යෙදුමෙන් කියවන්න

92. සුචින‍්තිතත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

92. සුචින‍්තිතත්‍ථෙරාපදානං.

92. සුචින්තිත ස්ථවිරාවදානය

1560. තිස‍්සස‍්ස ලොකනාථස‍්ස සුද‍්ධාපීඨමදාසහං, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන බුද‍්ධස‍්සාදිච‍්චබන්‍ධුනො.

1560. මම හිරුගොත්හි වූ සියල්ල දත් තිස්සබුදුරදුන්හට තුටු වූයෙම් තුටුසිතින් ම (සිලිටි දැවමුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.

1561. අට‍්ඨතිංසෙ ඉතො කප‍්පෙ රාජා ආසිං මහාරුචී, භොගො ච විපුලො ආසි සයනං ච අනප‍්පකං.

1561. මෙයින් අටතිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝ වූ සයනාසන ද මහත් වූ භොග ද විය.

1562. පීඨං බුද‍්ධස‍්ස දත්‍වාන විප‍්පසන‍්නෙන චෙතසා, අනුභොමි සකං කම‍්මං පුබ‍්බෙ සුකතමත‍්තනො.

1562. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනැවින් කළ (ඒ ස්වකීය පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.

1563. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පීඨමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පිඨදානස‍්සිදං ඵලං.

1563. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පුටුවක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පීඨාදානයාගේ මේ විපාකය යි.

1564. අට‍්ඨතිංසෙ ඉතො කප‍්පෙ තයො තෙ චක‍්කවත‍්තිනො, රුචි උපරුචි චෙව මහාරුචි තතීයකො.

1564. මෙයින් අටතිස්වන කපෙහි රුචි ය, උපරුචි ය, මහාරුචි ය යන සක්විති රජවරු තිදෙනෙක් වූහ.

1565. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1565. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුචින‍්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

සුචින‍්තිතත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

සුචින්තිතස්ථවිරාවදානය දෙවැනියි.

93. අඩ‍්ඪචෙලකත්‍ථෙරාපදානං.

93. අඩ්ඪචෙළක ස්ථවිරාවදානය

1566. තිස‍්සස‍්සාහං භගවතො උපඩ‍්ඪදුස‍්සමදාසහං, පරමකාපඤ‍්ඤපත‍්තොම‍්හි දුග‍්ගන්‍ධෙන සමප‍්පිතො.

1566. මම තිස්ස බුදුරජානන් වහන්සේට සිවුරු පිණිස රෙදි කැබැල්ලක් දුන්නෙමි. (එකල) දුගඳින් යුත් මම අතිශයින් කෘපණභාවයට (දුකට) පත් වූයෙම් වෙමි.

1567. උපඩ‍්ඪදුස‍්සං දත්‍වාන කප‍්පං සග‍්ගම‍්හි මොදහං, අවසෙසෙසු කප‍්පෙසු කුසලං කාරිතං මයා.

1567. මම (සිවුරු පිණිස මේ) රෙදිකැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.

1568. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං දුස‍්සමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි දුස‍්සදානස‍්සිදං ඵලං.

1568. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකයයි.

1569. එකූනපණ‍්ණෙකප‍්පම‍්හි රාජානො චක‍්කවත‍්තිනො, සමන‍්නච‍්ඡදනා නාම බත‍්තිංසාසුං ජනාධිපා.

1569. එකුන්පණස්වන කපෙහි ජනාධිපති වූ සමන්තච්ඡදන නම් දෙළොස් සක්විතිරජ කෙනෙක් වූහ.

1570. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1570. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අඩ‍්ඪචෙලකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

අඩ‍්ඪචෙලකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

අඩ්ඪචෙලකස්ථවිරාවදානය තෙවැනියි.

94. සූචිදායකත්‍ථෙරාපදානං.

94. සූචිදායක ස්ථවිරාවදානය

1571. කම‍්මාරොහං පුරෙ ආසිං බන්‍ධුමායං පුරුත‍්තමෙ, සූචිදානං මයා දින‍්නං විපස‍්සිස‍්ස මහෙසිනො.

1571. මම පෙර බන්‍ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට හිදි (=ඉදිකටු) දනක් දෙනලදී.

1572. වජිරග‍්ගසමං ඤාණං හොති කම‍්මෙන තාදිසා, විරාගො’ම‍්හි විමුත‍්තො’ම‍්හි පත‍්තො’ම‍්භි ආසවක‍්ඛයං.

1572. එබඳු කර්‍මය කරන කොට ගෙණ විදුරග වැනි (සියුම්) නුවණ ඇති වේ. පහ වූ රාගය ඇත්තෙම් වෙමි. කෙලෙසුන්ගෙන් මිදුනෙම් වෙමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.

1573. අතීතෙ ච භවෙ සබ‍්බෙ වත‍්තමානෙ ච’නාගතෙ, ඤාණෙන විචිනිං සබ‍්බං සූචිදානස‍්සිදං ඵලං.

1573. අතීතභවයෙහි ද වර්‍තමානභවයෙහි ද අනාගතභවයෙහි ද සියල්ල නුවණින් සොයා දැන ගතිමි. හිදිදනෙහි මේ විපාකය යි.

1574. එකනවුතෙ ඉතො කප‍්පෙ සත‍්තාසුං වජිරව‍්හයා, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1574. මෙයින් ඒකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම් වූ සක්විති රජකෙනෙක් වූහ.

1575. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1575. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සූචිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

සූචිදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

සූචිදායකස්ථවිරාවදානය සිවුවැනියි.