යෙදුමෙන් කියවන්න

18. කුමුදවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

18. කුමුද වර්‍ගය

171. කුමුදමාලියත්‍ථෙරඅපදානවණ‍්ණනා

171. කුමුදමාලිය ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො කුමුදමාලියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ හිමවන‍්තපබ‍්බතසමීපෙ ජාතස‍්සරස‍්ස ආසන‍්නෙ රක‍්ඛසො හුත්‍වා නිබ‍්බත‍්තො අත්‍ථදස‍්සිං භගවන‍්තං තත්‍ථ උපගතං දිස‍්වා පසන‍්නමානසො කුමුදපුප‍්ඵානි ඔචිනිත්‍වා භගවන‍්තං පූජෙසි. භගවා අනුමොදනං කත්‍වා පක‍්කාමි.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පව්ව සමීපයෙහි මහා ජාතස්සරය ආසන්නයෙහි රාක්‍ෂසයෙක් ව ඉපිද අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ සිටිනු දැක පහන් සිතැත්තේ කුමුදමල් නෙළා භාග්‍යවතුන් වහන්සේ පිදීය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි සේක.

සො තෙන පුඤ‍්ඤෙන තතො චවිත්‍වා දෙවලොකං උපපන‍්නො ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවත‍්තිආදිසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො රතනත‍්තයෙ පසන‍්නො පබ‍්බජිත්‍වා වායමන‍්තො බ්‍රහ‍්මචරියපරියොසානං අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිමාහ. තත්‍ථ තත්‍ථජො රක‍්ඛසො ආසින‍්ති තස‍්මිං ජාතස‍්සරසමීපෙ ජාතො නිබ‍්බත‍්තො රක‍්ඛසො පරරුධිරමංසඛාදකො නිද‍්දයො ඝොරරූපො භයානකසභාවො මහාබලො මහාථාමො කක‍්ඛළො යක‍්ඛො ආසිං අහොසින‍්ති අත්‍ථො.

හේ ඒ පිනින් එයින් චුතව දෙව්ලොව ඉපිද ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ පැවිදිව වෑයම් කරන්නේ බ්‍රහ්මචර්යය අවසන්කොට ඇති රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීය. තත්‍ථජො රක්ඛසො ආසිං යනු ඒ ජාතස්සර සමීපයෙහි ජාතො උපන්නේ රක්ඛසො අනුන්ගේ ලේ මස් කන්නා වූ නිර්දය වූ ඝෝර වූ රූපයක් ඇති භයානක ස්වභාවයක් ඇති මහාබල ඇති මහා ශක්තියක් ඇති කර්කශ වූ යකෙක් ආසිං වීමි යන අර්ථයි.

කුමුදං පුප‍්ඵතෙ තත්‍ථාති තස‍්මිං මහාසරෙ සූරියරංසියා අභාවෙ සති සායන‍්හෙ මකුළිතං කුඤ‍්චිතාකාරෙන නිප‍්පභං අවණ‍්ණං හොතීති “කුමුද”න‍්ති ලද‍්ධනාමං පුප‍්ඵං පුප‍්ඵතෙ විකසතීති අත්‍ථො. චක‍්කමත‍්තානි ජායරෙති තානි පුප‍්ඵානි රථචක‍්කපමාණානි හුත්‍වා ජායන‍්තීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

කුමුද පුප්ඵකෙ තත්‍ථ යනු ඒ මහා විලෙහි හිරුරැස් නැති කල්හි සවස් කාලයෙහි. මුකුලිතං පිළිකුල් අයුරින් නිප්ඵභං අවර්ණ වේනුයි කුමුදයයි ලද නම් ඇති මල පුප්ඵතෙ විකසිත වේයයි යන අර්ථයි. චක්කමත්තානි ජායරෙ යනු ඒ මල් රියසක් පමණ වී හටගනී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

කුමුදමාලියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කුමුදමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

