යෙදුමෙන් කියවන්න

21. සුභූතිත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

21. සුභූතිත්‍ථෙරඅපදානවණ‍්ණනා

21. සුභූති ථේර අපදාන වර්ණනාව

හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං ආයස‍්මතො සුභූතිත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො කප‍්පසතසහස‍්සමත්‍ථකෙ අනුප‍්පන‍්නෙයෙව පදුමුත‍්තරෙ භගවති ලොකනාථෙ හංසවතීනගරෙ අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස එකපුත‍්තකො හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස නන්‍දමාණවොති නාමං අකංසු. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා තත්‍ථ සාරං අපස‍්සන‍්තො අත‍්තනො පරිවාරභූතෙහි චතුචත‍්තාලීසාය මාණවසහස‍්සෙහි සද‍්ධිං පබ‍්බතපාදෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්චාභිඤ‍්ඤායො ච නිබ‍්බත‍්තෙසි. අන‍්තෙවාසිකානම‍්පි කම‍්මට‍්ඨානං ආචික‍්ඛි. තෙපි නචිරස‍්සෙව ඣානලාභිනො අහෙසුං.

හිමවන්තස්සාවිදූරෙ ආදි වශයෙන් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේගේ අපදානය යි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ මෙම කල්පයට කල්ප සියදහසකට පෙර පදුමුත්තර භාග්‍යවත් ලෝකනාථයන් වහන්සේ නූපන් කල්හිම හංසවතී නුවර එක්තරා බමුණු මහසල් කුලයෙක එකම පුත්‍රයා වී උපන්නේය. ඔහුට නන්ද මානවක යයි නමක් තැබූහ. ඔහු වැඩිවියපත්ව තුන්වේදය ඉගෙන එහි හරයක් නොදක්නේ තමාගේ පිරිවර වූ සතළිස්සතර දහසක් මානවකයන් සමග පර්වත පාදයෙහි සෘෂි පැවිද්දෙන් පැවිදිව අටසමවත් හා පංච අභිඥා උපදවා ගත්තේය. අතවැසියන්ට ද කමටහන් කියා දුන්නේය. ඔවුහු ද නොබෝ කලෙකින් ධ්‍යානලාභීහු වූහ.

තෙන ච සමයෙන පදුමුත‍්තරො භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා හංසවතීනගරං උපනිස‍්සාය විහරන‍්තො එකදිවසං පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තො නන්‍දතාපසස‍්ස අන‍්තෙවාසිකජටිලානං අරහත‍්තූපනිස‍්සයං, නන්‍දතාපසස‍්ස ච ද‍්වීහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස සාවකට‍්ඨානන‍්තරස‍්ස පත්‍ථනං දිස‍්වා පාතොව සරීරපටිජග‍්ගනං කත්‍වා පුබ‍්බණ‍්හසමයෙ පත‍්තචීවරමාදාය අඤ‍්ඤං කඤ‍්චි අනාමන‍්තෙත්‍වා සීහො විය එකචරො නන්‍දතාපසස‍්ස අන‍්තෙවාසිකෙසු ඵලාඵලත්‍ථාය ගතෙසු “බුද‍්ධභාවං මෙ ජානාතූ”ති පස‍්සන‍්තස‍්සෙව නන්‍දතාපසස‍්ස ආකාසතො ඔතරිත්‍වා පථවියං පතිට‍්ඨාසි. නන්‍දතාපසො බුද‍්ධානුභාවඤ‍්චෙව ලක‍්ඛණපාරිපූරිඤ‍්ච දිස‍්වා ලක‍්ඛණමන‍්තෙ සම‍්මසිත්‍වා “ඉමෙහි ලක‍්ඛණෙහි සමන‍්නාගතො නාම අගාරං අජ‍්ඣාවසන‍්තො රාජා හොති චක‍්කවත‍්තී, පබ‍්බජන‍්තො ලොකෙ විවටච‍්ඡෙදො සබ‍්බඤ‍්ඤූ බුද‍්ධො හොති, අයං පුරිසාජානීයො නිස‍්සංසයං බුද‍්ධො”ති ඤත්‍වා පච‍්චුග‍්ගමනං කත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා ආසනං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. නිසීදි භගවා පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නන්‍දතාපසොපි අත‍්තනො අනුච‍්ඡවිකං ආසනං ගහෙත්‍වා එකමන‍්තං නිසීදි. තස‍්මිං සමයෙ චතුචත‍්තාලීසසහස‍්සජටිලා පණීතපණීතානි ඔජවන‍්තානි ඵලාඵලානි ගහෙත්‍වා ආචරියස‍්ස සන‍්තිකං සම‍්පත‍්තා බුද‍්ධානඤ‍්චෙව ආචරියස‍්ස ච නිසින‍්නාකාරං ඔලොකෙත්‍වා ආහංසු – “ආචරිය, මයං ‘ඉමස‍්මිං ලොකෙ තුම‍්හෙහි මහන‍්තතරො නත්‍ථී’ති විචරාම, අයං පන පුරිසො තුම‍්හෙහි මහන‍්තතරො මඤ‍්ඤෙ”ති. නන්‍දතාපසො – “තාතා, කිං වදෙථ, තුම‍්හෙ සාසපෙන සද‍්ධිං අට‍්ඨසට‍්ඨියොජනසතසහස‍්සුබ‍්බෙධං සිනෙරුං උපමෙතුං ඉච‍්ඡථ, සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙන සද‍්ධිං මා මං උපමිත්‍ථා”ති ආහ. අථ තෙ තාපසා – “සචෙ අයං ඔරකො අභවිස‍්ස, න අම‍්හාකං ආචරියො එවං උපමං ආහරෙය්‍ය. යාව මහාවතායං පුරිසාජානීයො”ති පාදෙසු නිපතිත්‍වා සිරසා වන්‍දිංසු. අථ තෙ ආචරියො ආහ – “තාතා, අම‍්හාකං බුද‍්ධානං අනුච‍්ඡවිකො දෙය්‍යධම‍්මො නත්‍ථි, භගවා ච භික‍්ඛාචාරවෙලායං ඉධාගතො, තස‍්මා මයං යථාබලං දෙය්‍යධම‍්මං දස‍්සාම, තුම‍්හෙහි යං යං පණීතං ඵලාඵලං ආභතං, තං තං ආහරථා”ති ආහරාපෙත්‍වා සහත්‍ථෙනෙව ධොවිත්‍වා සයං තථාගතස‍්ස පත‍්තෙ පතිට‍්ඨාපෙසි. සත්‍ථාරා ඵලාඵලෙ පටිග‍්ගහිතමත‍්තෙ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපිංසු. තාපසො උදකම‍්පි සයමෙව පරිස‍්සාවෙත්‍වා අදාසි. තතො භොජනකිච‍්චං නිට‍්ඨාපෙත්‍වා නිසින‍්නෙ සත්‍ථරි සබ‍්බෙ අන‍්තෙවාසිකෙ පක‍්කොසිත්‍වා සත්‍ථු සන‍්තිකෙ සාරණීයං කථං කථෙන‍්තො නිසීදි. සත්‍ථා “භික‍්ඛුසඞ‍්ඝො ආගච‍්ඡතූ”ති චින‍්තෙසි. සත්‍ථු චිත‍්තං ඤත්‍වා සතසහස‍්සමත‍්තා ඛීණාසවා ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා අට‍්ඨංසු.

එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද හංසවතී නගරය නිසා වාසය කරන සේක් එක් දවසක් උදෑසන කාලයෙහි ලොව බලන සේක් නන්ද තාපසයාගේ අතවැසියන්ගේ රහත් බවට උපනිශ්‍රය ඇති බව හා නන්ද තාපසයාගේ අංග දෙකකින් යුත් ශ්‍රාවක තනතුරට ඇති ප්‍රාර්ථනාව ද දැක උදෑසනම සිරුර පිළිදැගුම් කොට පෙරවරුයෙහි පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා ඒකචර සිංහයකු මෙන් තාපසයාගේ අතවැසියන් පලවැල සොයා ගියකල්හි මාගේ බුදුබව දනීවායි බලා සිටියදී ම නන්ද තාපසයාගේ අසපුවෙහි අහසින් බැස පොළොවෙහි සිටි සේක. නන්ද තාපසයා බුද්ධානුභාවයත් ලක්‍ෂණයන්ගෙන් පිරිපුන් බවත් දැක ලක්‍ෂණ මන්ත්‍ර සිහිකොට මේ ලකුණින් යුත් පුද්ගලයා නම් ගිහිගෙයි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදි වන්නේ ලෝකයෙහි සර්වඥ බුදුවරයෙක් වෙයි. මේ ආජානේය පුරුෂයා නිසැකයෙන්ම බුදුන්වහන්සේ යයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන් සේක. තාපසයාද තමාට ගැළපෙන අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය. එකෙණෙහි සතළිස් සතර දහසක් ජටිලයෝ මිහිරි මිහිරි වූ ඕජාවත් වූ පලවැල ගෙන ආචාර්යවරයා සමීපයට පැමිණියාහු බුදුරජාණන් වහන්සේගේද ආචාර්යවරයාගේද හුන් අයුරු බලා ඇසූහ. ‘ආචාර්යයන් වහ්නස, අපි මෙලොව ඔබවහන්සේට වඩා වැඩි කෙනෙකු නැතැයි සිතුවෙමු. මේ පුරුෂයා වනාහි ඔබවහන්සේට වඩා වැඩි කෙනෙකැයි හඟිමු’යි. තාපසයා, ‘දරුවෙනි, ඔබ අඹ ඇටයක් සමග අටසැටදහසක් යොදුන් උස මහාමේරුව සමකිරීමට කැමැත්තහුය, සර්වඥ බුදුවරයකු සමග මා සමාන නොකරවු’ යයි කීය. ඉක්බිති ඒ තාපසයෝ යම්හෙයකින් මොහු පහත් කෙනෙක් වෙත්නම් අපගේ ආචාර්යවරයා මෙබඳු උපමාවක් නොගෙන එනු ඇත. මේ ආජානේය පුරුෂයා මහත් විය යුතුයයි පාමුල වැටී මුදුනින් වැන්දාහුය. ඉක්බිති ආචාර්යවරයා ඔවුන්ට මෙසේ කීය. ‘දරුවෙනි, අපට බුදුවරුන්ට යෝග්‍ය දියයුතු දෙයක් නැත. භාග්‍යවතුන් වහන්සේ ද පිඬු සිඟා වඩනා වේලාවෙහි මෙහි පැමිණි සේක. ඒ නිසා අපි අපගේ පමණට දියයුතු දෙයක් දෙමු. ඔබ විසින් යම් යම් මිහිරි මිහිරි වූ පලවැල්ක ගෙන එන ලද්දේද ඒ ගෙනෙවයි ගෙන්වාගෙන තම අතින්ම දොවා තමාම තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබීය. ශාස්තෲන් වහන්සේ පලවැල පිළිගත් කෙණෙහි දේවතාවෝ දිව්‍යඕජස් බැහූහ. තාපසයා ජලය ද තමා ම පෙරා දුන්නේය. ඉන් බොජුන් කිස නිමවා ශාස්තෲන් වහන්සේ හුන් කල සියලු අතවැසියන් කැඳවා ශාස්තෲන් වහන්සේ හමුවෙහි සිහිකටයුතු කථාවක් කරමින් හුන්නේය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා පැමිණේවායි සිතූ සේක. ශාස්තෲන් වහන්සේගේ සිත දැන දහසක් පමණ රහතන් වහන්සේ පැමිණ ශාස්තෲන් වහන්සේ වැඳ සිටියහ.

