යෙදුමෙන් කියවන්න

187. එකචින‍්තිකත්‍ථෙරාපදානං

187. එකචින‍්තිකත්‍ථෙරාපදානං.

187. ඒකචින්තික ස්ථවිරාවදානය

2185. යදා දෙවො දෙවකායා චවතෙ ආයුසඞ‍්ඛයා, තයො සද‍්දා නිච‍්ඡරන‍්ති දෙවානං අනුමොදතං.

2185. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුත වේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිට ව යෙත්. (කෙසේ ද යත්:)

2186. ඉතො භො සුගතිං ගච‍්ඡ මනුස‍්සානං සහව්‍යතං, මනුස‍්සභූතො සද‍්ධම‍්මෙ ලභ සද‍්ධමනුත‍්තරං.

2186. “පින්වත, මෙයින් ච්‍යුත ව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ්‍රද්ධාව ලබව.

2187. සා තෙ සද‍්ධානිවිට‍්ඨාස‍්ස මූලජාතා පතිට‍්ඨිතා, යාවජීවං අසංහීරා සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ.

2187. “තාගේ ඒ ශ්‍රද්ධා තොමෝ මනා සේ පවසන ලද සද්ධර්‍මයෙහි බැසගත්තී හටගත් මුල් ඇත්තී මැනවින් පිහිටියා දිවි ඇතිතාක් නිශ්චල වේවා.

2188. කායෙන කුසලං කත්‍වා වාදාය කුසලං බහුං, මනසා කුසලං කත්‍වා අව්‍යාපජ‍්ඣං නිරූපධිං.

2188. කයින් ද, වචනයෙන් ද, සිතින් ද, බොහෝ කුසල් කොට නිදුක් වූ (ක්ලේශෝපාධි රහිත බැවින්) පිරිසිදු වූ -

2189. තතො ඔපධිකං පුඤ‍්ඤං කත්‍වා දානෙන තං බහුං, අඤ‍්ඤෙපි මච‍්චෙ සද‍්ධම‍්මෙ බ්‍රහ‍්මචරියෙ නිවෙසය.

2189. (ආත්මභාව සම්පත් හා භවභෝග සම්පත් උපදනා) ඔපධික වූ ඒ බොහෝ කුසල් ද කොට පරිත්‍යාගයෙන් යුතු ව අනෙක් මිනිසුන් ද බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සද්ධර්‍මයෙහි පිහිටුවනු මැනව” කියා යි.

2190. ඉමාය අනුකම‍්පාය දෙවා දෙවං යදා විදූ, චවන‍්තං අනුමොදන‍්ති එහි දෙවපුරං පුන.

2190. යම් කලෙක නුවණැති දෙවිවරු චුත වන්නා වූ දෙවියා දැන ගණිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි කියා මේ අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.

2191. සංවෙගො මෙ තදා ආසි දෙවසඞ‍්ඝෙ සමාගතෙ, කං සු නාම අහං යොනිං ගමිස‍්සාමි ඉතො චුතො.

2191. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි මට සංවේගයෙක් ඇති විය. (කෙසේ ද? යත්:) “මම මෙයින් චුත ව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම් ද” (කියා යි).

2192. මම සංවෙගමඤ‍්ඤාය සමණො භාවිතින්‍ද්‍රියො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකං.

2192-2193. වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩනගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය. එකල්හි ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුමන නම් ශ්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවේගයට පත් කෙළේ ය.

2193. සුමනො නාම නාමෙන පදුමුත‍්තරසාවකො, අත්‍ථධම‍්මානුසාසිත්‍වා සංවෙජෙසි මමං තදා.

2194. තස‍්සා හං වචනං සුත්‍වා බුද‍්ධෙ චිත‍්තං පසාදයිං, තං ධීරමභිවාදෙත්‍වා තත්‍ථ කාලකතො අහං.

2194. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙමි.

2195. උපපජ‍්ජිං ස තත්‍ථෙව සුක‍්කමූලෙන චොදිතො, කප‍්පානං සතසහස‍්සං දුග‍්ගතිං නූපපජ‍්ජහං.

2195. ඒ මම එ කී කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් ඒ දෙව්ලොවෙහි උපනිමි. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.

2196. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2196. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකචින‍්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචින්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකචින‍්තිකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

ඒකචින්තිකස්ථවිරාවදානය සත්වැනි යි.