යෙදුමෙන් කියවන්න

42. සොණකොටිකණ‍්ණත්‍ථෙරාපදානං

42. සොණකොටිකණ‍්ණත්‍ථෙරාපදානං

42. සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය

1140. අනොමදස‍්සිමුනිනො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, සුධාය ලෙපනං කත්‍වා චඞ‍්කමං කාරයිං අහං.

1140. මම තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සුණින් ආලේප කොට සක්මනක් කරවීමි.

1141. නානාවණ‍්ණෙහි පුප‍්ඵෙහි චඞ‍්කමං සන්‍ථරිං අහං, ආකාසෙ විතානං කත්‍වා භොජසිං බුද‍්ධමුත‍්තමං.

1141. මම නානාවර්‍ණ පුෂ්පයන්ගෙන් සක්මන අතුරා වැසීමි. අහසෙහි වියනක් ද කොට (බඳවා) උතුම් වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.

1142. අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන අභිවාදෙත්‍වාන සුබ‍්බතං, දීඝසාලං භගවතො නිය්‍යාදෙසිමහං තදා.

1142. මනා ව්‍රත ඇති බුදුරජානන් ඇඳිලි බැඳ වැඳ මම එකල්හි භාග්‍යවතුන් වහන්සේ ට දීර්‍ඝශාලාව පිළිගැන්වීමි.

1143. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ අනුත‍්තරො, පටිග‍්ගහෙසි භගවා අනුකම‍්පාය චක‍්ඛුමා.

1143. ලෝකයෙහි අනුත්තර වූ භාග්‍යවත් වූ පසැස් අත්තා වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන අනුකම්පාවෙන් (එය) පිළිගත්තේ ය.

1144. පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො දක‍්ඛිණෙය්‍යො සදෙවකෙ, භික‍්ඛුසංඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

1144. දෙවියන් සහිත ලෝකයෙහි දක්‍ෂිණේය වූ සර්‍වඥ වහන්සේ (එය) පිළිගෙණ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළසේක:

1145. “යො සො හට‍්ඨෙන චිත‍්තෙන දීඝසාලං අකාසි මෙ, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

1145. “ඒ යමෙක් සතුටු සිතින් මට දීර්‍ඝශාලාවක් කරවී ද, මම ඔහු කවරෙක් දැ යි ප්‍රකාශ කරන්නෙමි. (එය) ප්‍රකාශ කරන්න වූ මාගේ වචනය අසවු.

1146. ඉමස‍්ස මච‍්චුකාලම‍්හි පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනො, සහස‍්සයුත‍්ත’ස‍්සරථො උපට‍්ඨිස‍්සති තාවදෙ.

1146. පුණ්‍යකර්‍මයන්ගෙන් යුක්ත වූ මොහුට මැරෙණ අවස්ථාවෙහි දහසක් අසුන් යෙදූ අශ්වරථයක් එකෙණෙහි එළඹෙන්නේ ය.

1147. තෙන යානෙන’යං පොසො දෙවලොකං ගමිස‍්සති, අනුමොදිස‍්සරෙ දෙවා සම‍්පත‍්තෙ කුසලෙ භවෙ.

1147. මේ පුරුෂ තෙමේ ඒ යානයෙන් දෙව්ලොවට යන්නේ ය. කුශලවිපාකය එළඹ සිටි කල්හි දෙවියෝ සතුටු වෙත්.

1148. මහාරහං ව්‍යම‍්හසෙට‍්ඨං රතනමත‍්තිකලෙපනං, කූටාගාරවරූපෙතං ව්‍යම‍්හං අජ‍්ඣාවසිස‍්සති.

1148. රන්සුණුඅලෙව් දුන් උතුම් කුළුගෙවලින් යුක්ත වූ මාහැඟි වූ ශ්‍රේෂ්ඨ සඳලු සහිත විමනක වසන්නේ ය.

1149. තිංස කප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, පඤ‍්චවීසති කප‍්පානි දෙවරාජා භවිස‍්සති.

1149. කල්ප තිස්දහසක් දිව්‍යලෝකයෙහි සිත් අලවා වසන්නේ ය. පස්විසිකපක් ශක්‍රදේවේන්‍ද්‍රයා වන්නේ ය.