172. නිස‍්සෙණිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

172. නිස්සෙණිදායක ථේර අපදාන වර්ණනාව

කොණ‍්ඩඤ‍්ඤස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො නිස‍්සෙණිදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො කොණ‍්ඩඤ‍්ඤස‍්ස භගවතො කාලෙ වඩ‍්ඪකිකුලෙ නිබ‍්බත‍්තො සද‍්ධො පසන‍්නො භගවතො ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො භගවතො වසනපාසාදස‍්සාරොහනත්‍ථාය සාරකට‍්ඨමයං නිස‍්සෙණිං කත්‍වා උස‍්සාපෙත්‍වා ඨපෙසි. භගවා තස‍්ස පසාදසංවඩ‍්ඪනත්‍ථාය පස‍්සන‍්තස‍්සෙව උපරිපාසාදං ආරුහි. සො අතීව පසන‍්නො තෙනෙව පීතිසොමනස‍්සෙන කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තො තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා මනුස‍්සෙසු ජායමානො නිස‍්සෙණිදානනිස‍්සන්‍දෙන උච‍්චකුලෙ නිබ‍්බත‍්තො මනුස‍්සසුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සද‍්ධාජාතො පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

කොණ්ඩඤ්ඤස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් නිස්සෙණිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතු වූ පින් රැස් කරන්නේ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපදී සැදැහැ ඇත්තේ පැහැදුණේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා පහන් සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රාසාදයට නැගීම පිණිස ලී අරටුවෙන් ඉණිමගක් කොට ඔසවා තැබීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වඩනු පිණිස බලා සිටියදීම පහට උඩට නැගි සේක. හේ අතිශයින් පැහැදුණේ ඒ ප්‍රීති සොම්නසින්ම කලුරියකොට දෙව්ලොව ඉපිද එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර ඉපදෙන්නේ ඉණිමං දන්දීමේ හේතුවෙන් උසස් කුලයක උපන්නේ මිනිස් සුව අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො කොණ‍්ඩඤ‍්ඤස‍්ස භගවතොතිආදිමාහ. තත්‍ථ කොණ‍්ඩඤ‍්ඤස‍්සාති කුච‍්ඡිතො හුත්‍වා ඩෙති පවත‍්තතීති කොණ‍්ඩො, ලාමකසත‍්තො, කොණ‍්ඩතො අඤ‍්ඤොති කොණ‍්ඩඤ‍්ඤො, අලාමකො උත‍්තමපුරිසොති අත්‍ථො. අථ වා බ්‍රාහ‍්මණගොත‍්තෙසු කොණ‍්ඩඤ‍්ඤගොත‍්තෙ උප‍්පන‍්නත‍්තා “කොණ‍්ඩඤ‍්ඤො”ති ගොත‍්තවසෙන තස‍්ස නාමං, තස‍්ස කොණ‍්ඩඤ‍්ඤස‍්ස. සෙසං පාකටමෙවාති.

උන්වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘කොණ්ඩඤ්ඤස්ස භගවතො’ යනාදිය කීහ. එහි කොණ්ඩඤ්ඤස්ස යනු පිළිකුල් ව ඩෙති පවතීනුයි කොණ්ඩො ලාමක සත්ත්වයා. ලාමක සත්ත්වයාගෙන් අන්‍ය වූයේ කොණ්ඩඤ්ඤ නමි. අලාමක උත්තම පුරුෂයා යන අර්ථයි. නැතහොත් බ්‍රාහ්මණ ගෝත්‍රයෙහි උපන්නේ කොණ්ඩඤ්ඤ යයි ගෝත්‍ර වශයෙන් උන්වහන්සේගේ නමයි. ඒ කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේගේ සෙස්ස ප්‍රකටමය.

නිස‍්සෙණිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

නිස්සෙණිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

173. රත‍්තිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

173. රත්තිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිකං ආයස‍්මතො රත‍්තිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ නෙසාදකුලෙ උප‍්පන‍්නො මිගවධාය අරඤ‍්ඤෙ විචරමානො තස‍්ස කාරුඤ‍්ඤෙන අරඤ‍්ඤෙ චරමානං විපස‍්සිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො පුප‍්ඵිතං රත‍්තිකං නාම පුප‍්ඵං කුටජපුප‍්ඵඤ‍්ච සහ වණ‍්ටෙන ඔචිනිත්‍වා සොමනස‍්සචිත‍්තෙන පූජෙසි. භගවා අනුමොදනං කත්‍වා පක‍්කාමි.

