යෙදුමෙන් කියවන්න

17. සුපාරිචරියවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

17. සුපාරිචරිය වර්‍ගය

161. සුපාරිචරියත්‍ථෙරඅපදානවණ‍්ණනා

161. සුපාරිචරිය ථේර අපදාන වර්ණනාව

පදුමො නාම නාමෙනාතිආදිකං ආයස‍්මතො සුපාරිචරියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමමුනිපුඞ‍්ගවෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ යක‍්ඛයොනියං නිබ‍්බත‍්තො හිමවති යක‍්ඛසමාගමං ගතො භගවතො දෙවයක‍්ඛගන්‍ධබ‍්බනාගානං ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො උභො හත්‍ථෙ ආභුජිත්‍වා අප‍්ඵොටෙසි නමස‍්සි ච. සො තෙන පුඤ‍්ඤෙන තතො චුතො උපරි දෙවලොකෙ උප‍්පන‍්නො තත්‍ථ දිබ‍්බසුඛං අනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවතිආදිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං ගහපතිකුලෙ නිබ‍්බත‍්තො අඩ‍්ඪො මහද‍්ධනො මහාභොගො රතනත‍්තයෙ පසන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

පදුමො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුපාරිවරිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද හිමාලයෙහි යක්‍ෂ සමාගමට ගියේ භාග්‍යවතුන් වහන්සේ දේව යක්‍ෂ ගාන්ධර්ව නාගයින්ට කළ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ දෑත් හකුලා අත්පොළසන් දුන්නේ ය. නමස්කාර ද කළේය. හේ ඒ පිනින් එයින් චුතව ඉහළ දෙව්ලොවක ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද ආඪ්‍ය වූයේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත්බවට පත්විය.

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමො නාම නාමෙනාතිආදිමාහ. තත්‍ථ පදුමොති යස‍්ස පාදනික‍්ඛෙපසමයෙ පථවිං භින්‍දිත්‍වා පදුමං උග‍්ගන‍්ත්‍වා පාදතලං සම‍්පටිච‍්ඡති, තෙන සඤ‍්ඤාණෙන සො භගවා පදුමොති සඞ‍්ඛං ගතො, ඉධ පදුමුත‍්තරො භගවා අධිප‍්පෙතො. සො භගවා පවනා වසනවිහාරා අභිනික‍්ඛම‍්ම වනමජ‍්ඣං පවිසිත්‍වා ධම‍්මං දෙසෙතීති සම‍්බන්‍ධො.

උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමොනාම නාමෙන’ යනාදිය කීහ. එහි පදුමො යනු යමකුගේ පාද තබන කල්හි පොළොව බිඳගෙන නෙළුම් පැනනැගී පාදතලය පිළිගනීද ඒ සංග්‍රහයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ පදුම යයි ප්‍රසිද්ධ වූ සේක. මෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අභිප්‍රේතය. ඒ භාග්‍යවතුන් වහන්සේ පවනා වසන විහාරයෙන් නික්ම වන මැදට පිවිස ධර්මය දේශනා කරන සේක යනු සම්බන්ධයි.

යක‍්ඛානං සමයොති දෙවානං සමාගමො ආසි අහොසීති අත්‍ථො. අජ‍්ඣාපෙක‍්ඛිංසු තාවදෙති තස‍්මිං දෙසනාකාලෙ අධිඅපෙක‍්ඛිංසු, විසෙසෙන පස‍්සනසීලා අහෙසුන‍්ති අත්‍ථො. සෙසං පාකටමෙවාති.

යක්ඛානං සමයො යනු දේව සමාගම ආසි විය යන අර්ථයි. අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ යනු ඒ දේශනාව අවස්ථාවෙහි අතිශයින් අපේක්‍ෂා කළහ. විශේෂයෙන් දකිනසුලු වූහ යන අර්ථයි. සෙස්ස ප්‍රකට ම ය.

සුපාරිචරියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුපාරිචරිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

162. කණවෙරපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

162. කණවේරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථො නාම භගවාතිආදිකං ආයස‍්මතො කණවෙරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ සුද‍්දකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය රඤ‍්ඤො අන‍්තෙපුරපාලකො අහොසි. තස‍්මිං සමයෙ සිද‍්ධත්‍ථො භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො රාජවීථිං පටිපජ‍්ජි. අථ සො අන‍්තෙපුරපාලකො චරමානං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො හුත්‍වා කණවෙරපුප‍්ඵෙන භගවන‍්තං පූජෙත්‍වා නමස‍්සමානො අට‍්ඨාසි. සො තෙන පුඤ‍්ඤෙන සුගතිසම‍්පත‍්තියොයෙව අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තිත්‍වා වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

සිද්ධත්‍ථො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් කණවෙර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද වැඩිවිය පත් ව රජුගේ අන්තඃපුර පාලකයා විය. එසමයෙහි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා රජවීදියට පිළිපන් සේක. ඉක්බිති ඒ අන්තඃපුර පාලකයා ඇවිදින භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේව කණේරු මලකින් භාග්‍යවතුන් වහන්සේ පුදා නමස්කාර කරමින් සිටියේය. හේ ඒ පිනින් සුගති සම්පත්ව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.

සො පත‍්තඅග‍්ගඵලො පුබ‍්බෙ කතකුසලං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථො නාම භගවාතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ පැමිණි අග්‍රඵල ඇත්තාහු පෙර කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සිද්ධත්‍ථො නාම භගවා’ යනාදිය කීහ. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

කණවෙරපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කණවෙරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

163. ඛජ‍්ජකදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

163. ඛජ්ජදායක ථේර අපදාන වර්ණනාව

තිස‍්සස‍්ස ඛො භගවතොතිආදිකං ආයස‍්මතො ඛජ‍්ජකදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ සුද‍්දකුලෙ නිබ‍්බත‍්තො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො අම‍්බජම‍්බුආදිමනෙකං මධුරඵලාඵලං නාළිකෙරං පූවඛජ‍්ජකඤ‍්ච අදාසි. භගවා තස‍්ස පසාදවඩ‍්ඪනත්‍ථාය පස‍්සන‍්තස‍්සෙව පරිභුඤ‍්ජි. සො තෙන පුඤ‍්ඤෙන සුගතිසම‍්පත‍්තියොයෙව අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සඤ‍්ජාතසද‍්ධො පසාදබහුමානො පබ‍්බජිත්‍වා වත‍්තපටිපත‍්තියා සාසනං සොභෙන‍්තො සීලාලඞ‍්කාරපටිමණ‍්ඩිතො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

තිස්සස්ස ඛො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ඛජ්ජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ අඹදඹ ආදී මිහිරි කුදුමහත් පලද නෙරළු ද කැවුම් ද දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වර්ධනය කරනු සඳහා බලා සිටියදීම වැළඳූ සේක. හේ ඒ පිනින් සුගති සම්පත්ම අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා හටගත් සැදැහැ ඇත්තේ ප්‍රසාද බහුමාන ඇත්තේ පැවිදි ව වත් පිළිවෙතින් සසුන බබුළුවන්නේ සිල් අබරණින් සැරසුණේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය.

සො පුබ‍්බකම‍්මං සරන‍්තො “පුබ‍්බෙ මයා සුඛෙත‍්තෙ කුසලං කතං සුන්‍දර”න‍්ති සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිස‍්සස‍්ස ඛො භගවතොතිආදිමාහ. තත්‍ථ තිස‍්සොපි භවසම‍්පත‍්තියො දදමානො ජාතොති මාතාපිතූහි කතනාමවසෙන තිස‍්සො. අථ වා තීහි සරණගමනෙහි අස‍්සාසෙන‍්තො ඔවදන‍්තො හෙතුසම‍්පන‍්නපුග‍්ගලෙ සග‍්ගමොක‍්ඛද‍්වයෙ පතිට‍්ඨාපෙන‍්තො බුද‍්ධො ජාතොති තිස‍්සො. සමාපත‍්තිගුණාදීහි භගෙහි යුත‍්තොති භගවා, තස‍්ස තිස‍්සස‍්ස භගවතො පුබ‍්බෙ අහං ඵලං අදාසින‍්ති සම‍්බන්‍ධො. නාළිකෙරඤ‍්ච පාදාසින‍්ති නාළිකාකාරෙන පවත‍්තං ඵලං නාළිකෙරං, තඤ‍්ච ඵලං අදාසින‍්ති අත්‍ථො. ඛජ‍්ජකං අභිසම‍්මතන‍්ති ඛාදිතබ‍්බං ඛජ‍්ජකං අභි විසෙසෙන මධුසක‍්කරාදීහි සම‍්මිස‍්සං කත්‍වා නිප‍්ඵාදිතං සුන්‍දරං මධුරන‍්ති සම‍්මතං ඤාතං අභිසම‍්මතං ඛජ‍්ජකඤ‍්ච අදාසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ පූර්ව කර්මය සිහි කරන්නාහු පෙර මා විසින් යහපත් කෙතක කරන ලද කුසලය සුන්දර යයි හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තිස්සස්ස ඛො භගවතො’ යනාදිය කීහ. එහි තිස්සො යනු භාග්‍යවතුන් වහන්සේ සම්පත් දෙමින් උපන්නේනුයි මව්පියන් විසින් දෙන ලද නම් වශයෙන් තිස්ස නමි. නැතහොත් තුන් සරණාගමනයෙන් අස්වසන්නේ අවවාද දෙන්නේ හේතුසම්පත් ඇති පුද්ගලයන් සගමොක් දෙකෙහි පිහිටුවමින් උපන්නේනුයි තිස්ස නමි. සමාපත්ති සුබ ආදී වාසනාවන්ගෙන් යුක්තනුයි භගවා නමි. ඒ තිස්ස භාග්‍යවතුන් වහන්සේට මම පෙර පල දුනිමි යන අර්ථයි. නාලිකෙරඤ්ච අදාසිං යනු නාලිකාකාරයෙන් පැවැති ඵල නාලිකෝර ඵලනමි එය ද දුනිමි යන අර්ථයි. ඛජ්ජකං අභිසම්මතං යනු කෑයුතු දෙය ඛජ්ජක නමි. විශ්වාසයෙන් මීපැණි හකුරු ආදියෙන් මිශ්‍රකොට නිපදවන ලද මධුර යයි සුන්දරයයි සම්මතං දත්, අභිසම්මත වූ කැවිලි දුනිමි සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

