39. ධම්මචක්කිකත්ථෙරාපදානං
39. ධම්මචක්කිකත්ථෙරාපදානං.
39. ධම්මචක්කික ස්ථවිරාවදානය
1104. සිද්ධත්ථස්ස භගවතො සීහාසනස්ස සම්මුඛා, ධම්මචක්කං මයා ඨපිතං සුකතං විඤ්ඤුවණ්ණිතං.
1104. සිද්ධාර්ත්ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණලද නුවණැත්තවුන් විසින් වර්ණනා කරණලද ධර්මචක්රයක් තබන ලදී.
1105. චාරුවණ්ණොව සොභාමි සයොග්ගබලවාහනො, පරිවාරෙන්ති මං නිච්චං අනුයුත්තා බහුජ්ජනා.
1105. මනෝඥ වූ (ස්වර්ණ) වර්ණ වූයෙම් ම (ස්වර්ණසිවිකාදි) යාන ද (සේනාපති මහාමාත්‍යාදි) සෙවාභටයන් ද (හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත) වාහන ද ඇත්තෙම් බබළමි. මා අනුව පවතින්නා වූ බොහෝ දෙන නිරතුරු ව ම මා පිරිවරත්.
1106. සට්ඨිතුරියසහස්සෙහි පරිචාරෙම’හං සදා, පරිවාරෙන සොභාමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
1106. මම හැමකල්හි සැටදහසක් තුර්ය්යයන්ගෙන් පරිවරණය කරමි. පිරිවර කරණ කොට ගෙන බබළමි. පුණ්යකර්මයාගේ මේ ඵලය යි.
1107. චතුනවුතෙ ඉතො කප්පෙ යං චක්කං ඨපයිං අහං, දුග්ගතිං නාභිජානාමි ධම්මචක්කස්සි’දං ඵලං.
1107. මෙයින් සිවුඅනූවන කල්පයෙහි මම යම් (ධර්ම) චක්‍රයක් තැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්මචක්රදානයාගේ මේ විපාකය යි.
1108. ඉතො එකාදසෙ කප්පෙ අට්ඨා’සිංසු ජනාධිපා, සහස්සරාජනාමෙන චක්කවත්තී මහබ්බලා.
1108. මෙයින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම් වූ ජනාධිපති වූ මහත් බල ඇති සක්විතිරජවරු අටදෙනෙක් (අටවරකට) වූ වාහු ය.
1109. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
1109. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ධම්මචක්කිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ධම්මචක්කිකත්ථෙරස්සාපදානං නවමං.
ධම්මචක්කිකස්ථවිරාවදානය නවවැනි යි.