යෙදුමෙන් කියවන්න

327. නිග‍්ගුණ‍්ඩිපුප‍්ඵියත්‍ථෙරාපදානං

327. නිග‍්ගුණ‍්ඩිපුප‍්ඵියත්‍ථෙරාපදානං

327. නිග්ගුණ්ඩිපුප්ඵීය ස්ථවිරාවදානය

2863. යදා දෙවො දෙවකායා චවති ආයුසඞ‍්ඛයා, තයො සද‍්දා නිච‍්ඡරන‍්ති දෙවානං අනුමොදතං.

2863. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් ච්‍යුත ව යේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ විවිධ ශබ්දකෙනෙක් නිකුත් ව යෙත්:

2864. “ඉතො භො සුගතිං ගච‍්ඡ මනුස‍්සානං සහව්‍යතං, මනුස‍්සභූතො සද‍්ධම‍්මෙ ලභ සද‍්ධමනුත‍්තරං.

2864. ‘පින්වත, මෙයින් සැව මනුෂ්‍යයන්ගේ ස්වභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ‍්‍රද්ධාව ලබනු මැනව (1)

2865. සා තෙ සද‍්ධා නිවිට‍්ඨස‍්ස මූලජාතා පතිට‍්ඨිතා, යාවජීවං අසංහීරා සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ.

2865-2867. තාගේ ඒ ශ‍්‍රද්ධා තොමෝ (තථාගත) ප‍්‍රවිදිත වූ (කුශල) සද්ධර්‍මයෙහි නිශ්චය විසින් බැස ගන්නා ලද්දී හටගත් මුල් ඇත්තී (තොප) දිවි ඇති තාක් නොසැලුනී වේවා. කයින් කුසල්, වචනයෙන් කුසල් බොහෝ කොට - සිතින් ව්‍යාපාද රහිත ක්ලේශෝපධි රහිත කුසල් කොට - තවද දන් දීමෙන් ඒ ඔපධික (අත්බැව් සපුවට හා සම්පත් භවයට හිතවූ) පින් බොහෝ කොට - අන් මිනිසුන් ද කුශලධර්‍මයෙහි, බ‍්‍රහ්මචර්‍ය්‍යයෙහි පිහිටුවනු මැනව”. (2)

2866. කායෙන කුසලං කත්‍වා වාචාය කුසලං බහුං, මනසා කුසලං කත්‍වා අබ්‍යාපජ‍්ජං නිරූපධිං.

2867. තතො ඔපධිකං පුඤ‍්ඤං කත්‍වා දානෙන තං බහුං, අඤ‍්ඤෙපි මච‍්චෙ සද‍්ධම‍්මෙ බ්‍රහ‍්මචරියෙ නිවෙසය”.

2868. ඉමාය අනුකම‍්පාය දෙවා දෙවං යදා විදුං, චවන‍්තං අනුමොදන‍්ති “එහි දෙවපුරං පුන”.

2868. යම් කලක දෙවිවරු ච්‍යුත වන දෙවියකු දනිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි (3) (ඔහුට) මෙබඳු අනුකම්පාවෙන් අනුමෝදනය කෙරෙත්.

2869. සංවෙගො මෙ තදා ආසි දෙවසඞ‍්ඝෙ සමාගතෙ, “කිං සු නාම අහං යොනිං ගමිස‍්සාමි ඉතො චුතො”.

2869. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි “මම මෙයින් සැව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යෙම් දැ” යි මට සංවේගයක් ඇතිවිය.

2870. මම සංවෙගමඤ‍්ඤාය සමණො භාවිතින්‍ද්‍රියො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකෙ.

2870. වඩන ලද (ශ‍්‍රද්ධාදි) ඉඳුරන් ඇති ශ‍්‍රමණයෙක් තෙම මාගේ සංවේගය දැන මා එයින් උදුරණු කැමැත්තේ මවෙත ආයේ ය.