අථ නන්‍දතාපසො අන‍්තෙවාසිකෙ ආමන‍්තෙසි – “තාතා, බුද‍්ධානං නිසින‍්නාසනම‍්පි නීචං, සමණසතසහස‍්සස‍්සපි ආසනං නත්‍ථි. තුම‍්හෙහි අජ‍්ජ උළාරං භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච සක‍්කාරං කාතුං වට‍්ටති, පබ‍්බතපාදතො වණ‍්ණගන්‍ධසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරථා”ති ආහ. අචින‍්තෙය්‍යත‍්තා ඉද‍්ධිවිසයස‍්ස තෙ මුහුත‍්තෙනෙව වණ‍්ණගන්‍ධරසසම‍්පන‍්නානි පුප‍්ඵානි ආහරිත්‍වා බුද‍්ධානං යොජනප‍්පමාණං පුප‍්ඵාසනං පඤ‍්ඤාපෙසුං. අග‍්ගසාවකානං තිගාවුතං, සෙසභික‍්ඛූනං අඩ‍්ඪයොජනාදිභෙදං, සඞ‍්ඝනවකස‍්ස උසභමත‍්තං පඤ‍්ඤාපෙසුං. එවං පඤ‍්ඤත‍්තෙසු ආසනෙසු නන්‍දතාපසො තථාගතස‍්ස පුරතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨිතො, “භන‍්තෙ, අම‍්හාකං දීඝරත‍්තං හිතාය සුඛාය ඉමං පුප‍්ඵාසනං ආරුය‍්හ නිසීදථා”ති ආහ. නිසීදි භගවා පුප‍්ඵාසනෙ. එවං නිසින‍්නෙ සත්‍ථරි සත්‍ථු ආකාරං ඤත්‍වා භික‍්ඛූ අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදිංසු. නන්‍දතාපසො මහන‍්තං පුප‍්ඵච‍්ඡත‍්තං ගහෙත්‍වා තථාගතස‍්ස මත්‍ථකෙ ධාරෙන‍්තො අට‍්ඨාසි. සත්‍ථා “තාපසානං අයං සක‍්කාරො මහප‍්ඵලො හොතූ”ති නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජි. සත්‍ථු සමාපන‍්නභාවං ඤත්‍වා භික‍්ඛූපි සමාපත‍්තිං සමාපජ‍්ජිංසු. තථාගතෙ සත‍්තාහං නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ අන‍්තෙවාසිකා භික‍්ඛාචාරකාලෙ සම‍්පත‍්තෙ වනමූලඵලාඵලං පරිභුඤ‍්ජිත්‍වා සෙසකාලෙ බුද‍්ධානං අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨංසු. නන්‍දතාපසො පන භික‍්ඛාචාරම‍්පි අගන‍්ත්‍වා පුප‍්ඵච‍්ඡත‍්තං ධාරෙන‍්තොයෙව සත‍්තාහං පීතිසුඛෙනෙව වීතිනාමෙසි.

ඉක්බිති නන්ද තාපසයා අතවැසියන් ඇමතීය. දරුවෙනි, බුදුරජාණන් වහන්සේ වැඩසිටි අසුනද මිටිය. සියදහසක් ශ්‍රමණයන්ට ආසනයක්වත් නැත. අද ඔබ විසින් භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු සංඝයාට උදාර සත්කාරයක් කරන්ට වටී. පර්වත පාදයෙන් වර්ණගන්ධ සම්පන්න මල් ගෙනෙවු යයි කීය. සෘද්ධි විෂයෙහි අචින්ත්‍ය බව නිසා ඔවුහු මොහොතකින් වර්ණ ගන්ධ සම්පන්න වූ මල් ගෙනවුත් බුදුන් ප්‍රධාන භික්‍ෂු සංඝයාට යොදුනක් පමණ මල් අසුනක් පැනවූහ. අගසව්වන්ට ගවු තුනක්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ආදී භේදයෙන්ද, නවක සංඝයාට බඹයක් පමණද පැනවූහ. පැනවූ අසුන්වල, නන්ද තාපසයා තථාගතයන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැඳ සිටියේ ‘ස්වාමීනි, බොහෝකලක් අපට හිතසුව පිණිස මේ මල් අසුනට නැග හිඳිනු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ අසුනෙහි වැඩහුන් සේක. ශාස්තෲන් වහන්සේ මෙසේ වැඩහුන් කල්හි ශාස්තෲන් වහන්සේගේ ආකාරය දැන භික්‍ෂූහු තම තමාට පැමිණි අසුනෙහි හුන්හ. නන්ද තාපසයා මහත් වූ මල් කූඩයක් ගෙන තථාගතයන් වහන්සේට උසුලමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ තාපසයන්ගේ මේ සත්කාරය මහත්ඵල ඇත්තක් වේවායි නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශාස්තෲන් වහන්සේ සමවන් බව දැන භික්‍ෂූහුද සමාපත්තියට සමවන්හ. තථාගතයන් වහන්සේ සතියක් නිරෝධයට සමවැදී හුන් කල්හි අතවැසියෝ පිඬුසිඟා යන වේලාව පැමිණිවිට වනමුල්පල වළඳා සෙසු කල්හි බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ඇඳිලි බැඳ සිටියහ. නන්ද තාපසයා පිඬුසිඟාවක් නොගොස් මල්කූඩය දරමින්ම සතියක් ප්‍රීති සුඛයෙන්ම දවසැරියේය.

සත්‍ථා නිරොධතො වුට‍්ඨාය අරණවිහාරිඅඞ‍්ගෙන දක‍්ඛිණෙය්‍යඞ‍්ගෙන චාති ද‍්වීහි අඞ‍්ගෙහි සමන‍්නාගතං එකං සාවකං “ඉසිගණස‍්ස පුප‍්ඵාසනානුමොදනං කරොහී”ති ආණාපෙසි. සො චක‍්කවත‍්තිරඤ‍්ඤො සන‍්තිකා පටිලද‍්ධමහාලාභො මහායොධො විය තුට‍්ඨමානසො අත‍්තනො විසයෙ ඨත්‍වා තෙපිටකං බුද‍්ධවචනං සම‍්මසිත්‍වා අනුමොදනමකාසි. තස‍්ස දෙසනාවසානෙ සත්‍ථා සයං ධම‍්මං දෙසෙසි. සත්‍ථු දෙසනාවසානෙ සබ‍්බෙපි චතුචත‍්තාලීසසහස‍්සතාපසා අරහත‍්තං පාපුණිංසු. සත්‍ථා – “එථ භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙසං තාවදෙව කෙසමස‍්සූ අන‍්තරධායිංසු . අට‍්ඨ පරික‍්ඛාරා සරීරෙ පටිමුක‍්කාව අහෙසුං. තෙ සට‍්ඨිවස‍්සිකත්‍ථෙරා විය සත්‍ථාරං පරිවාරයිංසු. නන්‍දතාපසො පන වික‍්ඛිත‍්තචිත‍්තතාය විසෙසං නාධිගඤ‍්ඡි. තස‍්ස කිර අරණවිහාරිත්‍ථෙරස‍්ස ධම‍්මං සොතුං ආරද‍්ධකාලතො පට‍්ඨාය – “අහො වතාහම‍්පි අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ ඉමිනා සාවකෙන ලද‍්ධගුණං ලභෙය්‍ය”න‍්ති චිත‍්තං උදපාදි. සො තෙන විතක‍්කෙන මග‍්ගඵලපටිවෙධං කාතුං නාසක‍්ඛි. තථාගතං පන වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ සම‍්මුඛෙ ඨිතො එවමාහ – “භන‍්තෙ, යෙන භික‍්ඛුනා ඉසිගණස‍්ස පුප‍්ඵාසනානුමොදනා කතා, කො නාමායං තුම‍්හාකං සාසනෙ”ති? “අරණවිහාරිඅඞ‍්ගෙන ච දක‍්ඛිණෙය්‍යඞ‍්ගෙන ච එතදග‍්ගට‍්ඨානං පත‍්තො එසො භික‍්ඛූ”ති. “භන‍්තෙ, ය‍්වායං මයා සත‍්තාහං පුප‍්ඵච‍්ඡත‍්තං ධාරෙන‍්තෙන සක‍්කාරො කතො, තෙන අධිකාරෙන අඤ‍්ඤං සම‍්පත‍්තිං න පත්‍ථෙමි, අනාගතෙ පන එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ අයං ථෙරො විය ද‍්වීහඞ‍්ගෙහි සමන‍්නාගතො සාවකො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි.