මිගලුද්දොපුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් රත්තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වැදි කුලයෙහි ඉපිද මිගදාය අරණ්‍යයෙහි හැසිරෙයි. එකල්හි ඔහුට කරුණාවෙන් අරණ්‍යයෙහි හැසිරෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ පිපුණු රත්තික නමැති මලක් ද කුටජ මලක් ද නටුව සමග නෙළා සොම්නසින් පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි සේක.

සො තෙනෙව පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො රතනත‍්තයෙ පසන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා “නෙසාදභූතෙන මයා කතකුසලං සුන්‍දර”න‍්ති සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිමාහ. තත්‍ථ මිගානං ලුද‍්දො සාහසිකො මාරකොති මිගලුද‍්දො, මිගෙසු වා ලුද‍්දො ලොභීති මිගලුද‍්දො, නෙසාදො ආසිං පුරෙති අත්‍ථො.

හේ ඒ පිනින්ම දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදී ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා කාමයන්හි ආදීනව දැක පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්වූයේ තමාගේ පූර්ව කර්මය සිහිකොට වැදි කුලයෙහි උපන් මා විසින් කුන ලද කුසලය සුන්දරයයි හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘මිගලුද්දො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි මුවන්ගේ ලුද්දො සාහසිකයාද මාරයාදනුයි මිගලුද්දො නමි. මුවන් කෙරෙහි හෝ ලුද්දො ලෝභී වූයේ මිගලුද්දො. වැද්දෙක් ආසිං පෙර වීමි යන අර්ථයි.

රත‍්තිකං පුප‍්ඵිතං දිස‍්වාති පදුමපුප‍්ඵාදීනි අනෙකානි පුප‍්ඵානි සූරියරංසිසම‍්ඵස‍්සෙන දිවා පුප‍්ඵන‍්ති රත‍්තියං මකුළිතානි හොන‍්ති. ජාතිසුමනමල‍්ලිකාදීනි අනෙකානි පුප‍්ඵානි පන රත‍්තියං පුප‍්ඵන‍්ති නො දිවා. තස‍්මා රත‍්තියං පුප‍්ඵනතො රත‍්තිපුප‍්ඵනාමකානි අනෙකානි සුගන්‍ධපුප‍්ඵානි ච කුටජපුප‍්ඵානි ච ගහෙත්‍වා පූජෙසින‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

රත්තිකං පුප්ඵිතං දිස්වා යනු නෙළුම්මල් ආදි නොයෙක් මල් සූර්ය රශ්මිය ස්පර්ශ කිරීමෙන් දිවා කාලයෙහි පිපෙයි. රාත්‍රියෙහි මුකුලිත වෙයි. දෑසමන් මල්ලිකා ආදී නොයෙක් මල් රාත්‍රියෙහි පිපෙයි දවල් කාලයෙහි නොවේ. ඒ නිසා රාත්‍රියෙහි පිපෙන බැවින් රෑ මල් නමින් යුතු නොයෙක් සුවඳ මල් ද කුටජ මල් ද ගෙන පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

රත‍්තිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

රත්තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

174. උදපානදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

174. උදපානදායක ථේර අපදාන වර්ණනාව

විපස‍්සිනො භගවතොතිආදිකං ආයස‍්මතො උදපානදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමමුනිවරෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු කතපුඤ‍්ඤසඤ‍්චයො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො “පානීයදානං මයා දාතබ‍්බං, තඤ‍්ච නිරන‍්තරං කත්‍වා පවත‍්තෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා එකං කූපං ඛනාපෙත්‍වා උදකසම‍්පත‍්තකාලෙ ඉට‍්ඨකාහි චිනාපෙත්‍වා ථිරං කත්‍වා තත්‍ථ උට‍්ඨිතෙන උදකෙන පුණ‍්ණං තං උදපානං විපස‍්සිස‍්ස භගවතො නිය්‍යාදෙසි. භගවා පානීයදානානිසංසදීපකං අනුමොදනං අකාසි . සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ පොක‍්ඛරණීඋදපානපානීයාදිසම‍්පන‍්නො සුඛමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධො පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

