යෙදුමෙන් කියවන්න

59. පදුමත්‍ථෙරාපදානං

59. පදුමත්‍ථෙරාපදානං

59. පද්ම ස්ථවිරාවදානය

1323. චතුසච‍්චං පකාසෙන‍්තො වරධම‍්මප‍්පවත‍්තකො, වස‍්සතෙ අමතං වුට‍්ඨිං නිබ‍්බාපෙන‍්තො මහාජනං.

1323. උත්තම ධර්‍මප්‍රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.

1324. සදණ‍්ඩං පදුමං ගය‍්හ අඩ‍්ඪකොසෙ ඨිතො අහං, පදුමුත‍්තරමුනිස‍්ස හට‍්ඨො උක‍්ඛිපිමම‍්බරෙ.

1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.

1325. ආගච‍්ඡන‍්තෙ ච පදුමෙ අබ‍්භුතො ආසි තාවදො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය පග‍්ගණ‍්හි වදතං වරො.

1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.

1326. කරසෙට‍්ඨෙන පග‍්ගය‍්හ ජලජං පුප‍්ඵමුත‍්තමං, භික‍්ඛුසංඝෙ ඨිතො සත්‍ථා ඉමා ගාථා අභාසථ:

1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:

1327. “යෙනිදං පදුමං ඛිත‍්තං සබ‍්බඤ‍්ඤූම‍්හි විනායකෙ, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්‍රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.

1328. තිංස කප‍්පානි දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, පථව්‍යා රජ‍්ජං සත‍්තසතං වසුධං ආවසිස‍්සති.

1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්‍යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.

1329. තත්‍ථ පත‍්තං ගණෙත්‍වාන චක‍්කවත‍්තී භවිස‍්සති, ආකාසතො පුප‍්ඵවුට‍්ඨි අභිවස‍්සිස‍්සති තදා.

1329. එහි පියුම් පත් ගැණ (එම පත් ගණනින්) සක්විතිරජ වන්නේ ය. එකල්හි අහසින් මල්වැසි වසින්නේ ය.

1330. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

1330. (මෙයින්) කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.

1331. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.”

1331. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ඖරස බුද්ධපුත්‍ර වූයේ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූයේ සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දැන) දුරු කොට ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය” (කියායි).

1332. නික‍්ඛමිත්‍වාන කුච‍්ඡිම‍්හා සම‍්පජානො පතිස‍්සතො, ජාතියා පඤ‍්චවස‍්සො’හං අරහත‍්තමපාපුණිං.

1332. සිහිනුවණින් යෙදී මවුකුසින් බිහි ව උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි මම රහත් බවට පැමිණියෙමි.

1333 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1333. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පදුමො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

පදුමත්‍ථෙරස‍්ස අපදානං නවමං.

පදුමස්ථවිරාවදානය නවවැනි යි.