191. තමාලපුප්ඵියත්ථෙරාපදානං
191. තමාලපුප්ඵියත්ථෙරාපදානං.
191. තමාලපුප්ඵිය ස්ථවිරාවදානය
2214. චුල්ලාසීතිසහස්සානි ථම්භා සොවණ්ණමයා අහු, දෙවලට්ඨිපටිභාගං විමානං මෙ සුනිම්මිතං.
2214. මට කප්රුකක් (දිව්යවෘක්ෂයක්) වැනි විමනක් මැනවින් මැවින. එහි ස්වර්ණමය වූ සුවාසූදහසක් ස්තම්භයෝ වූහ.
2215. තමාලපුප්ඵං පග්ගය්හ විප්පසන්නෙන චෙතසා, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
2215. තමළු මලක් ගෙන පහන් සිතින් ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් හට පිදීමි.
2216. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2216. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2217. ඉතො වීසතිමෙ කප්පෙ චන්දතිත්තොති එකකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2217. මෙයින් විසිවෙනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති චන්දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
2218. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2218. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තමාලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාලපුප්ඵිය ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තමාලපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
තමාලපුප්ඵියස්ථිවිරාවදානය පළමුවැනි යි.
192. තිණසන්ථරදායකත්ථෙරාපදානං
192. තිණසන්ථරදායක ස්ථවිරාවදානය
2219. යං දායවාසිකො ඉසි තිණං ලායති සත්ථුනො, සබ්බෙ පදක්ඛිණාවත්තා පුථව්යා නිපතිංසු තෙ.
2219. වන වැසි තවුසෙක් බුදුරජානන් වහන්සේට (සෙවෙනියක් කරණු පිණිස) යම් තෘණයක් කපා ද, ඒ සියලු තෘණ දක්ෂිණාවර්ත වැ පොළොවෙහි වැටින.
2220. තමහං තිණමාදාය සන්ථරිං ධරණුත්තමෙ, තීණෙව තාලපත්තානි ආහරිත්වානහං තදා.
2220. මම් ඒ තෘණ ගෙන වැඩ වසන ඒ උතුම් බිම ඇතිරීමි. ඒ කල්හි මම තල්පත් තුණක් ද ගෙණ අවුත්,
2221. තිණෙන ඡදනං කත්වා සිද්ධත්ථස්ස අදාසහං, සත්තාහං ධාරයුං තස්ස සත්ථුනො දෙවමානුසා.
2221. සිද්ධාර්ත්ථ බුදුරජුන් හට තෘණයෙන් සෙවෙනියක් කොට දිනිමි. දෙවිමිනිස්සු (සමවතින් හුන්) ශාස්තෲන් වහන්සේට සතියක් මැ එය දැරූහ.
2222. චතුනවුතෙ ඉතො කප්පෙ යං තිණං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි තිණදානස්සිදං ඵලං.
2222. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එ දවස් යම් තණ (සෙවෙනියක්) දිනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණ (සෙවෙනි) දනෙහි මේ විපාකය යි.
2223. පඤ්චසට්ඨිම්හිතො කප්පෙ චත්තාරොසුං මහද්ධනා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2223. මෙයින් පන්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහද්ධන නම් වූ සිවු සක්විති රජ කෙනෙක් වූහ.
2224. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තිණසන්ථරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්ථරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණසන්ථරදායකත්ථෙරස්ස අපදානං දුතියං.
තිණසන්ථරදායකස්ථවිරාවදානය දෙවැනි යි.
193. ඛණ්ඩඵුල්ලියත්ථෙරාපදානං.
193. ඛණ්ඩඵුල්ලිය ස්ථවිරාවදානය
2225. ඵුස්සස්ස ඛො භගවතො ථූපො ආසි මහාවනෙ, කුඤ්ජරෙහි තදා භින්නො පරූළ්හපාදපො තහිං.
2225. මහවෙනෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයක් විය. එය එ කල්හි ඇතුන් විසින් බිඳින ලදුයේ වැඩුනු ගස් ඇත්තේ ද විය.
2226. විසමඤ්ඤ සමං කත්වා සුධාපිණ්ඩං අදාසහං, තිලොකගරුනො තස්සගුණ්හි පරිතොසිතො.