ඛජ‍්ජකදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඛජ්ජදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

164. දෙසපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා

164. දෙසපූජක ථේර අපදාන වර්ණනාව

අත්‍ථදස‍්සී තු භගවාතිආදිකං ආයස‍්මතො දෙසපූජකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධො පසන‍්නො බුද‍්ධමාමකො ධම‍්මමාමකො සඞ‍්ඝමාමකො අහොසි. තදා අත්‍ථදස‍්සී භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො චන්‍දො විය සූරියො විය ච ආකාසෙන ගච‍්ඡති. සො උපාසකො භගවතො ගතදිසාභාගං ගන්‍ධමාලාදීහි පූජෙන‍්තො අඤ‍්ජලිං පග‍්ගය‍්හ නමස‍්සමානො අට‍්ඨාසි.

අත්‍ථදස්සිතු භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සැදැහැ ඇත්තාහු රත්නත්‍රය මාමක වූවාහු එකල්හි අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද සේක් චන්ද්‍රයා මෙන් ද සූර්යයා මෙන්ද අහසින් වඩනා සේක. ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ වැඩමකළ දිසාභාගය සුවඳමල් ආදියෙන් පූජා කරන්නේ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය.

සො තෙන පුඤ‍්ඤෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො සග‍්ගසම‍්පත‍්තිං අනුභවිත්‍වා මනුස‍්සෙසු ච මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො උපභොගපරිභොගසම‍්පන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො ඝරාවාසෙ අනල‍්ලීනො පබ‍්බජිත්‍වා වත‍්තසම‍්පන‍්නො නචිරස‍්සෙව අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අත්‍ථදස‍්සී තු භගවාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. අනිලඤ‍්ජසෙති “මග‍්ගො පන්‍ථො පථො පජ‍්ජො, අඤ‍්ජසං වටුමායන”න‍්ති (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙස 101) පරියායස‍්ස වුත‍්තත‍්තා අනිලස‍්ස වාතස‍්ස අඤ‍්ජසං ගමනමග‍්ගොති අනිලඤ‍්ජසං, තස‍්මිං අනිලඤ‍්ජසෙ, ආකාසෙති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

හේ ඒ පිනින් දෙව්ලොව ඉපිද ස්වර්ග සම්පත් අනුභවකොට මිනිසුන් අතර ද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදකාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ උපභෝග පරිභෝග සම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදි ව වත් සහිත වූයේ නොබෝ කලකින් රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අත්‍ථදස්සිතු භගවා’ යනාදිය කීය. එය යට කියන ලද අරුත් ඇත්තේමය. අනිලඤ්ජසෙ යනු මග්ග පන්ථ පථ අඤ්ජස වටුමායන යන පර්යායයෙන් කියන ලද බැවින් අනිලඤ්ජස නමි. ඒ අනිලඤ්ජසෙ අහසෙහි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.

දෙසපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

දෙසපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

165. කණිකාරඡත‍්තියත්‍ථෙරඅපදානවණ‍්ණනා

165. කණිකාරච්ඡදනිය ථේර අපදාන වර්ණනාව

වෙස‍්සභූ නාම සම‍්බුද‍්ධොතිආදිකං ආයස‍්මතො කණිකාරඡත‍්තියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො වෙස‍්සභුස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාසම‍්පන‍්නො අහොසි. තස‍්මිං සමයෙ වෙස‍්සභූ භගවා විවෙකකාමො මහාවනං පවිසිත්‍වා නිසීදි. අථ සොපි උපාසකො කෙනචිදෙව කරණීයෙන තත්‍ථ ගන‍්ත්‍වා භගවන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං විය ජලමානං නිසින‍්නං දිස‍්වා පසන‍්නමානසො කණිකාරපුප‍්ඵං ඔචිනිත්‍වා ඡත‍්තං කත්‍වා භගවතො නිසින‍්නට‍්ඨානෙ විතානං කත්‍වා පූජෙසි, තං භගවතො ආනුභාවෙන සත‍්තාහං අමිලාතං හුත්‍වා තථෙව අට‍්ඨාසි. භගවාපි ඵලසමාපත‍්තිං නිරොධසමාපත‍්තිඤ‍්ච සමාපජ‍්ජිත්‍වා විහාසි , සො තං අච‍්ඡරියං දිස‍්වා සොමනස‍්සජාතො භගවන‍්තං වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. භගවා සමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා විහාරමෙව අගමාසි.

වෙස්සභු නාම සම්බුද්ධො යනාදි වශයෙන් ආයුෂ්මත් කණිකාර ඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ සැදැහැ ඇත්තේ විය. එසමයෙහි වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් මහවනයට පිවිස වැඩහුන් සේක. ඉක්බිති ඒ උපාසකයා ද කිසියම් කටයුත්තක් සඳහා එහි ගොස් ගිනිකඳක් මෙන් බබලමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කිණිහිරි මලක් නෙළා ඡත්‍රයක් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන වියනක් තනා පූජා කළේය. එය භාග්‍යවතුන් වහන්සේගේ අනුහසින් සත්දිනක් නොමැළ වී එහි තිබිණ. භාග්‍යවතුන් වහන්සේද පලසමවතට සහ නිරෝධ සමාපත්තියට සමවැද වාසය කළ සේක. හේ ඒ අසිරිය දැක හටගත් සොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සමාපත්තියෙන් නැගිට විහාරයටම වැඩම කළ සේක.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාසම‍්පන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා ඝරාවාසෙ අනල‍්ලීනො පබ‍්බජිත්‍වා වත‍්තපටිපත‍්තියා ජිනසාසනං සොභෙන‍්තො නචිරස‍්සෙව අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො වෙස‍්සභූ නාම සම‍්බුද‍්ධොතිආදිමාහ. තත්‍ථ වෙස‍්සභූති වෙස‍්සෙ වෙස‍්සජනෙ භුනාති අභිභවතීති වෙස‍්සභූ. අථ වා වෙස‍්සෙ පඤ‍්චවිධමාරෙ අභිභුනාති අජ‍්ඣොත්‍ථරතීති වෙස‍්සභූ. සාමංයෙව බුජ‍්ඣිතා සච‍්චානීති සම‍්බුද‍්ධො, නාමෙන වෙස‍්සභූ නාම සම‍්බුද‍්ධොති අත්‍ථො. දිවාවිහාරාය මුනීති දිබ‍්බති පකාසෙති තං තං වත්‍ථුං පාකටං කරොතීති දිවා. සූරියුග‍්ගමනතො පට‍්ඨාය යාව අත්‍ථඞ‍්ගමො, තාව පරිච‍්ඡින‍්නකාලො, විහරණං චතූහි ඉරියාපථෙහි පවත‍්තනං විහාරො, දිවාය විහාරො දිවාවිහාරො, තස‍්ස දිවාවිහාරාය ලොකජෙට‍්ඨො නරාසභො බුද‍්ධමුනි මහාවනං ඔගාහිත්‍වා පවිසිත්‍වාති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

