161. සුපාරිචරියත්ථෙරාපදානං
161. සුපාරිචරියත්ථෙරාපදානං.
161. සුපාරිචරිය ස්ථවිරාවදානය
2050. පදුමො නාම නාමෙන දිපදින්දො නරාසභො, පවනා අභිනික්ඛම්ම ධම්මං දෙසෙසි චක්ඛුමා.
2050. ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති නමින් පදුම නම් බුදුරජහු තමන් විහරණය කළ උපවනයෙන් නික්ම (අවුත්) දහම් දෙසූහ.
2051. යක්ඛානං සමයො ආසි අවිදූරෙ මහෙසිනො, යෙන කිච්චෙන සම්පත්තා අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ.
2051. බුදුරජුනට නුදුරෙහි යක්ෂසමාගමයෙක් විය. එකල යම් කරුණකින් ඔහු එහි පැමිණියාහු ද (ඒ කරුණු සපුරනුවෝ) බුදුරජුන් දෙස සාවධාන වැ බලා හුන්හ.
2052. බුද්ධස්ස ගිරමඤ්ඤාය අමතස්ස ච දෙසනං, පසන්නචිත්තො සුමනො අප්ඵොඨෙත්වා උපට්ඨහිං.
2052. (මම) බුදුරජුන්ගේ කට හඬ ද දහම් අමා දෙසුම ද දැන, පහන් සිත් ඇත්තෙම් අත්පොළසන් දී ඔබට උවටැන් කෙළෙමි.
2053. සුචිණ්ණස්ස ඵලං පස්ස උපට්ඨානස්ස සත්ථුනො, තිංසකප්පසහස්සෙසු දුග්ගතිං නුපපජ්ජහං.
2053. ශාස්තෘන් වහන්සේට මැනැවින් කරණ ලද උපස්ථානයාගේ විපාකය බලනු මැනව. ඒ පිනෙන් මම තිස්දහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො වන්මි.
2054. ඌනතිංසෙ කප්පසතෙ සමලඞ්කතනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2054. දෙදහස්නවසිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
2055. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2055. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා සුපාරිචරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුපාරිචරියත්ථෙරස්ස අපදානං පඨමං.
සුපාරිචරියස්ථවිරාවදානය පළමුවැනි යි.
162. කණවෙරපුප්ඵියත්ථෙරාපදානං
162. කණවේරපුප්ඵිය ස්ථවිරාවදානය
2056. සිද්ධත්ථො නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, පුරක්ඛතො සාවකෙහි නගරං පටිපජ්ජථ.
2056. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්ත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව නගරයට පිළිපන් සේක.
2057. රඤ්ඤො අන්තෙපුරෙ ආසිං ගොපකො අභිසම්මතො, පාසාදෙ උපවිට්ඨොහං අද්දසං ලොකනායකං.
2057. මම එකල්හි රජුගේ සාධුසම්මත වූ අන්තඃපුරපාලකයා වීමි. පහයෙහි හුන් මම් ඒ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
2058. කණවෙරං ගහෙත්වාන භික්ඛුසංඝෙ සමොකිරිං, බුද්ධස්ස විසුං කත්වාන තතො භිය්යො සමොකිරිං.
2058. කණවේරමල් ගෙණ භික්ෂුසංඝයා විෂයෙහි ඉස්සෙමි. එයින් වැඩි කොටස බුදුරජුන්හට වෙන් කොට විසුළෙමි. (පිදීමි).
2059. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
2059. මෙයින් සිවුඅනූවක කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2060. සත්තාසීතිම්හිතො කප්පෙ චතුරො ආසුං මහිද්ධිකා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2060. මෙයින් සත්අනූවන කපෙහි සතුරුවනින් යුත් මහත් බල ඇති මහිද්ධික නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
2061. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2061. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා කණවෙරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවේරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණවෙරපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
කණවේරපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
163. ඛජ්ජකදායකත්ථෙරාපදානං.
163. ඛජ්ජදායක ස්ථවිරාවදානය
2062. තිස්සස්ස ඛො භගවතො පුබ්බෙ ඵලමදාසහං, නාළිකෙරඤ්ච පාදාසිං ඛජ්ජකං අභිසම්මතං.
2062. මම පෙර තිස්ස බුදුරජානන් වහන්සේට පොල් ද අභිසම්මත ඛාද්‍ය (රස කැවිලි) ද දිනිමි.
