80. තිපදුමියත්ථෙරාපදානං
80. තිපදුමියත්ථෙරාපදානං
80. තිපදුමිය ස්ථවිරාවදානය
1470. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, දන්තො දන්තපරිවුතො නගරා නික්ඛමී ජිනො.
1470. සියලු ධර්මයන්ගේ පරතෙරව ගිය දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ නුවරින් නික්මුනු සේක.
1471. නගරෙ හංසවතියා අහොසිං මාලිකො තදා, යං තත්ථ උත්තමං පුප්ඵං තීණි පුප්ඵානි අග්ගහිං.
1471. එකල්හි මම හංසවතීනගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (මල් රැසෙහි) උතුම් මල් වී ද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත්) මල් තුණක් ඇරගතිමි.
1472. අද්දසං විරජං බුද්ධං පටිමග්ගන්තරාපණෙ, සො’හං දිස්වාන සම්බුද්ධං එවං චින්තෙසහං තදා:
1472. අතුරු අවුණෙහි පෙරමගට එන කෙලෙස් රජස් විරහිත බුදුරජානන් වහන්සේ දිටිමි. එකල්හි ඒ මම බුදුරජානන් වහන්සේ දැක මෙසේ සිතීමි:
1473. “කිම්මෙ ඉමෙහි පුප්ඵෙහි රඤ්ඤො උපනතෙහි මෙ, ගාමං වා ගාමක්ඛෙත්තං වා සහස්සං වා ලභෙය්යහං.
1473. “රජුට පිරිනමනලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජන ද? ඉදින් ප්‍රයෝජනයක් වතොත් මම ගමක් හෝ ග්‍රාමක්‍ෂේත්‍රයක් හෝ ලබන්නෙමි.
1474. අදන්තදමකං ධීරං සබ්බසත්තසුඛාවහං, ලොකනාථං පූජයිත්වා ලච්ඡාමි අමතං ධනං.”
1474. නොදැමුනවුන් දමනය කරන්නාවූ ප්‍රාඥ වූ සියලු සතුනට සැප එළවන්නා වූ බුදුරජානන් වහන්සේ (මේ මලින්) පුදා අමෘතධනය (=නිවණ) ලබන්නෙමි” යි කියා යි.
1475. එවාහං චින්තයිත්වාන සකං චිත්තං පසාදයිං, තීණි ලොහිතකෙ ගය්හ ආකාසෙ උක්ඛිපිං තදා.
1475. මම මෙසේ සිතා සියසිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුණක් ගෙණ අහසෙහි දැමීමි.
1476. මයා උක්ඛිත්තමත්තම්හි ආකාසෙ පත්ථරිංසු තෙ, ධාරිංසු මත්ථකෙ තත්ථ උද්ධංවණ්ටා අධොමුඛා.
1476. මා විසින් උඩට ඉසිනලද කෙණෙහි ඒ කුසුමයෝ අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහි වූ එහි නැටි උඩුකුරු ව මල් අධෝමුඛ ව අහසෙහි නැවතුනාහු ය
1477. යෙ කෙචි මනුජා දිස්වා උක්කුට්ඨිං සම්පවත්තයුං, දෙවතා අන්තලික්ඛම්හි සාධුකාරං පවත්තයුං:
1477. යම් කිසි මිනිස් කෙනෙක් එය දැක (සිටියාහු ද ඔහු) ප්‍රීතිඝෝෂා පැවැත්වූවාහු ය. (එසේ ම) අහසෙහි දෙවියෝ ද, සාධුනාද පැවැත්වූහ.
1478. “අච්ඡෙරං ලොකෙ උප්පන්නං බුද්ධසෙට්ඨස්ස වාහසා, සබ්බෙ ධම්මං සුණිස්සාම පුප්ඵානං වාහසා මයං.”
1478. “බුදුරජානන් වහන්සේගේ බලයෙන් ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය වූ දෑ පහළ විය. අපි සියල්ලෝ (උන්වහන්සේට ඒ) මල්පිදීමේ බලයෙන් ධර්මය අසන්නෙමු” ය කියායි.
1479. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, වීථියං හි ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
1479. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන් රැස් වීමට ගෙයක් වැනි වූ වීථියෙහි වැඩසිටි ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක:
1480. “යො සො බුද්ධං අපූජෙසි රත්තපද්මෙහි මාණවො, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
1480. “යම් ඒ මාණවකයෙක් තෙම රත්පියුම්වලින් බුදුරජානන් වහන්සේ පිදී ද, මම හේ කවරෙක් දැයි ප්‍රකාශ කරන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
1481. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
1481. මෙතෙම කප් තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. තිස්කපක් මුළුල්ලෙහි ශක්රදේවේන්ද්ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
1482. මහාවිත්ථාරිකං නාමං ව්යම්හං හෙස්සති තාවදෙ, තියොජනසතුබ්බෙධං දියඩ්ඪසතවිත්ථතං.
1482. එකල්හි තුන්සියක් යොදුන් උස ඇති එක්සියපණස් යොදුන් පුළුල ඇති මහාවිත්ථාරික නම් (සඳලුසහිත) විමනෙක් පහළ වන්නේ ය.
