181. කුටජපුප්ඵියත්ථෙරාපදානං
181. කුටජපුප්ඵියත්ථෙරාපදානං.
181. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
2152. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සතරංසිං’ව උග්ගතං, දිසං අනුවිලොකෙන්තං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
2152. උදා වූ හිරු මෙන් අහසෙහි වඩින්නා වූ දිශා විලෝකනය කරන්නා වූ ස්වර්ණවර්ණ වූ බුදුරජානන් වහන්සේ (දිටිමි).
2153. කුටජං පුප්ඵිතං දිස්වා සංවිත්ථතසමොත්ථතං, රුක්ඛතො ඔචිනිත්වාන ඵුස්සස්ස අභිරොපයිං.
2153. දිගුපුළුල් ලෙස පැතිරී ගිය පිපුනු කෙළිඳගසක් දැක ඒ ගසින් මල් නෙළා ඵුස්ස බුදුරජානන් වහන්සේට පිදීමි.
2154. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2154. මෙයින් දෙ අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2155. ඉතො සත්තරසෙ කප්පෙ තයො ආසිංසු පුප්ඵිතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2155. මෙයින් සතළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ථිත නම් තුන් සක්විතිරජකෙනෙක් වූහ.
2156. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2156. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කුටජපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කුටජපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
කුටජපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
182. බන්ධුජීවකත්ථෙරාපදානං.
182. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
2157. සිද්ධත්ථො නාම සම්බුද්ධො සයම්භු සබ්භි වණ්ණිතො, සමාධිං සො සමාපන්නො නිසීදි පබ්බතන්තරෙ.
2157. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ සත්පුරුෂයන් විසින් වර්ණනා කරණ ලද සිද්ධාර්ත්ථ නම් ඒ බුදුරජහු සමාධියට සමවැදුනාහු පර්වතය අතුරෙහි වැඩ හුන්හ.
2158. ජාතස්සරෙ ගවෙසන්තො දකජං පුප්ඵමුත්තමං, බන්ධුජීවකපුප්ඵානි අද්දසං සමනන්තරං.
2158. ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගන්නා වූ උතුම් මල් සොයන්නෙම් (ඒ නො දැක) ඉක්බිති ව බඳුවදමල් දිටිමි.
2159. උභො හත්ථෙහි පග්ගය්හ උපගච්ඡිං මහාමුනිං, පසන්නචිත්තො සුමනො සිද්ධත්ථස්සාභිරොපයිං.
2159. (ඒ මල්) දෝතින් ගෙණ මහාමුනි වූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිද්ධාර්ත්ථ බුදුරජුන්හට එය පිරිනැමීමි.
2160. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
2160. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
2161. ඉතො චතුද්දසෙ කප්පෙ එකො ආසිං ජනාධිපො, සමුද්දකප්පො නාමෙන චක්කවත්තී මහබ්බලො.
2161. මෙයින් තුදුස් වන කපෙහි ජනාධිපති වූ සමුද්දකප්ප නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
2162. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2162. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බන්ධුජීවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බන්ධුජීවකත්ථෙරස්ස අපදානං දුතියං.
බන්‍ධුජීවකස්ථවිරාවදානය දෙවැනියි.
183. කොටුම්බරියත්ථෙරාපදානං.
183. කොටුම්බරිය ස්ථවිරාවදානය
2163. කණිකාරං’ව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අප්පමෙය්යං’ව උදධිං විත්ථතං ධරණිං යථා.
2163-2164. පර්වත අතුරෙහි (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නා වූ පමණ කළ නො හැකි (ජලය ඇති) සයුර මෙන් අපමණ ගුණ ඇති පැතුරුණා වූ පොළොව මෙන් නිශ්චල අතිශ්‍රේෂ්ඨ ආජානීයයකු මෙන් දිව්‍යසමූහයා විසින් පුදන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සොම්නස් වූයෙම් සතුටු සිතින් නරෝත්තම වූ උන්වහන්සේ වෙත එළඹියෙමි.
2164. පූජිතං දෙවසඞ්ඝෙන නිසභාජානියං යථා, හට්ඨො හට්ඨෙන චිත්තෙන උපගච්ඡිං නරුත්තමං.
2165. සත්ත පුප්ඵානි පග්ගය්හ කොටුම්බරසමාකුලං, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
2165. කොටුම්බර නම් වස්ත්‍ර වර්ගයෙහි ගැවසී තුබුනු මල් සතක් ගෙණ ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට පූජා කෙළෙමි.
2166. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2166. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2167. ඉතො වීසතිකප්පම්හි මහානෙලසනාමකො, එකො ආසිං මහාතෙජො චක්කවත්තී මහබ්බලො.
