වා ලොකෙ සත‍්තලොකෙ අනුත‍්තරො උත‍්තරවිරහිතො සත්‍ථා ඛීණාසවසහස‍්සෙහි අරහන‍්තසහස‍්සෙහි පරිවුතො මම ද‍්වාරං මය‍්හං ගෙහද‍්වාරං උපාගමි සම‍්පාපුණි.

මම සංකප්පමඤ්ඤාය යනු මාගේ චිත්ත සංකල්පය දැන. ලොකෙ සත්ව ලෝකයෙහි අනුත්තරො උසස් කෙනකු නැති ශාස්තෲන් වහන්සේ. ඛීණාසව සහස්සෙහි දහසක් රහතුන් විසින් පිරිවරන ලද සේක් මමද්වාරං මාගේ ගෙදොරට උපාගමි සම්ප්‍රාප්ත වූ සේක.

තස‍්ස සම‍්පත‍්තස‍්ස සත්‍ථුනො එවං නමක‍්කාරමකාසිං. පුරිසාජඤ‍්ඤ පුරිසානං ආජඤ‍්ඤ, සෙට‍්ඨ, මම නමක‍්කාරො තෙ තුය‍්හං අත්‍ථු භවතු. පුරිසුත‍්තම පුරිසානං උත‍්තම අධිකගුණවිසිට‍්ඨ තෙ තුය‍්හං මම නමක‍්කාරො අත්‍ථු. පාසාදං පසාදජනකං මම නිවෙසනං අභිරුහිත්‍වා සීහාසනෙ උත‍්තමාසනෙ නිසීදතන‍්ති ආයාචින‍්ති අත්‍ථො.

එසේ සපැමිණි ශාස්තෲන් වහන්සේට මෙසේ නමස්කාර කළෙමි. පුරිසාජඤ්ඤ පුරුෂයින්ට ආජඤ්ඤ ශ්‍රේෂ්ඨය මාගේ නමස්කාරය. තෙ ඔබවහන්සේට අත්‍ථු වේවා. පුරිසුත්තම පුරුෂයන්ට උත්තම අධික ගුණයෙන් විශිෂ්ට තෙ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. පාසාදං ප්‍රසාද ජනක වූ මාගේ නිවසට වැඩ සීහාසනෙ උතුම් අසුනෙහි ඔබවහන්සේ වැඩහිඳිනු මැනවැයි අයැද සිටියෙමි යන අර්ථයි.

දන‍්තො දන‍්තපරිවාරොති සයං ද‍්වාරත‍්තයෙන දන‍්තො තථා දන‍්තාහි භික‍්ඛුභික‍්ඛුනීඋපාසකඋපාසිකාසඞ‍්ඛාතාහි චතූහි පරිසාහි පරිවාරිතො. තිණ‍්ණො තාරයතං වරොති සයං තිණ‍්ණො සංසාරතො උත‍්තිණ‍්ණො නික‍්ඛන‍්තො තාරයතං තාරයන‍්තානං විසිට‍්ඨපුග‍්ගලානං වරො උත‍්තමො භගවා මමාරාධනෙන පාසාදං අභිරුහිත්‍වා පවරාසනෙ උත‍්තමාසනෙ නිසීදි නිසජ‍්ජං කප‍්පෙසි.

දන්තො දන්ත පරිවාරො යනු මාගේ තිදොරින් දැමුණේ, එසේ දැමුණු භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සංඛ්‍යාත සිව්වණක් පිරිස විසින් පිරිවරන තිණ්ණො තාරයතං වරො යනු තමා තිණ්ණො සංසාරයෙන් එගොඩ වූයේ නික්ම ගියේ තාරයතං එතෙර කරන්නා වූ විශිෂ්ට පුද්ගලයන්ට වරො උත්තම වූ භාග්‍යවතුන් වහ්නසේ මාගේ ආරාධනයෙන් ප්‍රාසාදයට නැගී පවරාසනෙ උතුම් අසුනෙහි. නිසීදි වැඩහුන් සේක. යං මෙ අත්‍ථි සකෙ ගෙහෙ යනු තමාගේ ගෙහි.

යං මෙ අත්‍ථි සකෙ ගෙහෙති අත‍්තනො ගෙහෙ යං ආමිසං පච‍්චුපට‍්ඨිතං සම‍්පාදිතං රාසිකතං අත්‍ථි. තාහං බුද‍්ධස‍්ස පාදාසින‍්ති බුද‍්ධස‍්ස බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස තං ආමිසං පාදාසිං ප-කාරෙන ආදරෙන වා අදාසින‍්ති අත්‍ථො. පසන‍්නො සෙහි පාණිභීති අත‍්තනො ද‍්වීහි හත්‍ථෙහි පස‍්සන‍්නචිත‍්තො ගහෙත්‍වා පාදාසින‍්ති අත්‍ථො.