විපස්සිනො භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි කරන ලද පින් රැස් කිරීම් ඇත්තේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ මා විසින් පැන් දන් දීමක් කළ යුතුය. එයද නිරතුරු කොට පැවැත්වීමට වටී යයි සිතා එක් ළිඳක් කණවා ජලය සහිත කාලයෙහි උළු ගොඩගසා එහි උඩට ආ ජලයෙන් පිරුණු ඒ ළිඳ විපස්සි භාග්‍යවතුන් වහන්සේට පවරා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් දන්දීම දැක්වෙන අනුමෝදනාවක් කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් තන්හි පොකුණුළිං පිය පුතු දෑ ආදියෙන් යුක්ත වූයේ සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත් ව සැදැහැ ඇත්තේ පැහැදුණේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විපස‍්සිනො භගවතොතිආදිමාහ. තත්‍ථ උදපානො කතො මයාති උදකං පිවන‍්ති එත්‍ථාති උදපානො, කූපපොක‍්ඛරණීතළාකානමෙතං අධිවචනං. සො උදපානො කූපො විපස‍්සිස‍්ස භගවතො අත්‍ථාය කතො ඛනිතොති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

හේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘විපස්සිනො භගවතො’ යනාදිය කීය. එහි උදපානො කතො මයා යනු මෙහි පැන් බොත්නුයි උදපානො, ළිංපොකුණු තඩාගවලට මෙය සමාන වචනයකි. ඒ උදපානො ළිඳ විපස්සි භාග්‍යවතුන් වහන්සේ සඳහා කතො කණින ලද්දේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

උදපානදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

උදපානදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

175. සීහාසනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

175. සීහාසනදායක ථේර අපදාන වර්ණනාව

නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිකං ආයස‍්මතො සීහාසනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ නිබ‍්බානාධිගමත්‍ථාය කතපුඤ‍්ඤූපචයො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා රතනත‍්තයෙ පසන‍්නො තස‍්මිං භගවති පරිනිබ‍්බුතෙ සත‍්තහි රතනෙහි ඛචිතං සීහාසනං කාරාපෙත්‍වා බොධිරුක‍්ඛං පූජෙසි, බහූහි මාලාගන්‍ධධූපෙහි ච පූජෙසි.

නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිර්වාණය අවබෝධ කිරීම පිණිස කරන ලද පුණ්‍ය ප්‍රත්‍ය ඇත්තේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා තෙරුවන්හි පැහැදුණේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සත්රුවනින් කැටයම් කළ සිංහාසනයක් කරවා බෝධිවෘක්‍ෂය පිදුවේය. බොහෝ මල්ගඳ දුමින් ද පිදුවේය.

සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා සබ‍්බත්‍ථ පූජිතො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො ඝරාවාසං වසන‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො ඤාතිවග‍්ගං පහාය පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා හුත්‍වා පුබ‍්බූපචිතකුසලසම‍්භාරං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිමාහ. තත්‍ථ සීහාසනමදාසහන‍්ති සීහරූපහිරඤ‍්ඤසුවණ‍්ණරතනෙහි ඛචිතං ආසනං සීහාසනං, සීහස‍්ස වා අභීතස‍්ස භගවතො නිසින‍්නාරහං, සීහං වා සෙට‍්ඨං උත‍්තමං ආසනන‍්ති සීහාසනං, තං අහං අදාසිං, බොධිරුක‍්ඛං පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට සැමතන්හි පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි වසන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ ඥාතිවර්ගයා හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් වී පෙර රැස්කළ පුණ්‍ය සම්භාරය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නිබ්බුතෙ ලොකනාථම්හි’ යනාදිය කීය. එහි සීහාසන මදාසිං යනු සිංහරූප රන්රුවනින් කැටයම් කළ ආසනය සීහාසන නමි. සිංහයකුගේ හෝ ආශ්චර්යවත් භාග්‍යවතුන් වහන්සේගේ වැඩහිඳීමට සුදුසු වූ හෝ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ආසන නුයි සීහාසන වේ. එය මම දුනිමි. බෝධිවෘක්‍ෂය පිදුවෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

සීහාසනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

176. මග‍්ගදත‍්තිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

176. මග්ගදත්තික ථේර අපදාන වර්ණනාව

අනොමදස‍්සී භගවාතිආදිකං ආයස‍්මතො මග‍්ගදත‍්තිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අනොමදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා වසන‍්තො අනොමදස‍්සිං භගවන‍්තං ආකාසෙ චඞ‍්කමන‍්තං පාදුද‍්ධාරෙ පාදුද‍්ධාරචඞ‍්කමනට‍්ඨානෙ පුප‍්ඵානං විකිරණං අච‍්ඡරියඤ‍්ච දිස‍්වා පසන‍්නමානසො පුප‍්ඵානි ආකාසෙ උක‍්ඛිපි, තානි විතානං හුත්‍වා අට‍්ඨංසු.