2167. මෙයින් විසිවැනි කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහාතේජස් ඇති එක් සක්විතිරජෙක් වීමි.
2168. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2168. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කොටුම්බරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොටුම්බරියත්ථෙරස්ස අපදානං තතියං.
කොටුම්බරියස්ථවිරාවදානය තෙවැනි යි.
184. පඤ්චහත්ථියත්ථෙරාපදානං.
184. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
2169. තිස්සො නාමාසි භගවා ලොකජෙට්ඨො නරාසභො, පුරක්ඛතො සාවකෙහි රථියං පටිපජ්ජථ.
2169. ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
2170. පඤ්ච උප්පලහත්ථා ච චතුරො ඨපිතා මයා, ආහුතිං දාතුකාමොහං පග්ගණ්හිං වතසිද්ධියා.
2170. මා විසින් උපුල්මල් මිටි පසක් ද හතරක් ද (හෙවත් උපුල් මිටි නවයක්) තබන ලදී. මම (ඒ මල්) ව්රතසිද්ධිය සඳහා බුදුරජුන්හට දෙනු කැමැත්තෙම් (තුබූ තැනින්) ගතිමි.
2171. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, බුද්ධරංස්යාභිඵුට්ඨොම්භි පූජෙයිං දිපදුත්තමං.
2171. ඇතුළු වීථියෙහි ගමන් කරන්නා වූ ස්වර්ණවර්ණ වූ බුදුරජුන් (දිටිමි). මම බුදුරැසින් මැනවින් පහස්නා ලද්දෙම් ද වෙමි. ද්විපදෝත්තම වූ ඒ බුදුරජුන් පිදීමි.
2172. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2172. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2173. ඉතො තෙරසකප්පම්භි පඤ්චාසූසභසම්මතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2173. මෙයින් තෙළෙස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උසභ නම් වූ පස් සක්විති කෙනෙක් වූහ.
2174. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2174. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පඤ්චහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පඤ්චහත්ථියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
පඤ්චහත්‍ථියස්ථවිරාවදානය සිවුවැනි යි.
185. ඉසිමුග්ගදායකත්ථෙරාපදානං.
185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය
2175. උදෙන්තං සතරංසිං’ව සිතරංසිං’ව භානුමං, කකුධං විලසන්තං’ව පදුමුත්තරනායකං.
2175. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)
2176. ඉසිමුග්ගානි පිංසෙත්වා මධුඛුද්දෙ අනීළකෙ, පාසාදෙ’ව ඨිතො සන්තො අදාසිං ලොකබන්ධුනො.
2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභෝග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලෝකබන්‍ධු වූ බුදුරජුන්හට දුනිමි.
2177. අට්ඨසතසහස්සානි අහෙසුං බුද්ධසාවකා, සබ්බෙසං පත්තපූරං තං තතො චාපි බහුත්තරං.
2177. එහි අටලක්ෂයක් බුද්ධශ්‍රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්‍ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.
2178. තෙන චිත්තප්පසාදෙන සුක්කමූලෙන චොදිතො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
2178. ඒ චිත්තප්‍රසාදය හේතුකොටගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.
2179. චත්තාරීසම්හි සහසෙස කප්පානං අට්ඨතිංස තෙ, ඉසිමුග්ගසනාමා තෙ චක්කවත්තී මහබ්බලො.
2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
2180. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඉසිමුග්ගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඉසිමුග්ගදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
ඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.
186. බොධිඋපට්ඨාකත්ථෙරාපදානං.
186. බෝධිඋපට්ඨාක ස්ථවිරාවදානය
2181. නගරෙ රම්මවතියා ආසිං මුරජවාදකො, නිච්චුපට්ඨානයුත්තො’ම්භි ගතොහං බොධිමුත්තමං.
2181. මම අමරවතී නගරයෙහි මිහිඟුබෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියෙම් නිතර උවටැනෙහි යෙදුනෙම් වෙමි.
2182. සායං පාතං උපට්ඨිත්වා සුක්කමූලෙන චොදිතො, අට්ඨාරසකප්පසතෙ දුග්ගතිං නූපපජ්ජහං.
2182. උදය සවස එළඹ (උවටැන් කොට) ඒ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් එක්දහස් අටසිය කපක් මම දුගතියෙක නො උපනිමි.
2183. පඤ්චදසෙ කප්පසතෙ ඉතො ආසිං ජනාධිපො, මුරජො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
2183. මෙයින් එක්දහස් පන්සිය වන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මුරජ නම් සක්විතිරජෙක් වීමි.
2184. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2184. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බොධිඋපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිඋපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බොධිඋපට්ඨාකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
බෝධිඋපට්ඨාකස්ථවිරාවදානය සවැනියි.