යෙදුමෙන් කියවන්න

81. තිමිරපුප‍්ඵියත්‍ථෙරාපදානං

81. තිමිරපුප‍්ඵියත්‍ථෙරාපදානං.

81. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය

1497. චන්‍දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, නිසින‍්නං සමණං දිස‍්වා විප‍්පසන‍්නමනාවිලං.

1497. මම චන්‍දභාගා නදීතීරයෙහි යටිහොයට (=ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගණිමින්) යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නො කැළඹුනු සිත් ඇති බුදුරදුන් දැක-

1498. තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා එවං චින‍්තෙසහං තදා, “තාරයිස‍්සති තිණ‍්ණො’යං දන‍්තො’යං දමයිස‍්සති.

1498. මම එහි සිත පහදවා මෙසේ සිතීමි: “මේ (සර්‍වඥ) තෙම (සසරසයුරින්) එතෙර වූයේ (සෙස්සන් ද) එතෙර කරවන්නේ ය. මේ (සර්‍වඥ) තෙමේ දාන්ත වූයේ (සෙස්සන් ද) දමනය කරන්නේ ය.

1499. අස‍්සාසෙස‍්සති අස‍්සත්‍ථො සන‍්තො ච සමයිස‍්සති, මොචයිස‍්සති මුත‍්තො ච නිබ‍්බාපෙස‍්සති නිබ‍්බුතො”.

1499. තෙමේ අස්වැසුනේ (සෙස්සන් ද) අස්වසන්නේ ය. තෙමේ ශාන්ත වූයේ (සෙස්සන් ද) ශාන්ත කරන්නේ ය. තෙමේ මිදුනේ (සෙස්සන් ද) මුදවන්නේ ය. තෙමේ නිවුනේ (සෙස්සන් ද) නිවණට පමුණුවන්නේ ය” කියායි.

1500. එවං සං චින‍්තයිත්‍වාන සිද‍්ධත්‍ථස‍්ස මහෙසිනො, ගහෙත්‍වා තිමිරං පුප‍්ඵං මත්‍ථකෙ ඔකිරිං අහං.

1500. මම මෙසේ සිතා සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට තිමිරමල් (=විහිදි නිල් රැසින් වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්‍ගයක්) බුදුරජානන් වහන්සේගේ මත්තෙහි විසිරවීමි.

1501. අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන කත්‍වාන ච පදක‍්ඛිණං, වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ පක‍්කාමිං අපරං දිසං.

1501. ඇඳිලි බැඳ පැදකුණු කොට බුදුරජානන් වහන්සේගේ ශ්‍රී පාදයන් වැඳ බටහිරදිගට ගියෙමි.

1502. අචිරං ගතමත‍්තං මං මිගරාජා විහෙඨයී, පපාතමනුගච‍්ඡන‍්තො තත්‍ථෙව පපතිං අහං.

1502. නොබෝ වේලාවක් ගියා වූ මා සිංහයෙක් පෙළී ය. මම ප්‍රපාතය අනු ව යන්නෙම් එහි ම වැටුනෙමි.

1503. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1503. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1504. ඡපඤ‍්ඤාසම‍්හි කප‍්පම‍්හි සත‍්තෙවාසුං මහායසා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1504. සපණස්වන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් මහත් බල ඇති සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.

1505. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1505. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිමිරපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තීමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

තිමිරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

තීමිරපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.