40. කප‍්පරුක‍්ඛියත්‍ථෙරාපදානං
40. කප‍්පරුක‍්ඛියත්‍ථෙරාපදානං.
40. කප්පරුක්ඛිය ස්ථවිරාවදානය
1110. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ථූපසෙට‍්ඨස‍්ස සම‍්මුඛා, විචිත‍්තදුස‍්සෙ ලග‍්ගෙත්‍වා කප‍්පරුක‍්ඛං ඨපෙස’හං.
1110. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප්රුකක් තැබීමි.
1111. යං යං යො’නුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, සොභයන‍්තො මම ද‍්වාරං කප‍්පරුක‍්ඛො’පතිට‍්ඨති.
1111. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ හැම අත්බැව්හි දී ම) මාගේ දොරටුව හොබවමින් කප්රුකක් පිහිටයි.
1112. අහඤ‍්ච පරිසා චෙව යෙ කෙචි මම නිස‍්සිතා, තම‍්හා දුස‍්සං ගහෙත්‍වාන නිවාසෙම මයං සදා.
1112. මම ද මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වේ නම්, ඔහු ද යන අපි හැමකල්හි ඒ කප්රුකින් දුහුල් ගෙන හඳිමු.
1113. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං රුක‍්ඛං ඨපයිං තදා, දුග‍්ගතිං නාභිජානාමි කප‍්පරුක‍්ඛස‍්සි’දං ඵලං.
1113. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කප්රුකක් තැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කල්පවෘක්‍ෂදානයාගේ මේ විපාකය යි.
1114. ඉතො ච සත‍්තමො කප‍්පෙ සුචෙළා අට‍්ඨ ඛත‍්තියා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.
1114. මෙයින් සත්වැනි කල්පයෙහි සත්රුවනින් යුත් මහත්බල ඇති සුචෙල නම් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
1115. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.
1115. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා කප‍්පරුක‍්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
කප‍්පරුක‍්ඛියත්‍ථෙරස‍්සාපදානං දසමං.
කප්පරුක්ඛියස්ථවිරාවදානය දසවැනි යි.
උද‍්දානං:
උද්දානය:
කුණ‍්ඩ - සාගත - කච‍්චානා උදායී මොඝරාජකො, අධිමුත‍්තො ලසුණදො ආයාගී ධම‍්මචක‍්කිකො, කප‍්පරුක‍්ඛී ච දසමො ගාථායො ද‍්වාදස සතන‍්ති.
කූංඩ සාගත කසයින් - උදායී මෝඝරාජ ද, අධිමුත්ත ලසුන අයාගී - දම්සක් කප්රුක් දා දැයි. තෙරසිරිත් දසයකි - එක්සිය දොළොස් ගයකින්.
කුණ‍්ඩධානවග‍්ගො චතුත්‍ථො.
කුණ්ඩධානවර්‍ගය සිවුවැනි යි.