යෙදුමෙන් කියවන්න

171. කුමුදමාලියත්‍ථෙරාපදානං

171. කුමුදමාලියත්‍ථෙරාපදානං

171. කුමුදමාලිය ස්ථවිරාවදානය

2104. පබ‍්බතෙ හිමවන‍්තම‍්හි මහාජාතස‍්සරො අහු, තත්‍ථජො රක‍්ඛසො ආසිං ඝොරරූපො මහබ‍්බලො.

2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.

2105. කුමුදං පුප‍්ඵතෙ තත්‍ථ චක‍්කමත‍්තානි ජායරෙ, ඔචිනාමි ච තං පුප‍්ඵං ඛලිතො සමිතී තදා.

2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.

2106. අත්‍ථදස‍්සී තු භගවා දිපදින්‍දො නරාසභො, පුප‍්ඵං සමොචිතං දිස‍්වා ආගච‍්ඡි මම සන‍්තිකං.

2106. ද්වීපදෝත්තම වූ නරාසභ වූ අත්‍ථදස්සී භාග්‍යවත්හු නෙළූ මල් දැක මා වෙත වැඩියහ.

2107. උපාගතඤ‍්ච සම‍්බුද‍්ධං දෙවදෙවං නරාසභං, සඞ‍්ගම‍්ම පුප‍්ඵං පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං.

2107. දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ එළඹ සිටි තථාගතයන් වෙත පැමිණ මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.

2108. යාවතා හිමවන‍්තන‍්තා පරිසා සා තදා අහු, තාවච‍්ඡදනසම‍්පන‍්නො අගමාසි තථාගතො.

2108. එකල්හි (එහි රැස් වූ) ඒ පිරිස හිමවත කෙළවර දක්වා විය. එතෙක් දුර මල්වියන් ඇති සේක් තථාගතයන් වහන්සේ වැඩි සේක.

2109. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2109. එක්දහස් අටසියවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

2110. ඉතො පණ‍්ණරසෙ කප‍්පෙ සත‍්තාහෙසුං ජනාධිපා, සහස‍්සරථනාමා තෙ චක‍්කවත‍්තී මහබ‍්බලා.

2110. මෙයින් පසළොස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ සහස්සරථ නම් ඒ සත් සක්විතිරජ කෙනෙක් වූහ.

2111. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2111. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුමුදමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කුමුදමාලියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

කුමුදමාලියස්ථවිරාවදානය පළමුවැනි යි.