1150. සත‍්තසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති. යසොධර සනාමා තෙ සබ‍්බෙපි එකනාමකා.

1150. සත්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. ඒ සියල්ලෝ යසෝධර යන සමාන නං ඇත්තාහු එක ම නම ඇත්තෝ වෙත්.

1151. ද‍්වෙ සම‍්පත‍්තී අනුභොත්‍වා චිනිත්‍වා පුඤ‍්ඤසඤ‍්චයං, අට‍්ඨවීසතිකප‍්පම‍්භි චක‍්කවත‍්තී භවිස‍්සති.

1151. (දිව්‍ය - මනුෂ්‍ය යන) ද්විවිධසම්පත් අනුභව කොට පින් ද රැස් කොට අටවිසිවන කපෙහි සක්විතිරජ වන්නේ ය.

1152. තත්‍රාපි ව්‍යම‍්හං පවරං විස‍්සකම‍්මෙන මාපිතං, දසසද‍්දාවිවිත‍්තං තං පුරමඣාවසිස‍්සති.

1152. එහි විශ්වකර්‍මයා විසින් මවන ලද උතුම් විමනකි. දශවිධ ශබ්දයන්ගෙන් වෙන් නො වූ ඒ පුරයෙහි අධිපති ව වසන්නේ ය.

1153. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ භූමිපාලො මහිද‍්ධිකො, ඔක‍්කාකො නාම නාමෙන රාජා රට‍්ඨෙ භවිස‍්සති.

1153. මෙයින් අපරිමේයකල්පයෙහි පෘථිවිය පාලනය කරන්නා වූ මහර්ධි ඇති නමින් ඔක්කාක නම් වූ රජෙක් රටෙහි වන්නේ ය.

1154. සොළසිත්‍ථිසහස‍්සානං සබ‍්බාසං පවරා ච සා, අභිජාතා ඛත‍්තියානී නව පුත‍්තෙ ජනෙස‍්සති.

1154. සියලු සොළොස්දහසක් ස්ත්‍රීන්ට උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති ඒ (=ප්‍රසිද්ධ වූ) කැත්දූ තොමෝ පුතුන් (4, දූන් 5) නව දෙනෙකුන් වදන්නී ය.

1155. තව පුත‍්තෙ ජනෙත්‍වාන ඛත‍්තියානී මරිස‍්සති, තරුණි ච පියා අඤ‍්ඤා මහෙසිත‍්තං කරිස‍්සති.

1155. කැත්දූ තොමෝ පුතුන් නව දෙනෙකුන් වදා මැරෙන්නී ය. (ඉක්බිති) අන්‍ය වූ ප්‍රියාවක් තොමෝ මෙහෙසිබව කරන්නී ය.

1156. ඔක‍්කාකං තොසයිත්‍වාන වරං කඤ‍්ඤා ලභිස‍්සති, වරං ලද‍්ධානං සා කඤ‍්ඤා පුත‍්තෙ පබ‍්බාජයිස‍්සති.

1156. ඒ කන්‍යා තොමෝ ඔක්කාකරජ සතුටු කොට වරයක් ලබන්නී ය. වරයා ලැබූ ඒ කන්‍යාතොමෝ පුතුන් රටින් පිටුවහල් කරවන්නී ය.

1157. පබ‍්බාජිතා ච තෙ සබ‍්බෙ ගමිස‍්සන‍්ති නගුත‍්තමං, ජාතිභෙදභයා සබ‍්බෙ භගිනීහි සංවසිස‍්සරෙ.

1157. පිටුවහල් වී ඒ සියල්ලෝ උතුම් පර්‍වතයට (=හිමවතට) යන්නාහු ය. සියල්ලෝ ජාතිභේදය වන බියෙන් සොහොයුරියන් සමග සංවාසය කරන්නාහු ය.

1158. එකා ච කඤ‍්ඤා ව්‍යාධීහි භවිස‍්සති පරික‍්ඛතා, ‘මා නො ජාති පභිජ‍්ජී’ ති නිඛණිස‍්සන‍්ති ඛත‍්තියා.