2063. බුද්ධස්ස තමහං දත්වා තිස්සස්ස තු මහෙසිනො, මොදාමහං කාමකරී උපපජ්ජිං යදිච්ඡකං.
2063. මම මහර්ෂි වූ තිස්ස බුදුරජානන් වහන්සේට එය දී කැමති සේ භවසම්පත් ලබනුයෙම් කැමැති දෑ කරණ සුල්ලෙම් ප්‍රමුදිත වෙමි.
2064. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
2064. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ නාළිකෙරඵලදානයාගේ විපාකය යී.
2065. ඉතො තෙරසකප්පම්හි රාජා ඉන්දසමො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2065. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති ඉන්දසම නම් සක්විති රජෙක් වීමි.
2066. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2066. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඛජ්ජකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛජ්ජකදායකත්ථෙරස්ස අපදානං තතියං.
ඛජ්ජදායකස්ථවිරාවදානය තෙවැනි යි.
164. දෙසපූජකත්ථෙරාපදානං.
164. දෙසපූජක ස්ථවිරාවදානය
2067. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, අබ්භුග්ගන්ත්වාන වෙහාසං ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
2067. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
2068. යම්හි දෙසෙ ඨිතො සත්ථා අබ්භුග්ගඤ්ඡි මහාමුනි, තාහං දෙසං අපූජෙසිං පසන්නො සෙහි පාණිහි.
2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
2069. අට්ඨාරසෙ කප්පසතෙ අද්දසං යං මහාමුනිං, දුග්ගතිං නාභිජානාමි දෙසපූජායිදං ඵලං.
2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
2070. එකාදසෙ කප්පසතෙ ගොසුජාත සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
2071. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා දෙසපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
දෙසපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
දෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
165. කණිකාරච්ඡදනියත්ථෙරාපදානං.
165. කණිකාරච්ඡදනිය ස්ථවිරාවදානය
2072. වෙස්සභූ නාම සම්බුද්ධො ලොකජෙට්ඨො නරාසභො, දිවාවිහාරාය මුනි ඔභාහිත්ථ මහාවනං.
2072. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සියල්ල මැනැවින් දත් වෙස්සභූ බුදුරජුහු දිවාවිහරණය පිණිස මහවනයට බැස ගත්හ.
2073. කණිකාරං ඔචිනිත්‍වා ඡත්තං කත්වානහං තද, පුප්ඵච්ඡදනං කත්වාන බුද්ධස්ස අභිරොපයිං.
2073. එකල්හි මම කිණිහිරි මල් නෙලා ඡත්රයක් තනා මල් වියනක් කොට බුදුරජුන් පිදීමි.
2074. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2074. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි විපාකය යි.
2075. ඉතො වීසතිකප්පම්හි සොණ්ණාභා අට්ඨඛත්තියා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2075. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සෝණ්ණාභ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
2076. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2076. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කණිකාරච්ඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කණිකාරච්ඡදනියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
කණිකාරච්ඡදනියස්ථවිරාවදානය පස්වැනි යි.
166. සප්පිදායකත්ථෙරාපදානං.
166. සප්පිදායක ස්ථවිරාවදානය
2077. ඵුස්සො නාමාථ භගවා ආහුතීනං පටිග්ගහො, ගච්ඡතෙ වීථියං වීරො නිබ්බාපෙන්තො මහාජනං.
2077. ලෝවැස්සන්ගේ පූජාසත්කාර පිළිගැණීමට සුදුසු වූ මහාවීර වූ ඵුස්ස නම් භාග්‍යවත්හු මහජනයා නිවමින් වීථියෙහි වඩිති.
2078. අනුපුබ්බෙන භගවා ආගච්ඡි මම සන්තිකං, තතොහං පත්තං පග්ගය්හ සප්පිතෙලං අදාසහං.
2078. පිළිවෙළින් භාග්‍යවත්හු මා වෙතට වැඩියහ. ඉක්බිති මම පාත්‍රය ගෙණ ගිතෙල් පුරවා දිනිමි.
2079. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං සප්පිමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සප්පිදානස්සිදං ඵලං.
2079. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ගිතෙල් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
2080. ඡප්පඤ්ඤාසෙ ඉතො කප්පෙ එකො ආසිං සමොදකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2080. මෙයින් සපණස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සම්මෝදක නම් සක්විති රජෙක් වීමි.
2081. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2081. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සප්පිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සප්පිදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
සප්පිදායකස්ථවිරාවදානය සවැනි යි.
167. යූථිකාපුප්ඵියත්ථෙරාපදානං.