අනොමදස්සී භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මග්ගදත්තික තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුවද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය තබා වසන්නේ අනොමදස්සි භාග්‍යතුන් වහන්සේ අහසෙහි සක්මන් කරනුද පාඔසවනවිට සක්මන් කරන ස්ථානයෙහි මල් විසිරෙන අසිරියද දැක පහන් සිතැත්තේ අහසෙහි මල් ඔසවා තැබීය. ඒවා වියනක්ව සිටියේය.

සො තෙන පුඤ‍්ඤෙන සුගතීසුයෙව සංසරන‍්තො සබ‍්බත්‍ථ පූජිතො සුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො කමෙන යොබ‍්බඤ‍්ඤං පාපුණිත්‍වා සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා වත‍්තසම‍්පන‍්නො නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො චඞ‍්කමනස‍්ස පූජිතත‍්තා මග‍්ගදත‍්තිකත්‍ථෙරොති පාකටො. සො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අනොමදස‍්සී භගවාතිආදිමාහ. දිට‍්ඨධම‍්මසුඛත්‍ථායාති ඉමස‍්මිං අත‍්තභාවෙ චඞ‍්කමනෙන සරීරසල‍්ලහුකාදිසුඛං පටිච‍්චාති අත්‍ථො. අබ‍්භොකාසම‍්හි චඞ‍්කමීති අබ‍්භොකාසෙ අඞ‍්ගණට‍්ඨානෙ චඞ‍්කමි, පදවික‍්ඛෙපං පදසඤ‍්චාරං අකාසීති අත්‍ථො.

හේ ඒ පිනින් සුගතීන්හිම සැරිසරන්නේ සැමතන්හි පූජිත වුයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක ඉපිද ක්‍රමයෙන් යෞවනයට පැමිණ සැදැහැ ඇත්තේ පැවිදි ව පිනින් යුක්ත වූයේ නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේ සක්මන පුදන ලද බැවින් මග්ගදත්තික තෙරුන් වහන්සේ යයි ප්‍රකට වීය. උන්වහන්සේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. දිට්ඨධම්ම සුබත්‍ථාය යනු මේ ආත්මභාවයෙහි ශරීරගත සුබ ආදී සැප නිසා යන අර්ථයි. අබ්භොකාසම්හි චඞ්කමිං යනු අභ්‍යවකාශස්ථ චඞ්කමිං පාතැබීම, පද සංචාරය කෙළෙමි යන අර්ථයි.

උද‍්ධතෙ පාදෙ පුප‍්ඵානීති චඞ‍්කමන‍්තෙන පාදෙ උද‍්ධතෙ පදුමුප‍්පලාදීනි පුප‍්ඵානි පථවිතො උග‍්ගන‍්ත්‍වා චඞ‍්කමෙ විකිරිංසූති අත්‍ථො. සොභං මුද‍්ධනි තිට‍්ඨරෙති බුද‍්ධස‍්ස මුද‍්ධනි සීසෙ සොභයමානා තානි තිට‍්ඨන‍්තීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උද්ධටෙපාදෙ පුප්ඵානි යනු සක්මන් කරන්නහු පාදයන් එසවූ විට නෙළුම් උපුල් ආදී මල් පැනනැගී සක්මනෙහි විසිරිණ යන අර්ථයි. සොහං මුද්ධනි තිට්ඨරෙ යනු බුදුරජාණන් වහන්සේගේ මුද්ධනි හිසෙහි බබළමින් ඒවා සිටී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

මග‍්ගදත‍්තිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මග්ගදත්තික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

