188. තිකණ්ණිපුප්ඵියත්ථෙරාපදානං
188. තිකණ්ණිපුප්ඵියත්ථෙරාපදානං
188. තිකණ්ණිපුප්ඵිය ස්ථවිරාවදානය
2197. දෙවභූතො අහං සන්තො අච්ඡරාහි පුරක්ඛතො, පුබ්බකම්මං සරිත්වාන බුද්ධසෙට්ඨමනුස්සරිං.
2197. දෙවි වූ මම අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර කරණ ලද කර්මය සිහි කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2198. තිකණ්ණිපුප්ඵං පග්ගය්හ සකං චිත්තං පසාදිය, බුද්ධම්හි අභිරොපෙසිං විපස්සිම්හි නරාසභෙ.
2198. සිහින් මිදිමල් තුණක් ගෙණ සිය සිත පහදවා නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් කෙරෙහි පිදීමි.
2199. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2199. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2200. තෙසත්තතිම්භිතො කප්පෙ චතුරාසුං රමුත්තමා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
2200. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති රමුත්තම නම් සිවු සක්විතිරජ කෙනෙක් වූහ.
2201. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2201. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තිකණ්ණිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකණ්ණිපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
තිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
189. එකචාරියත්ථෙරාපදානං.
189. ඒකචාරිය ස්ථවිරාවදානය
2202. තාවතිංසෙසු දෙවෙසු මහාඝොසො තදා අහු, බුද්ධො ච ලොකෙ නිබ්බාති මයං චම්හ සරාගිනො.
2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
2203. තෙසං සංවෙගජාතානං සොකසල්ලසමඞ්ගිනං, සබලෙන උපත්ථද්ධො අගමං බුද්ධසන්තිකං.
2203. සංවේගයට පත් ශෝක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
2204. මන්දාරවං ගහෙත්වාන සණ්හිතං අභිනිම්මිතං, පරිනිබ්බාණකාලම්භි බුද්ධස්ස අභිරොපයිං.
2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
2205. සබ්බෙ දෙවානුමොදිංසු අච්ඡරායො ච මෙ තදා, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පින අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
2206. සට්ඨිකප්පසහස්සම්හි ඉතො සොළස තෙ ජනා, මහාමල්ලජනා නාම චක්කවත්තී මහබ්බලා.
2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2207. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා එකචාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකචාරියත්ථෙරස්ස අපදානං නවමං.
එකචරියස්ථවිරාවදානය නවවැනි යි.