යං ආමිසං පච්චුපට්ඨිතං සම්පාදනය කරන ලද රැස්කරන ලද යමක් ඇත්ද තාහං බුද්ධස්ස පාදාසිං බුදුරජාණන් වහන්සේට හා බුදුපාමොක් සංඝයාට ඒ ආමිෂය පාදාසිං පිළිවෙලින් දුනිමි යන අර්ථයි. පසන්නො සෙසපාණීහි යනු තාමගේ දෑතින් පහන් සිත් ඇත්තේ ගෙන දුන්නෙමි යන අර්ථයි.

පසන‍්නචිත‍්තො පසාදිතමනසඞ‍්කප‍්පො සුමනො සුන්‍දරමනො. වෙදජාතො ජාතවෙදො උප‍්පන‍්නසොමනස‍්සො කතඤ‍්ජලී සිරසි ඨපිතඅඤ‍්ජලිපුටො බුද‍්ධසෙට‍්ඨං නමස‍්සාමි සෙට‍්ඨස‍්ස බුද‍්ධස‍්ස පණාමං කරොමීති අත්‍ථො. අහො බුද‍්ධස‍්සුළාරතාති පටිවිද‍්ධචතුසච‍්චස‍්ස සත්‍ථුනො උළාරතා මහන‍්තභාවො අහො අච‍්ඡරියන‍්ති අත්‍ථො.

පසන්නචිත්තො පහදවා ගත් සිත හා අදහස් ඇත්තේ සුමනො සොඳුරු සිත් ඇත්තේ. වෙදජාතො උපන් වෙදො උපන් සොම්නස් ඇත්තේ කතඤ්ජලී හිසෙහි තැබූ ඇඳිලි ඇත්තේ. බුද්ධසෙට්ඨං නමස්සාමි ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට ප්‍රණාමය කරමි යන අර්ථයි. අහො බුද්ධස්සුලාරතා යනු අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ඇති ශාස්තෲන් වහන්සේගේ උලාරතා මහත්බව අහො ආශ්චර්යජනකයි යන අර්ථයි.

අට‍්ඨන‍්නං පයිරූපාසතන‍්ති පයිරුපාසන‍්තානං භුඤ‍්ජං භුඤ‍්ජන‍්තානං අට‍්ඨන‍්නං අරියපුග‍්ගලානං අන‍්තරෙ ඛීණාසවා අරහන‍්තොව බහූති අත්‍ථො. තුය‍්හෙවෙසො ආනුභාවොති එසො ආකාසචරණඋම‍්මුජ‍්ජනනිමුජ‍්ජනාදිආනුභාවො තුය‍්හෙව තුය‍්හං එව ආනුභාවො, නාඤ‍්ඤෙසං. සරණං තං උපෙමහන‍්ති තං ඉත්‍ථම‍්භූතං තුවං සරණං තාණං ලෙණං පරායනන‍්ති උපෙමි ගච‍්ඡාමි ජානාමි වාති අත්‍ථො.

අට්ඨන්නං පයිරුපාසනං යනු ආශ්‍රය කරන්නා වූ භුඤ්ජං වළඳන්නා වූ අට අරී පුඟුලන් අතර ඛීණාසවා රහත් වූවෝම බොහෝ වෙති යන අර්ථයි. තුය්හෙ වෙසො ආනුභාවො යනු මේ අහසෙහි ඇවිදීම - දියෙන් නැගීම - දියෙහි ගිලීම ආදී ආනුභාවය. තුය්හෙව ඔබගේම ආනුභාවයයි. අනිකකුගේ නොවේ. සරණන්තං උපෙමහං යනු ඒ එසේ වූ ඔබ සරණං ආරක්ෂක ස්ථානයයි, පිහිටයයි ඇලුම් කටයුතු ස්ථානයයි උපෙමි යමි දනිමි ද අර්ථයි.

ලොකජෙට‍්ඨො නරාසභො පියදස‍්සී භගවා භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසීදිත්‍වා ඉමා බ්‍යාකරණගාථා අභාසථ කථෙසීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරයන්ට උතුම් වූ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම විවරණ ගාථා අභාසථ කියූ සේක යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.

සුමඞ‍්ගලත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුමංගල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

දුතියස‍්ස සීහාසනවග‍්ගස‍්ස වණ‍්ණනා සමත‍්තා.

දෙවැනි සිංහාසන වර්ගයෙහි වර්ණනාව නිමියේය.