යෙදුමෙන් කියවන්න

328. සුමනාවෙලියත්‍ථෙරාපදානං

328. සුමනාවෙලියත්‍ථෙරාපදානං.

328. සුමනාවේලිය ස්ථවිරාවදානය

2888. වෙස‍්සභුස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, සබ‍්බෙ ජනා සමාගම‍්ම මහාපූජං කරොන‍්ති තෙ.

2888. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.

2889. සුධාය පිණ‍්ඩං කත්‍වාන ආවෙලං සුමනායහං, සීහාසනස‍්ස පුරතො අභිරොපෙසහං තදා.

2889. මම එකල්හි සුණු පිඩක් සමන් මල්දම් සහිත කොට බුද්ධාසනය ඉදිරියෙහි නගා ලීමි.

2890. සබ‍්බෙ ජනා සමාගම‍්ම පෙක‍්ඛන‍්ති පුප‍්ඵමුත‍්තමං, කෙනි’දං පූජිතං පුප‍්ඵං බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො.

2890. “තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරකු විසින් මේ මල් පුදන ලදදැ” යි සියලු දෙනා එක්ව උතුම් මල් දෙස බලත්.

2891. තෙන චිත‍්තප‍්පසාදෙන නිම‍්මාණං උපපජ‍්ජහං, අනුභොසිං සකං කම‍්මං පුබ‍්බෙ සුකතමත‍්තනො.

2891. මම ඒ චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ නිර්‍මාණරතී දිව්‍යාලෝකයෙහි උපන්මි. පෙර තමා විසින් කරණ ලද පුණ්‍යකර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.

2892. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, සබ‍්බෙසානං පියො හොමි පුප‍්ඵපූජායි’දං ඵලං.

2892. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හැම තන්හි ම) සියලු දෙනාට ප‍්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාක යි.

2893. නාභිජානාමි කායෙන වාචාය උද චෙතසා, සංයතානං තපස‍්සීනං කතං අක‍්කොසිතං මයා.

2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ වචනයෙන් හෝ වැලි සිතින් හෝ මා විසින් කළ නින්‍දාවක් නො දනිමි.

2894. තෙන සුචරිතෙනාහං චිත‍්තස‍්ස පණිධීහි ච, සබ‍්බෙසං පූජිතො හොමි අනක‍්කොසස‍්සි’දං ඵලං.

2894. මම එම සුචරිතයෙන් ද, චිත්තප‍්‍රණිධි හේතුයෙන් සියලු දෙනා විසින් පුදන ලද්දෙම් වෙමි. (තවුසනට) ආක්‍රෝශ නො කිරීමෙහි මේ විපාක යි.

2895. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායි’ඉදං ඵලං.

2895. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

2896. ඉතො එකාදසෙ කප‍්පෙ සහස‍්සාරො’සි ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2896. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙකිම් වීමි.

2897. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2897. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුමනාවෙලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සුමනාවෙලියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

සුමනාවේලිය ස්ථවිරාවදානය අටවැනි යි.