ශාස්තෲන් වහන්සේ නිරෝධයෙන් නැගිට නිකෙලෙස්ව විසීමේ පිළිවෙතින්ද, දානයට සුදුසු අංගයෙන්ද යන අංග දෙකින් යුතු එක් ශ්‍රාවකයකුට සෘෂි ගණයාට මල්අසුන් අනුමෝදනාව කරවයි අණකළ සේක. උන්වහන්සේ සක්විති රජු සමීපයෙන් ලැබූ මහාලාභ ඇති මහා යෝධයකු මෙන් සතුටු සිතැත්තාහු තමාගේ විෂයයෙහි සිට තෙවළා බුදුවදන සම්මර්ශනය කොට අනුමෝදනාව කළ සේක. උන්වහන්සේගේ දේශනාව අවසානයෙහි සියලු සිව්සතළිස් දහසක් ශිෂ්‍යයෝ රහත්බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ එව මහණෙනියි අත දිගුකළ සේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් විය. අටපිරිකර සිරුරෙහි රැඳුණේ විය. ඔවුහු සැටවස් පිරුණු තෙරුන් මෙන් ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියහ. නන්ද තාපසයා වනාහි වික්‍ෂිප්ත සිත් ඇති බැවින් විශේෂත්වයට නොපැමිණියේය. ඔහුට අරණවිහාරි තෙරුන්වහන්සේගේ ධර්මය ඇසීමට ඇරඹූ තැන් පටන් ‘අහෝ, මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි මේ ශ්‍රාවකයා විසින් ලද ගුණය ලබන්නේ නම් මැනවැයි සිතක් උපන. ඔහු එම විතර්කය නිසා මාර්ගඵල ප්‍රතිවේධය ලැබීමට නොහැකි විය. තථාගතයන් වහන්සේ වැඳ ඇඳිලිබැඳ ඉදිරියෙහි සි මෙසේ කීය. ‘ස්වාමීනි, යම් භික්‍ෂුවක විසින් සෘෂි ගණයාට පුෂ්පානුමෝදනාව කරන ලද්දේද, ඔබවහන්සේගේ සසුනෙහි උන්වහන්සේ කවරනම් ඇත්තාහුද. නික්ලේශීව වාසය කරන බැවින්ද දානය ලැබීමට සුදුසු බැවින්ද අගතැන්පත් වූයේ මේ භික්‍ෂුවයි. ‘ස්වාමීනි, සතියක් මල් කූඩයක් දරන මා විසින් යමෙක් සත්කාර කරනු ලැබීද, ඒ අධිකාරයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක බුදුවරයකුගේ සසුනෙහි මේ තෙරුන් වහන්සේ මෙන් අංග දෙකින් යුතු ශ්‍රාවකයෙක් වන්නෙමියි ප්‍රාර්ථනයක් කළේය.

සත්‍ථා “සමිජ‍්ඣිස‍්සති නු ඛො ඉමස‍්ස තාපසස‍්ස පත්‍ථනා”ති අනාගතංසඤාණං පෙසෙත්‍වා ඔලොකෙන‍්තො කප‍්පසතසහස‍්සං අතික‍්කමිත්‍වා සමිජ‍්ඣනකභාවං දිස‍්වා, “තාපස, න තෙ අයං පත්‍ථනා මොඝං භවිස‍්සති, අනාගතෙ කප‍්පසතසහස‍්සං අතික‍්කමිත්‍වා ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස සන‍්තිකෙ සමිජ‍්ඣිස‍්සතී”ති ධම‍්මකථං කථෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො ආකාසං පක‍්ඛන්‍දි. නන්‍දතාපසො යාව චක‍්ඛුපථං න සමතික‍්කමති, තාව සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා අට‍්ඨාසි. සො අපරභාගෙ කාලෙන කාලං සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුණිත්‍වා අපරිහීනජ‍්ඣානොව කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො. තතො පන චුතො අපරානිපි පඤ‍්ච ජාතිසතානි පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤකොව අහොසි, කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙපි පබ‍්බජිත්‍වා ආරඤ‍්ඤකො හුත්‍වා ගතපච‍්චාගතවත‍්තං පූරෙසි. එතං කිර වත‍්තං අපරිපූරෙත්‍වා මහාසාවකභාවං පාපුණන‍්තා නාම නත්‍ථි, ගතපච‍්චාගතවත‍්තං පන ආගමට‍්ඨකථාසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සො වීසතිවස‍්සසහස‍්සානි ගතපච‍්චාගතවත‍්තං පූරෙත්‍වා කාලං කත්‍වා තාවතිංසදෙවලොකෙ නිබ‍්බත‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ තාපසයාගේ ප්‍රාර්ථනය ඉටුවන්නේ දැයි අනාගතංශ ඥානය විහිදුවා බලනසේක් කල්ප සියදහසක් ඉක්මවා ඉටුවන බව දැක, ‘තාපසය, ඔබගේ මේ ප්‍රාර්ථනය හිස් වූවක් නොවේ. අනාගතයෙහි කල්ප සිය දහසක් ඉක්මවා ගෞතම නම් බුදුකෙනෙක් උපදින්නේ ය. උන්වහන්සේ සමීපයෙහි ඉටුවන්නේ යයි කියා ධර්ම කථාවක් කොට භික්‍ෂු සංඝයා පිරිවරා අහසට පැනනැගි සේක. නන්ද තාපසයා යම්තාක් දෘෂ්ටි පථය ඉක්මවා යයිද ඒ තාක් ශාස්තෲන් වහන්සේට හා භික්‍ෂු සංඝයාටද ඇඳිලි බැඳ සිටියේය. ඔහු පසුකලෙක කලින් කල ශාස්තෲන් වහන්සේ කරා එළඹ දහම් අසා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ කලුරිය කොට බඹලොව උපන්නේ ඉන්පසු ජාති පන්සියයකදී පැවිදිව අරණ්‍යවාසීව ගත පච්ඡාගත වත් පිරුවේය. මේ වත නොපුරා මහා ශ්‍රාවක බවට පත්වන්නෝ නම් නැත. ගතපච්ඡාගත වත වනාහි ආගම අටුවා කථාවල කියූ අයුරින්ම දත යුත්තේය. ඔහු වර්ෂ විසිදහසක් ගතපච්ඡාගත වත පුරා කලුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නේය.

