යෙදුමෙන් කියවන්න

84. අධොපුප‍්ඵියත්‍ථෙරාපදානං

84. අධොපුප‍්ඵියත්‍ථෙරාපදානං.

84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය

1518. අභිභූ නාම සො භික‍්ඛු සිඛිනො අග‍්ගසාවකො, මහානුභාවො තෙවිජ‍්ජො හිමවන‍්තං උපාගමී.

1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහානුභාව ඇති ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ප්‍රසිද්ධ භික්‍ෂු තෙමේ හිමවතට එළඹියේ ය.

1519. අහම‍්පි හිමවන‍්තම‍්හි රමනීයස‍්සමෙ ඉසි, වසාමි අප‍්පමඤ‍්ඤාසු ඉද‍්ධිසු ච තදා වසී.

1519. එකල්හි මම අප්‍රාමාණ්‍ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්‍රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.

1520. පක‍්ඛජාතො වියාකාසෙ පබ‍්බතං අධිවත‍්තයිං, අධොපුප‍්ඵං ගහෙත්‍වාන ආගච‍්ඡිං පබ‍්බතං අහං.

1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.

1521. සත‍්ත පුප‍්ඵානි ගණ‍්හිත්‍වා මත්‍ථකෙ ඔකිරිං අහං, ආලොකිතෙ ච වීරෙන පක‍්කාමිං පාචිනාමුඛො.

1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.

1522. ආවාසං අභිසම‍්භොසිං පත්‍වාන අස‍්සමං අහං, ඛාරිභාරං ගහෙත්‍වාන පාවිසිං පබ‍්බතන‍්තරං.

1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්‍රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.

1523. අජගරො මං පීළෙසි ඝොරරූපො මහබ‍්බලො, පුබ‍්බකම‍්මං සරිත්‍වාන කත්‍ථ කාලකතො අහං.

1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්‍යකර්‍මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.

1524. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.

1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.

1525. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1525. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අධොපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

අධොපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

අධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.