යෙදුමෙන් කියවන්න

160. කුමුදදායකත්‍ථෙරාපදානං

160. කුමුදදායකත්‍ථෙරාපදානං

160. කුමුදදායක ස්ථවිරාවදානය

2043. හිමවන‍්තස‍්ස අවිදූරෙ මහාජාතස‍්සරො අහු, පදුමුප‍්පලසඤ‍්ඡන‍්නො පුණ‍්ඩරීකසමොත්‍ථටො.

2043. හිමවතට නුදුරෙහි රත්පියුම්වලිනුත් උපුල්වලිනුත් ගැවසී ගත් හෙළපියුමින් වැසුනු මහත් වූ ස්වයංජාත (තෙමේ ම හටගත්) විලෙක් විය.

2044. කුකුත්‍ථො නාම නාමෙන තත්‍ථාසිං සකුණො තදා, සීලවා බුද‍්ධිසම‍්පන‍්නො පුඤ‍්ඤාපුඤ‍්ඤෙසු කොවිදො.

2044. එකල්හි සිල්වත් වූ බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ ය යි දැන ගැණීමෙහි දක්‍ෂ වූ කුකුත්‍ථ නම් පක්‍ෂියෙක් වීමි.

2045. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, ජාතස‍්සරස‍්සාවිදූරෙ සඤ‍්චරිත්‍ථ මහාමුනි.

2045. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනි වූ මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.

2046. ජලජං කුමුදං ඡෙත්‍වා උපනෙසිං මහෙසිනො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය පටිග‍්ගහි මහාමුනි.

2046. ජලයෙහි හටගත් කුමුදුමලක් කඩා බුදුරජුන් වෙත එළැවීමි. මහාමුනි වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.

2047. තඤ‍්ච දානං දදිත්‍වාහං සුක‍්කමූලෙන චොදිතො, කප‍්පානං සතසහස‍්සං දුග‍්ගතිං නූපපජ‍්ජහං.

2047. මම ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.

2048. සොළසෙතො කප‍්පසතෙ ආසුං වරුණනාමකා, අට‍්ඨ එතෙ ජනාධිපා චක‍්කවත‍්තී මහබ‍්බලා.

2048. මෙයින් එක්දහස්හයසිය වන කපෙහි මහත් බල ඇති වරුණ නම් ජනාධිපති වූ අට සක්විති රජ කෙනෙක් වූහ.

2049. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2049. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුමුදදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කුමුදදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

කුමුදදායකස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

බන්‍ධුජීවො තම‍්බපුප‍්ඵි වීථි කක‍්කාරුපුප‍්ඵියො මන්‍දාරවො කදම‍්බී ච සූලකො නාගපුප‍්ඵියො පුන‍්නාගො කොමුදී ගාථා ඡප‍්පඤ‍්ඤාස පකිත‍්තිතාති.

බන්‍ධුජීවි තම්බපුප්ඵි - වීථිකක්කාරුපුප්ඵිය මන්‍දාරව කදම්බී සූලික නාගපුප්ඵිය පුන්නාගකුමුදී දසවත් සපණස්ගයින් දැක්වින.

බන්‍ධුජීවකවග‍්ගො සොළසමො.

බන්‍ධුජීවක වර්‍ගය සොළොස් වැනි යි.