2871. සුමනො නාම නාමෙන පදුමුත‍්තරසාවකො, අත්‍ථධම‍්මානුසාසිත්‍වා සංවෙජෙසි මමං තදා.

2871. එකල්හි සුමන නම් වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ‍්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවිග්න (උත්සාහවත්) කෙළේය.

[ද‍්වාදසමං භාණවාරං.]

[දොළොස්වන බණවර යි.]

2872. තස‍්සාහං වචනං සුත්‍වා බුද‍්ධෙ චිත‍්තං පසාදයිං, තං වීරමභිවාදෙත්‍වා තත්‍ථ කාලකතො අහං.

2872. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි. ඒ වීරයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙම් වෙමි.

2873. උපපජ‍්ජිසං තත්‍ථෙව සුක‍්කමූලෙන චොදිතො, වසන‍්තො මාතුකුච‍්ඡිම‍්භි පුන ධාරිස මාතුයා.

2873. (එකි) කුශල මූලයෙන් මෙහෙයන ලද මම ඒ දෙව්ලොව ම උපන්මි. නැවත මවුකුසෙහි වසනෙම් මවු විසින් දරණ ලදිමි.

2874. තම‍්හා කායා චවිත්‍වාන තිදසෙ උපපජ‍්ජහං, එත්‍ථන‍්තරෙ න පස‍්සාමි දොමනස‍්සමහං තදා.

2874. මම ඒ මිනිසත් බැවින් සැව තව්තිසා දෙව්ලොව උපන්මි. එකල්හි මම මෙදෑතුරෙහි දොම්නසක් නො දක්මි.

2875. තාවතිංසා චවිත්‍වාන මාතුකුච‍්ඡිං සමොක‍්කමිං, නික‍්ඛමිත්‍වාන කුච‍්ඡිම‍්හා කණ‍්හසුක‍්කමජානහං.

2875. තව්තිසා දෙව්ලොවින් සැව මවුකුසක උපන්මි. මවුකුසින් බිහිව මම කලූ-සුදු හෙවත් පව්-පින් දැනගතිමි.

2876. ජාතියා සත‍්තවස‍්සොව ආරාමං පාවිසිං අහං, ගොතමස‍්ස භගවතො සක්‍යපුත‍්තස‍්ස තාදිනො.

2876. මම උපතින් සත්හැවිරිදි වයස් ඇත්තෙම් ම අරමට පිවිසියෙමි. තාදී ගුණ ඇති භාග්‍යවත් වූ ගෞතම ශාක්‍යපුත‍්‍රයන් වහන්සේගේ-

2877. විත්‍ථාරිතෙ පාවචනෙ බාහුජඤ‍්ඤම‍්හි සාසනෙ, අද‍්දසං සාසනකරෙ භික‍්ඛවො තත්‍ථ සත්‍ථුනො.

2877. පැතුරුනා වූ බොහෝ දෙනාට අයත් වූ ප‍්‍රචවන සඞ්ඛ්‍යාත ඒ ශාසනයෙහි ශාස්තෘහුගේ ශාසනය පිළිපදින භික්‍ෂූන් දිටිමි.

2878. සාවත්‍ථි නාම නගරං රාජා තත්‍ථාසි කොසලො, රථෙන නාගයුත‍්තෙන උපෙසි බොධිමුත‍්තමං.

2878. එහි සැවැත් නම් නුවර කොසොල් නම් රජෙක් විය. හේ ඇතු යෙදූ රියෙන් උතුම් බෝධිය වෙත එළඹියේ ය.

2879. තස‍්සාහං නාගං දිස‍්වාන පුබ‍්බකම‍්මමනුස‍්සරිං, අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන සමයං අගමාසහං.

2879. මම ඒ රජුගේ ඇතා දැක පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. මම ද ඇඳිලි බැඳ සභාරැස්වීමට ගියෙමි.