එවං සො තාවතිංසභවනෙ අපරාපරං උප‍්පජ‍්ජනවසෙන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො චුතො මනුස‍්සලොකෙ අනෙකසතක‍්ඛත‍්තුං චක‍්කවත‍්තිරාජා පදෙසරාජා ච හුත්‍වා උළාරං මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා අම‍්හාකං භගවතො උප‍්පන‍්නකාලෙ සාවත්‍ථියං සුමනසෙට‍්ඨිස‍්ස ගෙහෙ අනාථපිණ‍්ඩිකස‍්ස කනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති. සුභූතීතිස‍්ස නාමං අහොසි.

මෙසේ ඔහු තව්තිසා දෙව්ලොව නැවත නැවත ඉපදීම් වශයෙන් දිවසැපත් අනුභවකොට එයින් චුතව මිනිස් ලොව නොයෙක්වර සක්විති රජව ද ප්‍රදේශ රජව ද උදාර සම්පත් විඳ අපගේ භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි සැවැත්නුවර සුමන සිටුමැදුරෙහි අනාථපිණ්ඩික සිටුවරයාට බාලව උපන්නේ ය. ඔහුට සුභූතියයි නමක් විය.

තෙන ච සමයෙන අම‍්හාකං භගවා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං ගන‍්ත්‍වා තත්‍ථ වෙළුවනපටිග‍්ගහණාදිනා ලොකානුග‍්ගහං කරොන‍්තො රාජගහං උපනිස‍්සාය සීතවනෙ විහාසි. තදා අනාථපිණ‍්ඩිකො සෙට‍්ඨි සාවත්‍ථියං උට‍්ඨානකං භණ‍්ඩං ගහෙත්‍වා අත‍්තනො සහායස‍්ස රාජගහසෙට‍්ඨිනො ගෙහං ගන‍්ත්‍වා බුද‍්ධුප‍්පාදං සුත්‍වා සත්‍ථාරං සීතවනෙ විහරන‍්තං උපසඞ‍්කමිත්‍වා පඨමදස‍්සනෙනෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය සත්‍ථාරං සාවත්‍ථිං ආගමනත්‍ථාය යාචිත්‍වා තතො පඤ‍්චචත‍්තාලීසයොජනෙ මග‍්ගෙ යොජනෙ යොජනෙ සතසහස‍්සපරිච‍්චාගෙන විහාරෙ පතිට‍්ඨාපෙත්‍වා සාවත්‍ථියං අට‍්ඨකරීසප‍්පමාණං ජෙතස‍්ස කුමාරස‍්ස උය්‍යානභූමිං කොටිසන්‍ථාරෙන කිණිත්‍වා තත්‍ථ භගවතො විහාරං කාරෙත්‍වා අදාසි. විහාරමහදිවසෙ අයං සුභූතිකුටුම‍්බිකො අනාථපිණ‍්ඩිකසෙට‍්ඨිනා සද‍්ධිං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සද‍්ධං පටිලභිත්‍වා පබ‍්බජි. සො උපසම‍්පන‍්නො ද‍්වෙ මාතිකා පගුණා කත්‍වා කම‍්මට‍්ඨානං කථාපෙත්‍වා අරඤ‍්ඤෙ සමණධම‍්මං කරොන‍්තො මෙත‍්තාඣානං නිබ‍්බත‍්තෙත්‍වා තං පාදකං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි.

එසමයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් ධම්මචක්ක ඇති සේක් අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩ එහි වේළුවනය පිළිගැනීම් ආදියෙන් ලෝකානුග්‍රහ කරන සේක් රජගහනුවර නිසා සීතවනයෙහි විසූ සේක. එකල්හි අනේපිඬු සිටු තෙමේ සේවා භාණ්ඩයක් ගෙන තමාගේ මිත්‍රයා වූ රජගහ සිටුගේ ගෙට ගොස් බුදුන් උපන් බව අසා සීතවනයෙහි වසන ශාස්තෲන් වහන්සේ කරා එළඹ පළමු දැක්මෙන්ම සෝවාන් පෙලෙහි පිහිටා ශාස්තෲන් වහන්සේට සැවැත්නුවරට පැමිණෙන ලෙස ඉල්ලා ඉන් පන්සාළිස් යොදුන්මග යොදුනෙන් යොදුන සියදහසක් වියදම්කොට විහාර පිහිටුවා සැවැත්නුවර අටකිරියක් තරම් ජේත කුමාරයාගේ උයන්බිම කෝටියක් අතුරා මිලට ගෙන එහි භාග්‍යවතුන් වහන්සේට විහාරයක් කරවා දුන්නේ ය. විහාරය පූජාකරන දවසෙහි මේ සුභූති කෙළෙඹියා අනේපිඬු සිටුවරයා සමග ගොස් දහම් අසන්නේ ශ්‍රද්ධාව ලැබ පැවිදිව උපසපන් වූයේ උභය මාතෘකාව ප්‍රගුණකොට කමටහන් කියවාගෙන අරණ්‍යයෙහි මහණදම් පුරන්නේ මෛත්‍රී ධ්‍යානය උපදවා එය පාදකකොට විදර්ශනා වඩා රහත්බවට පත්විය.

සො ධම‍්මං දෙසෙන‍්තො යස‍්මා සත්‍ථාරා දෙසිතනියාමෙන අනොදිස‍්සකං කත්‍වා දෙසෙති, තස‍්මා අරණවිහාරීනං අග‍්ගො නාම ජාතො. යස‍්මා ච පිණ‍්ඩාය චරන‍්තො ඝරෙ ඝරෙ මෙත‍්තාඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය භික‍්ඛං පටිග‍්ගණ‍්හාති “එවං දායකානං මහප‍්ඵලං භවිස‍්සතී”ති, තස‍්මා දක‍්ඛිණෙය්‍යානං අග‍්ගො නාම ජාතො. තෙන නං භගවා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං අරණවිහාරීනං දක‍්ඛිණෙය්‍යානඤ‍්ච යදිදං සුභූතී”ති (අ· නි· 1.198, 201) ද‍්වයඞ‍්ගසමන‍්නාගතෙ අග‍්ගට‍්ඨානෙ ඨපෙසි. එවමයං මහාථෙරො අත‍්තනා පූරිතපාරමීනං ඵලස‍්ස මත්‍ථකං අරහත‍්තං පත්‍වා ලොකෙ අභිඤ‍්ඤාතො අභිලක‍්ඛිතො හුත්‍වා බහුජනහිතාය ජනපදචාරිකං චරන‍්තො අනුපුබ‍්බෙන රාජගහං අගමාසි.