හේ ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත් ව සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව වත්පිළිවෙතින් බුදුසසුන බබුළුවන්නේ නොබෝ කලකින්ම රහත් වී තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘වෙස්සභුනාම සම්බුද්ධො’ යනාදිය කීය. එහි වෙස්සභු යනු වෛශ්‍ය ජනයා භූනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු නමි. නැතහොත් වෙස්සෙ පස්මරුන් අභිභුනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු නමි. තමාම සත්‍යයන් අවබෝධ කරගත්තේනුයි සම්බුද්ධො නම් නමින් වෙස්සභු නම් සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. දිවාවිහාරාය මුනී යනු දිබ්බති බබුළුවයි, ඒ ඒ වස්තුව ප්‍රකට කෙරේනුයි දිවා නමි. සූර්යෝදයෙහි පටන් අස්තයට යාම තෙක් පිරිසිඳ කාලයයි, විහරණං ඉරියව්වලින් පැවැත්ම විහාර නමි. දිවා කාලයෙහි විහරණය දිවා විහාරයයි. ඒ සතර ඉරියව්වෙන් ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ නරාසභ වූ බුද්ධ මුනිතුමා දිවා විහාරය පිණිස ඔගාහිත්‍වා පිවිස යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

කණිකාරඡත‍්තියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කණිකාරඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

166. සප‍්පිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

166. සප්පිදායක ථේර අපදාන වර්ණනාව

ඵුස‍්සො නාමාථ භගවාතිආදිකං ආයස‍්මතො සප‍්පිදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො අහොසි. තදා භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො වීථියං චරමානො තස‍්ස උපාසකස‍්ස ගෙහද‍්වාරං සම‍්පාපුණි. අථ සො උපාසකො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො වන්‍දිත්‍වා පත‍්තපූරං සප‍්පිතෙලං අදාසි, භගවා අනුමොදනං කත්‍වා පක‍්කාමි. සො තෙනෙව සොමනස‍්සෙන යාවතායුකං ඨත්‍වා තතො චුතො තෙන පුඤ‍්ඤෙන දෙවලොකෙ උප‍්පන‍්නො තත්‍ථ දිබ‍්බසුඛං අනුභවිත්‍වා මනුස‍්සෙසු ච නිබ‍්බත‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ සප‍්පිතෙලමධුඵාණිතාදිමධුරාහාරසමඞ‍්ගී සුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධො බුද‍්ධිසම‍්පන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා වත‍්තසම‍්පන‍්නො නචිරස‍්සෙව අරහා අහොසි.

ඵස්සො නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරනු ලදුව වීදියෙහි ඇවිදිනසේක් ඒ උපාසකයාගේ ගෙදරට වැඩි සේක. ඉක්බිති ඒ උපාසකයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැඳ පාත්‍රය පුරා ගිතෙල්ද තෙල්ද දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින්ම දිවි ඇති තෙක් සිට එයින් චුතවූයේ ඒ පිනින් දෙව්ලොව ඉපිද එහි දිවසුව අනුභවකොට මිනිසුන් අතර ද ඉපිද උපනුපන් භවයෙහි ගිතෙල් තෙල් මීපැණි හකුරු ආදී මිහිරි අහර සුව අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදි ව වත් සම්පන්න වූයේ නොබෝ කලකින් රහත් විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඵුස‍්සො නාමාථ භගවාතිආදිමාහ. තත්‍ථ ඵුස‍්සොති ඵුස‍්සනක‍්ඛත‍්තයොගෙන ජාතත‍්තා මාතාපිතූහි කතනාමධෙය්‍යෙන ඵුස‍්සො. අථ වා නිබ‍්බානං ඵුසි පස‍්සි සච‍්ඡි අකාසීති ඵුස‍්සො. අථ වා සමතිංසපාරමිතාසත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මෙ සකලෙ ච තෙපිටකෙ පරියත‍්තිධම‍්මෙ ඵුසි පස‍්සි අඤ‍්ඤාසීති ඵුස‍්සො. භග‍්ගවා භග්‍යවා යුත‍්තොතිආදිපුඤ‍්ඤකොට‍්ඨාසසමඞ‍්ගිතාය භගවා. ආහුතීනං පටිග‍්ගහොති ආහුතිනො වුච‍්චන‍්ති පූජාසක‍්කාරා, තෙසං ආහුතීනං පටිග‍්ගහෙතුං අරහතීති ආහුතීනං පටිග‍්ගහො. මහාජනං නිබ‍්බාපෙන‍්තො වීරො ඵුස‍්සො නාම භගවා වීථියං අථ තදා ගච‍්ඡතෙති සම‍්බන්‍ධො. සෙසං පාකටමෙවාති.

උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඵුස්සො නාම නාමෙන’ යනාදිය කීහ. එහි ඵුස්සො යනු පුස නැකැත් යෝගයෙන් උපන් බැවින් මව්පියන් විසින් තබන ලද නාමයක් ඇති හෙයින් ඵුස්සො නමි. නැතහොත් නිර්වාණය ඵුසි දුටුවේය. සාක්‍ෂාත් කෙළේනුයි ඵුස්සො නමි. නැතහොත් සමත්‍රිංශත් පාරමිතා, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම හා සියලු ත්‍රිපිටක සහිත පර්යාප්ති ධර්මයන් ඵුසි දුටුවේනුයි දැනගත්තේනුයි ඵුස්සො නමි. භගවා භාග්‍ය ඇත්තේනුයි භගවා නමි. ආහුතී යනු පූජා සත්කාර යයි කියනු ලැබේ. ඒ පූජා සත්කාර පිළිගැනීමට සුදුසු වේනුයි ආහුතීනං පටිග්ගහො නමි. මහජනයා නිවමින් වීර වූ ඵුස්ස නම් භාග්‍යවතුන් වහන්සේ වීදියෙහි වඩනා සේක. ඉක්බිති එකල්හි වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ යනු සම්බන්ධයි. සෙස්ස ප්‍රකට ම ය.

සප‍්පිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සප්පිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

167. යූථිකාපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

167. යූථිකාපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

චන්‍දභාගානදීතීරෙතිආදිකං ආයස‍්මතො යූථිකාපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ආයස‍්මා පුරිමමුනින්‍දෙසු කතාධිකාරො අනෙකෙසු ච ජාතිසතෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්සෙව භගවතො කාලෙ සුද‍්දකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො චන්‍දභාගාය නදියා තීරෙ කෙනචිදෙව කරණීයෙන අනුසොතං චරමානො ඵුස‍්සං භගවන‍්තං න‍්හායිතුකාමං අග‍්ගික‍්ඛන්‍ධං විය ජලමානං දිස‍්වා සොමනස‍්සජාතො තත්‍ථ ජාතං යූථිකාපුප‍්ඵං ඔචිනිත්‍වා භගවන‍්තං පූජෙසි. භගවා තස‍්ස අනුමොදනමකාසි.

චන්‍දභාගා නදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් යුථිකාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු නොයෙක් සියගණන් ජාතිවල නිවනට හේතුවන පින් රැස්කරන්නාහු ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේම කාලයෙහි ශුද්‍ර කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූවාහු චන්‍දභාගා නදී තෙර කිසියම් දේවක්‍රියාවකින් යටගං බලා හැසිරෙන්නාහු පැන් සනහනු කැමති ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ගිනිකඳක් මෙන් දිදුලනු දැක හටගත් සොම්නස් ඇත්තාහු එහි හටගත් සමන්මලක් නෙළා භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෝදනා කළ සේක.

සො තත්‍ථ තෙන පුඤ‍්ඤකොට‍්ඨාසෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා වත‍්තපටිපත‍්තියා සාසනං සොභෙන‍්තො නචිරස‍්සෙව අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො චන්‍දභාගානදීතීරෙතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

හේ එහි ඒ පින් කොටසින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව වත්පිළිවෙතින් සසුන බබුළුවන්නේ නොබෝ කලකින්ම රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘චන්‍දභාගා නදී තීරෙ’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

යූථිකාපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

යුථිකාපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

168. දුස‍්සදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

168. දුස්සදායක ථේර අපදාන වර්ණනාව

තිවරායං පුරෙ රම‍්මෙතිආදිකං ආයස‍්මතො දුස‍්සදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ රාජකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තකාලෙ යුවරාජභාවං පත්‍වා පාකටො එකං ජනපදං ලභිත්‍වා තත්‍රාධිපතිභූතො සකලජනපදවාසිනො දානපියවචනඅත්‍ථචරියාසමානත්‍ථතාසඞ‍්ඛාතෙහි චතූහි සඞ‍්ගහවත්‍ථූහි සඞ‍්ගණ‍්හාති. තස‍්මිං සමයෙ සිද‍්ධත්‍ථො භගවා තං ජනපදං සම‍්පාපුණි. අථ සො යුවරාජා පණ‍්ණාකාරං ලභිත්‍වා තත්‍ථ සුඛුමවත්‍ථෙන භගවන‍්තං පූජෙසි. භගවා තං වත්‍ථං හත්‍ථෙන පරාමසිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. තම‍්පි වත්‍ථං භගවන‍්තමෙව අනුබන්‍ධි. අථ සො යුවරාජා තං අච‍්ඡරියං දිස‍්වා අතීව පසන‍්නො අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. භගවතො සම‍්පත‍්තසම‍්පත‍්තට‍්ඨානෙ සබ‍්බෙ ජනා තං අච‍්ඡරියං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තා අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨංසු. භගවා විහාරමෙව අගමාසි. යුවරාජා තෙනෙව කුසලකම‍්මෙන තතො චුතො දෙවලොකෙ උප‍්පන‍්නො තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා මනුස‍්සෙසු චක‍්කවත‍්තිආදිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා රතනත‍්තයෙ පසන‍්නො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා වායමන‍්තො නචිරස‍්සෙව අරහා අහොසි.

