172. නිස්සෙණිදායකත්ථෙරාපදානං
172. නිස්සෙණිදායකත්ථෙරාපදානං.
172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
2112. කොණ්ඩඤ්ඤස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, ආරොහත්ථාය පාසාදං නිස්සෙණී කාරිතා මයා.
2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
2113. තෙන චිත්තප්පසාදෙන අනුභොත්වාන සම්පදා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
2113. ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
2114. එකතිංසම්භි කප්පානං සහස්සම්හි තයො අහූ, සම්බහුලා නාම රාජානො චක්කවත්තී මහබ්බලා.
2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
2115. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා නිස්සෙණිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නිස්සෙණිදායකත්ථෙරස්ස අපදානං දුතියං.
නිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
173. රත්තිපුප්ඵියත්ථෙරාපදානං.
173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
2116. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, විපස්සිං අද්දසං බුද්ධං දෙවදෙවං නරාසභං.
2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
2117. රත්තිකං පුප්ඵිතං දිස්වා කුටජං ධරණීරුහං, සමූලං පග්ගහෙත්වාන උපනෙසිං මහෙසිනො.
2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
2118. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
2119. ඉතො ච අට්ඨමෙ කප්පෙ සුප්පසන්නසනාමකො, සත්තරතනසම්පන්නො රාජාහොසිං මහබ්බලො.
2119. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති සුප්පසන්ත නම් සක්විතිරජෙක් වීමි.
2120. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා රත්තිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රත්තිපුප්ඵියත්ථෙරස්ස අපදානං තතියං.
රත්තිපුප්ඵියස්ථවිරාවදානය තෙවැනි යි.
174. උදපානදායකත්ථෙරාපදානං.
174. උදපානදායක ස්ථවිරාවදානය
2121. විපස්සිනො භගවතො උදපානො කතො මයා, පිණ්ඩපාතඤ්ච දත්වාන නිය්යාතෙසිං අහං තදා.
2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
2122. එකනවුතෙ ඉතො කප්පෙ යං කමම්මකරිං තදා, දුග්ගතිං නාභිජානාමි උදපානස්සිදං ඵලං.
2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්‍යාත) කර්මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
2123. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා උදපානදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදපානදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
උදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
175. සීහාසනදායකත්ථෙරාපදානං.
175. සීහාසනදායක ස්ථවිරාවදානය
2124. නිබ්බුතෙ ලොකනාථම්භි පදුමුත්තරනායකෙ, පසන්නචිත්තො සුමනො සීහාසනමදාසහං.
2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
2125. පහුතගන්ධමාලෙහි දිට්ඨධම්මෙ සුඛාවහෙ, තත්ථ පූජං කරිත්වාන නිබ්බායති බහුජ්ජනො.
2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
2126. පසන්නචිත්තො සුමනො වන්දිත්වා බොධිමුත්තමං, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
2127. පණ්ණරසසහස්සම්හි කප්පානං අට්ඨ ආසු තෙ, සිලුච්චය සනාමා ච රාජානො චක්කවත්තිනො.
2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්‍රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
2128. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සීහාසනදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
සීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.
176. මග්ගදත්තිකත්ථෙරාපදානං
176. මග්ගදත්තික ස්ථවිරාවදානය
2129. අනොමදස්සී භගවා දිපදින්දො නරාසභො, දිට්ඨධම්මසුඛත්ථාය අබ්භොකාසම්හි චඞ්කමි.
2129. ද්විපදෝත්තම වූ නරර්‍ෂභ වූ අනෝමදස්සී භාග්‍යවත්හු දිට්ඨධම්මසුඛය (=දිටුදැමියෙහි සිරුරු සුවය) පිණිස එළිමහනෙහි සක්මන් කළහ.
2130. පසන්නචිත්තො සුමනො වන්දිත්වා පුප්ඵමොකිරිං, උද්ධතෙ පාදෙ පුප්ඵානි සීසමුද්ධනි තිට්ඨරෙ.
2130. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මම උන්වහන්සේ) වැඳ මල් විසුරුවාලීමි. සක්මන් කිරීම සඳහා ඒ බුදුරජහු පා එසෙ වූ කල්හි (ඒ පියුම් උපුල් ආදී) මල් (විසිරී) උන්වහන්සේගේ හිස මතුයෙහි බබළමින් සිටියි.
2131. වීසකප්පසහස්සම්හි ඉතො පඤ්ච ජනා අහූ, පුප්ඵච්ඡදනියා නාම චක්කවත්තී මහබ්බලා.
2131. මෙයින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහබල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
2132. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2132. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
ඉත්ථං සුදං ආයස්මා මග්ගදත්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදත්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මග්ගදත්තිකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
මග්ගදත්තිකස්ථවිරාවදානය සවැනියි.
177. එකදීපියත්ථෙරාපදානං
177. ඒකදීපිය ස්ථවිරාවදානය
2133. පදුමුත්තරස්ස මුනිනො සලලෙ බොධිමුත්තමෙ, පසන්නචිත්තො සුමනො එකදීපං අදාසහං.
2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
2134. භවෙ නිබ්බත්තමානම්හි නිබ්බත්තෙ පුඤ්ඤසඤ්චයෙ, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකයයි.