1158. (එයින්) එක් (පියා නම්) කන්‍යාවක් තොමෝ ව්‍යාධිය (කුෂ්ටරෝගය) කින් වැලඳගන්නා ලද්දී වන්නී ය. ක්‍ෂත්‍රිය කුමාරවරු “ජාතිසම්භේදය නො කරාවා”යි ඇය වළක දමා (උඩින්) වසත්.

1159. ඛත‍්තියො නීහරිත්‍වාන තාය සද‍්ධිං වසිස‍්සති, භවිස‍්සති තදා භෙදො ඔක‍්කාකකුලසම‍්භවො.

1159. (රාම නම්) රජෙක් තෙම (ඇය ඒ වළින්) ගොඩට ගෙණ ඇය සමග (අඹු සැමියන් ලෙස) වසන්නේ ය. එකල්හි ඔක්කාක කුලයෙහි වූ ජාතිසම්භේදය වන්නේ ය.

1160. තෙසං පජා භවිස‍්සන‍්ති කොලියා නාම ජාතියා, තත්‍ථ මානුසකං භොගං අනුභොස‍්සන‍්තනප‍්පකං. .

1160. ඔවුන්ගේ ප්‍රජා තොමෝ (දරුමුනුබුරු පරපුර) ජාතිවශයෙන් කෝලිය නම් වන්නී ය. එහි (ඔහු) මිනිසුන් සතු අනල්ප වූ භොග සම්පත් අනුභව කරන්නාහු ය.

1161. තම‍්හා කායා චවිත්‍වාන දෙවලොකං ගමිස‍්සති, තත්‍රාපි පවරං ව්‍යම‍්හං වින්‍දිස‍්සති මනොරමං.

1161. එම කයින් ච්‍යුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේ ය. එහි ද මනහර වූ උතුම් විමානයෙක්හි (සැප) විඳින්නේ ය.

1162. දෙවලොකා චවිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, ආගන‍්ත්‍වාන මනුස‍්සත‍්තං සොණො නාම භවිස‍්සති.

1162. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් ච්‍යුත ව මිනිසත්බවට පැමිණ සෝණ නම් වන්නේ ය.

1163. ආරද‍්ධවිරියො පහිතත‍්තො පදහං සත්‍ථු සාසනෙ, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

1163. බුදුසසුනෙහි පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ, නිවණ කෙරෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වීර්‍ය්‍යය කරමින් සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.

1164. අනන‍්තදස‍්සී භගවා ගොතමො සක්‍යපුඞ‍්ගවො, විසෙසඤ‍්ඤූ මහාවීරො අග‍්ගට‍්ඨානෙ ඨපෙස‍්සති.” ---

1164. අනන්ත (දැය) දක්නාසුලු වූ ශාක්‍යකුලජ්‍යේෂ්ඨවූ (දත යුතු සියල්ල) විශේෂයෙන් දත්තා වූ ගෞතම බුදුරජ තෙමේ (මොහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (කියායි).

1165. උත‍්තමෙ දමථෙ දන‍්තො චිත‍්තං මෙ සුප‍්පණීහිතං, භාරො මෙ ඔහිතො සබ‍්බො නිබ‍්බුතො’ම‍්හි අනාසවො.

1165. උතුම් දමනයෙහි දැමුනෙමි. මා විසින් සිත මැනැවින් පිහිටුවා ගන්නාලදී. (එසේ ම) මා විසින් සියලු බර බහා තබනලදී. ආස්‍රව රහිත ව (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවුනෙම් වෙමි.

1166. අංගීරසො මහානාගො අභිජාතොව කෙසරී, භික‍්ඛුසංඝෙ නිසීදිත්‍වා එතදග‍්ගෙ ඨපෙසි මං.

1166. (සිරුරෙන් රැස් විහිදෙන බැවින් හෝ අඞ්ගිරස් නම් රුසිහුගේ පරපුරෙහි වූ බැවින්) අංගීරස නම් වූ (සතර අගතියට හෝ සතර අපායට නො යන බැවින්) මහානාග වූ ශ්‍රේෂ්ඨ ජන්ම අත්තා වූ කේශරසිංහයකු වැනි වූ (සර්‍වඥ තෙමේ) භික්‍ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.

1167. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1167. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සොණො කොටිකණ‍්ණො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෝටිකණ්ණ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

සොණකොටිකණ‍්ණත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය දෙවැනි යි.