යෙදුමෙන් කියවන්න

95. ගන්‍ධමාලියත්‍ථෙරාපදානං

95. ගන්‍ධමාලියත්‍ථෙරාපදානං

95. ගන්‍ධමාලිය ස්ථවිරාවදානය

1576. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ගන්‍ධථූපං අකාසහං, සුමනෙහි පටිච‍්ඡන‍්නං බුද‍්ධානුච‍්ඡවිකං කතං.

1576. මම සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට (සඳුන් - අගිල් - කපුරු කස්තුරි ආදිය වඩා) සුගන්‍ධස්තූපයක් කෙළෙමි. බුදුරජානන් වහන්සේට සුදුසු සේ කරණ ලද එය සමන්මල්වලින් වසන ලදී.

1577. කඤ‍්චකනග‍්ඝියසඞ‍්කාසං බුද‍්ධං ලොකග‍්ගනායකං, ඉන්‍දීවරං’ව ජලිතං ආදිත‍්තං’ව හුතාසනං.

1577-1578. රන්ඇගෑවක් වැනි වූ ලෝකයෙහි අසහාය නායක වූ සර්‍වඥ වූ උදුල උපුල් මලක් වැනි වූ ඇවිළුනු ගින්නක් වැනි, ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන් උතුම් වූ, විශිෂ්ට ජන්ම ඇති කේශර සිංහයෙකු වැනි, භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද, ශ්‍රමණයන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ ද බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.

1578. ව්‍යග‍්ඝූසභං’ව පවරං අභිජාතං’ව කෙසරිං, නිසින‍්නං සමණානග‍්ගං භික‍්ඛුසංඝපුරක‍්ඛතං, වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ පක‍්කාමිං උත‍්තරාමුඛො.

1579. චතුනවුතෙ ඉතො කප‍්පෙ ගන්‍ධමාලං යතො අදං, බුද‍්ධෙ කතස‍්ස කාරස‍්ස ඵලෙනාහං විසෙසතො, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1579. යම් හෙයකින් සිවුඅනූවන කපෙහි යම් ගඳමල් පූජාවක් කරණලද ද, බුදුරජුන් විෂයයෙහි කරන ලද ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය හේතු කොට ගෙන මම විශේෂයෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1580. චත‍්තාරීසම‍්භි එකූනෙ කප‍්පෙ ආසිංසු සොළස, දෙවගන්‍ධසනාමා තෙ රාජානො චක‍්කවත‍්තිනො.

1580. එකුන්සතළිස්වන කපෙහි දෙවගන්‍ධ නම් වූ ඒ සොළොස් සක්විතිරජ කෙනෙක් වූහ.

1581. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1581. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගන්‍ධමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

ගන්‍ධමාලියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ගන්‍ධමාලියස්ථවිරාවදානය පස්වැනියි.