යෙදුමෙන් කියවන්න

487. පුලිනුප‍්පාදකත්‍ථෙරාපදානං

487. පුලිනුප‍්පාදකත්‍ථෙරාපදානං

487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය

5140. පබ‍්බතෙ හිමවන‍්තම‍්හි දෙවළො නාම තාපසො, තත්‍ථ මෙ චඞ‍්කමො ආසි අමනුස‍්සෙහි මාපිතො.

5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද.

5141. ජටාභාරෙන භරිතො කමණ‍්ඩලුධරො තදා, උත‍්තමත්‍ථං ගවෙසන‍්තො පවනා අභිනික‍්ඛමිං.

5141. එකල්හි දළමඬලින් බර වූ කමඬලා (=පැන්කෙණ්ඩි) දරන්නා වූ මම උත්තමාර්‍ත්‍ථය සොයමින් වනයෙන් නික්මුනෙමි.

5142. චුල‍්ලාසීතිසහස‍්සානි සිස‍්සා මය‍්හං උපට‍්ඨහුං, සකකම‍්මාභිපසුතා වසන‍්ති පවනෙ තදා.

5142 එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහු ය. (ඔහු) සිය කම්හි යෙදුනාහු වෙනෙහි වෙසෙත්.

5143. අස‍්සමා අභිනික‍්ඛම‍්ම අකං පුලිනචෙතියං, නානාපුප‍්ඵං සමානෙත්‍වා තං චෙතියමපූජයිං.

5143. අසපුවෙන් නික්ම වැලිසෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස් කොට එම සෑය පිදීමි.

5144. තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා අස‍්සමං පවිසාමහං, සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා එතමත්‍ථමපුච‍්ඡු මං.

5144. මම එහි සිත පහදවා අසපුවට පිරිවිසෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙ කරුණ විචාළාහු ය:

5145. “පුලිනෙන කතෙ ථූපෙ යං ත්‍වං දෙවං නමස‍්සසි, මයම‍්පි ඤාතුමිච‍්ඡාම පුට‍්ඨො ආචික‍්ඛ නො තුවං”

5145. “භවත් වැල්ලෙන් කළ සෑයෙහි යම් දෙවියකුට නමස්කාර කෙරෙහිද එ දෙවියා අපිදු දැන ගණු කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද භවත් අපට කියනු මැනව”.

5146. නිද‍්දිට‍්ඨා නො මන‍්තපදෙ චක‍්ඛුමන‍්තො මහායස, තෙ ඛො අහං නමස‍්සාමි බුද‍්ධසෙට‍්ඨෙ මහායසෙ.

5146. අපගේ මන්ත්‍රපදයෙහි දක්වන ලද මහත් යශස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් යශස් ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් නමදිමි.

5147. “කීදිසා තෙ මහාවීරා සබ‍්බඤ‍්ඤූ ලොකනායකා, කථං වණ‍්ණා කථං සීලා කීදිසා තෙ මහායසා?”

5147. “ඒ මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායකවරයෝ කෙබඳු වෙත් ද, කෙසේ වූ සටහන් ඇත්තෝ වෙත් ද, කෙසේ වූ ස්වභාව ඇත්තෝ වෙත් ද, ඒ මහත් සශස් ඇත්තෝ කෙබඳු වෙත් ද?”

5148. බත‍්තිංසලක‍්ඛණා බුද‍්ධා චත‍්තාරීසද‍්විජාපි ච, නෙත‍්තා ගොපඛුමා තෙසං ජිඤ‍්ජුකාඵලසන‍්නිභා.

5148. බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝ ය. සාළිසක් දත් ඇත්තෝ ය. උන්වහන්සේගේ ගෝපක්‍ෂමාකාර නේත්‍රයෝ හුනිඳ පලවන්හ.

5149. ගච‍්ඡමානා ච තෙ බුද‍්ධා යුගමත‍්තංව පෙක‍්ඛරෙ, න තෙසං ජාණු නදති සන්‍ධිසද‍්දො න සුය්‍යති.

5149. ඒ බුදුවරයෝ ගමන් කරන්නාහු වියදඬු පමණ ම දුර බලති. උන්වහන්සේගේ දණ හඬ නො නඟයි. (අත්පා හි) සන්‍ධි ශබ්දයක් නො ඇසෙයි.

5150. ගච‍්ඡමානා ච සුගතා උද‍්ධරන‍්තාව ගච‍්ඡරෙ, පඨමං දක‍්ඛිණං පාදං බුද‍්ධානං එස ධම‍්මතා.

5150. ගමන් කරන්නා වූ බුදුවරයෝ පළමු කොට දකුණුපය පෙරට තබමින් යෙත්. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.

5151. අසම‍්හිතා ච තෙ බුද‍්ධා මිගරාජාව කෙසරී, නෙවුකක‍්කංසෙන‍්ති අත‍්තානං නො ච වම‍්භෙන‍්ති පාණිනං.