තීවරායං පුරෙ රම්මෙ යනාදි වශයෙන් ආයුෂ්මත් දුස්සදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නාහු සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රජ කුලයෙහි ඉපිද වැඩිවිය පත් කල්හි යුවරජ බවට පත්ව ප්‍රකට වූවාහු මෙසේ ජනපදයක් ලැබ එහි අධිපති වී සියලු ජනපදවාසීන්ට දාන ප්‍රියවචන අර්ථචර්යා සමානාත්මතා සංඛයාත සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කෙරෙත්. එසමයෙහි සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ එ් ජනපදයට සපැමිණි සේක. ඉක්බිති ඒ යුවරජ තෙමේ පණිවුඩයක් ලැබ එහිදී සියුම් වස්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදීය. භාග්‍යවතුන් වහන්සේ එය අතින් පිරිමැද අහසට පැන නැගි සේක. ඒ වස්ත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අනුවම ගියේය. ඉක්බිති ඒ යුවරජ තෙමේ ඒ අසිරිය දැක අතිශයින් පැහැදුණේ ඇඳිලිබැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පැමිණි පැමිණි තැන සියලු ජනයෝ ඒ අසිරිය දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තෝ ඇඳිලිබැඳ සිටියාහුය. භාග්‍යවතුන් වහන්සේ විහාරයටම වැඩි සේක. යුවරජ තෙමේ ඒ කුසල කර්මයෙන්ම එයින් චුතවූයේ දෙව්ලොව ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපදී දැනමිති බවට පත්වූයේ ගෘහවාසය තබා තෙරුවන්හි පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිවරායං පුරෙ රම‍්මෙතිආදිමාහ. තත්‍ථ තිවරනාමකෙ නගරෙ රමණීයෙ අහං රාජපුත‍්තො හුත්‍වා සිද‍්ධත්‍ථං භගවන‍්තං වත්‍ථෙන පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තීවරායං පුරෙ රම්මෙ’ යනාදිය කීහ. එහි තීවරා නම් නගරයෙහි මම රමණීය වූ රාජපුත්‍රයෙක් ව සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ වස්ත්‍රයකින් පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

දුස‍්සදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

දුස්සදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

169. සමාදපකත්‍ථෙරඅපදානවණ‍්ණනා

169. සමාදපක ථේර අපදාන වර්ණනාව

නගරෙ බන්‍ධුමතියාතිආදිකං ආයස‍්මතො සමාදපකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධානං සන‍්තිකෙ කතකුසලසම‍්භාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා පුඤ‍්ඤානි කරොන‍්තො වසමානො සද‍්ධො පසන‍්නො බහූ උපාසකෙ සන‍්නිපාතෙත්‍වා ගණජෙට‍්ඨකො හුත්‍වා “මාළකං කරිස‍්සාමා”ති තෙ සබ‍්බෙ සමාදපෙත්‍වා එකං මාළකං සමං කාරෙත්‍වා පණ‍්ඩරපුලිනං ඔකිරිත්‍වා භගවතො නිය්‍යාදෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවලොකෙ උප‍්පන‍්නො ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවත‍්තිආදිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො භගවති පසන‍්නො ධම‍්මං සුත්‍වා පසන‍්නමානසො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා සීලසම‍්පන‍්නො වත‍්තසම‍්පන‍්නො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

නගරෙ බන්‍ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් සමාදපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් සම්භාර ඇත්තාහු නොයෙක් භවයන්හි පින් රැස් කරන්නාහු විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා පින් කරන්නාහු සැදැහැත්තාහු පැහැදුණාහු බොහෝ උපාසකයන් රැස්කරවා ගණජ්‍යෙෂ්ඨව මළුවක් කරන්නෙමුයි ඒ සියලුදෙන සමාදන්කොට එක් මළුවක් සමකොට සුදුවැලි ඉස භාග්‍යවතුන් වහන්සේට පැවරූහ. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වුයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ධර්මය අසා පහන් සිතැත්තේ සැදැහැ ඇත්තේ පැවිදි ව සිල්වත් වූයේ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.

