43. කාළිගොධාපුත්තභද්දියත්ථෙරාපදානං
43. කාළිගොධාපුත්තභද්දියත්ථෙරාපදානං
43. කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය
1168. පදුමුත්තරසම්බුද්ධං මෙත්තචිත්තං මහාමුනිං, උපෙති ජනතා සබ්බා සබ්බලොකග්ගනායකං.
1168. සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.
1169. වත්ථං සෙනාසනං චෙව ආමිසං පානභොජනං, දදන්ති සත්ථුනො සබ්බෙ පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
1169. සියල්ලෝ නිරුත්තර වූ පුණ්යක්ෂේත්රයෙහි (භික්ෂුසංඝයාට ද ශාස්තෲන් වහන්සේට ද) වස්ත්‍ර සෙනසුන් ද පාන හා භෝජන ද (යන) ආමිසය දෙත්.
1170. අහම්පි දානං දස්සාමි දෙවදෙවස්ස තාදිනො, බුද්ධසෙට්ඨං නිමන්තෙත්වා සංඝම්පි ච අනුත්තරං.
1170. මම ද බුදුරජානන් වහන්සේ ද අනුත්තර වූ සංඝයා ද පවරා, දෙවියන්ට දෙවි වු තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ ට දනක් දෙමි.
1171. උය්යොජිතා මයා චෙතෙ නිමන්තෙසුං තථාගතං, කෙවලං භික්ඛුසඞ්ඝඤ්ච පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
1171. මා විසින් මෙහෙයන ලද්දා වූ ඒ මනුෂ්‍යයෝ ද තථාගතයන් වහන්සේ ද නිරුත්තරපුණ්යක්ෂේත්රය වූ සියලු භික්ෂුසංඝයා ද පැවරූහ.
1172. සතසහස්සපල්ලඞ්කං සොවණ්ණං ගොණකත්ථතං, තූලිකා පටලිකාය ඛොමකප්පාසිකෙහි ච, මහාරහං පඤ්ඤපෙසිං ආසනං බුද්ධයුත්තකං.
1172. කොඳුපලස් අතුරණ ලද්දා වූ ද, පුලුන්ඇතිරි හා ඝන පුප් එළුලොම්ඇතිරි අතුරණ ලද්දා වූ ද, කොමුඇතිරියෙන් හා කපුඇතිරියෙන් අතුරණ ලද්දා වූ ද, ස්වර්ණමය වූ (පාදයන්හි ව්‍යාලරූප නගා කළ) සියක් දහසක් අගනා මහාර්හ වූ බුදුන්ට යෝග්‍ය අසුනක් පැණවීමි.
1173. පදුමුත්තරො ලොකවිදූ දෙවදෙවො නරාසභො, භික්ඛුසංඝපරිබ්බූළ්හො මම ද්වාරං උපාගමි.
1173. දෙවියන්ට ද දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් මාගේ ගෙදොරට එළඹි සේක.
1174. පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං ලොකනාථං යසස්සිනං, පසන්නචිත්තො සුමානො අතිනාමයිං සකං ඝරං.
1174. ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙරගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටු ව ස්වකීය ගෘහය (තුළට) වැඩම කරවීමි.
1175. භික්ඛූනං සතසහස්සං බුද්ධඤ්ච ලොකනායකං, පසන්නචිත්තො සුමනො පරමන්නෙන තප්පයිං.
1175. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් භික්ෂූන් සියක් දහස ද ලෝකනායක වූ බුදුරජුන් ද කිරිබතින් සන්තර්පණය කෙළෙමි.
1176. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
1176. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
1177. “යෙනිදං ආසනං දින්නං සොවණ්ණං ගොණකත්ථතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
1177. “යමකු විසින් කොඳුපලස් අතුරණ ලද ස්වර්ණමය වූ මේ අසුන දෙන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ (වචනය) අසවු:
1178. චතුසත්තතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
1178. හෙතෙමේ සූසැත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
1179. පදෙසරජ්ජං සහස්සං වසුධං ආවසිස්සති, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
1179. දහස්වරක් ප්‍රදේශරාජ්‍යය කරමින් පොළොවෙහි වසන්නේ ය. එක්පණස්වරක් සක්විතිරජ ද වන්නේ ය.
1180. සබ්බාසු භවයොනීසු උච්චාකුලී භවිස්සති, සො ච පච්ඡා පබ්බජිත්වා සුක්කමූලෙන චොදිතො, භද්දියො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.”
1180. සියලු භවයෝනීන්හි උසස් කුල ඇත්තේ වන්නේ ය. කුශල මූලයන් විසින් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව නමින් භද්දිය නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
1181. විවෙකමනුයුත්තො’ම්හි පන්තසෙනනිවාසහං, ඵලඤ්චාධිගතං සබ්බං චත්තක්ලෙසො’ම්හි අජ්ජ’හං.
1181. මම විවේකයෙහි යෙදුනෙම් වෙමි. අරණෙහි දුරසෙනසුන්හි වසන්නෙම් වෙමි. (මා විසින්) සියලු (ශ්‍රාමණ්‍ය) ඵල ද ලබන ලදී. අද මම හරණා ලද ක්ලේශ ඇත්තෙම් වෙමි.
1182. මම සබ්බං අභිඤ්ඤාය සබ්බඤ්ඤූ ලොකනායකො, භික්ඛුසංඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
1182. ලොකානායක වූ සර්වඥතෙමේ මා පිළිබඳ සියල්ල දැන භික්ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1183. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1183. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
කාළිගොධාපුත්තස්ස භද්දියත්ථෙරස්ස අපදානං තතියං.
කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය තෙවැනි යි.