5151. ඒ බුදුවරයෝ කේසරසිංහරාජයන් මෙන් නිර්භීතයෝ ය. තමන් උසස් කොට නො දක්වත්. ප්‍රාණීන් (=මෙරමා) හෙළා නො දකිත්.

5152. මානාවමානතො මුත‍්තා සමා සබ‍්බෙසු පාණිසු, අනත‍්තුක‍්කංසකා බුද‍්ධා බුද‍්ධානං එස ධම‍්මතා.

5152. බුදුවරයෝ මාන අවමාන දෙකින් මිදුනාහු සව්සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝ ය. තමන් හුවා නො දක්වන්නෝ ය. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.

5153. උප‍්පජ‍්ජන‍්තා ච සම‍්බුද‍්ධා ආලොකං දස‍්සයන‍්ති තෙ, ඡප‍්පකාරං පකම‍්පෙන‍්ති කෙවලං වසුධං ඉමං.

5153. උපදින්නා වූ ඒ බුදුවරයෝ අලෝකය දක්වත්. මේ මුළු පොළොව ආකාර සයකින් කම්පා කෙරෙත්.

5154. පස‍්සන‍්ති නිරයං චෙතෙ නිබ‍්බාති නිරයො තදා, පවස‍්සති මහාමෙඝො බුද‍්ධානං එස ධම‍්මතා.

5154. ඒ බුදුවරයෝ නිරය ද දකිත්. එකල්හි නිරය නිවී යෙයි. මහවැසි වසියි. මේ බුදුවරයන්ගේ ධර්‍මතා යි.

5155. එදිසා තෙ මහානාගා අතුල්‍යා ච මහායසා, වණ‍්ණතො අනතික‍්කන‍්තා අප‍්පමෙය්‍යා තථාගතා.

5155. අතුල්‍ය (=අසම) වූ මහත් යශස් ඇති අතිශ්‍රේෂ්ඨ වූ ඒ බුදුවරයෝ රූපකාය සම්පත්තියෙන් නොඉක්මවනු හැක්කෝ ය. තථාගතවරයෝ අප්‍රමේය ගුණ ඇත්තෝ ය.

5156. අනුමොදිංසු මෙ වාක්‍යං සබ‍්බෙ සිස‍්සා සගාරවා, තථා ච පටිපජ‍්ජිංසු යථාසත‍්ති යථාබලං.

5156. සියලු ශිෂ්‍යයෝ මාගේ වචනය ගෞරව සහිතව සතුටින් පිළිගත්තාහු ය. වචනයට අනුව ශක්ති පමණින් බල පමණින් පිළිපැද්දාහු ය.

5157. පතිපූජෙන‍්ති පුලිනං සකකම‍්මාභිලාසිනො, සද‍්දහන‍්තා මමං වාක්‍යං බුද‍්ධත‍්තගතමානසා.

5157. ස්වකීය කර්‍මාභිලාෂී වූ (ඔහු) මාගේ වචනය අදහන්නාහු බුදුබවට නැමී ගිය සිත් ඇත්තාහු වැලිසෑය පුදත්.

5158. තදා චවිත්‍වා තුසිතා දෙවපුත‍්තො මහායසො, උප‍්පජ‍්ජි මාතුකුච‍්ඡිස‍්මිං දසසහස‍්සී පකම‍්පථ.

5158. එකල්හි මහත් සශස් ඇති (බෝසත්) දිව්‍යපුත්‍ර තෙමේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසැ උපන්නේ ය. දසදහසක් ලෝදා කම්පිත වීය.

5159. අස‍්සමස‍්සාවිදූරම‍්හි චඞ‍්කමම‍්හි ඨිතො අහං, සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා ආගච‍්ඡුං මම සන‍්තිකං.

5159. මම අසපුවට නුදුරෙහි සක්මනෙහි සිටියෙම් වෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගේ සමීපයට පැමිණියාහු ය.

5160. උසභො’ව මහී නදති මිගරාජා’ව කූජති, සුංසුමාරො’ව සලති කිං විපාකො භවිස‍්සති.

5160. “(පැමිණ) පෘථිවිය වෘෂභයකු මෙන් නාද කෙරෙයි. සිංහයකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලචර ව්‍යාඞ්මත්ස්‍යයකු සේ සැලෙයි. කවර විපාකයෙක් වන්නේදැ?” යි (ඇසූහ).

5161. “යං පකිත‍්තෙමි සම‍්බුද‍්ධං සිකතාථූපසන‍්තිකෙ, සො දානි භගවා සත්‍ථා මාතුකුච‍්ඡිමුපාගමි.”

5161. “වාලුකාස්තූපය සමීපයෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙරෙම් ද ඒ භාග්‍යවත් ශාස්තෘ තෙමේ දැන් මවුකුසට එළඹියේ ය.”

5162. තෙසං ධම‍්මකථං කත්‍වා කිත‍්තයිත්‍වා මහාමුනිං, උය්‍යොජෙත්‍වා සකෙ සිස‍්සෙ පල‍්ලඞ‍්කං ආභූජිං අහං.