177. එකදීපියත්‍ථෙරඅපදානවණ‍්ණනා

177. ඒකදීපිය ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරස‍්ස මුනිනොතිආදිකං ආයස‍්මතො එකදීපියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමජිනසෙට‍්ඨෙසු කතකුසලසම‍්භාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධො පසන‍්නො භගවතො සලලමහාබොධිම‍්හි එකපදීපං පූජෙසි, ථාවරං කත්‍වා නිච‍්චමෙකපදීපපූජනත්‍ථාය තෙලවට‍්ටං පට‍්ඨපෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සබ‍්බත්‍ථ ජලමානො පසන‍්නචක‍්ඛුකො උභයසුඛමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො රතනත‍්තයෙ පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො දීපපූජාය ලද‍්ධවිසෙසාධිගමත‍්තා එකදීපියත්‍ථෙරොති පාකටො.

පදුමුත්තරස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුව ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ සල්ලමහා බෝධියෙහි එක් පහනක් පිදීය. ස්ථිරකොට නිතර එක් පහනක් පිදීම පිණිස තෙල්වැට පිහිටවී ය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි බැබළෙන්නේ ප්‍රසන්න ඇස් ඇත්තේ උභය සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ පැවිදිවිය. පැවිදි ව නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේ පහන් පූජාවෙන් ලත් විශේෂ අධිගම ඇති බැවින් එකදීපිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරස‍්ස මුනිනොතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පදුමුත්තරස්ස මුනිනො’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

එකදීපියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

එකදීපිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

178. මණිපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා

178. මණිපූජක ථේර අපදාන වර්ණනාව

ඔරෙන හිමවන‍්තස‍්සාතිආදිකං ආයස‍්මතො මණිපූජකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා තත්‍ථාදීනවං දිස‍්වා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තඔරභාගෙ එකිස‍්සා නදියා සමීපෙ පණ‍්ණසාලං කාරෙත්‍වා වසන‍්තො විවෙකකාමතාය තස‍්සානුකම‍්පාය ච තත්‍ථ උපගතං පදුමුත‍්තරං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො මණිපල‍්ලඞ‍්කං භගවතො පූජෙසි. භගවා තස‍්ස පසාදවඩ‍්ඪනත්‍ථාය තත්‍ථ නිසීදි. සො භිය්‍යොසොමත‍්තාය පසන‍්නො නිබ‍්බානාධිගමත්‍ථාය පත්‍ථනං අකාසි. භගවා අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සබ‍්බත්‍ථ පූජිතො සුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තො ඝරාවාසං වසන‍්තො එකදිවසං සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

ඔරෙන හිමවන්තස්ස යනාදී වශයෙන් ආයුෂ්මත් මණිපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද ගෘහවාසය තබා එහි ආදීනව දැක ගෘහවාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතට මෙපිට එක් නදියක් අසබඩ පන්සලක් කරවා වසන්නේ විවේක කැමැත්ත නිසා ද ඔහුට අනුකම්පාව නිසා ද එහි වැඩම කළ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ මැණික් පුටුවක් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය වර්ධනය වනු සඳහා එහි වැඩහුන් සේක. හේ බෙහෙවින් පැහැදුණේ නිර්වාණ අධිගමය පිණිස ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතන්හි පූජිත වූයේ සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර විභව සම්පත් ඇති කුලයක ඉපිද ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.

සො එකදිවසං අත‍්තනා කතකුසලං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඔරෙන හිමවන‍්තස‍්සාතිආදිමාහ. තත්‍ථ ඔරෙනාති හිමවන‍්තස‍්ස අපරං භාගං විහාය ඔරෙන, භුම‍්මත්‍ථෙ කරණවචනං, ඔරස‍්මිං දිසාභාගෙති අත්‍ථො. නදිකා සම‍්පවත‍්තථාති අපාකටනාමධෙය්‍යා එකා නදී සංසුට‍්ඨු පවත‍්තානී වහානී සන්‍දමානා අහොසීති අත්‍ථො. තස‍්සා චානුපඛෙත‍්තම‍්හීති තස‍්සා නදියා අනුපඛෙත‍්තම‍්හි තීරසමීපෙති අත්‍ථො. සයම‍්භූ වසතෙ තදාති යදා අහං මණිපල‍්ලඞ‍්කං පූජෙසිං, තදා අනාචරියකො හුත්‍වා සයමෙව බුද‍්ධභූතො භගවා වසතෙ විහරතීති අත්‍ථො.