2880. ජාතියා සත‍්තවස‍්සොව පබ‍්බජිං අනගාරියං, යො සො බුද‍්ධං උපට‍්ඨාසි ආනන්‍දො නාම සාවකො.

2880. උපතින් සත්හැවිරිදි වූයෙම් ම සසුන් වන්මි. (එකල) යමෙක් බුදුරජුන්හට උවටැන් කෙළේ ද ඒ මේ ආනන්‍ද නම් ශ‍්‍රාවක තෙමේ යි.

2881. ගතිමා ධිතිමා චෙව සතිමා ච බහුස‍්සුතො, රඤ‍්ඤො චිත‍්තං පසාදෙන‍්තො නිය්‍යාදෙසි මහාජුති.

2881. (සිටි පියෙහි ම සිට පද සැටදහසක් වුව ද බුදුරජුන් වදාළ නියායෙන් ම දැන ගැණුමෙහි සමත් බැවින්) ගතිමත් වූ ද, (බුද්ධ වචනය ඉගෙණ ගැණුම්හි වීර්‍ය්‍යය ද, සජ්ඣායනය කිරීමෙහි වීර්‍ය්‍යය ද, සිත්හි ලා දැරුම්හි වීර්‍ය්‍යය ද, ශාස්තෲන් වහන්සේට උවටන්හි වීර්‍ය්‍යය ද, අන් හැම දෙනට ම වඩා අධිකව ඇති බැවින්) ධෘතිමත් වූ ද, (අන් හැම දෙනට ම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින්) ස්මෘතිමත් වූ ද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි ම සිට බුදුවදන් උගත් බැවින්) බහුශ‍්‍රැත වූ ද, ඒ මහානුභාව ඇති ආනන්‍ද ස්ථවිර තෙම රජුගේ සිත පහදවමින් දම් දෙසීය.

2882. තස‍්සාහං ධම‍්මං සුත්‍වාන පුබ‍්බකම‍්මමනුස‍්සරිං, තත්‍ථෙව ඨිතකො සන‍්තො අරහත‍්තමපාපුණිං.

2882. මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එහි ම සිටි රහත් බවට ද පැමිණියෙමි.

2883. එකංසං චීවරං කත්‍වා සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, සම‍්බුද‍්ධමභිවාදෙත්‍වා ඉමං වාචමුදීරයිං:

2883. (ඉක්බිති) සිවුර එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ මේ වචනය කීමි:

2884. පදුමුත‍්තරබුද‍්ධස‍්ස දිපදින්‍දස‍්ස සත්‍ථුනො, නිග‍්ගුණ‍්ඩිපුප‍්ඵං පග‍්ගය‍්හ සීහාසනෙ ඨපෙසහං.

2884. මම ශාස්තෘ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්ධාසනයෙහි) සිඳුවරමල් ගෙණ තැබීමි.

2885. තෙන කම‍්මෙන දිපදින්‍ද ලොකට‍්ඨෙ නරාසභ, පත‍්තොම‍්හි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

2885. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ (කුශල) කර්‍මය කරණකොට ගෙණ ජය-පරාජය දෙක හැර නිශ්චල ස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.

2886. පඤ‍්චවීසසහස‍්සම‍්හි කප‍්පානං මනුජාධිපා, අබ‍්බුදනිරබ‍්බුදානි අට‍්ඨ’ට‍්ඨා’සිංසු ඛත‍්තියා.

2886. පස්විසිදහස් කපෙක අබ්බුද - නිරබ්බුද වූ ගණන් විසින් මහා ආයු ඇති ව කපකට අට අට බැගින් මනුජාධිපති වූ ක්‍ෂත‍්‍රිය රජහු වූහ.

2887. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2887. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා නිග‍්ගුණ‍්ඩිපුප‍්ඵයො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

නිග‍්ගුණ‍්ඩිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

නිග්ගුණඩිපුප්ඵිය ස්ථිවිරාවදානය සත්වැනි යි.