170. පඤ්චඞ්ගුලියත්ථෙරාපදානං
170. පඤ්චඞ්ගුලියත්ථෙරාපදානං.
170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
2099. තිස්සො නාමාසි භගවා ලොකජෙට්ඨො නරාසභො, පවිසන්තං ගන්ධකුටිං විහාරකුසලං මුනිං.
2099. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්වඥයන් වහන්සේ දිටිමි.
2100. සුගන්ධමාලමාදාය අගමාසිං ජිනන්තිකං, අප්පසද්දො’ව සම්බුද්ධෙ පඤ්චඞ්ගුලිමදාසහං.
2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
2101. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං ගන්ධමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පඤ්චඞ්ගුලිස්සිදං ඵලං.
2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
2102. ද්වෙ සත්තතිම්හි’තො කප්පෙ රාජා ආසි සයම්පභො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
2103. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පඤ්චඞ්ගුලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පඤ්චඞ්ගුලියත්ථෙරස්ස අපදානං දසමං.
පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
සුපාරිචාරී කණවෙරී ඛජ්ජකො දෙසපූජකො, කණිකාරො සප්පිදදො යූථිකො දුස්සදායකො මාලො ච පඤ්චඞ්ගුලිකො චතුපඤ්ඤාස ගාථකාති.
සුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
සුපාරිචරියවග්ගො සත්තරසමො.
සුපාරිචරියවර්ගය සතළොස් වැනි යි.