උන්වහන්සේ ධර්මය දේශනා කරන සේක් යම්හෙයකින් ශාස්තෲන් වහන්සේ දේශනා කළ නියාමයෙන් එක් පුද්ගලයකුට සීමා නොකොට දේශනා කරත්ද ඒ නිසා නික්ලේශීව වසන්නවුන් අතර අග්‍ර වූහ. යම්හෙයකින් පිඬු පිණිස හැසිරෙත්නම් ගෙයක් ගෙයක් ගානේ මෛත්‍රී සමාපත්තියට සමවැද නැගිට භික්‍ෂාව පිළිගනිත්ද, මෙසේ දායකයන්ට මහත්ඵල ඇති වන්නේ ය. ඒ නිසා දානය ලැබීමට සුදුස්සන් අතර අග්‍රවූහ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහු ‘නික්ලේශීව වසන්නවුන් අතරද දන් ලැබීමට සුදුස්සන් අතරද අග්‍රවූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යම් කෙනෙක් වේද ඒ සුභූති යයි අංග දෙකකින් යුත් අගතන්හි තැබූ සේක. මෙසේ මේ මහතෙරුන් වහන්සේ තමා විසින් පුරන ලද පාරමිතාවන්ගේ ඵලයෙහි මස්තකය වූ රහත් බවට පැමිණ ලෝක ප්‍රසිද්ධ වූ විශේෂයෙන් දන්නා ලද වූවාහු බොහෝ ජනයාගේ හිතසුව පිණිස ජනපද චාරිකාවෙහි හැසිරෙන්නාහු අනුපිළිවෙලින් රජගහ නුවරට ගිය සේක.

රාජා බිම‍්බිසාරො ථෙරස‍්ස ආගමනං සුත්‍වා උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “ඉධෙව, භන‍්තෙ, වසථ, වසනට‍්ඨානං වො කරිස‍්සාමී”ති වත්‍වා පක‍්කන‍්තො විස‍්සරි. ථෙරො සෙනාසනං අලභන‍්තො අබ‍්භොකාසෙ වීතිනාමෙසි. ථෙරස‍්සානුභාවෙන දෙවො න වස‍්සති. මනුස‍්සා අවුට‍්ඨිතාය උපද‍්දුතා රඤ‍්ඤො නිවෙසනද‍්වාරෙ උක‍්කුට‍්ඨිං අකංසු. රාජා “කෙන නු ඛො කාරණෙන දෙවො න වස‍්සතී”ති වීමංසන‍්තො “ථෙරස‍්ස අබ‍්භොකාසවාසෙන මඤ‍්ඤෙ න වස‍්සතී”ති චින‍්තෙත්‍වා තස‍්ස පණ‍්ණකුටිං කාරාපෙත්‍වා “ඉමිස‍්සං, භන‍්තෙ, පණ‍්ණකුටියං වසථා”ති වත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි. ථෙරො කුටිං පවිසිත්‍වා තිණසන්‍ථාරකෙ පල‍්ලඞ‍්කෙන නිසීදි. තදා දෙවො ථොකං ථොකං ඵුසායති, න සම‍්මාධාරං අනුපවෙච‍්ඡති. අථ ථෙරො ලොකස‍්ස අවුට‍්ඨිකභයං විධමිතුකාමො අත‍්තනො අජ‍්ඣත‍්තිකබාහිරවත්‍ථුකස‍්ස පරිස‍්සයස‍්ස අභාවං පවෙදෙන‍්තො “ඡන‍්නා මෙ කුටිකා”ති (ථෙරගා· 1) ගාථමාහ. තස‍්සත්‍ථො ථෙරගාථායං වුත‍්තොයෙව.

බිම්බිසාර රජතුමා උන්වහන්සේගේ පැමිණීම ගැන අසා එළඹ ‘ස්වාමීනි, මෙහිම වසනු මැනව. ඔබවහන්සේට වාසස්ථානයක් කරන්නෙමියි කියා ආපසු ගියේ එය අමතක විය. තෙරුන්වහන්සේ සෙනසුනක් නොලබන්නාහු එළිමහනෙහි ගතකළ සේක. තෙරුන් වහන්සේගේ අනුහසින් වැසි නොවසී. මනුෂ්‍යයෝ වැසි නොලැබ කරදරයට පත්වූවෝ රජගෙදර දොරටුවෙහි උද්ඝෝෂණය කළහ. රජ කවරනම් කරුණකින් වැසි නොවසීදැයි විමසන්නේ තෙරුන් වහන්සේ එළිමහනෙහි වසන හෙයින් වැසි නොවසීයයි හඟමියි සිතා උන්වහන්සේට පන්සලක් කරවා ස්වාමීනි, මේ පන්සලෙහි වසනු මැනවැයි කියා වැඳ ගියේය. තෙරුන් වහන්සේ කුටියට පිවිස තණ ඇතිරියෙහි පලක්බැඳ හුන් සේක. එකල වැස්ස මඳින් මද වසී. ධාරානිපාතයෙන් නොවසී. ඉක්බිති තෙරුන් වහන්සේ ලෝකයාගේ වැසි නැති බිය තුරන් කරනු කැමැත්තාහු තමාගේ ආධ්‍යාත්මික බාහිර දැයකට උවදුරක් නැති බව දන්වන්නාහු ඡන්නා මෙසා කුටිකා යනාදී ගාථාව කී සේක. එහි අර්ථය ථෙර ගාථාවෙහි කියන ලද්දේම ය.

කස‍්මා පනෙතෙ මහාථෙරා අත‍්තනො ගුණෙ පකාසෙන‍්තීති? ඉමිනා දීඝෙන අද‍්ධුනා අනධිගතපුබ‍්බං පරමගම‍්භීරං අතිවිය සන‍්තං පණීතං අත‍්තනා අධිගතලොකුත‍්තරධම‍්මං පච‍්චවෙක‍්ඛිත්‍වා පීතිවෙගසමුස‍්සාහිතඋදානදීපනත්‍ථං සාසනස‍්ස නිය්‍යානිකභාවවිභාවනත්‍ථඤ‍්ච පරමප‍්පිච‍්ඡා අරියා අත‍්තනො ගුණෙ පකාසෙන‍්ති. යථා තං ලොකනාථො බොධනෙය්‍යානං අජ‍්ඣාසයවසෙන “දසබලසමන‍්නාගතො, භික‍්ඛවෙ, තථාගතො චතුවෙසාරජ‍්ජවිසාරදො”තිආදිනා (අ· නි· 10.21; ම· නි· 1. 148 අත්‍ථතො සමානං) අත‍්තනො ගුණෙ පකාසෙති. එවමයං ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථාපි අහොසීති.

