190. තිවණ්ටිපුප්ඵියත්ථෙරාපදානං
190. තිවණ්ටිපුප්ඵියත්ථෙරාපදානං.
190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
2208. අභිභූතො පනිජ්ඣන්ති සබ්බෙ සඞ්ගම්ම තෙ මමං, තෙසං නිජ්ඣායමානානං පරිළාහො අජායථ.
2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
2209. සුනන්දො නාම නාමෙන බුද්ධස්ස සාවකො තදා, ධම්මදස්සිස්ස මුනිනො ආගච්ඡි මම සන්තිකෙ.
2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්ද නම් ශ්‍රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
2210. යෙ මෙ බද්ධචරා ආසුං තෙ මෙ පුප්ඵං අදුං තදා, තාහං පුප්ඵං ගහෙත්වාන සාවකෙ අභිරොපයිං.
2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්ද නම්) ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
2211. සොහං කාලකතො තත්ථ පුනාපි උපපජ්ජහං, අට්ඨාරසෙ කප්පසතෙ විනිපාතං න ගච්ඡහං.
2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
2212. තෙරසෙතො කප්පසතෙ අට්ඨාසුං ධූමකෙතුනො, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
2213. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා තිවණ්ටිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිවණ්ටිපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
තිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
කුටජො බන්ධුජීවී ච කොටුම්බරිකහත්ථියො ඉසිමුග්ගො ච බොධී ච එකචින්තී තිකණ්ණිකො එකචාරී තිවණ්ටී ච ගාථා ද්වාසට්ඨි කිත්තිතා.
කුටජ බන්ධුජීවී - කොටුම්බරික හත්‍ථිය ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
කුටජපුප්ඵියවග්ගො එකූනවීසතිමො.
කුටජපුප්ඵියවර්ගය එකුන්විසිවැනි යි.