196. කිසලයපූජකත්ථෙරාපදානං
196. කිසලයපූජකත්ථෙරාපදානං.
196. කිසලයපූජක ස්ථවිරාවදානය
2241. නගරෙ ද්වාරවතියා මාලාවච්ඡො මමං අහු, උදපානො ච තත්ථෙව පාදපානං විරොහනො.
2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
2242. සබලෙන උපත්ථද්ධො සිද්ධත්ථො අපරාජිතො, මමානුකම්පමානො සො ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
2243. අඤ්ඤං කිඤ්චි න පස්සාමි පූජායොග්ගං මහෙසිනො, අසොකපල්ලවං දිස්වා ආකාසෙ උක්ඛිපිං අහං.
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
2244. බුද්ධස්ස තෙ කිසලයා ගච්ඡතො යන්ති පච්ඡතො, සොහං දිස්වාන තං ඉද්ධිං අහො බුද්ධස්සුළාරතා.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්ය්යයැ” යි සිතීමි.
2245. චතුනවුතෙ ඉතො කප්පෙ පල්ලවං අභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2246. සත්තවීසෙ ඉතො කප්පෙ එකො එකස්සරො අහු, සත්තරතනසම්පන්නො චක්කවත්ති මහබ්බලො.
2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
2247. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා කිසලයපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිසලයපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
කිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.