මුන්වහන්සේ කවර හෙයකින් තමාගේ ගුණ ප්‍රකාශ කළ සේක්ද. මුන්වහන්සේ විසින් දිගුකලෙකින් නොපැමිණි පරමගම්භීර වූ අතිශයින් ශාන්ත වූ ප්‍රණීත වූ තමා විසින් අවබෝධ කරගනු ලැබූ ලෝකෝත්තර ධර්මය නැවත සිහිකොට ප්‍රීතිවේගයෙන් උපදවන ලද ප්‍රීතිය පැහැදිලි කරනු පිණිස ශාසනයාගේ නෛර්යාණික භාවය පැහැදිලි කරනු පිණිසද ආර්යයන් වහන්සේලා පරම අල්පේච්ඡ වුවද තමන්ගේ ගුණ පවසති. යම්සේ ලෝකනාථයන් වහන්සේ අවබෝධ කළයුත්තවුන්ගේ අධ්‍යාශය වශයෙන් මහණෙනි, තථාගත තෙමේ දසබලයෙන් යුක්තය. චතුර්වෛශාරද්‍යයෙන් විශාරදය යනාදි වශයෙන් තමාගේ ගුණ පවසත්ද එසේ මේ තෙරුන් වහන්සේගේ රහත් බව පවසන ගාථාවක්ද වීය.

එවං සො පත‍්තඅරහත‍්තඵලො පත‍්තඑතදග‍්ගට‍්ඨානො ච අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. තත්‍ථ හිමවන‍්තස‍්සාති හිමාලයපබ‍්බතස‍්ස අවිදූරෙ ආසන‍්නෙ සමීපෙ පබ‍්බතපාදෙ මනුස‍්සානං ගමනාගමනසම‍්පන‍්නෙ සඤ‍්චරණට‍්ඨානෙති අත්‍ථො. නිසභො නාම පබ‍්බතොති පබ‍්බතානං ජෙට‍්ඨත‍්තා නාමෙන නිසභො නාම සෙලමයපබ‍්බතො අහොසීති සම‍්බන්‍ධො. අස‍්සමො සුකතො මය‍්හන‍්ති තත්‍ථ පබ‍්බතෙ මය‍්හං වසනත්‍ථාය අස‍්සමො අරඤ‍්ඤාවාසො සුට‍්ඨු කතො. කුටිරත‍්තිට‍්ඨානදිවාට‍්ඨානවතිපරික‍්ඛෙපාදිවසෙන සුන්‍දරාකාරෙන කතොති අත්‍ථො. පණ‍්ණසාලා සුමාපිතාති පණ‍්ණෙහි ඡාදිතා සාලා මය‍්හං නිවාසනත්‍ථාය සුට‍්ඨු මාපිතා නිට‍්ඨාපිතාති අත්‍ථො.

මෙසේ ඔහු පත්වූ රහත්ඵල ඇත්තේ හා පත්වූ අගතැන් ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය පවසන්නේ හිමවන්තස්සාවිදූරෙ යනාදිය කීය. එහි හිමවන්තස්ස යනු හිමාලය පර්වතයට අවිදූරෙ ආසන්නයෙහි සමීපයෙහි. පර්වතපාදයෙහි මිනිසුන්ගේ ගමනාගමනයෙන් යුත් හැසිරෙන ස්ථානයෙහි යන අර්ථයි. නිසභොනාම පබ්බතො යනු පර්වතයන්ට ජ්‍යෙෂ්ඨ බැවින් නමින් නිසභ නම් ශෛලමය පර්වතයක් විය යනු සම්බන්ධයි. අස්සමො සුකතො මය්හං යනු එහි පර්වතයෙහි මාගේ විසීම පිණිස අස්සමො අරණ්‍යවාසයක් මනාසේ කරන ලද කුටිය. රාත්‍රිස්ථාන දිවාස්ථාන වැටින් වටකිරීම් ආදි වශයෙන් සොඳුරු අයුරින් කරන ලද්දේය යන අර්ථයි. පණ්ණසාලා සුමාපිතා යනු කොළවලින් වසන ලද ශාලාවක් මාගේ විසීම පිණිස මැනවින් මවන ලද්දේ නිමවන ලද්දේය යන අර්ථයි.

කොසියො නාම නාමෙනාති මාතාපිතූහි කතනාමධෙය්‍යෙන කොසියො නාම. උග‍්ගතාපනො පාකටතපො ඝොරතපො. එකාකියො අඤ‍්ඤෙසං අභාවා අහං එව එකො. අදුතියො දුතියතාපසරහිතො ජටිලො ජටාධාරී තාපසො තදා තස‍්මිං කාලෙ නිසභෙ පබ‍්බතෙ වසාමි විහරාමීති සම‍්බන්‍ධො.

කොසියො නාම නාමෙන යනු මව්පියන් විසින් තබන ලද නමින් කෝසිය නමි. උග්ගතාපනො ප්‍රකට තපස උග්‍ර තපස. එකාකියො අන් අය නැති බැවින් මම ම හුදෙකලාව අදුතියො දෙවැනි තාපසයකු නැතිව. ජටිලො ජටාධර තාපසයා. තදා ඒ කාලයෙහි නිසභ පර්වතයෙහි වසාමි වාසය කරමියි සම්බන්ධයි.

ඵලං මූලඤ‍්ච පණ‍්ණඤ‍්ච, න භුඤ‍්ජාමි අහං තදාති තදා තස‍්මිං නිසභපබ‍්බතෙ වසනකාලෙ තිණ‍්ඩුකාදිඵලං මුළාලාදිමූලං, කාරපණ‍්ණාදිපණ‍්ණඤ‍්ච රුක‍්ඛතො ඔචිනිත්‍වා න භුඤ‍්ජාමීති අත්‍ථො. එවං සති කථං ජීවතීති තං දස‍්සෙන‍්තො පවත‍්තංව සුපාතාහන‍්ති ආහ. තත්‍ථ පවත‍්තං සයමෙව ජාතං සුපාතං අත‍්තනො ධම‍්මතාය පතිතං පණ‍්ණාදිකං නිස‍්සාය ආහාරං කත්‍වා අහං තාවදෙ තස‍්මිං කාලෙ ජීවාමි ජීවිකං කප‍්පෙමීති සම‍්බන්‍ධො. “පවත‍්තපණ‍්ඩුපණ‍්ණානී”ති වා පාඨො, තස‍්ස සයමෙව පතිතානි පණ‍්ඩුපණ‍්ණානි රුක‍්ඛපත‍්තානි උපනිස‍්සාය ජීවාමීති අත්‍ථො.