5162. මම ඔවුනට ධර්‍මකථා කියා මහාමුනි වූ බුදුරජුන්හට පසසා සිය සිසුන් යවා පළහ බැඳ ගතිමි.

5163. බලඤ‍්ච වත මෙ ඛීණං ව්‍යාධිතො පරමෙනහං, බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන තත්‍ථ කාලකතො අහං.

5163. මාගේ (ශරීර) බලය ද එකැතින් ක්‍ෂීණ විය. බලවත් ව්‍යාධියකින් මම පෙළුනෙම් වෙම්. මම් බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ සිහිපත් කොට එහි කලුරිය කෙළෙමි.

5164. සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා අකංසු චිතකං තදා, කලෙබරං ච මෙ ගය‍්හ චිතකං අභිරොපයුං.

5164. එකල්හි සියලු ශිෂ්‍යයෝ රැස්ව චිතකයක් කළාහු ය. මාගේ දේහය ගෙණ සෑයට නැංවූහ.

5165. චිතකං පරිවාරෙත්‍වා සීසෙ කත්‍වාන අඤ‍්ජලිං, සොකසල‍්ලපරෙතා තෙ විකන්‍දිංසු සමාගතා.

5165. හිසැ ඇඳිලි බැඳ සෑය පිරිවරා රැස්වූ ඔහු සෝහුලින් පෙළුනාහු හැඬූහ.

5166. තෙසං ලාලප‍්පමානානං අගමාසිං චිතන‍්තිකං, ”අහං ආචරියො තුම‍්හං මා සොචිත්‍ථ සුමෙධසා.

5166-5167. ඔවුන් විලාප කියමින් හඬද්දී චිතකය සමීපයට ගියෙමි. “මම තොපගේ ආචාර්‍ය්‍ය වෙමි. ශෝක නො කරවු. මනානුවණින් යුතුව දිවරෑ දෙක්හි අනලස් වූවාහු ස්වාර්‍ත්‍ථයෙහි උත්සාහ වඩවු. තෙපි ප්‍රමාදී වූවෝ නො වවු. තොපට (අෂ්ටදූෂ්ටක්‍ෂණ විනිර්මුක්ත බුද්ධොත්පාද) ක්‍ෂණය සැපයී ඇත.”

5167. සදත්‍ථෙ වායමෙය්‍යාථ රත‍්තින්‍දිවමතන්‍දිතා, මා වො පමත‍්තා අහුවත්‍ථ ඛණො වො පටිපාදිතො”

5168. සකෙ සිස‍්සෙනුසායිත්‍වා දෙවලොකං පුනාගමිං, අට‍්ඨාරස ච කප‍්පානි දෙවලොකෙ රමිං අහං.

5168. (මෙසේ) සිය සිසුනට අනුශාසනා කොට යලි දෙව්ලොවට ගියෙමි. මම අටළොස්කපක් දෙව්ලොව සිත් අලවා විසීමි.

5169. සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං, අනෙකසතක‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං.

5169. මම පන්සියවරක් සක්විති රජ වීමි. නේසියක්වර දිව්‍යරාජ්‍යය කෙළෙමි.

5170. අවසෙසෙසු කප‍්පෙසු වෙකිණ‍්ණං සංසරිං අහං, දුග‍්ගතිං නාභිජානාමි පුලිනපූජායිදං ඵලං.

5170. මම සෙසු කල්පයන්හි (දෙව්මිනිස් දෙගතියෙහි) ව්‍යතිමිශ්‍ර වශයෙන් සැරිසැරීමි. දුගතියක් නො දනිමි. වැලිසෑ පිදීමෙහි මේ විපාක යි.

5171. යථා කොමුදිකෙ මාසෙ බහූ පුප‍්ඵන‍්ති පාදපා, තථෙවාහම‍්පි සමයෙ පුප‍්ඵිතොම‍්හි මහෙසිනා.

5171. යම්සේ ඉල් මාසයෙහි (සරත් කල්හි) බොහෝ වෘක්‍ෂයෝ පිපෙත් ද, එසේ ම මම ද සුදුසු කල්හි මහර්ෂි වූ බුදුරජුන් විසින් පුබුදුවන ලදුයෙම් වෙමි.

5172. විරියම‍්මෙ ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාධිවාහනං, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5172. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත (නිවණ දක්වා ම ගෙන යන මාගේ ධූරවාහක (ගව) යා වීර්‍ය්‍යය යි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5173. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිකිත‍්තයිං, දුග‍්ගතිං නාභිජානාමි කිත‍්තනාය ඉදං ඵලං.

5173. මෙයින් සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ගුණ කීර්‍තනයෙහි මේ විපාකය යි.

5174. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5174. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5175. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5175. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5176. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5176. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුලිනුප‍්පාදකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් පුලිනුප්පාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පුලිනුප‍්පාදකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

පුලිනුප්පාදක ස්ථවිරාවදානය සත්වැනි යි.