1483. චත්තාරි සතසහස්සානි නිය්යුහා ච සුමාපිතා, කූටාගාරවරූපෙතා මහාසයනවොසිතා.
1483. එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්ෂයක් වෙති. කුළුගෙවලින් යුක්තයහ. මහාසයනයන්ගෙන් නිමවන ලදහ.
1484. කොටිසතසහස්සායො පරිවාරෙස්සන්ති අච්ඡරා, කුසලා නච්චගීතස්ස වාදිතෙපි පදක්ඛිණා
1484. නෘත්‍යගීතයන්හි දක්ෂ, වාදනයෙහි ද හුරුපුරුදු කෙළලක්ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහු ය.
1485. එතාදිසෙ ව්යම්හවරෙ නාරීගණසමාකුලෙ, වස්සිස්සති පුප්ඵවස්සො දිබ්බො ලොහිතකො සදා.
1485. දිව්‍යාප්සරා සමූහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැම කල්හි දිව්‍යමය වූ ලෙහෙවන් මල්වැසි වසී.
1486. භිත්තිඛීලෙ නාගදන්තෙ ද්වාරබාහාය තොරණෙ, චක්කමත්තා ලොහිතකා ඔලම්බිස්සන්ති තාවදෙ.
1486. එකල්හි බිත්තියෙහි වූ ඇණවල ද නාදැතිවල ද උළුවසුවල ද තොරන්හි ද චක්රප්රමාණ වූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහු ය.
1487. පතෙතන පත්තසඤ්ඡන්නෙ අන්තොව්යම්හවරෙ ඉධ, අත්ථරිත්වා පාරුපිත්වා තුවට්ටිස්සන්ති තාවදෙ.
1487. එකල්හි මල් පෙත්තෙන් පෙත්ත වැසෙන සේ වූ මේ විමානය තුළ (ඒ මලින් ම කළ ඇතිරි) අතුරා (පොරෝණා) පෙරොවා හෝනාහු ය.
1488. භවනං පරිවාරෙත්වා සමන්තා සතයොජනං, තෙ විසුද්ධා ලොහිතකා දිබ්බගන්ධං පවායරෙ.
1488. භවනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෝ දිවසුවඳ පතුරුවත්.
1489. පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
1489. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
1490. සම්පත්තියො දුවෙ භුත්වා අනීති අනුපද්දවො, සම්පත්තෙ පරියොසානෙ නිබ්බානං ඵස්සයිස්සති.”
1490. (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට උවදුරු රහිත වූයේ උපද්‍රව නැත්තේ පශ්චිමභවය පැමිණි කල්හි නිවන පහස්නේ ය - අවබෝධ කරන්නේය” කියායි.
1491. සුදිට්ඨො වත මෙ බුද්ධො වාණිජ්ජං සුප්පයොජිතං, පද්මානි තීණි පූජෙත්වා අනුභොසිං තිසම්පදං.
1491. මා විසින් බුදුරජානන් වහන්සේ මැනැවින් දක්නාලදී. වණික් කර්මය මැනැවින් යොදන ලදී. තුන්පියුමක් පුදා දිව්‍ය මනුෂ්‍ය නිර්වාණ යන ත්‍රිවිධසම්පත්තිය අනුභව කෙළෙමි.
1492. අජ්ජ මෙ ධම්මප්පත්තස්ස විප්පමුත්තස්ස සබ්බසො, සුපුප්ඵිතං ලොහිතකං ධාරයිස්සති මත්ථකෙ.
1492. අද නිර්වාණධර්මයට (සාක්ෂාත් කිරීම් වශයෙන්) පැමිණියා වූ සර්වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනා වූ මාගේ හිස මතුයෙහි මැනැවින් පිපුනු ලෙහෙවන් පියුමක් පවත්නේ ය.
1493. මම කම්මං කථෙන්තස්ස පදුමුත්තරසත්ථුනො, සත්තපාණසහස්සානං ධම්මාභිසමයො අහු.
1493. පදුමුත්තර බුදුරජහු මාගේ කර්මය ප්‍රකාශ කරන කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය විය.
1494. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි තිණ්ණං පදුමානිදං ඵලං.
1494. මෙයින් සියක්දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියුම් තුණ පිදීමේ මේ ප්‍රතිථලය යී.
1495. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
1495. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
1496. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1496. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තිපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
තිපදුමියත්ථෙරස්ස අපදානං දසමං.
තිපදුමියස්ථවිරාවදානය දසවැනි යි
උද්දානං:
උද්දානය:
නාගසමාලො පදසඤ්ඤී සසඤ්ඤොලුවදායකො එකසඤ්ඤි තිණදදො සූචි පාටලිපුප්ඵියො ඨිතඤ්ජලී තිපදුමී ගාථායො පඤ්චසත්තති.
නාගසමාල පදසඤ්ඤන - බුද්ධසඤ්ඤක ආලුවදායක, ඒකසඤ්ඤ තිණදද - සූචි පාටලීපුප්ඵිය, ඨිතඤ්ජලී තිපදුමී වත්දස - පන්සැත්තෑ ගයෙක් වේ.
නාගසමාලවග්ගො අට්ඨමො.
නාගසමාලවර්ගය අටවැනි යි.