යෙදුමෙන් කියවන්න

31. කුණ‍්ඩධානත්‍ථෙරාපදානං

31. කුණ‍්ඩධානත්‍ථෙරාපදානං

31. කුණ්ඩධාන ස්ථවිරාවදානය

1003. සත‍්තාහං පටිසල‍්ලීනං සයම‍්භුං අග‍්ගපුග‍්ගලං, පසන‍්නචිත‍්තො සුමනො බුද‍්ධසෙට‍්ඨං උපට‍්ඨහිං.

1003. සතියක් (නිරෝධසමාත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තමා ම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගල වූ (පදුමුත්තර) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹීමි.

1004. වුට‍්ඨිතං කාලමඤ‍්ඤාය පදුමුත‍්තරං මහාමුනිං, මහන‍්තිං කදලීකණ‍්ණිං ගහෙත්‍වා උපගඤ‍්ඡ’හං.

1004. මම (නිරෝධසමාපත්තියෙන්) නැගී සිටි මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කලැයි දැන මහත් වූ කෙසෙල්කැණක් ගෙන ආයෙමි.

1005. පටිග‍්ගහෙත්‍වා භගවා තං ඵලං ලොකනායකො, මම චිත‍්තං පසාදෙන‍්තො පරිභුඤ‍්ජි මහාමුනි.

1005. ලෝකනායක වූ මහාමුනි වූ භාග්‍යවතුන් වහන්සේ එ ම ඵලය (කෙසෙල්කැණ) පිළිගෙන මාගේ සිත පහදවනසේක් වැළඳූ සේක.

1006. පරිභුඤ‍්ජිත්‍වාන සම‍්බුද‍්ධො සත්‍ථවාහො අනුත‍්තරො, සකාසනෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ.

1006. (තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තර වූ සත්ත්‍වයන් (සසර කතරින් එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහකයකු වැනි වූ බුදුරජානන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ මෙ ම ගාථාවන් වදාළ සේක.

1007. “යෙ වසන‍්ති සමෙතාරො යක‍්ඛා ඉමම‍්හි පබ‍්බතෙ, අරඤ‍්ඤෙ භූතභව්‍යානි සුණන‍්තු වචනං මම.

1007. “මෙ ම පර්‍වතයෙහි රැස් වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම්, (ඔහු ද) අරණෙහි මේ ධර්‍මය ඇසීමට සුදුසු අනිකුත් භූතයෝ ද මාගේ වචනය අසත්වා.

1008. යො සො බුද‍්ධං උපට‍්ඨාසි මිගරාජා ච කෙසරී තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

1008. ඒ යමෙක් කේශරසිංහයකු මෙන් සර්‍වඥ වූ මට උවැටන් කෙළේ ද, මම ඔහු (කවරෙක් දැ යි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නා වූ මාගේ වචනය අසවු.

1009. සො’යමෙකාදසක‍්ඛත‍්තුං දෙවරාජා භවිස‍්සති, චතුත‍්තිංසක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති.

1009. ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේ ය. සූතිස් වරක් සක්විති රජ වන්නේ ය.

1010. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

1010. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

1011. අක‍්කොසිත්‍වාන සමණෙ සීලවන‍්තෙ අනාසවෙ, පාපකම‍්මවිපාකෙන නාමධෙය්‍යං ලභිස‍්සති.

1011. සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රෝශ කොට එ ම පාපකර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩාධාන යන) නමක් ද ලබන්නේ ය.

1012. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්ම නිම‍්මිතො, කුණ‍්ඩධානොති නාමෙන සාවකො සො භවිස‍්සති.

1012. හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ නමින් කුණ්ඩධාන නම් ඖරස (බුද්ධ) පුත්‍ර වූ ශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).

1013. පවිවෙකමනුයුත‍්තො ඣායී ඣානරතො අහං, තොසයිත්‍වාන සත්‍ථාරං විහරාමි අනාසවො.

1013. මම ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ධ්‍යාන කරණසුලු වූයෙම් ධ්‍යානයෙහි ඇලුනෙම් ශාස්තෲන් වහන්සේ සතුටු කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.

1014. සාවකග‍්ගෙහි පරිවුතො භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා සලාකං ගාහයී ජිනො.

1014. අග්‍රශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද භික්‍ෂුසංඝයා විසින් පෙරටු කරණලද සර්‍වඥ තෙම බික්සඟන මැද හිඳ ලහ ගැන්වී ය.

1015. එකංසං චීවරං කත්‍වා වන්‍දිත්‍වා ලොකනායකං, වදතං වරස‍්ස පුරතො පඨමං අග‍්ගහෙස’හං

1015. සිවුරු එකස් කොට ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දී මම පළමු කොට ම (ලහ) ගතිමි.

1016. තෙන කම‍්මෙන භගවා දසසහස‍්සීපකම‍්පකො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා අග‍්ගට‍්ඨානෙ ඨපෙසි මං.

1016. ඒ කර්‍මය හේතු කොට ගෙන දසදහසක් සක්වළ කම්පනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.

1017. විරියං මෙ ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාධිවාහනං, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

1017. නිර්‍වාණසඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධුරවාහකයා (=ගැල් උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිමශරීරය දරමි. (=අන්තිම ආත්මයෙහි සිටිමි).

1018. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

1018. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුණ‍්ඩධානො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.

කුණ‍්ඩධානත්‍ථෙරස‍්සාපදානං පඨමං.

කුණ්ඩධානස්ථවිරාවදානය පළමුවැනි යි.