2135. සොළසකප්පසහස්සෙ ඉතො තෙ චතුරො ජනා, චන්දාභා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්‍ද්‍රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2136. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා එකදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකදීපියත්ථෙරස්ස අපදානං සත්තමං.
ඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.
නවමං භාණවාරං.
නවවැනි බණවර යි.
178. මණිපූජකත්ථෙරාපදානං.
178. මණිපූජක ස්ථවිරාවදානය
2137. ඔරෙන හිමවන්තස්ස නදිකා සම්පවත්තථ, තස්සා චානුපඛෙත්තම්භි සයම්භූ වසතෙ තදා.
2137. හිමවතැ මොබ පෙදෙසෙක්හි (එක්) නදියක් ගලා බැස්සේය. එකල්හි ඒ ගං ඉවුර සමීපයෙහි පදුමුත්තර බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක.
2138. මණිං පග්ගය්හ පල්ලඞ්කං සාධුචිත්තං මනොරමං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
2138. මැනැවින් විසිතුරු මනරම් වූ මිණිපළඟක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට පිරිනැමීමි.
2139. චතුනවුතෙ ඉතො කප්පෙ යං මණිං අභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2139. මෙයින් සිවු අනූවන කපෙහි යම් මිණිපළඟක් පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2140. ඉතො ච ද්වාදසෙ කප්පෙ සතරංසි සනාමකා, අට්ඨ තෙ ආසුං රාජානො චක්කවත්තී මහබ්බලා.
2140. මෙයින් සොළොස්වන කපෙහි මහබල ඇති සතරංසී නම්වූ අට සක්විති රජකෙනෙක් වූහ.
2141. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2141. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මණිපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
මණිපූජකස්ථවිරාවදානය අටවැනියි.
179. තිකිච්ඡකත්ථෙරාපදානං.
179. තිකිච්ඡක ස්ථවිරාවදානය
2142. නගරෙ බන්ධුමතියා වෙජ්ජො ආසිං සුසික්ඛිතො, ආතුරානං සදුක්ඛානං මහාජනසුඛාවහො.
2142. මම බන්ධුමතී නගරයෙහි රෝගී වූ දුක්සහිත මහාජනයාට සුව ගෙණ දෙන්නා වූ (වෛද්‍යශාස්ත්‍රයෙහි) මැනැවින් හික්මුනු වෛද්‍යවරයෙක් වීමි.
2143. ව්යාධිතං සමණං දිස්වා සීලවන්තං මහාජුතිං, පසන්නචිත්තො සුමනො භෙසජ්ජමදදිං තදා.
2143. එකල්හි සිල්වත් වූ මහත් ගුණ ඇති රෝගී වූ ශ්රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෙහෙතක් දුනිමි.
2144. අරොගො ආසි තෙනෙව සමණො සංවුතින්ද්රියො, අසොකො නාම නාමෙන උපට්ඨාකො විපස්සිනො.
2144. විපස්සී බුදුරජුන්ගේ උපස්ථායක වූ අසෝක නම් සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්රමණයන් වහන්සේ එම බෙහෙතින් ම නීරෝග වූහ.
2145. එකනවුතෙ ඉතො කප්පෙ යමොසධමදාසභං, දුග්ගතිං නාභිජානාමි භෙසජ්ජස්ස ඉදං ඵලං.
2145. මම මෙයින් එක්අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත්දනෙහි මේ විපාකය යි.
2146. ඉතො ච අට්ඨමෙ කප්පෙ සබ්බොසධසනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2146. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම් වූ සක්විතිරජෙක් වීමි.
2147. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2147. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තිකිච්ඡකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිච්ඡකත්ථෙරස්ස අපදානං නවමං.
තිකිච්ඡකස්ථවිරාවදානය නවවැනියි.
180. සඞ්ඝුපට්ඨාකත්ථෙරාපදානං.
180. සඞ්ඝුපට්ඨාක ස්ථවිරාවදානය
2148. වෙස්සභුම්භි භගවති අහොසාරාමිකො අහං, පසන්නචිත්තො සුමනො උපට්ඨිං සංඝමුත්තමං.
2148. වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම ආරාමිකයෙක් (අරමෙහි උවටැන් කරන්නෙක්) වීමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් සඞ්ඝයාට උවටැන් කෙළෙමි.
2149. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
2149. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සඟනට උවටැන් කිරීමේ මේ විපාකය යි.
2150. ඉතො තෙ සත්තමෙ කප්පෙ සත්තෙවාසුං සමොදකා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
2150. මෙයින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝදක නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
2151. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2151. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සඞ්ඝුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සඞ්ඝුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
සඞ්ඝුපට්ඨාකත්ථෙරස්ස අපදානං දසමං.
සඞ්ඝුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
කුමුදො අථ නිස්සෙණී රත්තිකො උදපානදො සීහාසනී මග්ගදදො එකදීපි මණිප්පදො තිකිච්ඡකො උපට්ඨාකො එකූනපඤ්ඤාස ගාථකාති.
කුමුදනිස්සෙණි රත්තික උදපානද සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
කුමුදවග්ගො අට්ඨාරසමො.
කුමුදවර්ගය අටළොස් වැනි යි.