58. ධජදායකත්ථෙරාපදානං
58. ධජදායකත්ථෙරාපදානං
58. ධ්වජදායක ස්ථවිරාවදානය
1314. පදුමුත්තරබුද්ධස්ස බොධිම්හි පාදපුත්තමෙ, හට්ඨො හට්ඨෙන චිත්තෙන ධජමාරොපයිං අහං.
1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
1315. පතිතපත්තානි ගණ්හිත්වා බහිද්ධා ඡඩ්ඩයිං අහං, අන්තොසුද්ධං බහිසුද්ධං අධිමුත්තමනාසවං, සම්මුඛා විය සම්බුද්ධං අවන්දිං බොධිමුත්තමං.
1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
1316. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක:
1317. “ඉමිනා ධජදානෙන උපට්ඨානෙන චූභයං, කප්පානං සතසහස්සං දුග්ගතිං සො න ගච්ඡති.
1317. “මේ ධ්වජපූජායෙන් ද උපස්ථානයෙන් ද යන මේ දෙකින් හෙතෙම කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියට නො යයි.
1318. දෙවෙසු දෙවසොභග්ගං අනුභොස්සතනප්පකං, අනෙකසතක්ඛත්තුඤ්ච රාජා රට්ඨෙ භවිස්සති, උග්ගතො නාම නාමෙන චක්කවත්තී භවිස්සති.
1318. දෙවියන් අතර බොහෝ වූ දිව්යසෞභාග්යය (=සම්පත්) අනුභව කරන්නේ ය. නොයෙක් සියගණන් වාරයන්හි රටෙහි රජ වන්නේ ය. උග්ගත නම් වූ සක්විතිරජෙක් ද වන්නේ ය.
1319. සම්පත්තිං අනුභොත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ’භිරමිස්සති”.
1319. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභව කොට ගෞතම බුදුරජානන් වහන්සේගේ සස්නෙහි සිත අලවා වාසය කරන්නේ ය” (කියා යි).
1320. පධානපහිතත්තො’ම්හි උපසන්තො නිරූපධි, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
1320. උපශාන්ත වූයෙම් උපධි රහිත වූයෙම් ප්රධන්විර්ය්යයෙහි මෙහෙයූ සිතැත්තෙම් වෙමි. සර්වඥශාසනයෙහි අන්තිමශරීරය දරමි.
1321. එකපඤ්ඤාසසහස්සෙ කප්පෙ උග්ගතසව්හයො, පඤ්ඤාසතිසහස්සෙ ඛත්තියො මෙඝසව්හයො.
1321. පණස්එක්දහසක් වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේ ම) පනස්දහස් කපෙහි මේඝ නම් රජෙක් වීමි.
1322. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1322. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ධජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධ්වජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ධජදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ධ්වජදායක ස්ථවිරාවදානය අටවැනි යි.