ඵලං මූලංච පණ්ණාඤ්ච නභුඤ්ජාමි අහං තදා නිසභ පර්වතයෙහි වසන කල්හි තිඹිරි ආදී පල ද හාතාවාරිය ආදී මුල් ද කරකොළ ආදී කොළ ද ගසින් කඩාගෙන නොවළඳමි යි අර්ථයි. මෙසේ ඇතිකල්හි කෙසේ ජීවත්වේදැයි එය දක්වන්නේ පවත්තංච සුපාතාහං යයි කීය. එහි පවත්තං තෙමේම උපන්. සුපාතං තමාගේම ස්වභාවයෙන් වැටුණු කොළ ආදිය ආහාර කොටගෙන තාවදෙව එකල ජීවාමි ජීවිකාව කෙරෙමි යන සම්බන්ධයි. පවත්ත පණ්ඩුපත්තානි යනුවෙන්ද පාඨයක් වෙයි.

නාහං කොපෙමි ආජීවන‍්ති අහං ජීවිතං චජමානොපි පරිච‍්චාගං කුරුමානොපි තණ‍්හාවසෙන ඵලමූලාදිආහාරපරියෙසනාය සම‍්මා ආජීවං න කොපෙමි න නාසෙමීති සම‍්බන්‍ධො. ආරාධෙමි සකං චිත‍්තන‍්ති සකං චිත‍්තං අත‍්තනො මනං අප‍්පිච‍්ඡතාය සන‍්තුට‍්ඨියා ච ආරාධෙමි පසාදෙමි. විවජ‍්ජෙමි අනෙසනන‍්ති වෙජ‍්ජකම‍්මදූතකම‍්මාදිවසෙන අනෙසනං අයුත‍්තපරියෙසනං විවජ‍්ජෙමි දූරං කරොමි.

එහි තෙමේම වැටුණු ගස්වල පඬුවන් කොළ නිසා ජීවත්වෙමි යන අර්ථයි. නාහං කොපෙමි ආජීවං යනු මම ජීවිතය හැරයන්නේ වුව ද පරිත්‍යාග කරන්නේ වුවද තෘෂ්ණා වශයෙන් පලමුල් ආදී ආහාර සෙවීම පිණිස සම්‍යක් ආජීවය නකොපෙමි විනාශ නොකරමි යන සම්බන්ධයි. ආරාධෙමි සකං චිත්තං යනු තමාගේ සිත අල්පේච්ඡතාවෙන් ද, සන්තුෂ්ටියෙන්ද ආරාධෙමි පහන් කරමි. විවජ්ජෙමි අනෙසනං යනු වෛද්‍යකර්ම දූතකර්මාදී වශයෙන් අනෙසනං නුසුදුසු සෙවීම විවජ්ජෙමි දුරුකරමි.

රාගූපසංහිතං චිත‍්තන‍්ති යදා යස‍්මිං කාලෙ මම රාගෙන සම‍්පයුත‍්තං චිත‍්තං උප‍්පජ‍්ජති, තදා සයමෙව අත‍්තනායෙව පච‍්චවෙක‍්ඛාමි ඤාණෙන පටිවෙක‍්ඛිත්‍වා විනොදෙමි. එකග‍්ගො තං දමෙමහන‍්ති අහං එකස‍්මිං කම‍්මට‍්ඨානාරම‍්මණෙ අග‍්ගො සමාහිතො තං රාගචිත‍්තං දමෙමි දමනං කරොමි.

රාගූපසංහිතං චිත්තං යනු යදා යම්කලෙක මාගේ රාගයෙන් යුතු සිත උපදීද, එකල්හි සයමෙව තමාම පච්චවෙක්ඛාමි ඥානයෙන් නැවත සලකා බලා දුරුකරමි. එකග්ගො තං දමෙමහං යනු මම එක් කමටහන් අරමුණක එකග්ගො සමාහිතව ඒ රාගසිත දමෙමි දමනය කරමි.

රජ‍්ජසෙ රජ‍්ජනීයෙ චාති රජ‍්ජනීයෙ අල‍්ලීයිතබ‍්බෙ රූපාරම‍්මණාදිවත්‍ථුස‍්මිං රජ‍්ජසෙ අල‍්ලීනො අසි භවසි. දුස‍්සනීයෙ ච දුස‍්සසෙති දූසිතබ‍්බෙ දොසකරණවත්‍ථුස‍්මිං දූසකො අසි. මුය‍්හසෙ මොහනීයෙ චාති මොහිතබ‍්බෙ මොහකරණවත්‍ථුස‍්මිං මොය‍්හසි මූළ‍්හො අසි භවසි. තස‍්මා තුවං වනා වනතො අරඤ‍්ඤවාසතො නික‍්ඛමස‍්සු අපගච‍්ඡාහීති එවං අත‍්තානං දමෙමීති සම‍්බන්‍ධො.

රඤ්ජසි රජනීයොච යනු රජනීයෙ ඇලියයුතු රූපාරම්මණ ආදී වස්තුවෙහි රඤ්ජසි ඇලුණේ අසි වෙහි. දොසනීයෙච දුස්සසි යනු දුස්සිතබ්බෙ දෝෂකරන වස්තුවෙහි දූෂකයෙක් වෙහි. මුය්හසෙ මොහනීයෙච මොහිතබ්බෙ මුළාවිය යුතු වස්තුවෙහි මුය්හසි මුළා වූවෙක් අසි වෙහි. ඒ නිසා ඔබ වනා වනයෙන් අරණ්‍යවාසයෙන් නික්ඛමස්සු පහවී යව යනුයි. මෙසේ තමා දමනය කරවයි සම්බන්ධයි.

තිම‍්බරූසකවණ‍්ණාභොති සුවණ‍්ණතිම‍්බරූසකවණ‍්ණාභො, ජම‍්බොනදසුවණ‍්ණවණ‍්ණොති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

තිම්බරූසක වණ්ණාභො යනු රන් තිම්බරූසක වණ්ණාභො ජම්බෝනද ස්වර්ණ වර්ණ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

සුභූතිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුභූති තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.