සො අපරභාගෙ අත‍්තනො කතකුසලං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නගරෙ බන්‍ධුමතියාතිආදිමාහ. තත්‍ථ බන්‍ධන‍්ති ඤාතිගොත‍්තාදිවසෙන එකසම‍්බන්‍ධා හොන‍්ති සකලනගරවාසිනොති බන්‍ධූ, බන්‍ධූ එතස‍්මිං විජ‍්ජන‍්තීති බන්‍ධුමතී, තස‍්සා බන්‍ධුමතියා නාම නගරෙ මහාපූගගණො උපාසකසමූහො අහොසීති අත්‍ථො. මාළං කස‍්සාම සඞ‍්ඝස‍්සාති එත්‍ථ මාති ගණ‍්හාති සම‍්පත‍්තසම‍්පත‍්තජනානං චිත‍්තන‍්ති මාළං, අථ වා සම‍්පත‍්තයතිගණානං චිත‍්තස‍්ස විවෙකකරණෙ අලන‍්ති මාළං, මාළමෙව මාළකං, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඵාසුවිහාරත්‍ථාය මාළකං කරිස‍්සාමාති අත්‍ථො. සෙසං පාකටමෙවාති.

උන්වහන්සේ පසුකලක තමා විසින් කරන ලද කුසල කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘නගරෙ බන්‍ධුමතියා’ යනාදිය කීහ. එහි බන්‍ධන්ති ඥාතිගෝත්‍ර ආදි වශයෙන් සියලු නගරවාසීහු එකට සම්බන්ධ වෙතියි බන්‍ධු නමි. මෙහි බන්‍ධුහු ඇත්නුහි බන්‍ධුමතී. ඒ බන්ධුමතී නගරයෙහි. මහාපුග්ගණො උපාසක සමූහය යන අර්ථයි. මාලං කස්සාමි සඞ්ඝස්ස යනු මෙහි මාති පැමිණි පැමිණි ජනයන්ගේ සිත ගනීනුයි මාලං නමි. මාලයම මාලක වේ. භික්‍ෂු සංඝයාගේ පහසු විහරණය සඳහා මාලකයක් කරන්නෙමු යන අර්ථයි. සෙස්ස ප්‍රකටමය.

සමාදපකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සමාදපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

170. පඤ‍්චඞ‍්ගුලියත්‍ථෙරඅපදානවණ‍්ණනා

170. පඤ්චඞ්ගුලිය ථේර අපදාන වර්ණනාව

තිස‍්සො නාමාසි භගවාතිආදිකං ආයස‍්මතො පඤ‍්චඞ‍්ගුලියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරෙ තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා විභවසම‍්පන‍්නො සද‍්ධො පසන‍්නො වීථිතො විහාරං පටිපන‍්නං භගවන‍්තං දිස‍්වා ජාතිසුමනාදිඅනෙකානි සුගන්‍ධපුප‍්ඵානි චන්‍දනාදීනි ච විලෙපනානි ගාහාපෙත්‍වා විහාරං ගතො පුප‍්ඵෙහි භගවන‍්තං පූජෙත්‍වා විලෙපනෙහි භගවතො සරීරෙ පඤ‍්චඞ‍්ගුලිකං කත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි.

තිස්සො නාමාසි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා විභව සම්පත් ඇත්තේ වීදියෙන් විහාරයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දැක දෑසමන් ආදී නොයෙක් සුවඳමල් චන්දන ආදී විලේපනද ගෙන්වාගෙන විහාරයට ගියේ මලින් භාග්‍යවතුන් වහන්සේ පුදා විලේපනයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි පසැඟිලි සලකුණු කොට වැඳ ගියේය.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තිත්‍වා වුද‍්ධිමන්‍වාය සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා හුත්‍වා පුබ‍්බකම‍්මං සරන‍්තො පච‍්චක‍්ඛතො ඤත්‍වා “ඉමං නාම කුසලකම‍්මං කත්‍වා ඊදිසං ලොකුත‍්තරසම‍්පත‍්තිං පත‍්තොම‍්හී”ති පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිස‍්සො නාමාසි භගවාතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

හේ ඒ පිනින් දෙව්මිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්වී පූර්ව කර්මය සිහි කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැන මෙනම් කුසලයක් කොට මෙබදු ලොව්තුරා සම්පත්තියකට පැමිණියේ වෙමියි පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තිස්සො නාමාති භගවා’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේමය.

පඤ‍්චඞ‍්ගුලියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පඤ්චඞ්ගුලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

සත‍්තරසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

දහහත්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.