2226. ඒ තිලෝගුරු වූ බුදුරජානන් වහන්සේගේ ගුණයෙන් සතුටු වූ මම (ඒ සෑයෙහි) විසමතැන් සම කොට සුණුපිඬු දිනිමි. (සුණුපිරියම් කෙළෙමි.)
2227. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සුධාපිණ්ඩස්සිදං ඵලං.
2227. මෙයින් දෙයානූවන කපෙහි වූ එ දවස යම් පිළිසකරක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුණු පිඬු දනෙහි මේ විපාකය යි.
2228. සත්තසත්තතිකප්පම්භි ජිතසෙනාසුං සොළස, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
2228. සත්සැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ජිතසේන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2229. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2229. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ඛණ්ඩඵුල්ලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඛණ්ඩඵුල්ලියත්ථෙරස්ස අපදානං තතියං.
ඛණ්ඩඵුල්ලියස්ථවිරාවදානය තෙවැනි යි.
194. අසොකපූජකත්ථෙරාපදානං
194. අසෝකපූජක ස්ථවිරාවදානය
2230. තීවරායං පුරෙ රම්මෙ රාජුය්යානමහූ තදා, උය්යානපාලො තත්ථාසිං රඤ්ඤො බද්ධචරො අහං.
2230. එකල්හි රම්‍ය වූ තීවරා පුරයෙහි රාජෝද්‍යානයක් විය. මම එහි රජුගේ සහචර වූ උයන්පල්ලෙක් වීමි.
2231. පදුමො නාම නාමෙන සයම්භූ සප්පභො අහු, නිසින්නං පුණ්ඩරීකම්භි ඡායා න ජහි තං මුනිං.
2231. නමින් පදුම නම් වූ ප්‍රභාසහිත සම්බුදු වරයෙක් විය. හෙළ පියුමෙහි සෙවන වැඩහුන් ඒ බුදුරජුන් නො හළේය.
2232. අසොකං පුප්ඵි තං දිස්වා පිණ්ඩිභාරං සුදස්සනං, බුද්ධස්ස අභිරොපෙසිං ජලජුත්තමනාමිනො.
2232. පිපුනු දැකුම්කලු අශෝක ගසක් දැක (එයින්) මල්පොකුරක් පදුම නම් වූ බුදුරජානන් වහන්සේට පිදීමි.
2233. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2233. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2234. සත්තතිංසම්හිතො කප්පෙ සොළස අරුණඤ්ජහා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
2234. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
2235. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2235. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අසොකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අසෝකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අසොකපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
අසෝකපූජකස්ථවිරාවදානය සිව්වැනි යි.
195. අඞ්කොලකත්ථෙරාපදානං.
195. අඞ්කෝලක ස්ථවිරාවදානය
2236. අඞ්කොලං පුප්ඵිතං දිස්වා මාලාවරං සකොසකං, ඔචිනිත්වාන තං පුප්ඵං අගමං බුද්ධසන්තිකං.
2236. පිපුනු රුකඟුන ගසක් දැක එහි උතුම් මල් කොපු සහිතව ම නෙලා ඒ මල් ගෙණ (සිද්ධාර්ත්ථ) බුදුරජුන් වෙත ගියෙමි.
2237. සිද්ධත්ථො තම්හි සමයෙ පටිලීනො මහාමුනි, මුහුත්තං පතිමානෙත්වා ගුහායං පුප්ඵමොකිරිං.
2237. එ සමයෙහි මහාමුනි වූ සිද්ධාර්ත්ථ බුදුරජහු විවෙක සුවයෙන් හුන්හ. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා ඒ මල් ගුහාවෙහි විසිර වීමි.
2238. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2238. මෙයින් සිව්අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද , (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකය යි.
2239. ඡත්තිංසම්භි ඉතො කප්පෙ ආසෙකො දෙවගජ්ජිතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
2239. මෙයින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් විය.
2240. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ.
ඉත්ථං සුදං ආයස්මා අඞ්කොලකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අඞ්කොලකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
අඞ්කෝලකස්ථවිරාවදානය පස්වැනි යි.