උන්වහන්සේ එක්දවසක් තමා විසින් කරන ලද කුසලය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඔරෙන හිමවන්තස්ස’ යනාදිය කීහ. එහි ඔරෙන යනු හිමවතෙහි අපරභාගය හැර මෙපස ආධාර අර්ථයෙහි කරණ වචනයයි. මේ පස දිශාභාගය යන අර්ථයි. නදෙකා සම්පවත්තථ යනු අප්‍රකට නමක් ඇති එක් නදියක් මනා සේ පවත්තති ගලයි, ගලාබසිමින් තිබිණ යන අර්ථයි. තස්සා චානුප ඛෙත්තම්හි ඒ නදියෙහි අනුපඛෙත්තම්හි තෙර සමීපයෙහි යන අර්ථයි. සයම්භුවසතෙ තදා යනු යම්කලෙක මම මිණිපලඟ පිදුවෙම්ද එකල්හි ගුරුවරයකු නැත්තේව තෙමේ ම බුදු වූ භාග්‍යවතුන් වහන්සේ වසතෙ වාසය කරන සේක යන අර්ථයි.

මණිං පග‍්ගය‍්හ පල‍්ලඞ‍්කන‍්ති මණින‍්ති චිත‍්තං ආරාධෙති සොමනස‍්සං කරොතීති මණි, අථ වා මාති පමාණං කරොති ආභරණන‍්ති මණි, අථ වා මරන‍්තාපි රාජයුවරාජාදයො තං න පරිච‍්චජන‍්ති තදත්‍ථාය සඞ‍්ගාමං කරොන‍්තීති මණි, තං මණිං මණිමයං පල‍්ලඞ‍්කං මනොරමං සාධු චිත‍්තං සුට‍්ඨු විචිත‍්තං පග‍්ගය‍්හ ගහෙත්‍වා බුද‍්ධසෙට‍්ඨස‍්ස අභිරොපයිං පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

මණිං පග්ගය්හ පල්ලඞ්කං මනං ති චිත්තාරාධනය කෙරේනුයි සොම්නස් කෙරේනුයි මණි. නැතහොත් ආභරණ යනු මණි. රජවරු ආදීහු මැරුණත් එය අත්නොහරිති. ඒ සඳහා සටන් කරත්නුයි මණි. ඒ මැණික. මිණිපලඟ මනහරය. සාධුචිත්තං මනාසේ විචිත්‍ර වූ සිතින්. පග්ගය්හ ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ආරොපයිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේමය.

මණිපූජකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මණිපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

179. තිකිච‍්ඡකත්‍ථෙරඅපදානවණ‍්ණනා

179. තිකිච්ඡක ථේර අපදාන වර්ණනාව

නගරෙ බන්‍ධුමතියාතිආදිකං ආයස‍්මතො තිකිච‍්ඡකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ බන්‍ධුමතීනගරෙ වෙජ‍්ජකුලෙ නිබ‍්බත‍්තො බහුස‍්සුතො සුසික‍්ඛිතො වෙජ‍්ජකම‍්මෙ ඡෙකො බහූ රොගිනො තිකිච‍්ඡන‍්තො විපස‍්සිස‍්ස භගවතො උපට‍්ඨාකස‍්ස අසොකනාමත්‍ථෙරස‍්ස රොගං තිකිච‍්ඡි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු අපරාපරං සුඛං අනුභවන‍්තො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ අරොගො දීඝායුකො සුවණ‍්ණවණ‍්ණසරීරො අහොසි.

නගරෙ බන්‍ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ භික්‍ෂුව ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්‍ධුමතී නගරයෙහි වෙද කුලයක උපන්නේ බහුශ්‍රැත වූයේ මනා සේ හික්මුණේ වෛද්‍ය කර්මයෙහි දක්ෂ වූයේ බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක අසොක නම් තෙරුන් වහන්සේගේ රෝගයට පිළියම් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර වරින්වර සැප අනුභව කරන්නේ උපනුපන් භවයෙහි නීරෝගී වූයේ දීර්ඝායුෂ ඇත්තේ රන්වන් සිරුරක් ඇත්තේ විය.