167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
2082. චන්දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, සයම්භුං අද්දසං තත්ථ සාලරාජං’ව ඵුල්ලිතං.
2082. මම චන්ද්රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
2083. පුප්ඵං යූථිකමාදාය උපගච්ඡිං මහාමුනිං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.
2084. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2084. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2085. සත්තසට්ඨිම්හි‘තො කප්පෙ එකො සමුද්ධරො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2085. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමුද්ධර නම් සක්විති රජෙක් වීමි.
2086. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
2086. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා යූථිකාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යූථිකාපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
යූථිකාපුප්ඵියස්ථවිරාවදානය සත්වැනි යි.
168. දුස්සදායකත්ථෙරාපදානං.
168. දුස්සදායක ස්ථවිරාවදානය
2087. තීවරායං පුරෙ රම්මෙ රාජපුත්තො අහං තදා, පණ්ණාකාරං ලභිත්වාන උපසන්තස්ස’දාසහං.
2087. මම එකල්හි රම්‍ය වූ තීවරා නගරයෙහි රාජපුත්රයෙක් වීමි. මම පඬුරක් කොට දුන් වස්ත්‍රයක් ලැබ උපශාන්ත වූ බුදුරජුන්හට පිළිගැන්වීමි.
2088. අධිවාසෙසි භගවා වත්ථං හත්ථෙන ආමසි, සිද්ධත්ථො අධිවාසෙත්වා වෙහාසං නභමුග්ගමී.
2088. භාග්‍යවත් තෙමේ (ඒ වස්ත්‍රය) ඉවැසීය. එය අතින් ස්පර්ශ කෙළේ ය. සිද්ධාර්ත්ථ භාග්‍යවත් තෙම එය ඉවසා (=පිළිගෙණ) අහසට නැංගේ ය.
2089. බුද්ධස්ස ගච්ඡමානස්ස දුස්සා ධාවන්ති පච්ඡතො, තත්ථ චිත්තං පාසාදෙසුං බුද්ධො නො අග්ගපුග්ගලො.
2089. බුදුරජුන් අහසෙහි වඩින කල්හි දුහුල් වස්ත්‍රයෝ පසුපසින් දිවෙත්. එහිදී බුදුරජහු අපගේ අග්‍රපුද්ගලයන් වහන්සේ යි සිත පැහැදැවීමි.
2090. චතුනවුතෙ ඉතො කප්පෙ යංදු ස්සමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දුස්සදානස්සිදං ඵලං.
2090. මෙයින් සිවු අනූවන කපෙහි වූ එ දවස් යම් වස්ත්‍රයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකය යි.
2091. සත්තසට්ඨිම්හි’තො කප්පෙ චක්කවත්තී තදා අහුං, පරිසුද්ධොති නාමෙන මනුජින්දො මහබ්බලො.
2091. මෙයින් සත්සැටවන කපෙහි වූ එ දවස් මහත් බල ඇති මනුජේන්ද්ර වූ පරිසුද්ධ නම් සක්විති රජෙක් වීමි.
2092. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2092. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා දුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දුස්සදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
දුස්සදායකස්ථවිරාවදානය අටවැනි යි.
169. සමාදපකත්ථෙරාපදානං.
169. සමාදපක ස්ථවිරාවදානය
2093. නගරෙ බන්ධුමතියා මහාපූගගණො අහු, තෙසාහං පවරො ආසිං මම බද්ධවරා ච තෙ.
2093. බන්ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
2094. තෙ සබ්බෙ සන්නිපාතෙත්වා පුඤ්ඤකම්මෙ සමාදයිං, මාලං කස්සාම සඞ්ඝස්ස පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං.
2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
2095. සාධූ’ති තෙ පටිස්සුත්වා මම ඡන්දවසානුගා, නිට්ඨාපෙසුං ච තං මාලං විපස්සිස්ස අදම්හසෙ.
2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.
2096. එකනවුතෙ ඉතො කප්පෙ යං මාලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මාලදානස්සිදං ඵලං.
2096. මෙයින් එක් අනූවන කපෙහි වූ එදවස යම් මාලකයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාලකදානයාගේ මේ විපාකය යි.
2097. එකූනසට්ඨිකප්පම්හි එකො ආසි ජනාධිපො, ආදෙය්යො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
2097. එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.
2098. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2098. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සමාදපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සමාදපකත්ථෙරස්ස අපදානං නවමං.
සමාදපකස්ථවිරාවදානය නවවැනි යි.