151. බන්ධුජීවකත්ථෙරාපදානං
151. බන්ධුජීවකත්ථෙරාපදානං.
151. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
1993. චන්දංව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං, නන්දීභවපරික්ඛීණං තිණ්ණං ලොකෙ විසත්තිකං.
1993-1994. (උපක්ලේශ විරහිත) චන්ද්‍රයා මෙන් නිර්මල වූ, (කෙළෙස් කිලිටි නො මැති බැවින්) පිරිසිදු වූ පැහැදුනා වූ, (කෙළෙස් මඩින්) නො කැලඹුනා වූ, නන්දීභව සඞ්ඛ්‍යාත තෘෂ්ණාව හා භවය (ඵල විශේෂයෙන් හාත්පසින් ම) ක්ෂය කරණ ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැති කළ ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතුරෙන් උතුම් ද වූ වෙනෙහි ධ්‍යාන කරන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛී බුදුරජුන් දුටිමි.
1994. නිබ්බාපයන්තං ජනතං තිණ්ණං තාරයතං වරං, වනස්මිං ඣායමානං තං එකග්ගං සුසමාහිතං.
1995. බන්ධුජීවකපුප්ඵානි ලග්ගෙත්වා සුත්තකෙනහං, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
1995. මම බඳුවදමල් නූලකින් එල්වා ඒ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1996. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1996. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
1997. ඉතො සත්තමකෙ කප්පෙ මනුජින්දො බ්රහායසො, සමන්තචක්ඛු නාමාසිං චක්කවත්තී මහබ්බලො.
1997. මෙයින් සත්වැනි කපෙහි මනුජේන්ද්ර වූ වැඩුනු යසස් ඇති මහබලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
1998. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1998. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බන්ධුජීවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
බන්ධුජීවකත්ථෙරස්ස අපදානං පඨමං.
බන්‍ධුජීවකස්ථවිරාවදානය පළමුවැනි යි.