සො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං ගහපතිකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො අරොගො සුඛිතො විභවසම‍්පන‍්නො රතනත‍්තයෙ පසන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො ඝරාවාසං පහාය පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා හුත්‍වා පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නගරෙ බන්‍ධුමතියාතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ නීරෝගී වූයේ සැපවත් වූයේ විභව සම්පත් ඇත්තේ තෙරුවන්හි පැහැදුණේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලද සැදැහැ ඇත්තේ ගෘහවාසය හැර පැවිදි ව නොබෝ කලකින්ම රහත් ව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘නගරෙබන්‍ධුමතියා’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේමය.

තිකිච‍්ඡකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

තිකිච්ඡක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

180. සඞ‍්ඝුපට‍්ඨාකත්‍ථෙරඅපදානවණ‍්ණනා

180. සඞ්ඝුපට්ඨාක ථේර අපදාන වර්ණනාව

වෙස‍්සභුම‍්හි භගවතීතිආදිකං ආයස‍්මතො සඞ‍්ඝුපට‍්ඨාකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතකුසලසම‍්භාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො වෙස‍්සභුස‍්ස භගවතො කාලෙ තස‍්සාරාමිකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සද‍්ධො පසන‍්නො විහාරෙසු ආරාමිකකම‍්මං කරොන‍්තො සක‍්කච‍්චං සඞ‍්ඝං උපට‍්ඨාසි. සො තෙනෙව කුසලකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං ගහපතිකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො විභවසම‍්පන‍්නො සුඛප‍්පත‍්තො පාකටො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සාසනෙ පසන‍්නො පබ‍්බජිත්‍වා වත‍්තසම‍්පන‍්නො සාසනං සොභයමානො විපස‍්සනං වඩ‍්ඪෙන‍්තො නචිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පත‍්තො ඡළභිඤ‍්ඤො පුබ‍්බෙ කතකුසලකම‍්මවසෙන සඞ‍්ඝුපට‍්ඨාකත්‍ථෙරොති පාකටො අහොසි.

වෙස්සභුම්හි භගවති යනාදි වශයෙන් ආයුෂ්මත් සංඝුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනමද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ නොයෙක් භවයන්හි නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ඒ ආරාමිකයාගේ පුත්‍රයා ව ඉපිද දැනමිති බවට පැමිණ ශ්‍රද්ධා ඇත්තේ පැහැදුණේ විහාරයන්හි ආරාමික කර්මය කරන්නේ සකසා සංඝයාට උපස්ථාන කළේය. හේ ඒ කුසල කර්මයෙන් ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර ගෘහපති කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූයේ විභව සම්පත් ඇත්තේ සැපවත් වූයේ ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා පැවිදිව සසුනෙහි පැහැදුණේ වත් සම්පන්න වූයේ සසුන බබුළුවන්නේ විදසුන් වඩා නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේ ෂට් අභිඥා ඇත්තේ පෙර කරන ලද පින්කම් වශයෙන් සංසුපට්ඨාක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ විය.

සො එකදිවසං “පුබ‍්බෙ මයා කිං නාම කම‍්මං කත්‍වා අයං ලොකුත‍්තරසම‍්පත‍්ති ලද‍්ධා”ති අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පච‍්චක‍්ඛතො ජානිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පාකටං කරොන‍්තො වෙස‍්සභුම‍්හි භගවතීතිආදිමාහ. තත්‍ථ අහොසාරාමිකො අහන‍්ති අහං වෙස‍්සභුස‍්ස භගවතො සාසනෙ ආරාමිකො අහොසින‍්ති අත්‍ථො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

හේ එක් දවසක් පෙර මා විසින් කිනම් කර්මයක් කොට මේ ලොව්තුරා සැපත් ලබන ලද්දේදැයි තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකට කරන්නේ ‘වෙස්සභුම්හි භගවති’ යනාදිය කීය. එහි අහොසාරාමිකො අහං යනු මම වෙස්සභු භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ආරාමිකයෙක් වීමි යන අර්ථයි. සෙස්ස යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

සඞ‍්ඝුපට‍්ඨාකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සංසුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

අට‍්ඨාරසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

දහඅටවැනි වර්ග වර්ණනාව සමාප්තයි.